24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව (9 වන කොටස)

Related Articles

                සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීම පිණිස, මාධ්‍යයක් ලෙසින් ජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිපෙළ ඉදිරිපත් කරනවා. ඒ දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ අදහස්, අදත් මේසේ පෙළගස්වන්නට සූදානම්.

               සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් සඳහා සීනි භාවිතාව සම්බන්ධ වන්නේ කෙසේද යන්න මෙවර සාකච්ඡා කිරීමට සූදානම්.

              ආහාර සහ අපගේ සෞඛ්‍යය අතර, එකිනෙකට සම්බන්ධතාවයක් පවතිනවා.  අපගේ ජීවන රටාව, ව්‍යයාම, ආදිය මගින් අපගේ ශරීරය රෝගාබාධ වලින් තොරව, මනා සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යාම පිළිබඳව තීරණය කරනවා. ඒ අතරට ප්‍රධානම සාධකයක් වන්නේ ආහාරයි. අපගේ ආහාර රටාවේ පවතින අහිතකර තත්වයන් ගැන මූලික වශයෙන් මෙවර අවධානය යොමු කරමු. ශ්‍රී ලාංකික අපගේ ආහාර රටාව තුල හිතකර තත්වයක් ද දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව කතා නොකරන්නේ, එහි ප්‍රතිඵලය ඒ අය බුක්ති විඳින බැවිනි. නමුත් අහිතකර ආහාර රටාවක් නිසා බුක්ති විඳින දේ සෘණාත්මක වනවා. එනිසා ඒගැන කතා කිරීම වඩාත් සුදුසු වනවා.

          අහිතකර ආහාර පුරුදු නිසා, අපට නෙයෙකුත් බෝනොවන රෝග වලට ගොදුරුවීමේ හැකියාව පවතී. (උදා;- හෘද රෝග, පිළිකා, වකුගඩු ආබාධ, අධික තරබාරුව, විවිධ අස්ථි රෝග). ව්‍යායාම උපදේශකයින්, පුහුණුකරුවන්, පෝෂණ වේදීන් ලෙසින්, අපට සමාජ වගකීමක් තිබෙනවා, ලෙඩ රෝගවලට ගොදුරුව සිටින්නන් එහි උත්සන්න වීම දක්වා ගමන් කිරීම වලක්වා ගැනීමට උදව් කිරීම ට. එමෙන්ම සුන්දර ළමාවියේ මෙම රෝගයන්ට ගොදුරුවී ඇති අය, එයින් මුදවා ගන්නේ කෙසේ ද ? සහ මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් කූට ව්‍යාපාරිකයින් සහ විවිධ නිෂ්පාදකයින් ගේ වෙළඳ දැන්වීම් සහ ඒ ආශ්‍රිත ක්‍රියාමාර්ග වලින්, අපගේ පරම්පරාව බේරාගැනීම පිළිබඳව සමාජ වගකීමක් අපට ඇත. මේ සිදුකරමින් පවත්නිනේ එයයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම්, ප්‍රචාරණය කිරීම ආදිය තුලින් එම සමාජ වගකීම ඉටුවෙමින් තිබේ.

        විශේෂයෙන් ලංකාවේ විශාල ඇබ්බැහියක් වන මත්ද්‍රව්‍ය වගේම ඊටත් වඩ වැඩි විශාල ඇබ්බැහියක් වන සීනි, විශාල සමාජ ප්‍රශ්නයක්. සෞඛ්‍යය ප්‍රශ්නයක්. එය එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට බාධාවන් ඇතිවන්නේ කෙසේද? යන්න පිළිබඳව සමාජය දැනුවත් කිරීම කළයුතු වනවා.

        බෝනොවන රෝගයන්ට විශේෂයෙන් බලපාන සීනි ගැන, අද කථාකරන්නේ ඒ නිසාය. සීනි භාවිතා කරන්නේ කෙසේද? කොපමණ ප්‍රමාණයක්ද, එයින් වැළකී සිටීමට අප ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද? එහි අහිතකර ප්‍රථිඵල මොනවාද? ඒ බව දැන දැනත් ඇබ්බැහිවන්නේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම ඉතා වැදගත්.

 ලංකාවේ ජනයා දෙස බැලීමේදී, බෝනොවන රෝග සඳහා සීනි පමණක් බල නොපායි. මේ සඳහා

  • අධික සීනි අඩංගු ආහාර ;- ටොෆි, චොකලට්, අයිස්ක්‍රීම්, අයිසින් කේක්, බිස්කට් වර්ග, විවිධ සිසිල් බීම වර්ග – Cool Drink, පළතුරු බීම වර්ග – Fruit Drink, cordial, Sports Drink, Energy Drink, කිරි පැකට්්‍
  • අධික මේදය (Trans Fat) අඩංගු ආහාර ;-  මේදය ද්‍රව තත්වයෙන් පවතින අතර   දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා එහි සාන්ද්‍රණය වෙනස් කර, ඝණ තත්වයට පත්කර සංයුතිය වෙනස් කිරීම නිසා ශරීරයට අහිතකර වේ. එනිසා ශරීරයට අහිතකර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය මෙහි වැඩි වේ. මේවා අඩංගු ආහාර වන්නේ, බේකරි නිෂ්පාදන, ක්‍රිස්කෝ බිස්කට්, වරක් භාවිතා කර නැවත නැවත භාවිතා කරන තෙල් වල (ගැඹුරු තෙලේ බදින රෝල්ස්, චිප්ස්, පැටිස් වැනිදෑ). මේවා බෝනොවන රෝග සඳහා විශේෂයෙන් හේතුවනවා.
  • අධික ලෙස ලුණු අඩංගු ආහාර ;- සෝස් වර්ග, බයිට් වර්ග, ගැඹුරු තෙලේ බදින ලද රටකජු, ජම්බෝ පීනට්, ෆයිඩ් රයිස්,

          විවිධ නිෂ්පාදන කර්මාන්ත වල යෙදී සිටින අය, ප්‍රචාරක ආයතන විසින්, මිනිසුන්ට නොදැනෙන ලෙස මෙවැනි කරුණු සඟවා, ලුණු හා අධික මේදය අඩංගු ආහාර ජනතාව අතර ප්‍රචලිත කරනු ලබයි. මේ ගැන අපිට අවබෝධයක් තිබිය යුතු වේ. වෙළඳපලෙහි පවතින බිස්කට් වර්ග සියල්ලෙහිම සීනී ප්‍රමාණය ඉතා අධික බැවින් ඒ ගැන වඩාත් සැළකිලිමත් විය යුතු වේ.                                  

         බෝනොවන රෝග සඳහා පාදක වන දෑ ගැන කතා කිරීමේ දී, අද අපි කතා කරන්නේ සීනි ගැනය. සීනී යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි අප විමසා බලමු. සීනි යනු කාබෝහයිඩ්‍රේටයකි. කාබෝහයිඩ්‍රේට් අප ශරීරයට අවශ්‍ය මහ පෝෂකයකි. එයින් දැක්වෙන්නේ, කාබෝහයිඩ්‍රෙට් සෞඛ්‍යය සම්පන්න ජීවිතයකට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවයි. අපට අවශ්‍ය ශක්ති ප්‍රමාණය ලැබෙන්නේ කාබෝහයිඩ්‍රෙට්    මගිනි. අපට එදිනෙදා කටයුතු කරගෙන යාමට හා මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා මෙය ඉතා වැදගත් සාධකයකි.        දැන් ඔබට ගැටළුවක් ඇතිවිය හැකියි, මෙතරම් අත්‍යාවශ්‍ය කාබෝහයිඩ්‍රේට් අඩංගු සීනි භාවිතය අඩුකරන්නට කියන්නේ කුමක් නිසාද කියා. ශක්තිය කාබෝහයිඩ්‍රේට් වලින් ලැබෙනවානම්, සීනි වලින් ලැබෙන්නේත් කාබෝහයිඩ්‍රෙට් නම්, සීනි අඩුකරන්නට යයි පවසන හේතුව වන්නේ, කාබෝහයිඩ්‍රෙට් ලැබෙන්නේ සීනි වලින් පමණක් නොවන නිසාය. අප ආහාරයට ගන්නා අල, බතල, බත්, ධාන්‍ය වර්ග වලින් අපට අවශ්‍ය කාබෝහයිඩ්‍රෙට් ප්‍රමාණය ලබාගත හැකි වනවා. ඊටත් අමතරව, අප ගන්නා මේදය අඩංගු ආහාර වලින් ද අපට අවශ්‍ය ශක්තිය ලැබේ. එමෙන්ම ප්‍රෝටීන් මගින් ශරීරයේ මාංශපේශීන් සඳහා අවශ්‍ය ශක්තිය ලබාදීම හා ක්ෂයවීම් අවම කිරීම සිදුකරනු ලබයි.

            අපට සීනි ආහාරයට ගන්නට අවශ්‍යම නම්, ශ්‍රී ලාංකිකයින්ට උපරිම වශයෙන් දිනකට ගතහැකි සීනි ප්‍රමාණය වන්නේ, ග්‍රෑම් 25ක් (තේ හැඳි 06) පමණ වේ. මෙය සීනි ආකාරයෙන් හෝ තේ සමග හෝ විවිධ ආහර ලෙස හෝ  විය හැකියි.

             ශ්‍රී ලංකාව තුල විවිධ බෝතල් කළ හෝ පැකට් කරන ලද බීම වර්ග වල වර්ණ කාණ්ඩ(Color light system) කොළ, තැඹිලි, රතු ලෙසින් දක්වා තිබෙනවා. 

       කොළ පැහැයෙන් දක්වා තිබෙන්නේ, එම බීම වර්ගයේ සීනි මට්ටම ඉතා පහළ බවයි. එහි නිර්ණායකය වන්නේ, මිලි ලීටර 100ක සීනි ග්‍රෑම් දෙකක් (තේ හැඳි භාගයකට වඩා) අඩුවෙන් ඇති බවයි. යම් අයෙකු සීනි සඳහා ඇබ්බැහි වී ඇත්නම්, ඒ අයට මෙම කොළ පාට වර්ණ කාණ්ඩය අනුගමනය කරමින් සීනි අවශ්‍යතාවය ඉටුකරගත හැක. තැඹිලි පැහැයෙන් දක්වා තිබෙන්නේ මධ්‍ය ප්‍රමාණයෙන් සීනි ඇති බවයි. එහි මිලි ලීටර 100ක සීනි ග්‍රෑම් 01-11 අතර (තේ හැඳි භාගයක්, දෙකහමාරත් අතර) ප්‍රමාණයක් ඇති බවයි දක්වා තිබෙන්නේ. රතු පැහැයෙන් දක්වා තිබෙන්නේ, අධික ලෙස සීනි ඇති බවයි. එහි මිලි ලීටර 100ක සීනි ග්‍රෑම් 11 ට වඩා වැඩි (තේ හැඳි දෙක හමාරකට වඩා වැඩි) ප්‍රමාණයක් ඇති බවයි දක්වා තිබෙන්නේ. තේ හැඳි එකක ග්‍රෑම් 4.2 ක් ඇති බවට වන උපකල්පනය මත මෙම ප්‍රමාණයන් දක්වා ඇත.

         මේ සමග අප ශරීරයට කොතරම් ප්‍රමාණයක් කැලරි ලැබෙනවා දැයි බලමු. ඒ ගැන අපි සැළකිලිමත් විය යුතුයි. අප ගන්නා ආහාර වල ශක්තිය මනින ඒකකය වන්නේ කිලෝකැලරි ය. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 01ක කිලෝකැලරි 04ක ප්‍රමාණයක් තිබේ. ඒ අනුව සීනි තේ හැන්දක ග්‍රෑම් 4.2ක ප්‍රමාණයක් තිබෙන විට, ග්‍රෑම් එකක කිලෝකැලරි 04ක් ඇති බැවින්, එක සීනි තේ හැන්දක් යොදා ගනිමින් තේ පානය කරනු ලැබුවොත්, අපට කිලෝකැලරි 16.8ක් ලැබේ. 500ml බීම බෝතලයක සීනි තේ හැඳි 10ක් ඇතැයි සිතමු. එවිට, 16.8 x10 = කිලෝ කැලරි 168 ලැබේ. මෙය සුළු ප්‍රමාණයක් ලෙස ඔබට සිතිය හැක. මෙවැනි රසකළ බීම වර්ග වල අඩංගු වන්නේ සීනි වර්ග පමණක් නොවේ. විවිධ කෘතීම රසකාරක, කෘතීම පැනිරස වර්ග, වර්ණක(Coloring), ආහාර කල් තබාගැනීමේ ද්‍රව්‍ය, විවිධ ඇසිඩ් වර්ග, කැෆේන් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය මේවාට මුසුකර (Mix) තිබේ. එනිසා අප පරිස්සම් විය යුතුයි. මන්ද යත්, අප විසින් 500ml පානය කිරීමෙන් කිලෝ කැලරි 168 පමණකත් නොව තවත් බොහෝ දේ ශරීරයට එකතුවන බව ඔබ නොදන්නා බැවිනි. සමහර බීම වර්ග වල සීනි කෙළින්ම හඳුනාගත නොහැකි අයුරින් සඟවා තිබෙන අවස්ථා ඇති බැවින්, සීනි පමණක් සෙව්වාට හඳුනාගත නොහැකි ය. සුක්රෝස්, පෘක්ටෝස්, ඩෙක්රෝස්, මොල්ට්රෝස් වැනි විවිධ සීනි වර්ග, සීනි වල විවිධ හැඩයන් අපට මෙසේ සඟවා ලබාදෙනු ලබනවා. මෙයාකාරයෙන් විවිධ නම් වලින් සීනි වර්ග රාශියක් ඇත. ඊටත් අමතරව කෘතිම පැණිරස රසකාරක(Artificial sweetness)  (සැකරින් වැනි) දෑ මෙවැනි බීම වර්ග වල අඩංගුවී ඇත. එමෙන්ම වර්ණක (coloring), අහාර කල්තබාගැනීමේ ද්‍රව්‍ය, සිට්‍රික් අම්ලය වැනි දේ වැඩිවශයෙන් අපගේ ශරීරයට ඉතා නරක අන්දමින් බලපානු ලබයි.

