29 C
Colombo
Sunday, June 4, 2023
spot_img

Subscribe

Date:

Share:

MM සහ GR

Related Articles

MM කියන්නේ මහදැන මුත්තා කියන එක, එතකොට GR කියන්නේ මොකක්ද ? GR කියන්නේ ගෝලයෝ රොත්ත කියන එක. ඒ කියන්නේ  මේ කතාව පටන් ගන්න එහෙම නැත්නම් කතාවට පාදක වෙන්නේ මහදැන මුත්තා සහ ගෝලයෝ රොත්ත ගැන. මේ  මහදැන මුත්තා සහ ගෝලයෝ කරපු වැඩ ගැන අපි කවුරුත් පොඩි කලේ අහල තියනවා, ඒ වගේම ඒ කතා අහල කියවල ඒ දේවල් ගැන හිනා වෙලා තියනවා කිවුවොත් නිවැරදි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවාට හිනාවුණ එකවත් ඒ කතා කියවපු එකවත් ගැන නෙවයි. ඒ කතා වලින් ළමයින්ට ලැබුණ දේ ගැනයි.

මේ ලෝකෙට දරුවෙක් උපදින කොට කිසිම දෙයක් ගැන අදහසක් නැතිවයි උපදින්නේ. ඒ කියන්නේ හරියට හිස් යම්කිසි දෙයක් වගේ. පසුව කාලයත් සමග දරුවාගේ වර්ධනය සමග මේ අපේ ලෝකයේ තියන දේවල් ග්‍රහණය කරගනිමින දරුවා වර්ධනය වෙනවා එක තමයි සරලම කතාව. ලකාන් පවසන පරිදි දර්ශන අහම (Ideal Ego) කියන අවස්ථාවේදී දරුවා මේ සංකේතිය ලෝකයට (Symbolic World ) යන්නවා. මොනාද මේ සංකේතිය ලෝකයේ කියන්නේ ඒ මේ අපි ජිවත් වන ලෝකය. සංකේතිය ලෝකය ගැන සොෂියර් වාර්ග්වේදියා පවසන්නේ අප ජීවත්වන්නේ සංකේත පද්දතියක් තුල බවයි. ඉතින් දරුවන් පොඩි කාලේ තමන්ටම හිතන්නට තනි තීරණ ගන්න පුළුවන් වෙනකන් කාලය තුල මේ ලෝකයේ තියන දේවල් ඇසුරු කරගනිමින් තමන්ව නිර්මාණය කරගන්නවා. තමන්ට ලැබෙන දේවල් මත තමයි තමන්ගේ පෞරුශය නිර්මාණය කරගන්නේ. එත් එක්කම සිග්මන්  ෆ්‍රොයිඩ් ට අනුව ඔහු කතා කරනවා විඥානය , උප  විඥානය සහ අවිඥානය කියන මනසේ කොටස් තුඅන ගැන. ඉතින් මේ අවිඥානයේ තියෙන්නේ විඥානය තුලට පැමිණ අවරෝධනය වුන දේවල්. එහෙමෙ නැත්නම් තමන්ට නොදනිම තැන්පත් වුන දේවල්. දැන්  මොකක්ද මම මේ කියන්න හදන්නේ. මෙතන මහදැන මුත්තයි  මේ කතාවලි තියන සම්බන්ධය මොකක්ද. ඒ කියන්නේ අපි මේ භාවිතා කරපු ඇසුරු කරපු කතා මාලාව ඇත්තටම දරුවෙකු එහෙම නැත්නම ළමයෙකු ඇසුරු නොකළ යුතු කතා විදිහටයි මම දකින්නේ. ඒක තමයි මගේ මතය. එකට හේතුව ඒ කතා තුල තියෙන්නේ මොනාද කියන එක. ඒ  කතාවල සිනාවෙන කොටස අයින් කලාම ඇත්තටම තියෙන්නේ හරිම පසුගාමී අදහසක්. ළමයෙක් ඉදිරිගාමී වීමට හෝ ධනාත්මක වීමට එහෙම නැත්නම් සුභවාදී වීමට හෝ පෞරුශය වර්ධනය වීමට අදාළ දේවල් මේ කතාවල තියනවාද යන්න. මොකද ලමාකාලයේදී ඇසුරු කරන දේවල් වල දිගුවක් ඔහු වැඩිවියට පත්වුන පසු නැවත තමන්ටත් නොදනී ක්‍රියාත්මක වීමට හැකියාව තියන නිසාවෙනි. ඒ කියන්නේ ඉහත කි අවරෝධිත කරුණු නැවත දරුවෙකු වැඩිවියට පත්වූ පසු නැවත ක්‍රියාත්මක වීමක් සිදුවිය හැකිය. එක තටම අපේ රටේ බොහෝ පුද්ගලයන් දිහා බැලුවම කියන්න පුළුවන්. මේ  මහදැන මුත්තාගේ දිගුවක් සහ ගෝලයන්ගේ දිගුවක් දකින්න පුළුවන්. බොහෝ විට මේ දේශපාලකයන් තුල දැකිය හැකිවෙයි.

