30 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව

Related Articles

                   සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගා ගනිමින්, නීරෝගීමත් මහජනතාවක් බිහිකිරීමෙහිලා අපට කළ හැකි යම් දෙයක් වේද? ඒ සඳහායි මෙම ලිපි පෙළ ඔබ වෙත ගෙන එනු ලබන්නේ.

                   පසුගිය කලාපයෙන් මා විසින්, වෛරස් හා විවිධ වසංගත රෝග පවතින කාළයක, ශරීරයේ බර නිවැරදිව පවත්වාගෙන වන්නේ කෙසේද යන්න පිලිබඳව ඔබව දැනුවත් කලා.

                   මෙවර ඉන් ඔබ්බට ගොස් ලංකාව තුල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වර්ධනයක්  ලබාගැනීම  සඳහා ක්‍රීඩා පිබඳව දළ පැහැදිලි කිරීමක් සමග ක්‍රීඩා විද්‍යාවේ අවශ්‍යතාවය ලකුණු කර තැබීම ආරම්භ කරන ලිපි සංග්‍රහයේ මූලික පදනම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මෙහිදී විශේෂයෙන්ම ක්‍රීඩා පුහුණු කරුවන් සහ ක්‍රීඩාව පිළිබඳව දැනුම සොයන පිරිස මෙමගින් ඉලක්ක කගත කිරීමට බලාපොරොත්තු වනවා.

  • මෙම ලිපි සංග්‍රහයේ අවසානයේ දී එක් එක් ක්‍රිඩාව සම්බන්ධයෙන්, වෙන වෙනම අදහස් දැක්වීමකට යා හැකි වනවා.
  • ආරම්භක ලිපියෙන් ක්‍රීඩාඩ සදහා පුද්ගලයෙක් තෝරාගන්නේ කෙසේද? ක්‍රීඩා කල යුත්තේ ඇයි? ක්‍රීඩා කිරීමේ අරමුණ, එහි වැදගත්කම, කවරේද? යන්න සරළව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වනවා.

                   ලොවපුරා වෙසෙන මිනිසුන්, තමන්ගේ සෞඛ්‍යසම්පන්නබව ආරක්ෂා කරගැනීමටත්, එදිනෙදා ජීවිතයේ තමන්ගේ කාර්යයන් සාර්ථකව සහ කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය මූලික පදනම වනුයේ, යම්කිසි ක්‍රීඩාවක හෝ ව්‍යායාම යන ක්ෂේත්‍රයේ නිරතවීම (Life style) පුරුද්දක් ලෙස සිදුකිරීම යන කාරානාව මත වේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, තමන්ගේ ජීවන ශෛලියේ එක් කොටසක් ලෙසින්, ක්‍රීඩාකිරීම හෝ ව්‍යායාම කිරීම සිදුකිරීම, තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථක සහ කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස සිදුකර ගැනීමට විශාල පිටුවහලක් වනවා.

                   පුරුද්දක් ලෙස ක්‍රීඩාව හා ව්‍යායාම සිදුකිරිම නිසා, අපට අපගේ ජීවිතයට විශාල තර්ජනයක් වන, බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමට පිටුවහලක් වනවා.

                   එහිදී ප්‍රධාන වශයෙන් අප ළකුණු කරගත යුත්තේ, එම ක්‍රඩාව පිළිබඳව සමාජගතවී ඇති දැනුම, දැනුමේ ඇති මත් බව හා ඒ සම්බන්ධයෙන් පවත්නා රික්තය පිරවීම සඳහා ඒ පිළිබඳව වැඩි වැඩියෙන් සාහිත්‍යමය වශයෙන් මැදිහත්වීමක් අනිවාර්යයෙන් වියයුතු ය යන අරමුණ, සාමාන්‍ය ජන සමාජය තුලත්, විශේෂයෙන් ක්‍රිඩා අධ්‍යාපනය තුලත්, ළකුණූ වී තිබෙනවා. එම රික්තය පිරවීමට අපගේ පැත්තෙන් කළයුතු කාර්යය ලෙසින්, මාධ්‍යකරුවන් වශයෙන් මෙවැනි ලිපි මගින් ඔබව දැනුවත් කිරීම සිදුකරනු ලබනවා. අපගේ ප්‍රධාන අරමුණ ද එයයි.

                   මිනිසාගේ ශරීර ක්‍රියාකාරිත්වය ගැන සැළකීමේ දී, මිනිසා පැහැදිලි ලෙසම යම්කිසි ක්‍රීඩාවක් හෝ යම්කිසි ව්‍යායාමයක් කිරිමේ අදහසක් සෑම සිතක් තුලම පවතිනවා. එය දියුණු කරගන්නේනම්, අපට පැහැදිලිවම අපගේ අරමුණ කරා යා හැකිවනවා.

                   එහිදී ශ්‍රී ලාංකීය සන්දර්භය ගත්විට, ක්‍රිඩා කිරීම හා ව්‍යායාම කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික මැදිහත්වීම් බොහෝසෙයින් අඩු බව සඳහන් කළ යුතුයි. පාසල් මට්ටමේ හෝ වැඩිහිටි පිරිස සදහා ක්‍රිඩා කිරිම හෝ ව්‍යායාම කිරීම අන්වාර්ය සහ අත්‍යාවශ්‍ය බව මේ වනතුරුත් සමාජය විසින් පිලිනොගැනීම කණගාටුදායක කරුණක්. එහිදී සඳහන් කලයුතු වන්නේ. මූලික අධ්‍යාපනය ලබන මොහොතේ සිටම ක්‍රීඩාව හා ව්‍යායාම පිළිබඳව දැනුම ලබාදිය යුතු සහ එය ආරම්භ කළයුතු බවයි.  මේ සඳහා රජය පාර්ශවයෙන් අනිවාර්ය මැදිහත්වීමක් කළ යුතු වනවා. පාසල් අධයාපනය තුලින් ක්‍රීඩා කිරීම සඳහා යම්කිසි නිෂ්චිත කාළ රාමුවක් අනිවාර්යයෙන්ම වෙන්කළ යුතු වනවා.

උදා ;- පාසල් විෂය නිර්දේශය තුල  ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය වෙනුවෙන් සතියකට එක් කාළ පරිච්ඡේදයක් වෙන් කර තිබෙනවා. ඒ කාළය තුලත් සිසු සිසුවියන් සඳහා න්‍යයාත්මකව පැහැදිලි කිරීම් පමණක් සිදුකරනු ලබනවා.

                   පාසල් අධ්‍යාපනය තුල මීට වඩා වැඩිකාළයක් ශාරීරික අධ්‍යාපනය සඳහා වෙන්කිරීමට අධාපනය වෙනුවෙන් වෙනිකිරීමේඅධ  අපට හැකියාවක් පවතින්නේ නම්, ප්‍රායෝගික දේ කිරීම මගින් ශ්‍රීලාංකික දරු පරපුර වඩා ක්‍රියාශීලි පුද්ගලයින් බවට පත් කිරීමේ අඩිතාලම දැමිය හැකි වනවා. එහිදී අප විසින් බැලිය යුත්තේ, යම්කිසි ක්‍රීඩාවකට යොමුවීමට පෙර සියළුම දරුවන් සතු සාමාන්‍ය හැකියාවන් ප්‍රමාණය වැඩිකළ යුතු ආකාරයයි. ඒ සඳහා යම්කිසි ක්‍රියාකාරිත්වයක් වියයුතු වනවා. එනම් එම පුද්ගලයිනගේ ස්වභාවික චලනයන් ( Natural Movement ) පිළිබඳව හැකියාවන් වර්ධනය කළ යුතු වනවා.

                   ස්වභාවික චලනයන් ලෙසින් අදහස් කරනුයේ,  එම පුද්ගලයින්ගේ දීවීමේ හැකියාව, පැනීමේ හැකියාවන් (තිරස් පැනීම්, සිරස් පැනීම්), දෙයක් තල්ලුකිරීමේ හැකියාව (Pushing), ඇදීමේ හැකියාව (Pulling), බරක් එසවීමේ හැකියාව, විවිධ චලනයන් කිරීමේ හැකියාව යනාදිය වනවා. මෙම හැකියාවන් ප්‍රථමයෙන්ම දියුණු කළයුතු වනවා. අවම වශයෙන් පාසල් දරුවනට මෙම චලනයන් සිදු කිරීම සඳහා වසර දෙකක පමණ කාළයක් අඛණ්ඩව පුහුණුවීම් සිදු කළහොත්, එම හැකියාවන් අනුව ක්‍රීඩාවන් සඳහා ළමුන් වෙන්කිරීම කිරීම තුලින්, එම ක්‍රීඩාවන් වල ඇති නීතිරීති සහ සංවිධානාත්මක (Organizing) භාවය නැතහොත් ක්‍රීඩාවේ ඇති එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳව මනා අවබෝධයක් ලබාදිය හැකි වනවා.

උදා;- මීටර් සියය දිවීම හා වෙනත් දිවීම් අතර පැහැදිලි වෙනසක් ඇති බව අවබෝධ කරගතයුතු වනවා. මීටර් සියය දිවීමේ තාක්ෂණයක් තිබෙනවා. නමුත් දිවීමේ හැකියාව වර්ධනය කිරීමේ අවස්ථාවේ දී අවබෝධ කර දෙනුයේ, ශරීරය පවත්වාගැනීම ( Body Movement), අත් සහ පාද චලනය වන ආකාරය යි. මීටර් සියය දුවන පුද්ගලයාගේ ක්‍රියාවලිය මීට හාත්පසින් වෙනස් වනවා. මෙහිදී ආරම්භයට නිශ්චිත වේලාවක්, වේගය වැඩිකරගන්නා ආකාරය(Accelerate), වේගය පවත්වාගෙන යාම, අවසන් කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් නිශ්චිත ක්‍රියාවලියක් තිබෙනවා. එයයි සංවිධානාත්මක බව (Organizing) ලෙසින් හඳුන්වන්නේ. එනිසා ස්වභාවික චලන සංවර්ධන කිරීමේ දී නිවැරදිව කරගන්නේ නම් මීටර් සියය පහසුවෙන් දිනාගත හැකි වනවා. එමෙන්ම මීටර් දස දහස දිවීම සඳහාද මේ ආකාරයෙන් ස්වභාවික චලන සංවර්ධනය කරගත යුතු වනවා.

                   ක්‍රීඩාවකට ළමුන් යොමු කිරීමේ දී, ක්‍රීඩාවට ඇති නිශ්චිත තාක්ෂණය, නිශ්චිත විෂයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති පුහුණුකරුවකු යටතේ ඔහු හෝ ඇය පුහුණුවීම් කළ යුතු වනවා. එම පුහුණුකරු හුදෙක්ම තනි ස්වාධීන චරිතයක් ලෙසින් ක්‍රියාකරනවා වෙනුවට,

01. මනෝවිද්‍යාඥයෙක් ලෙසින්,

02. ක්‍රීඩා පෝෂණවේදියෙක් ලෙසින්,

03. ක්‍රීඩා වෛද්‍යවරයෙක් ලෙසින්,

04. ක්‍රීඩා ශාරීරික විද්‍යාඥයෙක් ලෙසින්,

05. ක්‍රීඩා ජීවයාන්ත්‍රික විද්‍යඥයෙක් ලෙසින්,

                   කටයුතු කළයුතු කිරීම අතිශය වැදගත් වනවා. මෙළෙස සියළු ක්ෂේත්‍රයන් පිළිබඳව අවබෝධයක් සහ පළපුරුද්දක් සහිත අයෙකු ලෙසින් ක්‍රීඩකයින් පුහුණු කරන්නේ නම්, අපට ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමේ හැකියාවක් තිබෙනවා.

                   පුහුණුකරුවා කරනු ලබන කාර්යයේදී, ක්‍රීඩාව සඳහා යොමුව සිටින පුද්ගලයා පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත අයෙක් විය යුතුයි. එහිදී දැනගත යුතු විශේෂම කරුණ වන්නේ, ක්‍රීඩකයාගේ සෞඛ්‍ය සම්පන්නභාවය සහ ඔහු හෝ ඇයගේ ධාරිතාවය (Capacity) පිළිබඳව නිෂ්චිත අවබෝධයක් ලබා ගැනීමයි. ඒ සඳහා පර්යේෂණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුම වනවා. එහිදී සැළකිල්ලට භාජනය කළයුත්තේ,

# ක්‍රීඩකයාගේ කාලනුරූපී වයස

# ජීව විද්‍යාත්මක වයස (Biological Age)

# පුහුණු වයස

# සහජ හැකියාව (General Ability)

# ආරය සහ ජීවත්වන පරිසර තත්වය

                             යනාදිය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු වනවා.

කාලනුරූපී වයස ;- ඔහුගේ සත්‍ය වයස (අවුරුදු, මාස, දින) ක්‍රීඩාවක් සඳහා යාමේ දී ජයග්‍රහණය ලබාගතයුතු වනවා. ඒ සඳහා කිනම් මට්ටමකින් ඔහු හෝ ඇයව පුහුණු කලයුතුද යන්න අවබෝධයක් ලබාගැනීම ට මෙය අත්‍යාවශ්‍ය වනවා.

ජීව විද්‍යාත්මක වයස (Biological Age) ;- කාළාණුරූපි වයසට වඩා ශරීරයේ අභ්‍යන්තරයේ ඇති සමහර දේවල් හා මානසික මට්ටම (Mental capacity) වෙනස්විය හැකියි.

උදා;- ක්‍රීඩකයාගේ පෙනුම අවුරුදු 15ක් ලෙස ගනිමු. නමුත් ඔහු හෝ ඇය තුල අවුරුදු 15ට වඩා වැඩි මානසික තත්වයක්, මානසික වයසක් තිබිය හැකියි. එමෙන්ම, මාංශ පේශී පද්ධතිය හා අස්ථි පද්ධතියේ දක්නට ලැබෙන යම් යම් වෙනස්කම් (සෘන හෝ ධන) තිබිය හැකියි.

පුහුණු වයස ;- ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව පුහුණු කරුට හමුවිය හැකි වයස මෙසේ දැක්විය හැකියි.

උදා ;- ක්‍රීඩකයා හමුවූ වයස අවුරුදු 15 හෝ 17 ලෙස ගනිමු. එම පුද්ගලයා 19 පහළ තරග වලට යොමුකරන්නේ නම්, අනෙක් ක්‍රීඩකයින්ගේ පුහුණු කාළය අවුරුදු 5ක් හෝ 6ක් හෝ ඊට වඩා වැඩිවිය හැකියි. නමුත් අපට හමුවන ක්‍රීඩකයා මීට පෙර කිසිදු විධිමත් පුහුණුවක් නොලද, පුද්ගලයෙක්. එහිදී ප්‍රතිවාදී ක්‍රීඩකයාට පුහුණු වයසින් ඇති පළපුරුද්ද (Experience) වැඩිනම්, අපගේ ක්‍රීඩකයාට ජයග්‍රහණය ලබාගැනීමට නොහැකිවනවා පමණක් නොව අවධානමක්ද (Injuries) ඇතිවිය හැකියි.  එනිසා පුහුණු වයස පිළිබඳව අවධානය යොමුකළ යුතුවනවා.

සහජ හැකියාව (General Ability) ;- මෙයින් හැඳින්වෙන්නේ, ජානමය උරුමයන් එම ක්‍රීඩාවත් සමග ඇති ද යන්න බැලීමයි.

උදා;- සමහර පුද්ගලයින්ගේ මාංශ පේශීන් ගේ චලන හැකියාව ඉතා වේගවත්. තවත් සමහරුන් ගේ එය ඉතා මන්දගාමී වනවා. මෙහිදී ශරීරය සෑදී ඇති තන්ත්තු මත මෙය තීරණය වනවා. (ශරීරයේ වැඩිපුර ඇත්තේ Slow switch fiber or Past switch fiber ද යන්න)

ක්‍රීඩකයින් තනිතනිව භාහිරව කරන ක්‍රියාකාරකම් නිවැරදිව නිරීක්ෂණය කිරීමෙන්, ශරීරය හැඩගැසී ඇති තන්තු වර්ගය හඳුනා ගැනීමෙන් එම පුද්ගලයාට කුමන ක්‍රීඩා ඉසව් යෝග්‍යදැයි අවබෝධ කරගත හැකි වනවා. එමෙන්ම අස්ථි පද්ධතියේ ස්වභාවය, මාංශ පේශී පද්ධතියේ ස්වභාවය හා ගුරුත්ව කේන්ද්‍රය (pent of gravity) පිහිටා ඇති ස්ථානය පිළිබඳ අවබෝධය මත බොහෝ ක්‍රීඩාවන්ට යොමුකරන විටදී සොයාබැලිය යුතු වනවා.

උදා;- බර ඉසිලීමේ ක්‍රීඩාව සඳහා ගුරුත්ව කේන්ද්‍රය පහල ඇති ක්‍රීඩකයෙකුගේ (පොළව සමග ඇති උස) බර එසවීමේ හැකියාව උස ක්‍රීඩකයෙකුට වඩා වැඩි වනවා.

ආරය සහ ජීවත්වන පරිසර තත්වය ;- මෙය ක්‍රීඩක ජීවිතයට එකිනෙක බද්ධ වී තිබෙනවා.

උදා;- ප්‍රදේශ අනුව සමහර ක්‍රීඩාවන් දියුණුවී තිබෙනවා. ගම්පහ ප්‍රදේශයට අත්පන්දු (Volleyball), කඳුකරයේ බොහෝ ක්‍රීඩකයින් දුර දිවීමේ හැකියාව සහිතයි. මුහුදු පට්ටමින් ඉහලට යාමේදී  ඔක්සිජන් ප්‍රමාණවත්ව රඳවාගැනීමේ ඇති හැකියාව වැඩි වනවා. මෙයට හේතුව වන්නේ, මුහුදු මට්ටමින් ඉහලට යන විට ඔක්සිජන් ප්‍රමාණය අඩු බැවින්, ඔවුන් අඩු ඔක්සිජන් ධාරිතාවයකින් වැඩිවේලාවක් කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වී තිබෙනවා. මෙය ඉහල ඌනතාංශ පුහුණුව නමින් හඳුන්වනවා. අපට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි බැවින්, මදි ඔක්සිජන් ප්‍රමාණයට ගැලපෙන ලෙස ශරීරය හැඩගස්සා ගැනීම සිදුකරනවා.

මෙම සියළු කාරණා ගත්විට, මේවාට අනුව ක්‍රීඩකයෙක් පුහුණු කරන්නේ නම්, පැහැදිලි ලෙසම ඔවුන්ට එම ක්‍රීඩාවේ උපරිම දක්ෂතා මට්ටමට ළඟාවීමේ හැකියාව පවතී.

මීට අමතරව නිවැරදි පුහුණු සැළසුමක් (Plane) (අවුරුදු1 – 4දක්වා වූ සැළසුමක්) පුහුණුකරුට තිබිය යුතු වනවා. එය කෙටි කාළීන හෝ දිගුකාළීන විය හැකියි. ඒ අනුව ක්‍රීඩා කිරීම මගින් නිශ්චිත ඉලක්කය (Target) කරා යාමේ හැකියාව වර්ධනය කරගත හැකි වනවා.

මීටත් අමතරව, තමන් කරන වෘත්තීමය තත්වය අනුව, ක්‍රීඩා හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය නොවන බවට සිතුවිලි ඇතිකරගන්නා අය ද අපට හමුවනවා. එමෙන්ම ක්‍රීඩා කිරීම මගින් අධ්‍යාපනයට බාධා ඇතිවන බව සිතන අයද අපට හමුවනවා. එවැනි මානසිකත්වයකින් හෙබි පුද්ගලයින්ට, ක්‍රීඩාවක් හෝ ව්‍යායාමයක් කිරීම හා අධ්‍යාපනය අතර යන දෙක අතර පැහැදිලිවම සම්බන්ධයක් ඇති බව අවබෝධයක් ඇතිවිය යුතුයි.

ක්‍රීඩා කිරීම නිසාම ශාරීරික ක්‍රියාකාරිත්වය වර්ධනය වීම තුලින් මොළෙයේ ඇති සමහර කොටස් වර්ධනය වීමේ හැකියාව දියුණුවන බව අවබෝධ කරගත යුතුයි. නිරෝගී මනසක් සමග නීරෝගී ශරීරයක් බිහිවන බව විද්‍යාඥයයින්ගේ මතයයි.

ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී, මෙවැනි විද්‍යාවක් පිළිබඳව අවබෝධයක් සහිතව ක්‍රීඩා පුහුණු කිරීම සහ ඒ සම්බන්ධ ක්‍රියාකාරිත්වය ඉතා අඩු මට්ටමක පවතිනවා. එයට හේතුව වන්නේ, පුහුණු කරුවන් තුල ඇත්තේ, වැඩි වැඩියෙන් මහන්සි වී ක්‍රීඩා කිරීම මගින් ජයග්‍රහණයක් ගතහැකි බවට වන අදහසයි. නමුත් එම පුහුණුවීම නිවැරදි තාක්ෂණය හා විද්‍යාවන් ඇතුලත සිදුවිය යුතුයි. එසේ නොමැතිව කළින් සඳහන් කළ කරුණු පිළිබඳව අවබෝධයක් නොමැතිව ක්‍රීඩා පුහුණුවේ යෙදුන විට කෙටිකාළීනව යම් යම් ජයග්‍රහණ ලබාගත හැකි වුවත්, ක්‍රීඩකයෙක් ලෙසින්, තමන්ගේ ස්ථානය ආරක්ෂා කරමින් දිගුකාළීනව ක්‍රිඩා කිරීම හා ජයග්‍රහණය කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම නැතිවීයාම සිදුවනවා.

මේ දෙස වඩාත් විමසිල්ලෙන් බැලීමේ දී, පාසල් හා යොවුන් ක්‍රීඩා කණ්ඩායම් දක්වන දක්ෂතාවයන් ඉතා ඉහල මට්ටමක් පවතින බව අවබෝධකරගත හැකි වනවා. ඔවුන් නිශ්චිත අඩු කාළයක් තුල උපරිම දක්ෂතාවයන් පෙන්නුම්කරන නමුත්, ආසියාණු මට්ටම දක්වා ජාත්‍යන්තර පදක්කම් ලබාගැනීම සඳහා ගමන් කර, ජාතික කණ්ඩායමට පැමිණීමෙන් පසු, ඒ දක්ෂතාවය ඒ අයුරින්ම වැඩිදියුණු වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ දක්ෂතාවයන් මෙසේ අඩුවීමට හේතුවක් වන්නේ, ලබාදිය යුතු ධාරිතාවය පිළිබඳව අවබෝධයක් නොමැතිව ක්‍රීඩකයා පුහුණු කිරීම මගින්, දීර්ඝකාළීනව හැකියාවන් පවත්වාගෙන යාම හීනවී යාමයි. එනිසා අප විසින් විද්‍යාත්මක පදනමක් මත පිහිටා පුහුණුවීම් කළ යුතු වනවා.

ශ්‍රීලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්තරා නිශ්චිත තත්වයක් දක්වා පුහුණු කිරීමෙන් පසු, තම හැකියාවන් ඉන් ඉදිරියට දියුණු කිරීමට නොහැකි තත්වයකට පත් වනවා. එයට හේතුව වන්නේ, බොහෝවිට පුහුණුවීමේ ධාරිතාව වැඩිවීම මගින්, උපරිම මට්ටමට පැමිණීමෙන් පසු තවදුරටත් ඔවුන්ව ඉදිරියට තල්ලුකිරීම සිදුකළහොත් ශාරීරික අනතුරු සිදුවීම නොවැළැක්විය හැකි වනවා. 

පුහුණු රටාවේ ඇති ඒකාකාරී බව, විවිධත්වයක් නොමැතිව පුහුණු කිරීම, සැළැස්මකට අනුව පුහුණු නොකිරීම වැනි කරුණු අනුව මෙම තත්වයන් ඇතිවීම සිදු වනවා. මෙවැනි තත්වයක් තුල සියල්ල බිඳ දමා තවදුරටත් ඉදිරියට යාමට බලාපොරොත්තු වනවා නම්, පුහුණුකරු විසින්, අප කරනා මෙම කාර්යයන් සේම නූතන විද්‍යාත්මක කරුණු පිළිබඳව අවබෝධයක් සහිතව කටයුතු කළයුතුම වනවා.

මේ වන විට අප විසින් ක්‍රීඩකයෙක් පුහුණුවට පෙර කළ යුතු කරුණු පිළිබඳව කතා කලා. ලබන කලාපයෙන් තවදුරටත් මෙහි දිගුවකට යාමට බලාපොරොත්තු වනවා.

මෙම ලිපියට පාදක කරගනු ලැබුයේ,

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වූෂූ ක්‍රීඩාව පිළිබඳ භාහිර කතිකාචාර්ය, ඔස්මෝ ක්‍රීඩා මධ්‍යස්ථානයේ ශාරීරික යෝග්‍යතා කළමණාකාර (NVQ Level 5), අන්තර්ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක, වූෂූ ජාතික පුහුණුකරු ( A ශ්‍රේණිය)

උපාලි අනුරසිරි මහතා සමග කළ සාකච්ඡාවකි.

Pradeep Senadeera
Pradeep Senadeera
Dip. in Media Newspaper writer, Radio News editor & reporter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles