

ආර්ථීක අර්බුදය
වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටිින ආර්ථීක අර්බුදය සියළු ජනමාධ්‍යවල අවධානය දිනා ඇත. කිරිපිටි, ගෑස්, ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය දාව්‍ය වල හිඟකම සහ ඒවා ලබාගැනීමට ඇති දිගු පෝලීම් සුලබ දර්ශන බවට පත්වී තිබේ. සුළු ව්‍යාපාරිකයන් තම නිෂ්පාදන වලට අවශ්‍ය අමු දාව්‍ය ලබාගැනීමට නොහැකි කම ගැන මැසිවිිලි නගති. සිමෙන්ති ඇතුළු ආනයනික දාව්‍ය හිඟකම නිසා ඉදිකිරීම් අංශය අඩාල වී ඇත. වාහන අළුත් වැඩ්ියා කිරීම ද ඉදිරියේ දී අර්බුදයකට ලක්වන බව එම අංශයේ නියලුවන් පවසන්නේ අමතර කොටස් ආනයනය ඇනහිට ඇති බව පෙන්වා දෙමිිනි. ආනයන සීමාවන් තුල සංචාරක කර්මාන්තය පවත්වා ගැනීම ද අපහසු වනු ඇත. මෙලෙස ආර්ථිකයේ විවිධ අංශ එකින් එක කඩා වැටෙමින් පවතින අතර භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නොමැතිවීීම මෙම අර්බුදයට දායක වූ ප්‍රධාන හේතුව ලෙස සලකනු ලබයි.
ආර්ථීක අර්බුදයේ ප්‍රතිවිිපාක
මෙවන් ගැඹුරු ආර්ථීක අර්බුද විිසදා, ආර්ථීකය නැවතත් වර්ධන මාවතකට යොමු කිරීමට ඉතා කල්පනාකාරීව සකස් කල ආර්ථීක ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කල යුතුය. දිගු කාලයක් ආර්ථීකය අවකළමනාකරනය කිරීම නිසා මෙවන් අර්බුද ඇතිවන අතර ප්‍රතිසංස්කරන තාවකාලිකව මහජන සුභසාධනය අඩු කරනු ඇත. ප්‍රතිසංස්කරන තාවකාලිකව වේදනාකාරී වුව ද අර්බුදය නොවිිසදා සිටීීම බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. එවන් තත්වයක දී, ආදායම අඩු වීම, විරැකියාව සමඟ ජනජීවිතය මුළුමනින්ම කඩා වැටී දහස් ගනනක ජනතාව නැවත දුප්පත් කමේ ආගාධයට වැටෙනු ඇත. මෙවන් අර්බුද වලට මුහුන දුන් අනෙකුත් රටවල ජනතාව ආර්ථීක පීඩනය නිසා මානසික ආබාධ වලට ගොදුරු වීීම හා පෙර නොවූ විිරූ ප්‍රමාණයන්ගෙන් දිවිනසා ගැනීම වැනි තීරන වලට පෙලබී ඇති බව වාර්තා වී ඇත. එම නිසා, මෙම අර්බුදය විසඳා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. මෙම අර්බුදයට දායක වූ සාධක හඳුනා ගැනීම අර්බුදයට විසඳුමක් සෙවීීමටත් මෙවන් අර්බුද නැවත ඇති නොවීමට වගබලා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙවන් අර්බුදකාරී තත්වයන් හිදී ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරන සඳහා මහජන සහයෝගය ලබා ගැනීමට නම් අර්බුදය පිළිබඳව නිසි අවබෝධයක් ජනතාවට ලබා දිය යුතුය. මෙම ලිපිය හා ඉන් පසු පලකිරීමට අදහස් කරන ලිපි පෙලක් මගින් මෙම අර්බදයේ ආර්ථීකමය පැතිකඩ ජනතාවට පැහැදිලි කිරීමට ප්‍රයන්තයක් දරයි.
ආර්ථීකය පවත්වාගැනීමට ඩොලර් අවශ්‍ය ද?
තමන්ගේම මුදල් වර්ගයක් ඇති ස්වෛරී රාජ්‍යක් වන ලංකාවේ ආර්ථීකය පවත්වා ගැනීමට ඩොලර් අවශ්‍ය වන්නේ මන් ද යන කරුන දෙස අවධානය යොමු කරමු. බහුතරයක් ජනතාව තම දෛනික කටයුතු රුපියල භාවිිතා කර කිසිදු ගැටළුවකින් තොරව ජීවත් වුනු බව අපි දනිමු. එසේ නම් හදිසියේ ම ඩොලර් නොමැති කමක් ගැන කථාබහක් ඇතිවූයේ කෙසේ ද? දේශීය ගැටළු අපට ම ආවේනික ක්‍රමවේදයක් මඟින් විසඳා ගත යුතුය යන මතයේ සිටින ජනකොටස් මෙම ඩොලර් මත යැපීම අනුවන ප්‍රතිපත්තියක් බවට තර්ක කරනු ඇත. කෙසේ වූ වද අපගේ ආර්ථීකයට ඩොලරයේ ඇති සම්ිබන්ධතාවය වටහා ගැනීම සඳහා නූතන ආර්ථීකයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසීමක් කිරීමට අවශ්‍යය.
ජාත්‍යන්තර වෙළඳාම ලෝකයේ සියළුම රටවල ආර්ථීකයේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත. පසුගිය දශක තුනක පමන කාලයක සිදුවූ ගෝලීය කරනය මඟින් සියළු රටවල ආර්ථීකයන් ඒකාබද්ධ කර තිබේ. මෙම ගෝලීය ආර්ථීකය තුල සියළුම රටවල අඩු වැඩි වශයෙන් තම රටේ නිපදවන භාණ්ඩ හා සේවා පිට රටවලට විකුණන අතර පිට රටවලින් භාණ්ඩ හා සේවා මිිලදී ගනී. “සාපේක්‍ෂ වාසියක්” ඇතිව නිපදවිය හැකි භාණ්ඩ අපනයනය කරන අතර තම රටෙහි නිෂ්පාදන පිරිවැය ඉහල හෝ තම රටෙහි නොමැති භාණ්ඩ (උදාහරණයක් ලෙස ඉන්ධන) පිටරටිින් ආනයනය කරනු ලබයි. සාපේක්‍ෂ වාසිය යනුවෙන් අදහස් කරනුයේ හොඳ ගුණාත්මයකින් යුතු භාණ්ඩ සහ සේවා සාපේක්‍ෂව අඩු පිරිවැයකින් නිපදවා ගැනීමට ඇති හැකියාවයි.
ජාත්‍යන්තර වෙළඳාමඃ උගුලක් ද? ප්‍රගතිය සඳහා මාවතක් ද?
ජාත්‍යන්තර වෙළඳාම රටක ආර්ථීකයට අහිතකර දෙයක් යයි සිතන පිරිසක් අප අතර ඇති බැවිින් ඒ පිළිබඳව විිමසුමක් කල යුතුව තිබෙි. ඊට විිරුද්ධ මත දරන අය යෝජනා කරනුයේ අපට අවශ්‍ය සියළු දේ අප රටෙහි නිපදවාගත යුතු බවයි. මද විිරාමයක් ගෙන අප එදිනෙදා පරිභෝජනය කරන ද්‍රව්‍ය වල ලැයිස්තුවක් සකසන්න. එහි ඉඳිකටුවේ පටන් අප පරිභෝජනය කරන සියළු ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, බෙහෙත්, රූපවාහිනි, රෙදි සෝදන යන්ත්‍ර, වාහන යනාදී වශයෙන් විිශාල භාණ්ඩ ගණනාවක් ඇතුලත් වනු ඇත. අන්තර්ජාලය වැනි සේවාවන් ද මෙහි ඇතුලත් කල යුතුයි. මෙම සියළුම දේ අප රටෙහි නිපදවිිය හැකි ද? තුලිත මනසක් ඇති කෙනෙකුට මෙය ප්‍රායෝගිකව කල නොහැකි බව පසක් වනු නියතය. මෙය කෙසේ හෝ ලඟා කරගත්ත ද ඊට අවශ්‍ය සමහර අමුද්‍රව්‍ය අප රටේි නැත. උදාහරණයක් ලෙස වාහන නිෂ්පාදනයට අවශ්‍ය යකඩ පිටින් ගෙන්විිය යුතුය. වාහන භාවිිතයට අවශ්‍ය ඉන්ධන ද පිටරටිින් ගෙන් විිය යුතුය. අඩු තරමේි අප රටට පැමිිනෙන සංචාරකයන් ගේ අවශ්‍යතා සැපරීමට ද අප නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණවත් නොවේි. එම නිසා, ජාත්‍යන්තර වෙළඳාමෙන් ඉවත් වීී ස්වයංපෝෂිත ආර්ථීකයක් කරා ලඟා වීීම යනු සිහිනයක් පමණකි.
අනෙක් අතට සාපේක්‍ෂ වාසිය ප්‍රගුන කරමිින් ජාත්‍යන්තර වෙළඳාම සාර්ථකව කරගෙන යන රටවල අත්දැකීම්ි මොනවා ද? දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක ඉතිහාසයේ ආර්ථීක ප්‍රගතියක් ලඟා කරගත් සියළු රටවල් ජාත්‍යන්තරයේ වෙළඳාම තම රටෙහි ප්‍රගතිය සඳහා යොදාගත් බවට සාක්‍ෂි බහුලය. මෑත ඉතිහාසයේ චීීනය ලඟා කරගත් ආර්ථික ප්‍රගතිය ප්‍රභල උදාහරණයක් වන අතර යුරෝපීය රටවල් ගනනාවක්, ඇමරිකාව, කැනඩාව, ඔස්ටේ්‍රිලියාව, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව තම ආර්ථික ප්‍රගතිය ලඟා කරගත්තේ අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්තීන් අනුගමනය කර ජාත්‍යන්තර වෙළඳාමට සක්‍රියව සහභාගි වීීමෙනි. එමෙන්ම, ආනයන ආදේශක ප්‍රතිපත්තියක් හෝ ස්වයංපෝශිත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කර ආර්ථික ප්‍රගතියක් ලගාකර ගත් කිසිදු රටක් නොමැත.
ඩොලරය සහ ජාත්‍යන්තර වෙළඳාම
ගෝලීයකරනය වූ අවධිියක ජාත්‍යන්තර වෙළඳාමෙන් ඉවත් වීී සිටීම ප්‍රායෝගික නොවන බවත්, මනා සැලසුමකින් ජාත්‍යන්තර වෙළඳාම කලමණාකරනය කරගතහොත් ඉන් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට හැකි බවත් සනාථ කර ගතිමු. දැන් අපට අපගේ ආර්ථිකය පවත්වා ගැනීමට ඩොලර් අවශ්‍යවන්නේ මන්දැයි වටහා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් වීී තිබේ. අප විදේශයකින් යම් භාණ්ඩයක් මිලදී ගන්නා විට ඒ සඳහා වන ගෙවීම රුපියල භාවිතා කර සිදු කිරීමට නොහැක. අප ඉන්දියානුවකුගෙන් භාණ්ඩ ලබාගෙන ඊට අපගේ රුපියලින් ගෙවීීමක් කල හොත්, එම ඉන්දියානු ජාතිකයාට අපගේ රුපියලින් ඉන්දියාවෙි ගනුදෙනු කල නොහැක. එමෙන්ම, ලෝකයේ විිවිධ රටවල විිවිධ ආකාරයේ මුදල් භාවිිතා වන අතර එම මුදල් වල හුවමාරු අගය වෙනස් ය. එම නිසා, විිවිධ මුදල් වර්ග එක ට එක අනුපාතයට හුවමාරු කල නොහැක.
උදාහරණයක් ලෙස අප ඉන්දියාවෙන් රු. 100 ක් වටිිනා භාණ්ඩ මිිලදී ගතහොත් ඒ සඳහා අප අපගේ රුපියල් 271 ගෙවිිය යුතුය. ජපානයෙන් යෙන් 100 ක් වටිිනා භාණ්ඩ මිිලදී ගතහොත් රු. 176 ක් ද, නොර්වෙි රාජ්‍යයෙන් ක්‍රෝන 100 භාණ්ඩ මිල දී ගතහොත් රු. 2255 ක් ද ගෙවිය යුතු වේි. අපගේ රුපියල ඉන්දියාවේි, ජපානයේ හෝ නෝර්වේි හි භාවිතා නොවන නිසා මෙම ගෙවීීම්ි සියළුම රටවල පිලිගන්නා වූ අතරමැදි මුදල් වර්ගයකින් කල යුතුය. මෙම අතරමැදි මුදල් වර්ගය ඇමරිකානු ඩොලරයයි. එම නිසා මෙම ගනුදෙනු සිදුවන්නේ මෙම අතරමැදි මුදල් වර්ගය හරහාය. උදාහරණයක් ලෙස ඉන්දියානු රුපියල් 100 ක වටිිනාකමට සමාන ඩොලර් ප්‍රමානයක් ගෙවීීමෙන් අපට ඉන්දියාවෙන් ඉන්දියානු රුපියල් 100 ක් වටිනා භාණ්ඩ ලබා ගැනීමට හැකිවේි. මෙම අතරමැදි මුදල් වර්ගය “සංචිිත මුදල” ලෙස හැඳින්වෙන අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව පැවති ප්‍රභලම සහ ස්ථාවරම මුදල් වර්ගය වන ඩොලරය සියළුම රටවල් තම “සංචිිත මුදල” ලෙස පිලිගත් පසු සියළුම ජාත්‍යන්තර ගනුදෙනු සිදුවන්නේ මෙම සංචිිත මුදල භාවිතා කරමිිනි. ලෝකයේ මුදල් වර්ග 180 ක් පමන ඇති අතර එක් සංචිිත මුදල් වර්ගයක් භාවිිතා වීීම නිසා එක් එක් රටවල් අතර ද්විිපාර්ශික විිනිමය අනුපාතයක් පවත්වා ගැනීමේි ප්‍රායෝගික අපහසුතාවය ද මඟ හැරී යයි.
මෙලෙස විිදේශ ගනුදෙනු පවත්වා ගැනීමට නම් අප සතුව සංචිත මුදල් තිඛිය යුතුය. උදාහරණයක් ලෙස අප නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කරන්නේ යයි සිතමු. එවිිට ආනයනය කරන සමාගම මඟින් අවශ්‍ය කරන රුපියල් ප්‍රමාණය ලංකාවේි බැංකුවකට ලබාදේ. එම බැංකුව ඊට සරිලන ප්‍රමානයක ඩොලර් නවසීලන්තයේ අදාල බැංකුවට ලබා දුන් පසු කිරිපිටි ආනයනය කිරීම සිදුවේ. ලංකාවේි බැංකුවල ඩොලර් නොමැති නම්ි මෙම ආනයන ගනුදෙනුව කිරීමට හැකියාවක් නැත. වර්ථමානයේ අප වෙළඳපලේ කිරිපිටිි නැති වීී ඇතතේ අප ගේ බැංකුවල ඒ සඳහා ලබා දීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසාය.
අප රටට ඩොලර් ලැබෙන්නේ කෙසේද?
අපනයනය, විිදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂන, සංචාරක ව්‍යාපාරය හා ඝෘජු විිදේශ ආයෝජන අපට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයන් වේි. අප ගේ භාණ්ඩයන් විදේශගතව විිකුණන විිට එම භාණ්ඩය ආනයනය කරන රටේි බැංකුවකින් අප රටේි බැංකුවකට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය ලබා දේ. විිදෙස්ගත ශ්‍රම්ිකයන් කුමන මුදලකින් වැටුප් ලැබූවද ඔවුන් මෙරටට එවන මුදුල් ලැබෙන්නේ ඩොලර් වශයෙනි. සංචාරකයින් අප රටේි හෝටල්, අවන්හල් හා අනෙකුත් ස්ථාන වල විියදම්ි කිරීමට රැගෙන එන මුදල් අප රටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගයකි. විිදේශ ආයෝජකයින් ඔවුන්ගේ ආයෝජන සඳහා ඩොලර් අප රටට රැගෙන එති. මිීට අමතරව අප විිදේශයකින් ණය ලබා ගන්නා විිට එම මුදල් ඩොලර් ලෙස ලැබෙන අතරම අප ණය නැවත ගෙවිිය යුතු වන්නේ ද ඩොලර් වලිනි.
අප රටෙන් ඉවතට ඩොලර් ගෙන යනුයේ ප්‍රධාන වශයෙන්ම අප භාණ්ඩ ආනයනය කරන විිටයි. ඊට අමතරව අප ගත් විිදේශ ණය ගෙවීමේ දී අප සතු ඩොලර් පිටට ඇදී යයි. විිදෙස්ගත අධ්‍යාපනය සඳහා ද සැලකිය යුතු ප්‍රමානයක ඩොලර් අප රටිින් පිටතට ඇදී යයි. අද පවතින ඩොලර් හිඟ කමට ප්‍රධාන හේතුව වීී ඇත්තේ අපට ලැබෙන ඩොලර් ප්‍රමානයට වඩා රටින් පිටවන ඩොලර් ප්‍රමානය වැඩි වීීම නිසාය.
ඩොලර් හිඟය ඉක්මනින් විිසඳේ ද?
ආර්ථිකය අර්බුදයකින් තොරව සාමාන්‍ය ආකාරයෙන් පවතින විිටකදී සංචිත මුදල් ගැටළුව මහජනතාවට දැනෙන් නේ නැත. එම නිසා අපගේ දෛනික ජීවිිතයට ඩොලරය සමිබන්ධ වීී තිබුනේ නැත. නමුත් වර්තමානයේ පවතින ඩොලර් හිඟය මඟින් ජන ජීවිතය මෙන්ම අපේ ආර්ථිකයේ විවිිධ නිෂ්පාදන ක්‍රියාවන් අඩාල වී තිබීම නිසා අපට ඩොලර් ගැටළුවට අකමැත්තෙන් හෝ මුහුණ දීමට සිදුව තිබේ.
මෙම ගැටළුව කොවිඞ්-19 වසංගතය නිසා ඇති වූවක් ද? වසංගතය නිසා ආර්ථිකය වසා තැබීම මඟින් අපේ ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග ඇහිරුනු බව සත්‍යකි. නමුත් වසංගතය අවසන් වූ විිට ඩොලර් හිඟය මුළුමනින්ම විසදෙන්නේ නැත. ඊට හේතු වන්නේ අප ආර්ථිකයේ අවකලමනාකරණය නිසා අපනයන අවශ්‍ය තරම්ි ප්‍රවර්ධනය නොවීීම, ප්‍රේෂන අඩු වීම හා ඍජු විදෙස් ආයෝජනයන් ආකර්ශනය කර ගැනීමට අප අපොහොසත් වීීමයි. මෙම දීර්ඝ කාලීන ගැටළු පවතින අතරම අප ණය අර්බුදයක පැටලී සිටීීම ඩොලර් හිඟය ඉක්මනින් මඟ හැර නොයෑමට දායක වන අනෙක් ප්‍රධාන කරුනයි. මෙම වර්ෂයේ පමණක් අප ඩොලර් බිිලියන 7 කට වඩා වැඩිි ණය ප්‍රමාණයක් ගෙවිිය යුතුව තිබෙි. මෙම ආකාරය ට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වීී තිබෙන අතර අපගේ ආනයනයන් සීග්‍රව වර්ධනය වීී තිඛීීම නිසා ඩොලර් හිඟය ඉක්මනින් විසඳීමේ ඉඩකඩ සීමිතය.