අපි දැන් බලමු කවුද මේ මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි කියල කියන්නේ කියලා. මේ පිරිස ශ්‍රීලාංකීය පිරිසක් කතා කලේ සිංහල හැඩ හුරු කම ශ්‍රී ලාංකික. මහදැන මුත්තා වයස හැත්තෑව අසුවක පමණ පුද්ගලයෙක් නැමී පනාවක් හිසේ පලදපු පුද්ගලයෙක්. ඔහුවටා හිටිය පිරිස තමයි ගෝලයෝ. ඉදි කට්ටා, රබ්බඩයා, කෝටුකිතය්යා සහ පොල්බෑ  මුනා, පුවක් බඩිලලා. මම හිතන විදිහට මේ අයට නම් ලැබිලා ඇත්තේ ශරීරයයේ හැඩය අනුව වෙන්න ඇති.  කොහොම නමුත් මහදැන ම මුත්තා කියන පුද්ගලයා බොහෝ ශුක්ෂම නුවණ ඇති පුද්ගලයෙක් විදිහට තමන් හිතාගෙන ඉන්න පුද්ගලයෙක්. නමුත් අන් අයට පෙනෙන්නේ  මෝඩයෙක් විදිහටයි. හැබැයි කවුරුත් ඔහු ගේ මෝඩකම ගැන කතා කලේ නෑ. ඒ වගේ පුද්ගලයින් අද අපිට බොහොමයක් හම්බවෙනවා. කෙනෙක් ඔක්ෂිජන් කන්නද කියලා අහන්න පුළුවන් එහෙම නැත්නම් වාරකන් කාලෙට කස්බැවන් පිච්චිලා මැරෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වසංගත කාලයේදී රටක් තුලට විදේශිකයන් ගෙන්වා ගන්නේ වසංගත රෝග කාරකය ව්‍යාප්ත වෙනවාද කියලා අත්හදා බලන්න යයි පවසන්න පුළුවන්. මේවත් හැරියට මහදැන මුත්තාගේ කතා වගේ තමයි. මම කලින් කිවුව වගේ මේ මහදැන මුත්තාගේ කතා දරුවෙකු පොඩි කාලේදී ඇහලා ඒවා මනසේ අවරෝධය වීම තුල මේ වගේ කතා අහන්න වෙනවා කියලා කියන් එක හරිම ප්‍රයෝගික දෙයක්. එතකොට මේ ගෝලයෝ දිහා බැලුවම පේනවා ඇත්තටම මෝඩ පුද්ගලයෙක්ව තම නායකයා කරගෙන ඔහු අනුව යමින් තම බඩ වියත් රැකගන්නා ආකාරය. හොඳට බලන්න මේ ගෝලයෝ කවුරුවත් කිසිම වැඩක් කරන්නේ කියා හිතන්නේ වත් නෑ. ඒ කියන්නේ කිසිම රැකියාවක් නොකර පවතින්න උත්සහ කරන පුද්ගලයින් පිරිසක්. තමන්ගේ සිතීම පවා තවකෙනෙකුට පවරාලා තියෙන්නේ. ඒ කියන්නේ මහදැන මුත්තාගේ පසුපස ගිහින් කියන දෙයක්  කරලා ලැබෙන දෙයක් කටට දාගන්න වා කියන එකයි. එතකොට මේ වගේ කතා ඇත්තටම ළමයෙකුට කියවීමට දිය යුතුද. ආදර්ශමත් දේවල් විදිහට දිය යුතුද යන්න ප්‍රශනයක් වෙනවා. මේ තමයි මේ කතාවේ සිටින පුද්ගල්යනේ චරිත ලක්ෂණ. ඔබටම පුළුවන් මම මේ කියන දේවල් ආපසු සිතා බලන්න.

මොවුන් ප්‍රශ්න විසදපු ආකාරය, ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ගෙන බැලුවොත් ඒවා හරිම උපහාසාත්මකයි. මුට්ටියේ ඔලුව හිරවුන එළුවාගේ කතාව, පහ හය කරපු විදිහ වගේ දේවල් තුල උපහාසය තිබුනත් ඒ කතා වලින් සිද්දවන්නේ තීරණ ගැනීමේ නොහැකියාව, අනුවන කම වගේ දේවල්. මේවා හරිම පට්ටම් මෝඩ කතා. ඉතන් මේ වගේ මෝඩ පිරිසකගේ කතා තුලින් ඇත්තටම සමාජයට එන්න ඉන්න ඒ දරුවට කුමක් නම් සිදුවේද. කාලයත් සමග දැන් ඇත්තටම මේ කතා යටගිහින් තියනවා කිවුවොත් නිවැරදි එකට හේතුව විදිහට කියන්න පුළුවන් ගෝලීයකරණය. දරුවාගේ අතට ස්මාර්ට් ෆෝන් එක ලැබුනම ඇත්තටම ඔයවගේ කතා කියවා කියව ඉන්නේ නැ.

කොහොම හරි මේ කතා මාලාව අපේ ඉතිහාසය තුල තිබුන කතා. ඒවා හරි ඉහලින් පිළිගත්තා සහ පාසල් වල උගන්වපු පෙළපොත් වල  පවා තිබුන කතා. ඇයි අපිට එහෙම උනේ ? සමාජය විදිහට අපි අද ඉන්න තැන ගැන වගකිවයුතු මුලික අදහස් තමයි ඒ දේවල් තුල තිබිලා තියෙන්නේ. ලංකාවේ සිටින භාෂාව පිළිබද මහාචාර්ය වරයෙක් පවා මේ  මහදැන මුත්තාගේ කතා එකතුවක් පොතක් විධිහට එළිදක්වලා තියනවා. මේ තියන ගැටලුව වන්නේ මේ කතා තුල තියන යටිපෙළ එහෙම නැත්නම් කෙනෙකු තුල මනෝවිද්‍යාත්මකව අවරෝධනය වන දේවල් පිළිබඳව අවධානය යොමු නොකිරීමයි. මේ කතා කියෙවන කෙනෙක් ඇයි නොසිතන්නේ අතීතයේ සිටිය පුද්ගලයින්  මේ තරම් මෝඩ පුද්ගලයින්ද කියලා. එතකොට මේ වර්තමාන සමාජයේ ඉන්නේ ඒ අයගෙන් පැවතෙන අයද ? ඒ කියනේ ශ්‍රී ලංකික ජාතිකත්වය මේ තරම් මෝඩ ද? බටහිර ආක්‍රමණකයින් ගෙන් බොහෝ කාලයක් අපේ රට අපහරණයට ලක්වෙලා තියනවා කියන එක ඇත්ත කතාවක්. හැබැයි තාමත් අමු අමුවේ අපයෝජනයට පත්වෙනවා.  අවසානයට අපගේ රට යටත් කරගෙන සිටි ඉංග්‍රීසින් ආපසු අපේ රට ශ්‍රී ලාංකිකයන්ට බාරදී ගිහින් දැනට අවුරුදු 73 ක් වෙනවා. ලෝකයේ තවත් බොහොමයක් රටවල් මේ වගේ යටත් විජිත තත්වයට පත්වෙලා ඒ යටත් විජිතත්වයෙන්  මිදිලා අද දියණු වෙලා තියනවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපට අපගේ ඇස ඉදිරිපිට පෙන්න තියනවා. එතකොට අපි ට මොකට උනේ . දැන් හිතල බලන්න මේ මහදැන මුත්තලා වගේ පුදගලයින් සහ ඒ වගේ දේවල් අප පරිහරණය කිරීම තුල අප අපවම අකර්මන්‍ය කරගෙන තියනවා කියන එක තමයි අදහස.

තවදුරටත්  මහදැන මුත්තලා සහ ගෝලයෝ වගේ ජිවත් වෙනවද ? අපේ ඉතිහාස කතා වලින් මේ කතා මකාදැමිය යුතුයි යන්න තමයි මගේ අදහස වන්නේ ඒ වගේ කතා වලින් අපට ලැබෙන දෙයක් නැ. ඒ කියන්නේ අපි විහිලු කාරයෝද ? මේ කතාවල ඉන්නේ එක නායකයෙක් සහ ඔහු  වටා සිටින ඒ  නායකත්වයට ගැති පුද්ගලයින් පස් දෙනෙක් විතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles