

සමාජයේ ජීවත්වන අපි හැමෝම දන්න කරුණක් නම් කුඩා දරුවන් මල් වැනිය. මෙලෙස කුඩා දරුවන් හදුන්වනු ලැබීමෙන් ඔවුන්ගේ මනස සහ ඔවුන් පිළිබඳ අවබෝධ කරගත හැකිය. එනම් මලක් මෙන් සුන්දරත්වයෙන් අනූන සමාජය පිළිබඳ අවබෝධයක් නොමැති මලක පෙත්තක් මෙන් සිවුම් ලෝකය සුන්දර කරනු ලබන රටක අනාගතය බාර ගැනීමට සිටින පිරිස කුඩා දරුවන් වේ. කුඩා දරුවන් සමාජය සහ සමාජයේ ජීවත්වන මිනිසා පිළිබඳ අවබෝධයක් නොමැති අතර ඔවුන්ගේ ලෝකය ඉතාමත් පටුය. ඒ පටු ලෝකය වෙනස් කිරීමට මාධ්‍ය හරහා අවකාශය ලැබී තිබේ. එනම් කුඩා දරුවන්ගේ මනස යහපත් මෙන්ම අයහපත් ආකාරයෙන් ද නිර්මාණය කිරීමේ හැකියාව මාධ්‍යයට හිමිවේ. මාධ්‍යයට සමාජයේ පෙරළිකාර වෙනසක් සිදුකිරීමට හැකි අතර ව්‍යාජ ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැති සුන්දර මල් කැකුළු වන් කුඩා දරුවන් ආරක්ෂා කිරීම ද මාධ්‍යයේ යුතුකමකි.
අපි හැමෝම ළමා කාලය පසුකර තරුණවියට මෙන්ම වැඩිහිටිවියට පත්වන අතර අපි හැමෝටම අතීතයක් එසේ නැත්නම් ළමා කාලයක් තිබෙන අතර වගකීම් වලින් තොර සොඳුරු කාල පරිච්ඡේදයක් ලෙස ළමා කාලය පිළිබඳ සඳහන් කළ හැක. වත්මන් ලොව කුඩා ළමුන් තම ළමා කාලය විනෝදයෙන් ගත කිරීමට කාටුන් නැරඹීමට පුරුදුව සිටී. කාටුන් ඔස්සේ විවිධාකාර වූ චරිත ළමා මනසට ඇතුළු වෙයි. කුඩා දරුවන් දකින දේ අනුකරණය කරන අතර ඔවුන්ගේ වීරයා කවුද කියලා ප්‍රශ්නයක් ඇසුවොත් ඔවුන්ගේ පිළිතුර කාටූන් චරිතයක් විය හැකිය. මේ තුළින් කාටුන් ළමා මනසට බලපාන ආකාරය මනාව පැහැදිලි වේ. කාටුන් හරහා සමාජයේ කුඩා දරුවාගේ මනස යහපත් ලෙස නිර්මාණය කළ හැකිය. නමුත් සමහර කාටුන් ඔස්සේ කුඩා ළමුන්ගේ මනසට නොගැළපෙන වැඩිහිටි චරිතවල ස්වභාවයන් ගෙනහැර දැක්වීම සිදු කරනු ලබන අතර දරුවන් එම චරිත අනුකරණය කිරීම තුළින් වෙනත් මඟකට යොමු විය හැකිය.
ළමා ලෝකය තුළ යහපත් චින්තනයන් නිර්මාණය කරන්නට කාටුන් යන අපූරු නිර්මාණය මනාව යොදා ගත හැකි අතර දරුවන්ගේ දැනුම වර්ධනයට ද එය උපකාරී කරගත හැකිය. ඒ තුළින් කුඩා දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම කරා යොමු කළ හැකිය. සමාජයේ සිදුවන පහරදීම්, මරාදැමීම් ආදී ක්‍රෑර අදහස් ප්‍රකාශ වන කාටුන් නිර්මාණය කරන අතර එවැනි නිර්මාණයන් තුළින් ළමා මනස විකෘති විය හැකිය. ප්‍රචණ්ඩකාරී අදහස් වලින් තොරව ළමා මනස තුළ යහපත් චින්තනයන් නිර්මාණය කිරීමට කටයුතු කිරීමෙන් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමටත් යහපත් සිතුම් පැතුම් සහිත ළමා පරපුරක් බිහි කිරීමට ද හැකි වනු ඇත. වර්තමානයේ අප රට තුළ රූපවාහිනියෙන් විකාශනය කරන කාටුන් පිළිබඳව කතා කරන විට වෙනත් රටවල කාටුන් අප රටේ භාෂාව භාවිතයෙන් හඬකැවීම් සිදුකර විකාශනය කරනු ලබයි. එමඟින් වෙනත් රටවල සිතුම් පැතුම්, සම්ප්‍රදායන්, සංස්කෘතීන් වලට කුඩා දරුවන් යොමුවීම සිදුවිය හැකිය.
වෙනත් රටවල නිර්මාණය වු කාටුන් ඔස්සේ එම රටවල සමාජ සිද්ධීන්, හැසිරීම්, ආකල්ප, අදහස් විකාශනය කරන අතර සංවර්ධනය වන රටක් වන අප රට තුළ එවැනි වූ වෙනස් සම්ප්‍රදායන්ට අයත් කාටුන් විකාශනය කිරීම තුළ අපේ රටේ කුඩා දරුවන්ගේ මනස එම සම්ප්‍රදායන් අනුව නිර්මාණය වීම සිදුවිය හැකිය. දරුවන් නිසි මඟට යොමු කළ යුත්තේ දෙමාපියන් වන අතර කාටුන් දරුවන් සදහා නිර්මාණය වුවද එය දරුවාට ගැළපෙනවාද, නැද්ද යන්න තීරණය කර ඔවුන්ට එය නැරඹීමට අවකාශය උදා කිරීම දෙමාපියන්ගේ වගකීමක් වනු ඇත. එනම් සමාජය පිළිබඳ දැනුමක්, අවබෝධයක් නොමැති මල් වැනි කුඩා දරුවන් තමන්ගේ ලෝකය නිර්මාණය කරගනු ලබන්නේ තමන්ට දකින්නට අසන්නට තිබෙන දේ ඔස්සේය. ඒ අනුව දරුවන් ආරක්ෂා කරගැනීම දෙමව්පියන්ගේ වගකීමක් වන අතර එය රටට ඉටු කරනු ලබන යුතුකමකි. එනම් රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවා යහපත් චින්තනයන් ගෙන් සමන්විත සමාජයට ඵලදායි සේවයක් ඉටු කරන පුද්ගලයෙක් ලෙස නිර්මාණය කිරීමේ වගකීම දෙමාපියන් වැඩිහිටියන් සතු වේ.
නුවන්ති මධුෂානි සුබසිංහ
ශ්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය