26 C
Colombo
Monday, June 5, 2023
spot_img

Subscribe

Date:

Share:

“මායාවී”

Related Articles

තනි සිතක අඳුර මැකූ සිහින අප්සරාව – 01

ආයේමත් වතාවක් හිතුනා සිතුවම කීතු කීතු වලට ඉරල දාන්න.. ඒත් චිත්‍රයක් අදින්නට ගන්න ආට් පේපර් එකක මිල මතක් වුනාම මම නිහඩ වුනා.. පුංචි සන්දියෙදි චිත්‍ර අදින්න ඕනෑකරන කලමනා දෝතින් අරං ආපු තාත්තා ..මම චිත්‍ර අදින දිහා දිලිසෙන දෑසින් බලාගෙන හිටපු තාත්තා… අද සහමුලින්ම වෙනස් වෙලා…ආට් පේපර් ගන්න සල්ලි ඉල්ලුවාම තාත්තගෙන් අහන්න වෙන දේවල් සිහිවෙලා මම වැරදුනු සිතුවම පරිස්සමින් පැත්තකින් තැබුවා…තුන් තිස් පැයේම චිත්‍ර ඇන්දත් කවමදාවත් මට වෙහසක් දැනුනේ නෑ.. ඒත් ඇදපු චිත්‍රය දිහා බලාගෙන ඉන්නකොට දැනෙන්නේ දරනු බැරි විඩාවක්.. එය සිතට දැනෙන එකක්… මම තදින්ම ඇස්දෙක පියා ගත්තා.. සැනින් ලෝකෙම කළුවර වුනා.. ඒ මම ආදරය කරන කළුවර.. ඒ කළුවර අතරින් පුර සදක් වගේ ඇය හිනාවෙනවා….හරිම පැහැදිලියි..ඒත් ඇස් විවර කලාම ඒ රුව බොදවෙලා යනවා.. දැන් චිත්‍ර කීයක් ඇන්දද.. ඒත් ඒ එකක වත් ඇය නැහැ….

“.. මට නම් හොදටම පිස්සු.. ජීවිතේට දැකල නැති ගෑනියෙක්ගෙ චිත්‍රයක් 
   අදින්න බොරුවට මහන්සි වෙනවා....”

  මම තනියම මිමිනුවා...ඇත්තටම ඇය කවුද....කවදා හෝ දවසක හමු වී ඇති කෙනෙක්ද...නැත්නම් මගේ හිතේ ඇදුනු රුවක්ද..එහෙමත් නැත්නම් මොකක් හෝ අදෘෂ්‍යමාන බලවේගයක් මගෙ හිතට එවූ කෙනෙක්ද...හිතාගන්න බැහැ..එහෙත් ඇය මගේ ජීවිතේ දැකපු ලස්සනම යුවතිය බව නම් පැහැදිලියි..කෙසේ හෝ ඇයව සිතුවමට නගනවාමයි කියල හිත හදාගනිද්දිම  “..මල්ලි මෙන්න කෝල් එකක්...” කියාගෙන අක්කා ආවේ ආයෙම මගේ දැහැන බිද දමමින්.....

  සම්මුඛ පරික්ෂනයකට එන්න කියලා දුරකතන ඇමතුමක් ආවා කී හැටියේ දීලිසුනු අම්මගෙ ඇස් අගට කදුලක් මෝදුවෙන හැටි මම දැක්කේ “ රස්සාව මොකක්ද කියල කිව්වට පස්සේ.. 

  “.. මෙච්චර දුක් මහන්සි වෙලා ඉගැන්නුවේ ඩ්‍රයිවර් කෙනෙක් කරන්නද...“..

  අම්මා සූදානම් වෙන්නේ සුපුරුදු දිගු දේශනයට...ඒත් හිතේ කැකෑරෙන ආවේගයට මගේ මුවගුලු බිදී  ගියේ අම්මව නිහඩ කරමින්..

“..කවුද ඒකට වග කියන්න ඕන..හැමෝම එපා කියද්දි ඩ්‍රයිවිං ලයිෂන් ගත්තු හිංද මෙහෙමවත් ගොඩ යන්න පුලුවන්..නැත්තං කරන්න වෙන්නේ සහතික ටික පුච්චල නලලෙ අලු ගාගෙන කුලී වැඩකට යන්න..අපරාදේ අද තියෙන හිතුවක්කාරකම එදා තිබුන නං මම අද මොන වගෙ තැනක ඉදීද…”

එහෙම කියාගෙනම මම කාමරෙන් පිටවුනේ වචන හුවමාරුව දුර යයි කියා සිතුන නිසා..මට මංගැනම ඇතිවන්නේ දරනු බැරි තරමේ ආත්මානුකම්පාවක්.. .
“..සන්දේශ් හැම සබ්ජෙක්ට් එකකටම දක්ෂයි..ඒත් චිත්‍රවලට තියෙන්නේ හිතා
ගන්න බැරි දක්ෂතාවයක්…..එයාව ඒ අංශයෙන් ඉස්සරහට යවන්න…..”

ගුරුවරු විතරක් නෙවෙයි මගෙ දක්ෂතා තේරුම් ගත්තු හැමෝම හැමදාම කිව්වේ එහෙම..ඒත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය ලගදි අම්මා දැඩි තීරනයකට ආවේ මගෙ ජීවිතේම උඩු යටිකුරු කරමින්…….

“.. චිත්‍ර ඇදල වැඩක් තියෙනවද..මෙච්චර හොදට ඕ ලෙවල් පාස්වෙලා ආට්
කරන්න..පිස්සුද..ඔයා කරන්නේ බයෝ …තේරුනාද..ඩොක්ටර් කෙනෙක්
උනාට පස්සේ හොබිඑකක් විදියට චිත්‍ර අදින්න බැරි නෑනේ. …..”

බොහෝ තීරන හමුවේ අම්මත් එක්ක ගැටෙන තාත්තත් එදා අම්මගෙ තීරනේ ලග හිටගත්තම මම ගොඩක් අසරන වුනා….උසස්පෙල පුරාවට දැනුන ඒ අසරන කම තමයි විභාග ප්‍රතිපල විදියට පිට වුනේ..පරාජය මැවූ හිතුවක්කාරකම දෙවැනි වතාවේ උසස් පෙල නොකර ඉන්නවා කියන දැඩි තීරනය මා තුල ඇතිකලා..දවසින් දවස අම්මයි තාත්තයි අක්කයි තුන් දෙනා ඈතට යනව වගේ දැනුනේ ඊට පස්සේ…කටුව තුල හැංගුන ගොළු බෙල්ලෙක් වගේ මම මටම ලෝකයක් ගොඩ නගා ගත්තා……

පහුවදා උදෙන්ම නැගිටලා කඩිමුඩියේ සූදානම් උන මම ගෙදරින් පිටවුනේ රැකියාව හරි ගියොත් සල්ලි එකතු කරගෙන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් තියනවා කියන අලුත් බලාපොරොත්තුවක් එක්ක..ඒ නිවසක් නෙවෙයි දැවැන්ත විමානයක්.. ගේට්ටුව අද්දර මුරකුටියෙ ඉන්න මුරකරුගෙ මූනපුරා තියෙන්නෙත් ආඩම්බරකම.. නිවස ඉදිරිපිට ආලින්දයේ එක පේලියට තියෙන පුටු මා වැනි අයට විය යුතුයි..පුටුවක වාඩිවෙලා වටපිට බලද්දි මට දැනුනේ අහසින් එහා තරු මඩලේ නාදුනන ලොවකට ගියා වැනි හැගීමක්…මොහොතකින් පැමිනි සේවකයෙක් මාව කන්තෝරු කාමරයට කැදවාගෙන ගියා…..fදාරින් ඇතුළු වුනේ මේ භවනේ හිමිකරු වෙත යන්නට..සුරංගනා කතාවල හමුවූ දිව්‍ය භවනක හිමි දිව්‍ය පුත්‍රයකු කුටිය තුල ඇති.. ඔහු කෙබදු අයෙකු වේද…මම කුතුහලයෙන් කන්තෝරු කාමරයට ඇතුළු වුනා..සුවපහසු කැරකෙන පුටුවක වාඩි වී සිටින්නේ සැබැවින්ම තෙදැති රජෙක්..ඔහු මුවින් නොfදාඩා අසුන් ගන්නා ලෙස ඉගියෙන් කියද්දි“තෑන්ක් යූ සර්..” කියූ මා ඔහු ඉදිරියෙන් අසුන් ගත්තා..මගේ සහතික පත් එකිනෙක පිරික්ෂා බැලූ ඔහු තත්පර කීපයක් එක එල්ලේ මදෙස බලාසිට අනතුරුව සිය ගැඹුරු හඩ අවධිකලා..

“…සෑහෙන්න සුදුසුකම් තියනවනේ..හොද ජොබ් එකක් කරන්න පුලුවන්කම
තියෙද්දි ඇයි ඩ්‍රයිවිං ජොබ් එකක් තොරාගත්තේ…”

“ ආර්ථික ප්‍රශ්න නිසා සර්….

  මම කිව්වේ බොරුවක්... ඒත් ගැහෙන හිතේ හැංගිල තිබුන අසරනකම ඒ බොරුවට සැබෑවක හැඩරුව එක් කලා...

  “.. මීට වඩා හොද ජොබ් එකක් හම්බ වුනොත් යනවද......”

“ ජොබ් කීපයකටම ඉන්ටවීව් ගියා…..හරිගියේ නෑ……මේක හරි ගියොත් මම වෙන ජොබ් වලට ට්‍රයි කරන්නේ නෑ සර්..”…

  තත්පර කීපයක් නිහැඩියාවකින් පසුව යලි අවධිකල ඔහුගේ හඩේ එවර රැදී තිබුනේ පෙර නුවූ ගුප්ත බවක්...

“.තමුන් මේ ඉන්ටවීව් ඇවිල්ල ඉන්නේ මගෙ දුවගේ වාහනේ ඩ්‍රයිවර් රස්සාවට..හැබැයි කරන්න තියෙන්නේ බොහොම භාරදූර රාජකාරියක්… මම හිතාගෙන හිටියේ ටිකක් මැදි වයසේ කෙනෙකුට රාජකාරිය පවරන්න..ඒත් තමුන්ව දැක්කම…තියෙන කොලිපිකේෂන් දැක්කම මට හිතෙනවා ඇවිල්ල ඉන්නේ ජොබ් එකට සුදුසුම කෙනා කියලා….මම කිව්වනේ ඩ්‍රයිවිං ජොබ් එකට අමතරව තව රාජකාරියක් තියනව කියලා… ඒක සීඅයිඩී වැඩක්…”

ආයෙමත් ඔහු නිහඩ වුනේ මට කුතුහලයක් ඉතිරි කරලා….හිසමතට කඩා වැටෙන්නට යන්නේ නොසිතූ අවධානමක්ද…?…පැවරෙන රහස් පරික්ෂක කටයුත්ත කෙබදු එකක්දැයි අසන්නට සැලෙන දෙතොල තද කරගෙන මම ඔහුගේ හඩ අවධි වනතුරු බලා හිටියා…

“… තාත්ති…..”…

නිහඩ බව බිදිමින් ඇසුනේ මිනි කිකිණි හඩක්…

“….කමීන්…..”….

මගේ අනාගත බොස් මට පදවන්නට නියමිත වාහනය හිමි යුවතියට කතා කලා..හඩ මෙතරම් මිහිරි නම් ඇය කෙබදු තැනැත්තියක් වේදැයි සිතුනත් හිස ඔසවා බැලීම අනුචිත යයි හැගුනෙන් මම සිටි ලෙසම සිටියා..ඊලග නිමේෂයේ කාර්යාල කාමරයට පැමිනි යුවතිය කෙලිලොල් ලෙස දිවගොස් ඉදිරිපස අසුනේ සිටි තැනැත්තාගේ ගෙල වටා එතෙන විට මගේ දෑස් ඈ ලග රැදුනේ නිරායාසයෙන්……

නොසිතූ මොහොතක වැදුනු අකුනු පහරකට සලිතව යන්නා සේ දැනෙද්දි මුව කට වියැලී ගතම අප්‍රානිකව ගියා..සිතත් ගතත් සසලව ගියත් ඒ සසල බව පුරා රැදී ඇත්තේ මිහිරක් බව නම් පැහැදිලිවම මට දැනුනා…..

  දෙවියනි..මේ කවර නම් අරුමයක්ද..මේ ඇයයි..සිහිනය අද්දර රැදුනු.. විවර කල නෙතු ලග බොදව ගිය..අනන්ත අප්‍රමාන වතාවක් සිතුවමට නගන්නට වෙර දැරුවත් අසීරු වූ ඇයමයි......

( ඊලග කලාපයේ -සන්දේශ්ට පැවරෙන බාරදූර කටයුත්ත මොකක්ද.. ) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles