

පසුගිය කලාපයෙන් මා ඔබට ග්‍රහ තාරුකා පිළිබඳව යම් දැනුවත් කිරීමක් කළා. අවසානයේ දී මා ඔබට පොරොන්දු වූයේ මෙවර රාශි සහ ග්‍රහයන් ගැන කතා කරන බවයි. නමුත් මෙවර රාශි ගැන පමණක් කතා කරන අතර ලබන කළාපෙයන් ග්‍රහයන් ගැන කථා තිරීමට සූදානම්.
– රාශි –


ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගැන කතාකරන විට පළමුවෙන්ම හඳුන්වා දිය යුත්තේ, රාශි ගැනය. අප කුඩා කළ පටන් දැන සිටියේ, උදේට ඉර පායා සවසට බැය යන බවයි. නමුත් සත්‍යය මෙයම දැයි ආපසු සිතා බැලිය යුතු වනවා. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ, පැය විසිහතරක කාළයකදී, පෘථිවිය රවුමක් කැරකීම නොවේද? එනිසයි අපට එවැන්නක් දැනෙන්නේ. පෘථිවිය ගෝලාකාර වස්තුවක්. එය වටේටම අවකාශය(Space) හෙවත් අහස තිබේ. මෙම අවකාශය ප්‍රධාන වශයෙන්, හේතු යුක්ති බලා, එක සමාන කොටස් 12 කට බෙදා වෙන් කර ඇත. පෘථිවිය හෙවත් පොළව අවට තිබෙන අවකාශය තුල නැකැත් තරු වලල්ලක් තිබේ. එම නැකැත් තරු අනුවයි අවකාශය කොටස් 12කට බෙදා වෙන්කර තිබෙන්නේ. නැකැත් තරු වලල්ලක් තිබුනත්, ප්‍රධාන වශයෙන් නැකැත් 27ක් ලෙස හඳුන්වා දී ඇතත්, නැවත එක නැකතක් හතරට බැගින් බෙදා ඇත. මෙලෙස නැකැත් 27, හතරට බෙදූ විට කොටස් 108ක් ලැබේ. මෙයින් කොටස් 09ක්, එක රාශියක් ලෙස වෙන්කර තිබේ. ඒ අනුව රාශි දොළහ මෙලෙසින් අඳුන්වනු ලැබේ. එමෙන්ම මේවා පහසුවෙන් හඳුනාගැනීම සඳහා රූප 12ක් නියමකර තිබේ.


- මේෂ රාශිය(Aries)
එළුවෙකුගේ රූපයක් ඇති අතර, එළුවාගේ පසුපැත්ත නැගෙනහිරට සිටින අයුරින් පෙන්වා දී ඇති අතර එමගින් පිලබිඹු කරනුයේ, මෙම රාශිය පොළවෙන් මතුවන විට එළුවාගේ පසුපැත්ත පළමුවෙන් මතුවන බවයි.


2. වෘෂභ රාශිය(Taurus) ;-
ගොනෙකුගේ රූපයක් මෙයට යොදාගෙන තිබේ. ගොනාගේ පසු පැත්ත පළමුවෙන් පොළවෙන් මතුවන බව පෙන්වා දී තිබේ


3. මිථුන රාශිය(Gemini) ;-
වීනාවක් අතින් ගත් කාන්තාවකගේ සහ යගදාවක් අත දරාගත් පිරිමි අයෙකුගේ රුවක් මීට යොදාගෙන තිබේ.


4. කටක රාශිය(Cancer) ;-
කකුළුවෙකුගේ රූපයක් මේ සඳහා යොදාගෙන තිබේ. මෙහි ද කකුළුවාගේ පසු පැත්ත පළමුවෙන් උදාවන ලෙසින් යොදාගෙන තිබේ.


5. සිංහ රාශිය(Leo) ;-
සිංහයෙකුගේ රූපයක් යොදාගෙන ඇති අතර ඔළුව පළමුවෙන් උදාවන අයුරින් පෙන්වා දී ඇත.


6. කන්‍යා රාශිය(Virgo) ;-
එක් අතකින් හැල් කරල් මිටියක් සහ අනෙක් අතින් පහනක් ගත් කාන්තාවක් රූපයකින් පෙන්වා දී ඇත. කාන්තාවගේ හිස පළමුවෙන් උදාවන ලෙසින් පෙන්වා දී ඇත.


7. තුලා රාශිය(Libra) ;-
පිරිමි පුද්ගලයෙක්, කරාදියක් අතින් ගත් රූපයක් මෙයට යොදගෙන තිබේ. මෙහි ද හිස පළමුවෙන් උදාවන ලෙසින් පෙන්වා දී තිබේ.


8. වෘශ්චික රාශිය(Scorpio) ;-
ගෝනුස්සෙකුගේ රුව සහිත ය. ගෝනුස්සාගේ කටකොන පළමුව උදාවන ලෙසින් දක්වා ඇත


9. ධනු රාශිය(Sagittarius) ;-
දුන්නක ඊතලයක් දමා විදින්නට සැරසී සිටින පිරිමි අයෙකුගේ ඉනෙන් පහළ කොටස අශ්වයෙකුගේ මෙන් දක්වා ඇත


10. මකර රාශිය(Capricorn) ;-
ඉදිරිපස කොටස මුවෙකුට සමානව ද, පසුපස කොටස මෝරෙකුට සමානව ද දක්වා තිබේ.


11. කුම්භ රාශිය(Aquarius) ;-
කළයක් අතින් ගත් පිරිමියෙකුගේ රූපයක් මෙයට යොදාගෙන තිබේ.


12. මීන රාශිය(Pisces) ;-
මාළුවන් දෙදෙනෙකු දෙපැත්ත ට සිටින සේ රුව මෙයට යොදගෙන ඇත.
මෙම රාශි, කොටස් දෙකකට වෙන්කර තිබේ.
# පුරුෂ (කෲර) ;- තේජස, නිර්භීතකම, ඉදිරියට යන ගතිය, එඩිතරකම, භය නැති ගතිය පෙන්වන අතර මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශි මීට අයත් වේ. මෙයින්, පිරිමියෙකුට ඇති ගති පෙන්වයි.
# ස්ත්‍රී (සෞම්‍ය) ;- මෘදු මොළොක් ගතිය, සමගියට කැමැත්ත, ඉවසීම, විනීත ගතිය, ආදරය පෙන්වයි. වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන රාශි මීට අයත් වේ. ගැහැණියකට අයිති ගති පෙන්වයි.
මේ ආකාරයට බෙදුන රාශි 12, චර, තිර, උභය හෙවත් ද්විස්වභාව යනුවෙන්, නැවත කොටස් 03කට බෙදා තිබේ. එමේන්ම මෙම රාශි දොළහ, තේජෝ(ගිනි), පඨවි(පෘථිවි), වායෝ(වායුව), ආපෝ(ජලය) ලෙසින් නැවත කොටස් හතරකට බෙදා තිබේ. මේ ආකාරයට රාශි කොටස් කිරීම මගින් ඒ, ඒ, රාශි වල ට බලපාන පොදු කරුණු ප්‍රකාශ කිරීම ඉතා පහසු වේ. ඒ අනුව පොදු කරුණු පහත අයුරින් දැක්විය හැක.
# චර රාශි –
මේෂ – චංචලකම, යම් කාර්යයක් කිරීමේදී, සාර්ථක නොවුනත් නැවත නැවත එයම කිරීම මගින්
සාර්ථක කරගැනීමේ හැකියාව ඇත.
කටක – වැඩි කාළයක් තරහව නොපවතින අතර, දුරදීම විපතට භයවන ගතියක් පෙන්නුම්
කරයි.ගැටළුවක් ඇතිවුවිට ඉදිරියට ගියත්, සාමාදානයෙන් කටයුතු කිරීම
තුලා – උස් පහත් බේදයන් නොසළකා කටයුතු කිරීම, තීන්දු තීරණ ගැනීමේ දී චංචල ගති ඇතිවේ.
මකර – බලය ලබාගැනීමේ හා රැස්කරගැනීමේ ආශාව ඇතිවීම. දිනනවිට ඉදිරියට හා පරදිනවිට පසුපසට යන ගති ඇත.
# තිර රාශි –
වෘෂභ – තමන් කරන වැඩපිලිවෙල වෙනස් නොකිරීම, කළබල නොවීම හා අවසන් මොහොත දක්වා ගත්තා වූ තීරණ වෙනස් නොකිරීමේ ගති ඇත. විනොදයට හා පිරිසිදුකමට ආශා කරයි.
සිංහ – සාම්ප්‍රධායන්ට ගරු කිරීම, සටන් කිරීමේ දී යටත් නොවීම, ආත්ම විස්වාශය ඇති කරයි.
වෘශ්චික – යම් අයෙකුට කතාකිරීමට ඉඩ නොදී, මුල පටන් විරුද්ධවීම. තද ගතියත් සමග කරුණාවද ඇති කරයි.
කුම්භ – මෙලොව දියුණුවට වඩා පරලොව දියුණුවට ගරු කිරීම. ඉවසීම හා ප්‍රවේසම ඇතිකරයි.
# උභය රාශි
මිථුන – පොත්පත් වලට, ගායනයට, වාදනයට ප්‍රියතාවය ඇති කිරීම. කතා බහේ දී බොහෝ දේ දන්නා බව බෙන්වීමේ හැකියාව ඇතිකරයි .
කන්‍යා – යමක් විසඳීමේ දක්ෂතාවය. ඇතුලතින් භය ගතිය ඇති මුත් පිටතින් එඩිතරගතිය පෙන්වීම. ගෙදරට හිතවත්කමක් ඇතිතරයි.
ධනු – කරනා දේ හරියටම කරන, කරුණාවන්ත, උද්යෝගිමත් ගති ඇත්තන් වේ.
මීන – කොතරම් ලොකු වරදක් කළත් සමාව දීම, ඉවසීම, අනුන්ගේ යහපතට කැපවෙන අය වේ.
# තේජෝ(ගිනි)
මේෂ – පුරුෂ ගතිය, මමත්වය ඇති, සටනකදී අනුකම්පාවක් නොපෙන්වයි.
සිංහ – සටන් කිරීමට පෙළඹවීමෙන් වළකී. පැවත එන ආකාරයට කටයුතු කිරීමට ප්‍රිය වේ. බැසගත් තීරණ වෙනස් නොකරයි.
ධනු – කිසිදු ප්‍රවේසමක් නොමැති දේට ඉදිරිපත් වේ. අනුන්ට උදව් කරනුයේ ඉතා ප්‍රීතියෙනි.
# පඨවි(පෘථිවි)
වෘෂභ – පොළව, ගස්කොලන් හා මල් වලට ආශා කරයි. තද ස්ථීර ගතියක් පෙන්නුම් කරයි.
කන්‍යා – විසඳීමේ දක්ෂ ඥානයක් ඇත. තරමක් ලෝභ වේ. සුළු දේවල් පිළිබඳව අනවශ්‍ය ලෙස සිතන බැවින්, ලොකු දේ වලින් පාඩු සිදුකරගනී. ලිවීමට, කියවීමට ආශා කරයි.
මකර – රැස්කරගැනීමේ ආශාව ඇති කරයි. චංචල ගතිය නිසා අන්‍යන් කෙරෙහි තද විස්වාශයක් නොහැඟේ. බැරි දුර්වලකම සඟවා හපන්කම පෙන්වයි.
# වායෝ(වායුව)
මිථුන – මිනිසා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරයි. සියුම් දේට ආශා කරයි. කතාවේ දී කිසිවෙකුට අඩුපාඩුවක් නොපෙනේ.
තුලා – තීන්දු ගැනීමට අමාරු ගතියක් පෙන්වයි. අන්‍යන්ට ප්‍රියමනාප ගතියක් ඇති කරයි.
කුම්භ – අලුත් දේට වඩා ගැඹුරු ගුප්ත දේවලට ප්‍රිය කරයි. එක්තැනකට වී තනිව සිටීමට ප්‍රිය කරයි.
# ආපෝ(ජලය)
කටක – වතුරේ ඇති චංචල ගතිය මෙහි තිබේ. නමුත් විටෙක මුහුද රළු වන්නාසේ නිර්භීත එඩිතර ගති පෙන්වයි. කරදරයකට කලින්, ඒ පිළිබඳව භය වේ. නමුත් කරදරය හෝ විපතට පසුව එම භය දුරුවී යාම නිසා විපත මැඩගෙන ඉදිරියට යා හැක. සිතේ භය හා චංචල ගති ඇත. වැඩකිරීමට දක්ෂයින් වන අතර හිත දියුණු දේවල් කිරීමට ඉත් දක්ෂ වේ.
වෘශ්චික – ජල හා තිරගති ඇති බැවින් වැවකින් ලැබෙන්නා වූ ප්‍රයෝජන වලට සමකළ හැක. වේගවත් ගතියක් හා දක්ෂ කමක් ඇති කරයි. අනුන්ට, වැඩ කටයුතු අතපසු කරන්නා මෙන් පෙනුනත්, අවසන් මොහොතට පෙර සියළු වැඩ අවසන් කිරීමේ හැකියාව තිබේ.තමන්ගේ වැරදි අඩුපාඩු පෙනුනත්, තමන්ගේ අඩුපාඩු නොපෙනේ.
මීන – මෙහි, උභය ගතිය හා ජල ගතිය යන දෙකම ඇත. එනිසා ගංගාවකට සමාන කළ හැකිය. එයින් අදහස් කරනුයේ, ගංගාවක් නොනැවතී ගමන් කරනවා සේ ඉදිරියටම යාමයි. යම් කරුනකදී, ආරම්භයේ දී ඉතා වේගයෙන් කඩිසරව කටයුතු කරන අතර අවසාන භාගය වන විට තැන්පත් ගතියක් ඇති කරයි. අන්‍යන් වෙනුවෙන් ජීවිත කැපකිරීමට ඉදිරිපත් වේ.
රාශි පිළිබඳව මෙසේ කෙටියෙන්, කරුණු ඉදිරිපත් කළ හැක. ලබන කළාපෙයන් අපි ග්‍රහයන් ගැන කතා කරමු.