28 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

ඕසෝන් වියන

Related Articles

මානව මෙන්ම සත්ත්ව වර්ගයාට ද වාසස්ථානයක් වන පෘථිවියට ඉතාමත් වැදගත් ස්තරයක් ලෙස වායුගෝලය නම් කළ හැකිය. වායුගෝලය ජීවී අජීවී පරිසරයේ පැවැත්ම උදෙසා සුවිශේෂී වනු ඇත. එනම් වායුගෝලයේ ස්තර වන අපරවර්තී ගෝලයෙහි ඕසෝන් ස්ථරය පිහිටා තිබෙයි. ඕසෝන් ස්ථරයේ පිහිටීම මෙලෙස සඳහන් කළ හැකි අතර මෙහි පවත්නා වැදගත්කම වනුයේ පොළෝ තලයේ වාස කරන්නා වූ ජීවීන් සමූහයට ම වැදගත් වන අතර එනම් සූර්යයාගෙන් පොළෝ තලයට පතිත වන්නා වූ අහිතකර වූ පාරජම්බුල කිරණ හෙවත් ඹඪ කිරණ උරාගැනීමේ ශක්‍යතාවක් වායුගෝලයේ පිහිටා ඇති ඕසෝන් ස්තරයට හිමිවේ. පෘථිවි තලයේ සිට කිලෝමීටර 900 – 1200 පමණ වූ කලාපයක් දක්වා විහිදෙන වායුගෝලයේ පිහිටා තිබෙන්නා වූ ඕසෝන් ස්ථරයේ පිහිටීම කිලෝමීටර් 17 – 50 ඉහළ ආරක්ෂිත වළල්ලක් ආකාරයෙන් පිහිටා තිබේ. එමෙන්ම අපරවර්තීය ගෝලය තුළ ඕසෝන් වායුවෙන් සියයට අනුවක්ම අන්තර්ගත වේ. මේ අනුව පොළෝ තලය මත වෙසෙන ජීවීන්ට වැදගත් වන්නා වූ ඕසෝන් අධික වූ වායු ස්තරයක් ලෙස මෙය වැදගත් වනු ඇත. මෙයට හිරු එළියේ පවත්නා වූ පාරජම්බුල කිරණ අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසාවෙන් පෘථිවියේ වෙසෙන ජීවින්ට එම කිරණින් වන හානිදායක තත්වයන් වලින් ආරක්ෂා වීමට රක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

ජීවි ප්‍රජාවට මෙතරම් වැදගත් වූ ඕසෝන් ස්ථරය විනාශ වීම සිදුව තිබෙන අතර මේ සඳහා මානව ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් බලපානු ලබයි. පළමුව ඕසෝන් වියන විනාශ වීම කෙරෙහි හේතුකාරක වන්නා වූ වායු වර්ග පිළිබඳ විමසා බලමු. ඕසෝන් වියනේ විනාශය කෙරෙහි බලපානු ලබන වායු වර්ග කිහිපයක් මෙලෙස නම් කළ හැකිය. එනම්
■ ක්ලෝරෝ ෆ්ලුරෝ කාබන් හෙවත් ක්‍ත්‍ක්‍
■ හේලොන්
■ නයිටි්‍රක් ඔක්සයිඩ්
■ බ්‍රෝමින් අන්තර්ගත වාෂ්පශීලී කාබනික සංයෝගයන්
■ මීතේන්
වශයෙන් දැක්විය හැකිය.

ක්ලෝරෝ ෆ්ලුරෝ කාබන් ශීතකරණ භාවිතයෙන්, සුවඳ විලවුන් විසුරුවන හරනයක් ලෙස භාවිතයෙන්, වායු සමීකරණ කටයුතුවලට යොදා ගැනීමෙන් සහ පොසිල ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයට මුදා හැරෙයි. බ්‍රෝමීන් අන්තර්ගත වූ වාෂ්පශීලී කාබනික සංයෝගයක් ගිනි නිවීමේ කටයුතු සඳහා භාවිතා කරන්නා වු උපකරණ භාවිතයෙන් පරිසරයට නිකුත් වේ. එමෙන්ම ඕසෝන් වියන ආශ්‍රිතව ගමන් කරන්නා වූ ගුවන් යානා මඟින් නයිටි්‍රක් ඔක්සයිඩ් වායුව මුදා හරිනු ලබයි. මෙම වායු වර්ග අතරින් මෙම ආරක්ෂිත ආවරණයට විශාල වූ හානියක් ක්ලෝරෝ ෆ්ලුරෝ කාබන් හෙවත් ක්‍ත්‍ක්‍ මඟින් සිදුවේ. ඕසෝන් ස්ථරය කෙරෙහි විවිධ මානව ක්‍රියාකාරකම් හේතු වී තිබෙන අතර එම ක්‍රියාවන් සඳහා විකල්පයක් ලෙස කාබන් විමෝචන යන්ත්‍ර සූත්‍ර භාවිතා කළ හැකිය. එමෙන්ම පරිසරයට අහිතකර වන්නා වූ වායු වර්ගයන් නිකුත් වන යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකිරීම සහ මිනිස් ක්‍රියාකාරකම් වළක්වාලීම තුළින් සූර්යයාගෙන් පෘථිවි තලයට පතිත වන්නා වූ අහිතකර තරංගයන් හා විකිරණයන් වලින් ජිවි ප්‍රජාව ආරක්ෂා කරගන්නා වූ ඕසෝන් ස්තරය ආරක්ෂා කරගැනීමට හැකිය.

මිනිසා විසින් විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතය තුළින් නිෂ්පාදිත වන්නා වූ වායු වර්ගයන් වායුගෝලයේ සංයෝජනය වීම නිසාවෙන් ආරක්ෂිත ආවරණය විනාශවීමට ලක්ව තිබේ. මේ නිසාවෙන් මිනිස් වර්ගයා ඇතුළත් ජිවී ප්‍රජාවට ඉතාමත් අයහපත් මෙන්ම අර්බුධකාරී තත්වයන්ට ගොඳුරු වීමට සිදුව තිබේ. ඕසෝන් වියන ආරක්ෂා කරගැනීම උදෙසා විවිධාකාර වූ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දී තිබේ. මොන්ටි්‍රයල් සංවිධානයේ නවතම තීරණ ඉතාලියේ රෝමයේ පැවැත් වු රැස්වීමේදී ඉදිරිපත් කර තිබේ. මෙලෙස විවිධ සංවිධාන මෙම ස්ථරයේ පවත්නා වු වැදගත්කම නිසාවෙන් මෙය ආරක්ෂා කරගැනීමට විවිධ ක්‍රියාමාර්ග ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කරනු ලබයි. ක්‍ත්‍ක්‍ – 11 වායුවෙහි අන්තර්ගත වූ ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යයන් නිසාවෙන් එය වැළැක්වීමට තීරණය කර තිබෙන අතර මෙම වායුව නිසාවෙන් ගෝලීය විමෝචනය ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

ඕසෝන් ස්ථරය සංරක්ෂණ දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1987 වර්ෂයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ජාත්‍යන්තර ඕසෝන් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සැප්තැම්බර් මස 16 වන දින නම් කර තිබෙන අතර 2020 වර්ෂය සැප්තැම්බර් මස 16 වන දින පරිසර අමාත්‍යංශයේ ජාතික ඕසෝන් ඒකකය විසින් අපේ ගම පරිශ්‍රයේදී පවත්වා තිබේ. මෙහි තේමාව වූයේ “ජීවයට ඕසෝන්” යන්නයි. මෙහිදී මොන්ටි්‍රයල් සංවිධානයේ 33 වන සංවත්සරය සහ වියානා සම්මුතියේ 35 වන සංවත්සරය පෙරටු කරගෙන ජගත් ඕසෝන් දිනය සැමරීම සිදුවිය. මෙම ආරක්ෂිත ආවරණයේ විනාශය එක් රටකට නොව ලෝකවාසී සියලුම ජිවි ප්‍රජාවට බලපාන සාධකයකි. එහෙයින් ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර මට්ටමින් විවිධ සම්මුතීන් බිහිව තිබේ. එම සම්මුතීන් සඳහා උදාහරණ වශයෙන් කීපයක් මෙලෙස දැක්විය හැකිය. එනම්,
■ කියෝතෝ සංවිධානය
■ මොන්ටි්‍රයල් සංවිධානය
■ වියානා සම්මුතිය

ඕසෝන් ස්ථරයේ සිදුරු නිර්මාණය වීම නිසාවෙන් මෙම ආරක්ෂිත ආවරණය විනාශයට පත්ව තිබේ. ඕසෝන් ස්ථරයේ සිදුරු නිර්මාණය වී තිබෙන අතර මෙලෙස ඕසෝන් ස්තරයේ සිදුරු හටගැනීමට ගෝලීය උණුසුම් වීම මෙන්ම ධ්‍රැවීය සුළිකුණාටු හේතු සාධක වේ. මෙම සිදුරු සඳහා නිදසුනක් ලෙස චන්ද්‍රිකා දත්ත වලට අනුව විශාල සිදුරක් වන ඇන්ටාක්ටිකාවට ඉහළින් පිහිටි සිදුර සඳහන් කළ හැකිය. මෙය අවුරුදු හතළිහක් තුළ වාර්තා වූ දොළොස්වන විශාලතම කුහරය ලෙස වනු ඇත. 2019 වසරේ මෙම කුහරය වර්ග සැතපුම් මිලියන 6.3 ක් විය. මෙහි විනාශයට හේතු සාදක වන මානව ක්‍රියාවන් වැළැක්වීම මෙන්ම ඕසෝන් වියනේ සිදුරු මඟින් සිදුවිය හැකි හානි වළක්වාලීමට විවිධ සංවිධානය, සම්මුතීන් ක්‍රියාපටිපාටීන් හඳුන්වාදීම සිදුකරනු ලබයි.

මෙහි විනාශයට මානව ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් බලපානු ලබයි. ඕසෝන් වියනේ විනාශය ජීවි අජීවි සියලු සාධක කෙරෙහි බලපාන ආකාරය විමසා බලමු. දේශගුණික වෙනස්වීම් ඇතිවීම, විවිධ ලෙඩ රෝගයන්ට මිනිසා මෙන්ම සත්ත්වයන් ගොඳුරු වීම එනම් ඇස් රෝග, ඇසේ සුද මතුවීම, චර්ම රෝග සහ ස්වසන රෝග ආදිය දැක්විය හැකිය. එමෙන්ම ශාක ප්‍රජාවට ද මෙය බලපාන අතර මුහුදු පැළෑටි සහ කොරල්පර විනාශය, බෝග ඵලදාව පහළ වැටීම සහ ජාන විකෘති වූ ශාක නිර්මාණය වීම ආදිය දැක්විය හැකිය. මිනිස් වර්ගයාට ආරක්ෂිත ආවරණයක් ලෙස වායුගෝලයේ පිහිටා තිබෙන්නා වූ ඕසෝන් ස්ථරය විනාශයට පත් වීම නිසාවෙන් මිනිස් වර්ගයාට විවිධාකාර වූ අයහපත් ප්‍රතිඵල රැසකට අද්‍යතනයේ මෙන්ම අනාගතයේ ද මුහුණදීමට සිදුවේ. මෙය අනාගත පරපුරටද බලපෑම් එල්ල කරනු ලබයි. ඒ නිසාවෙන් ජිවී සමුහයට ඉතාමත් වැදගත් ඕසෝන් වියන ආරක්ෂා කරගැනීම මානව ප්‍රජාව වන අප සියලු දෙනාගේම යුතුකමක් වනු ඇත.

නුවන්ති මධුෂානි සුබසිංහ
කොළඹ විශ්වවිද්‍යාලය – ශ්‍රීපාලි මණ්ඩපය

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles