

මෙම පින්තූරයේ එක් සෘජු අර්ථයක් නැත. නමුත් ඔබට අවශ්‍ය නම් එය කළ හැකිය. මම හිතන්නේ සමහර පින්තූර කතා කියනවා. කෙසේ වෙතත් සමහර ලියවිලි වලට ඕනෑම කාල පරිච්ඡේදයක් නියෝජනය කළ හැකිය. මම හිතන්නේ මේ ලිපියත් මේ වගේ. මේ දිනවල අපි ජනප්‍රිය කලාකරුවන් ගැන කතා කරමින් සිටිමු. ඔබේ අවධානය ලබා ගැනීම සඳහා මම මෙම පින්තූරය තෝරා ගතිමි.ඔබට පින්තූරය සහ ලිපිය එකට සම්බන්ධ කළ හැකිය. දැන් ඔබට නව අරුතක් සිතිය හැකිය.
පසුගිය දවස්වල අන්තර්ජාලයේ FB වැනි සමාජමාධ්‍ය ජාලාවල ජනප්‍රිය නිර්මාණ, මාධ්‍ය සහ පුද්ගලයන් තෝරා ගැනිම ගැන විවිධ මත පලවුනා. ඒ මත වල බොහෝ වෙලාවට තීන්දු තීරණ පිළිබඳව ප්‍රශ්න කිරිමක් තිබුනා. ඒ ප්‍රශ්න කරන බොහෝදෙනාට මතුවුනු ගැටළුවක් විදිහට පෙනුනේ ඔවුන් එම තීන්දු තීරණ පිළිනොගත් බවක හැගවුමක්. එසේ සිදුවිම පිළිබදව බෝහෝ විට ඔවුන්ගේ අදහස හාස්‍ය මුසු POST වලින් පෙන්නුම් කලා. එහෙත් ඇත්තටම එය හාස්‍යම දෙයක්ද? නැතහොත් එය වඩා බැරෑරුම් ලෙස විමර්ශනයට ලක් කල යුතු සංකීර්ණතාවයක්ද? කියන එක පිළිබඳව සිතන්න පෙලඹවූවා. ඇත්තටම යම් නිර්දේශයක් ලබා දෙනවානම් එම නිර්දේශයට පාදක වන හේතු කාරණා තිබිය යුතුයි. එය ඉතා වැදගත් නිදර්ශකයක් වෙනවා ඒ සඳහා. එසේ නැතහෝත් ඒ පිළිබද නිවැරදි රූපයක් අපට ලැබෙන්නේ නෑ. කොහොමද එහෙම වෙන්නේ කියන එක ගැටළුවක්ව පවතිනවා නම් අපි විමසීමක් කරන්න ඕනා. ඒ සඳහා මේ වගේ ප්‍රකාශකයකින් ආරම්භයක් ගන්න සිතුනා.
“පුද්ගල විඥානයට සැබෑ උත්පත්තිය ලබා දෙන්නේ සමාජ විඥානය විසිනි. සමාජ විඥානය කියන්නේ නිශ්චිත සමාජ යුගයක, නිශ්චිත සංස්කෘතික මිනිසුන්ගේ යථාර්තය පරාවර්තනය කරන අදහස්, සිතුවිලි, දෘෂ්ඨිවාද, සමාජ හැගීම්, සිරිත් විරිත්, පලපුරුදු භූමිකා ආදී සමස්ථයෙහි පරිපුරක හැගීම් ව්‍යුහයට. සමාජ පැවැත්ම මගින් සමාජ විඥානය පරාවර්තනය කරනවා ” . (කැඩපත් රූපය – පි .35 – බර්ටි . බි. කුඩාහෙටටි)
මෙන්න මේ ක්‍රියාවලිය මුලික කරගත් විට වර්තමාන ලාංකීය සමාජ සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික ව්‍යුහය ගැන අදහසක් ගොනු කරගන්න පුළුවන්. ඉහත ප්‍රකාශයට අනුව වර්තමාන මිනිසුන්ගේ විඥානය ගොඩනැගෙන්නේ පවතින සමකාලීන සමාජ විඥානය විසින් කියන කරුණ ගතහොත් මේ මොහොතේ එය කෙසේ විග්‍රහ කරගත හැකිද?
මේ මොහොතේ සමාජය සඳහා එහි වැසියන්ගේ විඥානය මේ මොහොතට අදාල සමාජ විඥානය තුල ගොඩනැගෙන්න අවශ්‍යයි. එසේ නම් ඒ අනුව මහජනයා තමන්ගේ අදහස්, සිතුවිලි, දෘෂ්ඨිවාද, සමාජ හැගීම්, සිරිත් විරිත්, පලපුරුදු භූමිකා සමස්තය ඒ අනුරූපව ඇති සංස්කෘතිකයට අනුව ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ නිශ්චිත සමාජ යුගයක නිශ්චිත සංස්කෘතික යථාර්තය පරිවර්තනය වෙන්නේ ඒ අනුව කියන එක. ඒ කියන්නේ අපට අත්දකින්න පුළුවන් වෙන්නේ මිනිසාගේ විඥානයේ හැඩගැසීම තුලින් ලැබෙන ප්‍රතිචාරයන්. තවදුරටත් පවසනවා නම් නිශ්චිත සමාජ යුගයක නිශ්චිත සංස්කෘතික මිනිසුන්ගේ යථාර්තය පරාවර්තනය වීමක්. ඒ නිසා මේ මොහොතේ අසන්න දකින්න විදින්න ලැබෙන බොහෝ කලා සංස්කෘතික නිර්මාණ තුලින් වුවත් ලැබෙන්නේ එයයි. නිර්මාණ කාර්යයේදි මෙහි එළඹුම් දෙවර්ගයක් හඳුනාගන්න පුළුවන්. කෙසේ හෝ ඉහත ප්‍රකාශය මුල් කරගතහොත් මිනිසාගේ විඥානය සකස් වන්නේ ඒ ඒ කාලයට අනුව සමාජ විඥානය තුලින් උපත ලබන්නක් වන අතර නිශ්චිත සමාජ යුගයක නිශ්චිත සංස්කෘතික මිනිසුන්ගේ යථාර්තය පරිවර්තනය කිරිම, ඒ කියන්නේ කියවීම හරහා (මිනිස් මනසේ සංජානනය) නැවත සමාජයට ලැබෙන්නේ එවැනිම ප්‍රතිරූපාකාරයෙන් අදහස්, සිතුවිලි, දෘෂ්ඨිවාද, සමාජ හැගීම්, සිරිත් විරිත්,පලපුරුදු විදියට. ඒ කියන්නේ පවතින සමාජ ව්‍යුහයේම පරිවර්තනයන්. එය නිකම්ම සිදුවන ඍජු පරාවර්තනයක් නොවෙයි සිදුවිය යුත්තේ. එහිදි මිනිසා තමන්ගේ අතීත අත්දැකීම් හා කියවීම් තුලින් ගොඩනැගෙන සංජානනය මගින් අර්ථ දක්වා ගන්නා පරාවර්තනයන්. ඒ සඳහා නැවතත් මිනිසාගේම අත්දැකීම් පසුතලය වැදගත් වෙනවා. එය එකිනෙකට වෙනස් වෙන්නේ එක් එක් පුද්ගලයා මේ කියන සමාජ සංස්කෘතික යථාර්තය සංජානනය කරගන්නා ආකාරය අනුවයි. එය තරමක් දිගු සාකච්ඡාවක්.
එසේ නම් මිනිසා කරමින් සිටින්නේ තමන්ගේ විඥානයේ ක්‍රියාකාරිත්වය නම්, එසේත් නැතිනම් පුද්ගල විඥානය යනු සමාජ විඥානය විසින් ගොඩනගන්නක් නිසා , මේ කියන ප්‍රද්ගල විඥානය ගොඩනගන සමාජය සහ එහි අන්තර්ගත ක්‍රියාකාරි අංශයන් මොනවාද? එමෙන්ම මේ තුලින් ගොඩනගන විඥානය කුමක්ද ? සහ එහි බලපෑම සමාජය තුලට කෙසේ ලැබේවිද කියන සංවාදය.
කොහොමද මේ කියන සමාජ විඥානය ගොඩනැගෙන්නේ, සහ ගොඩනැගෙන දේවල් මොනවාද? ඇත්තෙන්ම එය සමාජ, සංස්කෘතික, දේශපාලනික යථාර්තය විසින් පුද්ගල විඥානය ගොඩනගන්නේ කොහොමද? ඒ සඳහා අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ කොහොමද? ඒ කියන සමාජ, සංස්කෘතික, දේශපාලනික ගොඩනැංවීම් කරන්නේ කවුද? කියන සාධකය හෝ සාධක මේ පුද්ගල විඥානය ගොඩනැගිමෙහිලා වැදගත් වෙනවා. මොකද මේ අප එළඹෙන සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික අවකාශය නිර්මාණය වීමට අදාල ගාමක බලවේගය වන්නේද ඒ නිර්මාණික විඥානයට උරුමකන් කියන පුද්ගලයාම වන නිසාය. එසේ නම් මේ නිශ්චිත සමාජ යුගයක නිශ්චිත සංස්කෘතික අවකාශය නිර්මාණය කරන්නේ ඒ පුද්ගල විඥානයට අනුව වීමය. එසේ හෙයින් එයින් බැහැරව කිසිවෙකුට යාමට ඉඩක් නැත. එහෙත් මෙය ඉතාම සංකීර්ණ තැනක පවතින තත්ත්වයක්.
මෙය දීර්ඝ කාලීන සැකැස්මක ප්‍රථිඵලයක් වගේම ඉතාම ප්‍රබල බලපෑමක් මගින් කෙටි කාලීන සැකැස්මකින් ද අවශ්‍ය නම් නිර්මාණය කල හැක. ලොව බොහෝ රටවල ඉතිහාසයේත් වර්තමානයේත් එවැනි සමාජ සැකසුම් හා නිර්මාණයන් හදුනාගත හැක. උදාහරණ ලෙස සමූල යුදෙව් සංහාරයට මුල් වුනු හිට්ලර් විසින් ගොඩනගන ලද ස්වඋත්තමවාදි අදහස් සහිත දෘෂ්ඨීවාදය සහ ඒ වෙනුවෙන් ගොඩනගන ලද පුද්ගල විඥානය සැකස්ම පෙන්වා දිය හැකිය. ඒ නිසා මෙමගින් ඉතාම භායනක ප්‍රථිඵලයක් මෙන්ම අවශ්‍ය නම් සමාජය නිවා සුවපත් කල හැකි තැනකටද භාවිතා කල හැකිය. එහි වෙනස වන්නේ පුද්ගල විඥානය ගොඩනගන ආකාරය සහ ඒ වෙනුවෙන් භාවිතා කරන පෝෂණ අමුද්‍රව්‍යය.
ඉතිහාසයේ සිටම මෙය විවිධ විවිධ ස්වරූප ඔස්සේ ගොඩනැගුනි. ග්‍රීක යුගයේ සිට මධ්‍යතන යුගයටත් ඉන් නූතන යුගයටත් පසුව වර්තමාන යුගයටත් ලෙස පැවතුනු දාර්ශනික මතවාදයන් බොහෝ දුරට සකස් වන්නේ මේ කියන කාරණය තුල සිටිමින් යැයි අවශ්‍ය නම් හදුනාගත හැකිය.
මධ්‍යතන යුරෝපයේ දැඩි ලෙස පල්ලිය සංස්ථාව ප්‍රමුඛ ආධානග්‍රාහි දේවධර්මික ඇදහීමකින් යුත් බලපෑමක් සමාජය වෙත එල්ල කරන ලදී. ඒ අනුව සමස්ථ මිනිසා දේවධර්මය වෙත ආධානග්‍රාහි ලෙස බැඳ තබමින් සර්වබලධාරී දෙවියන් පරම සත්‍ය කොට විශ්වාස කිරිමේ සමාජ, සංස්කෘතික, දේශපාලනික සැකැස්මක් ගොඩනගන ලදී. ඉන් විරුද්ධ මත දරන්නන් දෙවියන්ට එරෙහි වන්නන් ලෙසත් විරෝධීන් ලෙසත් දැඩි ලෙස සමාජය තුල මතයක් විදිහට පුද්ගල විඥානය ගොඩනගන ලදී.
ඒ අනුව කොපර්නික්ස්, කෙප්ලර්, ගැලිලියෝ ගැලිලි වැනි දාර්ශනිකයන්, විද්‍යාඥයන් සමාජය තුලින් ප්‍රතික්ෂේප කරවන්නට ආධානග්‍රාහි දේවධර්මික ආගම සහ බල අධිකාරියන් ක්‍රියාත්මක වු අතර ඔවුන්ට දඩුවම් කරන්නටද ක්‍රියා කරන ලදී. මේ දක්වා උදාහරණ අරගත්තේ සමාජ, සංස්කෘතික, දේශපාලනික අවශ්‍යතාවන් වෙනුවෙන් සිදුකෙරෙන පුද්ගල විඥානය ගොඩනැගීම සඳහායි. එම උදාහරණයට අනුව පරම සත්‍ය සර්වබලධාරි දෙවියන් වහන්සේ බවත් විශ්වාසය සහ භක්තිය තුල ආධානග්‍රාහි ලෙස මිනිසුන් බැඳතැබිමටත්, එවැනිම දාර්ශනිකයන් සහ බුද්ධිමතුන්ගේ සංකල්ප වැරදි ලෙස භාවිතාවේ යෙදෙමින් විශ්වාස සහ භක්තිය වෙත මිනිසුන් පෙළඹවිම සඳහා යොදා ගන්නා ලදී. ඒ අනුව පුද්ගල විඥානය ගොඩනැගිම සඳහා සමාජ විඥානයේ සැකැස්ම ගොඩනගන ලදී. එම ඉතිහාසයේ නිදර්ශන ද පෙරටු කොටගෙන වර්තමානයට පිවිසිමක් කලහොත් අද දින මෙසේ පුද්ගල විඥානය ගොඩනගන්නේ සමාජ විඥානය තුලින් කියන දාර්ශනික අදහසක් අනුව නිශ්චිත ව්‍යුහගත නිශ්චිත සංස්කෘතික මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය තීරණය වන්නේ ඒ අනුව කියන දාර්ශනික මතවාදය වෙත එළබෙන්නට හැකිය. ඒ නිසා වර්තමානයේ මේ කියන සමාජ විඥානය සැකසීම කෙසේ විචාරිය හැකිද?
අද වන විට එය වෙනස්කම්වලින් යුතු සහ පෙරට වඩා වැඩි දියුණු තත්ත්වයන් අන්තර්ගතව ඇත. පෙර එළඹුමේම වෙනස් ස්වරූපයක් ලෙස පවතියි. එනම් ඒ මධ්‍යතන යුරෝපයේ ලෙසම ආගමික, සංස්කෘතික, දේශපාලනික බල අධිකාරියක් ඒකත්වයෙන් යුතු බල කඳවුරක් සහ මේ සමගම ඊට අමතරව දියුණු තාක්ෂණික මුහුණුවරින් යුත් ජන සන්නිවේදන මාධ්‍යයන්ද එකතුව ඇත. එහෙයින් ආගමික සංස්ථාවත්, දේශපාලනයත් ජන මාධ්‍යය බලයත් අයිති කඳවුරකට තම දෘෂ්ඨිවාදයේ සමාජ සැකැස්මේ විඥානයත් ඊට අනුරූප ලෙස පුද්ගල විඥානයත් ගොඩනැගිය හැකිව ඇත. ඒ කියන්නේ වඩා පුළුල් මාධ්‍ය ජාලයක අයිතිය තිබිම යනු ඉතාම ප්‍රබල සමාජ බලපෑමක් සහ දෘෂ්ඨිවාදයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි බවයි. එය මේ මොහොතේ ගෝලීය ලෙසත් දේශීය ලෙසත් සමාජය තුල ඉතාම පැහැදිලිව නිරික්ෂණයට ලක් කල හැක. නිදර්ශන කොට ගත හැක. මේ අනුව දේශපාලන අවශ්‍යතාවයේ දෘෂ්ඨිවාදි සැලසුම ආගම තුලින් හැඩගන්වා ජනමාධ්‍ය තුලින් බෙදාහරිමින් සිටිනු ඇත. මෙම දෘෂ්ඨිවාදය ගොඩනැගීම යනු පුද්ගල විඥානය තුල පෙර කී සිතුවිලි, කියවීම්, හැගීම්, සමාජ හැසිරිම් එකතුවෙන් කරන මෙහෙයුමකි. එය පුද්ගල විඥානයට බද්ධ කරුණකි.
එහෙයින් සමාජ විඥානය ගොඩනගන පුද්ගල විඥානය තුල පරාවර්තනය කරන්නේ ඒ සමාජ විඥානය සකසන පාර්ශවයන්ගේ දෘෂ්ඨීවාදයයි. ඒ කියන්නේ ඒ ඒ යුගයේ පවතින දේශපාලනික දෘෂ්ඨිවාදය එම සමාජයේ මිනිසුන්ගෙන් දෘෂ්ඨිවාදය බවට පත් කිරිමයි. එමගින් ඔවුනගේ දේශපාලන අවශ්‍යතාවයන් පරාවර්තනය සමාජය තුලත් මතු කිරිම ඒ අනුව තීරණය කල හැකි වේ. මිනිසුන් කෙසේද තමන්ගේ පාලකයන් තෝරා ගන්නේ කියන එක, තමන්ගේ නියෝජිතයන් හැටියට තෝරා ගන්න පුද්ගලයකන් හා දේශපාලනික පක්ෂ පිළිබඳ තීන්දු තීරණ ගන්නන් කෙසේද කියන එක පිළිබඳ නොදන්නා දැනුම අපට ලබා ගන්න පුළුවන් එමඟින්.
මෙම සටහනේ පෙර සටහනක් ලෙස පසුව සාකච්ඡා කරන්නට තැබු කරුණක් ලෙස නැවත මතු කර ගතහොත් සඳහන් කල පරිදි මේ විඥානය සැකසීමේදි ඒ ඒ පුද්ගලයන්ගේ අතීත අත්දැකීම් හා කියවිම් අනුව වෙනස්කම් ඇති වන බවත් එය වෙනස් ආකාරයෙන් ප්‍රතිරූපනය වන බවත් බොහෝ විට මෙම පිරිස සුළු හෝ බහුතරයක් වෙනවද කියන එක ඒ සමාජ සංස්කෘතික කාරණාවක් වෙනවා. එහෙත් අත්දැකීම් අනුව මේ පිරිස සුළු කොටසක් වෙනවා.
බොහෝ විට මිනිසුන් සංජානනය කරන්නේ විවිධ විවිධ මට්ටමෙනි. අපි ඇසකින් දකින දර්ශනයේ එකිනෙකට සංජානනය වන්නේ විවිධ විවිධ විදිහටයි. සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ලෙස එය එකක් වූවත් මිනිසාගේ සංජානනයන් වෙනස් වෙනවා. ආලෝකයේ ආධාරය ඇතිව ඇසකින් ග්‍රහනය කර ගන්නා රූපයක් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියත් හරහා මොලයේ අදාල කොටස තුල ක්‍රියාකාරි වීමෙන් රූපය පිළිබඳ සටහන සැදෙනවා. එහෙත් ඒ ඒ පුද්ගලයා එකම දර්ශනය වුවත් එය ඔවුන්ගේ අතීත අත්දැකීම් සහ කියවීම් හරහා සංජානනය කිරිම වෙනස් වෙනවා. කෙනෙකුට කඳු මිටියාවතක් සාමාන්‍ය සුන්දර දර්ශනයක් වනවා වගේම තව කෙනෙකුට තමන්ගේ කියවීමේ අත්දැකිම හරහා එය ඊට පෙර මනස තුල ඇදි තිබුණු කඳුවැටියක් සමග සන්සන්දනය කරමින් වඩා රසවින්දනයකුත් ස්මරණයකුත් උපදවා ගත හැක. ඔබ මීට පෙර කියවා හෝ අසා ඇති ස්ටෙප්ස් මිටියාවත හෝ ඇන්දීස් කඳුවැටිය හෝ හෝර්ටන් තැන්න හෝ සමග ස්මරණය කල හැකියි. එසේ හෙයින් ඔහු තමාගේ පරිකල්පනය ඔස්සේ මෙහෙයවමින් සමහර විටක ඉන් වෙනස් නිර්මාණයක් සඳහා ආවේශයක් ඇතිකර ගත හැකියි. ඒ කියන්නේ මානවකරණය වු ඇසත් මානවකරණය නොවු ඇසකට වඩා වෙනස් වෙනවා. නිවැරදිව සුසර නොවු කනකට ඉතා මිහිරි සංගීතයන් පවා සංවේදි නොවෙයි වැනි දෙයක්. ඒ කියන්නේ දෙයක් ඇසීම සහ දැකිම සහ රසවින්දනය යන පරිකල්පනය සඳහා පුහුණුවක් තිබිය යුතුය යන්නයි. එයින් පැහැදිලි වන්නේ මිනිසා තමන් අහන දකින දේවල් ග්‍රහනය කරගන්නේ ඒවා නිවැරදි ලෙස සංස්ලේෂණය සහ විශ්ලේෂණය කරගන්නේත් තමන් තුල ඇති අත්දැකිම් මත සංජානනය තුලින් බවයි.
මෙසේ මිනිසුන්ගේ දේවල් වටහාගැනීමේ හා තේරුම් කර විචාරය කර ගැනිම සඳහා ඔවුන්ගේ විඥානයේ සැකැස්ම වැදගත් වෙනවා. එය ගොඩනගන්නේ සමාජය මඟිනි. ඒ සඳහා අධ්‍යාපනය, ආගම, මාධ්‍යය වැනි ප්‍රබල ආයතන බලපානවා. එහෙයින් මිනිසුන් තමාට දකින්න, අහන්න, කියවන්න ලබන දේවල්වල හැඩය, ප්‍රමාණය, වර්ණය ආදී බොහෝ තොරතුරු වලින් සමන්විතයි. ඒවා කලින් ගබඩා කර තිබුනු තොරතුරු අලුත් තොරතුරු සමග විශ්ලේෂණයෙන් හා සංස්ලේෂණයෙන් නිවැරදිව වටහා ගන්නවා. එසේ සංජානනය කල දේවල් තමා සතු අත්දැකීම්, කියවීම් හරහා ස්වසංතකරණය කර ගන්නවා. මේ ක්‍රියාලිය එකිනෙකාට වෙනස් වෙනවා. ඒ සඳහා ඒ ඒ පුද්ගලයන් සමාජ, සංස්කෘතික, දේශපාලනික, දෘෂ්ඨියද බලපානවා. ඒ මගින් පුද්ගලයාගේ විඥානය සකස් වෙනවා.
කලා නිර්මාණ හෝ වෙනයම් නිෂ්පාදනයක් සඳහා මේ පසුබිම ඉවහල් වෙනවා. ඒ අනුව පවතින සමාජ, සංස්කෘතික, දේශපාලන අත්දැකීම් ඒ ඒ පුද්ගලයාගේ පුද්ගල විඥානයට අනුරූපව පරිවර්තනය කරන විදිහ වෙනස්. ඒ අනුව විවිධ කලා නිර්මාණ වගේම නිෂ්පාදන භාණ්ඩ නිර්මාණය වෙනවා. එසේම ඒ කලා නිර්මාණ විවිධ විවිධ ආකාරයෙන් පුද්ගයන් ග්‍රහනය කරගන්නවා. එය ග්‍රහනය කර ගැනීමේදි පෙර ලෙස කියු විදිහට බලපාන්නේ පුද්ගල විඥානයයි. කලා නිර්මාණ වගේම නිර්මාණකරුවනුත් මේ අනුව වෙනස් වනවා. එහිදි සමහර කලා නිර්මාණ මිනිසුන්ගේ මනෝගතිය පුබුදුවනවා, රස ඉඳුරන් පිනවනවා, සතුට දනවමින් හදවතට වඩාත් සමීප වෙනවා, සහෘදයා උත්කර්ෂයට නංවනවා, වශිකරවනවා, මිනිසුන් සමග සජීවීව බැඳෙනවා, ඒ වගේම මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න මැදිහත් වෙනවා. ඒ නිසාම විප්ලවකාරි වෙනවා. එවැනි කලා නිර්මාණ අතරේම ඒ කිසිඳු සංවේදනයක් නොවන නිෂ්පාදන භාණ්ඩ පමණක් අඩංගු වෙනවා. එහෙත් මේ දේවල් වෙන් වෙන්ව හඳුනා ගැනීමත් එය විචාරය කිරිමටත් විඥානය බලපානවා. සුසර නොවු දෑසකට හෝ කනකට හොඳ රූපයක් හෝ සංගීතයක් ග්‍රහනය වන්නේ නැහැ? ඉතිං සමාජය මේ දෙයාකාරයක නිර්මාණ වැලද ගන්නේ දෙවිදියහකට. වැලද ගන්නා ආකාරය වෙනස්. පුද්ගල විඥානය අනුව අන්න ඒ කාරණය මහජනතාව අතර ජනප්‍රිය කියන සංකල්පය සමග ඍජු හා ප්‍රබල සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ නිර්මාණයන් ග්‍රහනය කිරිමේ පිරිසේ අවධිමත් බෙදීම. එය සුළු වීම හෝ බහුතරයක් වීම. කුමන තෝරා ගැනිම සුළුතරය වෙයිද, බහුතරය වෙයිද කියන එක. එසේ හෙයින් බහුතර මතය ඒ සමග සම්බන්ධයි.ඒ කියන්නේ සමාජයේ බහුතර පිරිසකගේ විඥානය පිළිබඳ අදහසක් ඒ සමග ගොඩනැගෙනවා. ඒ සඳහා පුද්ගල විඥානය වැදගත් වෙනවා. එසේනම් සමාජයක මිනිසුන්ගේ රසවිඳීම තීරණය වෙන්නේ පුද්ගල විඥානයට අනුව, කියන එක පැහැදිලියි. ඒ අනුව සමාජයක මිනිස්සු තමන්ගේ රසවින්දන මාධ්‍යය, නිර්මාණ, තොරතුරු, සන්නිවේදන මාර්ග සහ මාධ්‍යයන්,දේශාපාලකයන්, කලාකරුවන් තීරණය කරනවා. ඒ කියන්නේ සමාජය විසින්ම ගොඩනගන ලද ඔවුන්ගේම විඥානය පුද්ගලයන් තුලින් ප්‍රතිනිර්මාණය වෙනවා. මිනිසුන් විසින් තමන්ගේ විඥානයට ගෝචර විදියට තෝරා ගන්නවා. ඒ අනුව තමයි සමාජය තීරණය වෙන්නේ, දේශපාලනය තීරණය වෙන්නේ, රස වින්දනය තීරණය වෙන්නේ. ඒ අනුව මිනිසුන්ගේ වඩාත්ම කැමත්ත අනුව ඒ ඒ සමාජයේ මිනිසුන්ගේ විඥානය පිළිබඳ තීරණයක් අපට ගතහැකියි. අවශ්‍ය නම් නිදසුනකට අපේම ජනප්‍රිය කියන සම්මාන කියන නිර්මාණ හැදෑරිමත් මගින් නිගමනයකට එන්න පුළුවන්. අපි නිතරම තෝරා ගන්නා ඔය ජනප්‍රිය කියන දේවල් හරහා එළියට එන්නේ මෙන්න මේ සමාජ විඥානය විසින් ගොඩනගන ලද ඒ සමාජයේ මිනිසුන්ගේ බහුතරයක විඥානයේ ප්‍රමාණය පිළිබඳ අදහසක් කියලා ඕන නම් අපට හිතන්න පුළුවන්.