

අනෝතප්ත විලේ පිපුණ
නෙළුම් මලක
ලිව්වත් මම මගේ පෙම් කව
කිඩාරම් මලක් උඩ
නුඹ ලියලා නුඹේ කවිය
මුලා කර ප්‍රමිලාව
නික්ම ගිය දස්කෝන්ය නුඹ
සිනාසී දුර සිටන්
අත වනනු කීම තවත්….
සරදම් කරන හැඟුමන්
ඉකි ගසා රහසින්
ඇහි පිල්ලමක් යට
රැඳුනා කඳුළු බිඳුවක්….
කඩතොළු වූ අකුරු
පෙළගැසුණු
නිම නොකළ පෙම් වදනුත්
රැගෙන මා හැර දමා
කළේ අභිනික්මන්….
අළුයමට පෙර ගොම්මන්
ඇවිදින් කියන රහසින්
කවර පල කඳුලින්
හමු නොවී ඉමු ඉතින්
ඔබට සුබ ගමනක්….