 සීනි අඩංගු ආහාර වර්ග සහ බීම වර්ග හේතුවෙන් ශරීරයට වන අහිතකර බලපෑම් මොනවාදැයි අපි විමසා බලමු.

  • ශරීරයේ බර :- අධික ලෙස සීනි භාවිතයෙන් අනිවාර්යයෙන්ම ශරීරයේ බර වැඩි වේ. එම නිසා අධික බර තරබාරු(Over weight Obese) රෝගයට ගොදුරු වේ. ශ්‍රී ලංකාව තුල වැඩිහිටි, තරුණ, ළමා,  යන පරම්පරා සියල්ලගේම මෙම රෝගී තත්වය දක්නට ලැබේ. එම නිසා විශේෂයෙන් අප ළමා පරපුර (Chilled obesity) මෙයින් ආරක්ෂාකරගත යුතු වනවා. මන්ද යත් මෙය ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට, මේ වන විට පත්ව ඇති බැවිනි. මෙයට හේතුව වන්නේ, වර්ථමානයේ කුඩා දරුවන්ගේ ආහාර රටාව ඉතාමත් නොදියුණු සහ ඉතාමත් ප්‍රාථමික තත්වයක පැවතීමය. මෙම තත්වය යටතේ ළමයින් රෝගාබාධවලට ලක්වීමේ අවධානමක් පවතී. මෙම තත්වයෙන් අපගේ ළමා පරපුර බේරාගත යුතු වනවා. මෙම රෝග තත්වය ඇතිවන්නේ, අධික සීනි භාවිතය හා ව්‍යායාම අඩුවීමයි. අධික සීනි භාවිතා කරන්නේ නම්, ව්‍යායාම කිරීම අණිවාර්ය කටයුත්තකි. මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ස්වායු ව්‍යායාමයි(Arabic Exercise). මේ සඳහා ඇවිදීම, පිහිණීම, බයිසිකල් පැදීම, හැල්මෙ දිවීම(Jogging) අනිවාර්යයෙන් කළයුතු වනවා. කාර්මික කරණය හා තාක්ෂණය දියුණුවීම යන කරුණු නිසා විවිධ යන්ත්‍රසූත්‍ර වලට තම කාර්යයන් භාර කිරීම (වී කෙටීම, කුරහන් ගල භාවිතය, ළිඳෙන් වතුර ඇදීම, ඇලේ දොලේ බැස පිහිනා නෑම, කුඹුරට හා කහතට ආහාර රැගෙන යාම)  හේතුවෙන්, නිවෙස් වල සිටින ගෘහණියන්ගේ සහ වැඩිහිටි කාන්තාවන්ගේ වැඩ අඩුවීම මෙන්ම, විවිධ සේවා අංශයන්ට යොමුවීම නිසා කය වෙහෙසා වැඩකිරීම අඩුවී තිබෙනවා. මෙනිසා  ශාරීරික ක්‍රියාකාරිත්වය අඩුවී තිබෙනවා. පිරිමි පාර්ශවයට ද මෙය යම්තාක් බලපෑව ද ඔවුන් කම්කරුවන් හා විවිධ නිෂ්පාදන අංශ වල සේවය කිරීම, වත්ත – හේන – කර්මාන්තශාලාවල වැඩ කිරීම මගින් කය වෙහෙසීම සිදු කරනවා.
  • දියවැඩියාව ;- දියවැඩියාව සමග සීනි සම්බන්ධ වෙනවා. මෙමගින් සිදුවන්නේ ශරීරයේ සීනි මට්ටම ඉහල යාමයි. එමගින් ශරීරයට ගැටළු රැසක් සිදුවනවා.
  • හෘද රෝග ඇතිවීම  
  • පර්වෘත්තීය සින්ඩ්‍රෝමය (Metabolism syndrome)
  • අස්ථි රෝග ;- Osteoporosis රෝගය ඇතිවීමෙ අවධානම
  • පිළිකා (Cancer)
  • වකුගඩු ආශ්‍රිත රෝග ;- Kidney storm, Kidney failure
  • ශරීර පෙනුම (Appearance) ;- වයසට වඩා වයසක් පෙන්නුම් කිරීම, හම රැළි වැටීම වැනි කරුණු

           විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වනවා සේම, සීනි වලට ඊටත් වඩා ඇබ්බැහිවීම සිදු වේ. අප සීනි ආහාරයට ගත්විට එය මොළයට දැනී උත්තේජනයක් ලැබෙනවා. එමගින් ශරීරය තුලට ඩොපමනින් (Dopamine) නම් රසායනිකය නිකුත් කරනු ලබනවා. එයින් ලැබෙන උද්යෝගය සමග අප තව තවත් සීනි වලට අනුගතවීමක් සිදු වනවා. මෙය තාවකාළික ක්‍රියාවකි. නොබෝ වේලාවකින් ඇතිවූ උද්යෝගය පහළ වැටීමක් සිදු වේ. එනිසා නැවතත් සීනි සහිත ආහාරයක් පරිභෝජනයට ගැනීමක් සිදු වේ. මේ ආකාරයෙන් අවස්ථාවෙන් අවස්ථාවට සීනි පරිභෝජනයට යොමුවීමෙන්, අප සීනි වලට ඇබ්බැහිවීම සිදුවේ.

 අධික සීනි සහිත දේ වෙනුවට ආදේශක වලට යොමුවීම තුලින්, අපට සීනි පාලනය කරගත හැකියි.

බීම වර්ග ;- සුදුසුම බීම වර්ගය ජලයයි. එහි කැලරි නැත. ප්‍රධාන වශයෙන් ශරීරයේ බර පාලනය කරයි. නීරෝගිමත් ශරීරයකට වටිනාම පානය ජලයයි. එමෙන්ම පොල්වතුර හා තැඹිලි වතුර පානය කළ හැක. එමෙන්ම සීනි නොයෙදු පළතුරු බීම (Fruit Juice) මගින් ශරීර සෞඛ්‍ය පාළනය කරගත හැකිය. නැවුම් එළකිරි (Fresh Milk) පානය, සීනි නොයෙදූ තේ, කෝපි, ඉරමුසු පානය ඉතා යෝග්‍ය වේ.

ආහාර වර්ග ;- තන්තු හෙවත් කෙඳි (Fibers) බහුල කාබෝහයිඩ්‍රේට් ආහාර ඉතා යෝග්‍ය වේ. මෙහි ඇති තන්තු ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතුයි. තන්තු රුධිරයට එකතු නොවේ. එනිසා ශරීරයේ සීනි මට්ටම වැඩිවීමක් සිදු නොවන අතර රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් කරයි. උදා;- ඕට්ස් වර්ග, ඇට වර්ග, තන්තු බහුල විවිධ පළතුරු වර්ග, මුදවපු කිරි, නට්ස් වර්ග, විවිධ ඇට වර්ග,

         අප සීනි සහිත අහාර වලින් මිදීමට භාවිතා කළ යුතු උපක්‍රම රැසක් තිබේ. අප ගමන් බිමන් යාමේ දී අතරමගදී තේ හෝ සිසිල් බීම පානය කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. ඒ වෙනුවට වතුර බෝතලක් රැගෙන යාමට හෝ වතුර බෝතලයක් මිළ දී ගන්න අපට හැකිනම්, සීනි භාවිතාව අඩුකරගත හැකියි. ළමුන්ට පාසල් යාමේ දී වතුර බෝතලයක් රැගෙන යාමට පුරුදු කළ යුතුයි. එමෙන්ම රැකියාවට යන අය ද එයට හුරු පුරුදු විය යුතුයි. සීනි සහිත ආහාර වර්ග ( බිස්කට්, චොකලට් වැනි දෑ) නිවෙස් වලට රැගෙන ඒම අඩුකළ යුතු වනවා. ඊටත් අමතරව අපට හැකියාව තිබෙනවා, ළමුන්ගේ පෝෂණ තත්වය ඉහල නැංවීමට අවශ්‍ය පළතුරු වර්ග ගෙවත්තෙන් ලබා ගැනීමට. එමෙන්ම හැකි සෑම අවස්ථාවකම නිවසේ පිසින ලද ආහාර අනුභවයට හුරු පුරුදු වන්නේ නම් අධික සීනි රහිත ආහාර අනුභව කළ හැකි වේ. එයින් අපගේ ශරීර සෞඛ්‍යය වර්ධනය කරගත හැකි වේ. තවද සමබල ආහාර වේලක් ලබාගැනීමෙන්, ආහාර රසවිඳීමේ සංස්කෘතිය දියුණු කරගත හැකියි. එමගින් අප ගන්නා කාබෝහයිඩ්‍රේට්, මහපෝෂක ලෙසින් හඳුන් වන ප්‍රෝටීන්, විටමින් හා ඛණිජ ලවණ අඩංගු ආහාර, එළවළු වර්ග, පළතුරු වර්ග, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, පලාවර්ග, මත්ස්‍ය නිෂ්පාදන, ධාන්‍ය වර්ග අඩංගු විවිධත්වයෙන් යුතු ආහාර අනුභවය කිරීමෙන්, ආහාර සංස්කෘතිය වැඩිදියුණු කරගත හැකි වනවා.

             මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම්, සදහන් කර ඇති සියළු රෝග සහ ආබාධ වලින් මිදී, යහපත් සෞඛ්‍යය සම්පන්න ප්‍රීතිමත් ජිවිතයක් ගත් කිරීමේ අවස්ථාව ඔබට උදාකරගත හැකි වනවා. එමෙන්ම සීනි පරිභෝජනය අවම කිරීමේ කාර්යය ඔබ සතු වගකීමක් වනවා. තවද දිනකට විනාඩි 30-45 අතර සහ සතියකට අවම වශයෙන් විනාඩි 150ක් ව්‍යායාම කළ යුතු ම වනවා. ඇවිදින්න. ශරීර ක්‍රියාකාරිත්වයන් වල යෙදන්න.

            දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම්, ඉතා සැළකිල්ලෙන් කටයුතු කළ යුතුම වනවා. පසු ගිය දින වලදී, ඉන්දන පෝලිම් වල දින ගණන් සිටීමෙන් ඇති වූ හදිසි මරණ සඳහා මෙය වඩාත් ඉවහල් වී තිබුණා. ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය  අඩු වී විවිධ රෝගාබාධ ඇති වීමෙන්, මෙම මිය යාම් සිදු වී තිබුණා. ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වූ බවට දැනුන වහාම ග්ලූකෝස්, ටොෆියක් හෝ චොකලට්, සීනි ටිකක් කෑම  කළ යුතු වනවා. ව්‍යායාම කිරීමේ දී ඒ ගැන සැළකිලිමත් වන්න. මේ අනුව සම්පූර්ණ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් රෝගාබාධ අවම කරගත හැකි වනවා. මෙම නිසි වත් පිළිවෙත් අනුගමනව කිරීමෙන්, ළමා පරපුර හා නව යොවුන් විය මෙම රෝග හා ආබාධ වලින් බේරාගෙන ආරක්ෂා කර ගැනීමට හැකි වනවා.

මෙම ලිපියට පාදක කරගනු ලැබුයේ,

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වූෂූ ක්‍රීඩාව පිළිබඳ භාහිර කතිකාචාර්ය, ඔස්මෝ ක්‍රීඩා මධ්‍යස්ථානයේ ශාරීරික යෝග්‍යතා කළමණාකාර (NVQ Level 5), අන්තර්ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක, වූෂූ ජාතික පුහුණුකරු ( A ශ්‍රේණිය)

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles