

මල් වට්ටි පුජා කරෙත්, ඒ මල් වට්ටියම වෙන්දේසියට තියන්නෙත් එකම භූමියක වීම මෙරට වැසියාට හුරු පුරුදු අත්දැකීමක්. ඒ මල් වට්ටිය පූජා කරන දායකයෝම තමයි දෙපැත්තට බෙදිලා වෙන්දේසියට තරඟ කරන්නෙත්. කොහොම හරි අවසානයේදී අපිට ලැබෙන තීරණය තමයි මේ දෙවිදිහක ක්රියාවලියකට මැදිහත්වෙන මල් වට්ටිය, වෙන්දේසි භාණ්ඩයක් විදිහට විකිනෙනවා කියන එක . ඒක ඉතාම ජනප්රිය, සෘන්ගාරාත්මක ප්රධානම දෙයක් වෙන බවයි. මෙන්න මේ සිද්ධිය තවත් වෙන කෝණයකින් බලලා පැහැදිලි කරගන්න අපි ආදරය සම්බන්ධයෙන් කල ප්රකාශයක වචන මාරු කරලා ගමු. ඒ තමයි ආදරය රැකගත යුත්තේ ආදරයේම ආරක්ෂාව තුලින් කියන ප්රකාශයේ වචන මාරු කරලා අපි කියමු මෙහෙම.” අධ්යාපනය රැකගත යුත්තේ එහි රැකවලුන් ලෙස පෙනී සිටින්නන්ගේන්ය.
දැන් වෙන්දේසියට යමු. එහෙම ගියොත් අධ්යාපනයත් කාලයක ඉඳන් වෙන්දේසියට දාලා කියන එක කියවමින් එන දෙයක්. ඒකෙදි පැහැදිලි ලෙස මල් වට්ටියට තරඟ කරන්නේ දෙපිලක්. ඒ පාලකයන් යන පොදු සතුරාත්, අධ්යාපනය රැකගැනීම වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක් වෙනුවෙන් ෆේස් බුක් එකේ ඉඳලා මහ පාර දක්වාම පෙනී ඉන්න අර මේ සංගම්, බල මණ්ඩල වගේ නම් වාසගම් වලින් පෙනී ඉන්න මෙරට බුද්ධිමත් ක්රියාවලියක කෙසේ වෙතත් ටිෂර්ට් එකේ ඉඳලා බුද්ධිමත් කියන පිරිසත් අතර තරඟයක්. එහෙත් අද වන විට මේ තත්වය තව උත්ප්රාසය දෙන තැනකට පත්ව ඇත්තේ පාලකයන් මේ සටනේ කාර්යයෙන් සජීවී පෙනී සිටීම අත ඇරලා අදෘශ්යමාන දූතයෙක් ඒ වෙනුවෙන් යොදවා ඒ දුතය සමග රති කෙළියට තමන්ගේ ප්රති පාර්ශව කරුවා යොමු කරවා අක්රීය ලිංගික සොමියක් ලබමින් සිටීමයි. ඒ හරහා ඔවුන් විපරීත ලිංගික තෘප්තියක් ලබන අතර තමන්ගේ ප්රති මල්ලවයා යෙදී සිටින මේ මාරාන්තික රති කෙලියේ සුකස්වාදය නරඹමින් තම අනාගත සංතෘෂ්ටිය කෙරෙහි ඉවසිල්ලෙන් සිටින අතර මේ බව නොදන්නා ප්රති පාර්ශවය වන අපේ අධ්යාපනය රැක ගන්න එහි රැකවල් කණ්ඩායම , ප්රතිමල්ලවයා වන පාලකයන්ගේ දැක්ම වෙනුවෙන් ඔන් ලයින් නම් අඟන සමග පුදුම සහගත සෘන්ගාරත්මක රති කෙලියක යෙදෙමින් ලංසු නොතබාම වෙන්දේසියේ කොටස් මිලදී ගනිමින් සිටිනු පෙනීම.
ඒකයි කියන්නේ මේ වෙලාවේ අධ්යාපනය රැකගන්න වෙන්නේ රැකවලුන්ගෙන් කියලා. මොකද නිදහස් අධ්යාපනය රැකගන්න කෑමොර දුන් මේ දායකයන්ම තමයි මේ මොහොතේ වෙන්දේසියේ ලන්සු තියන්නෙත්. ඒ වෙන කිසිවකින් නෙවෙයි මේ ඔන් ලයින් කියන ආතල් එකෙන්. එකියන්නේ මේ ඕන් ලයින් ආතල් නම් ඒක සැපක්ද?
ඔන් ලයින් සැපයිද ?
එකපාරටම පිළිතුර ඔව් කියල කියන්න වෙනවා. මම හිතන්නේ මේ වෙනකොට බොහෝ දෙනෙකුගේ උත්තරයත් ඒකමයි. කොහොමද සැප වෙන්නේ. එහෙම නම් කරගෙන ගියොත් දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්. මොකද මේ ඔන් ලයින් හරහා සේවය සපයන සහ ලබා ගන්න දෙපිරිසක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉන් එක් කණ්ඩායමක් මෙම ක්රමය හරහා සේවය ලබා ගන්නා ආයතන සහ පුද්ගලයන්. අනෙක් කණ්ඩායම සේවය ලබා දෙන පුද්ගලයන්.
මෙතැනදී බොහෝ පරිගණක ක්ෂේස්ත්රය හා සම්බන්ද රැකියා වල නියුතු බොහෝ ආයතන සහ පුද්ගලයන් මෙම කණ්ඩායම් දෙකටම ඇතුලත් වෙන අතර මේ පිරිස සහ ආයතන කාලයක සිට මේ ක්රමයට සේවය සැපඊම සහ සේවය ලබා ගැනීම කරගෙන ගිය බව අපි දන්නා කරුණක්. මේ මොහොතේ උක්ත මතෘකාව ගොඩනැගෙන්නේ පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක සිට මතුව ඇති කොරෝනා අර්බුදය හමුවේ “වෙන කරන්න කිසිම දෙයක් නැහැ” කියන උද්දෘතය හරහා ව්යුහගත වුනු නව ඔන් ලයින් ව්යුහයන් පිලිබඳ යම් විමසීමක් කරන්නයි. එතනදීත් අලුතෙන් මෙම ක්රමයට එකතු වුනු බොහෝ ආයතන ඇති අතර මෙහිදී කැපී පෙනෙන ලෙසින් මතුවෙන්නේ මෙරට අධ්යාපනය මේ මත ව්යුහගත වීමයි. මෙතනදී තමයි තරමක් අර්බුදකාරී තත්වයක් අපට හමු වෙන්නේ. ඒ කියන්නේ අනෙකුත් තැන් වලදී අර්බුදයක් නැතැයි කියන එක නෙවෙයි. නමුත් මේ මොහොතේ ප්රශ්නයක් වගේ නොපෙනෙන යමක් ගැන සංවාදයක් මතු කරගැනීමේ අරමුණෙන් ඒ ගැන තරමක් උලුප්පා කතා කරන්න හිතුනා.
ඒ සමගම රැකියාව හෝ ආයතන තත්වයෙන් බැහැරව අධ්යාපනය කියන කාරණයේදී මෙම තත්වය ප්රසාරණය වෙන පරාසය ඉතා පුළුල් වන අතර එහි සමභූම් පැවැත්ම ඉතාම රළු අසමානතාවයන් සහිත භූමියක් විදිහට ඉතාම පැහැදිලි බෙදුම් රේඛා මගින් සටහන් වෙලා තිබෙනවා.
මේ නිසා මේ සැපයි කියන පිළිතුර කොතරම් දුරට සැපද? සහ එසේ එය සැප නම් නොපෙනෙන සැප නොවෙන අර්බුදය කොතරම්ද කියලා බලන්න වෙනවා. ඒ නිසා අපි මුලින්ම
බලමු මේ සැපයි කියන පිළිතුර හරහා කෙරෙන සාධාරණීය සාදක. මෙය ඉහත ලෙසින් තරමක් දුරට සෑම ක්ෂේස්ත්රයක්ම ආවරණය වන ලෙස පොදුවේ ගත්තොත් මේ විදිහේ පිළිතුරු පර්යේෂණ ප්රශ්නාවලියක් වෙනුවෙන් ලැබෙන්න පුළුවන්.
ඔබ ඔන් ලයින් වලට කැමතියිද ?
ඔව්. කැමතියි.
ඒ ඇයි?
ගෙදර ඉන්න පුළුවන්. ගෙදර වැඩ ටික කරගන්න පුළුවන්. අමුතුවෙන් ඇඳුම් පැළඳුම් අවශ්ය නැහැ. ගෙදර වැඩක් කරගන්න පුළුවන්. කෑම බීමට වියදම අඩුයි. බෝඩින් ගාස්තු නැහැ. දවල් වෙනකන් නිදා ගන්න පුළුවන්. බස් වල දුම්රිය වල චාටර් වෙන්න ඕනේ නැහැ. වාහන වලට වියදම් නැහැ. ළමයින්ගේ වැඩ ටික කරන අතරේම වැඩ කරන්න පුළුවන්. දැන් මට ඕනේ වෙලාවකට දේශනය කරන්න පුළුවන්. අනිත් එක ඔෆිස් යන්න ඕනේ නැති නිසා මම ඉන්නේ කොහෙද කියල වැඩක් නැහැ. ළමයින් ටියුෂන්, ස්විමිං ප්රැක්ටිස්, මියුසික් ප්රැක්ටිස් එක්කරගෙන යන්න පුළුවන්. ගෙදර වැඩ ඉවර වෙලා මට පුළුවන් වෙලාවට මම දේශනයක් කරනවා . ඕනේ නම් ට්රිප් එකක් උනත් ගිහිල්ල මට ලේසී ටයිම් එකක ඕනේ තැනක ඉඳල පන්තිය කරන්න පුළුවන්. වෙනද වගේ රෙගුයුලර් යුනිවර්සිටි යන්න කියල නැහැ නේ. අමුතුවෙන් උපකාරක පත්රිකා වලට වියදමක් යන්නේ නැහැ. එක මාර ඉතුරුවක්. මම ටියුට් එක ඊමේල් දානවා ඒගොල්ලෝ ප්රින්ට් කර ගනී. වෙනද නම් ඒකට ගානක් යනවා. දැන් ඒකත් ඉතුරුයි. ගෙදර වැඩක් කරගෙන ළමයින්ගේ වැඩක් කරගෙන ශේප් එකේ ලෙක්චර් පාරක් දාගන්නවා වැඩ ඉවර වෙලා රෑට. ඔන්න ඔය වගේ පිළිතුරු ලැයිස්තුවක් අපිට ගොඩනැගෙන්න පුළුවන්. එතකොට මේ හැම එකකින්ම ආයෙත් ව්යුහගත වෙන්නේ ඔන් ලයින් සැපයි කියන එකමයි.
දැන් හිතන්න මේ සැප මේ අයට විතරද? නැහැ. මෙහි සැබෑ සැප තියෙන්නේ ඇත්තටම මේ අයටම නෙවෙයි. එයාලා මේක සැපයී කියා කියා ඉන්නේ නැහැ. එයාල අපට සැප ගන්න හැටි කියලා දෙනවා වගේම සැප ගන්න උනන්දු කරනවා.
එතකොට මේ සැප හරහා ඔය ඉතුරු වෙනවා කියන යම් කාලයක්,ශ්රමයක්, තියෙනවා නම් කෝ ඒ ඉතුරු වෙනවා කියන වෙලාව,සහ ශ්රමය. ඒ කාලය ඔබ සමාජ ආශ්රයක්,සංවාදයක්,ඔබේ ආයතන මිත්රයන් සමග එහෙමත් නැත්නම් ක්ෂේස්ත්රීය සගයන් සමග තේ එකක් බොන ගමන් ආපන ශාලාවක හෝ යම් නිදහස් අවකාශයක ගත කරාද? සංවාද අවකාශයකට එහෙමත් නැත්නම් පොතක් කියවන්න, ලියන්න වැනි කටයුත්තකට වෙන් කරාද? නැහැ. අපි හොඳින්ම දන්නා දෙයක් සහ අත් දැකීමට ලැබෙන දෙයක් නම් ඔබ නැවතත් ව්යුහගත වෙන්නෙත් මේ කියන කාලය ශ්රමය ඉතුරුකරන්න කියල අපට පොදු දැනුමක් සපයන හැඟවුම් කාරක පාර්ශවයම අපිට ලබා දෙන ෆේස් බුක් වැනි සමාජ මාද්‍ය ජාලා හෝ වට්ස් ඇප් වැනි චැට් අවකාශ තුල නොවේද? ඔවුන් විසින්ම හඳුන්වා දී පාලනය කරන එවැනි වෙදිකාවලටම ගොඩ වෙන එක නොවේද?. එහෙනම් ඔවුන් අපේ රැකියාව වගේම අපේ විවේකයත් ඔවුන් තුලම ව්යුහගත කරනවා නොවෙයිද? ඉතිං මේ කුමන සැපයක් ද?
ඇත්තටම මෙන්න මේ සැප නිසා තමයි රජය ඉතාම පහසුවෙන් මේ කියන අධ්යාපන ව්යුහය මේ විදිහට ව්යුහගත වෙන්න දීල බලාගෙන ඉන්න වැඩේ මරුවට කරන්නේ. ඒ කියන්නේ එකිනෙකා හමු උනාම මේකට විරුද්ධයි කියන හැම කෙනාම අවිඥානිකව මේකට කැමතියි. මම නම් කැමති නැහැ. “එත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ” කියන ෆැන්ටසි පිළිතුර වාදනය කරන්නෙත් මේ නිසා. මෙහි තනුව කවුරු හැදුවත් දැන් මේක පොදු ගීතයක පද වැලක් විදිහට ගයනවා. අන්න ඒක තමයි මේකේ සැබෑ සැප හිමිකරුවන්ගේ බලාපොරොත්තුව. මේකේ උත්ප්රාසාත්මක කාරණය නම් අධ්යාපනය බලධාරින්ගෙන් ආරක්ෂා කරගන්න මහා පාරේ කෑමොර දෙන, නිදහස් අධ්යාපනය වෙනුවෙන් මරාගෙන මෙරෙන්න සුදානම් වෙන, වෙන්කරන අය වැය මුදල් වෙනුවෙන් කිඹුල් කඳුළු සලන අර සංගම් මේ සංගම් නිහඬ මෙන්න මේ කියන යටිසිතේ කැමැත්ත නිසා. ඒ කියන්නේ හැම මොහොතකම හැම කෙනෙක්ම ඇත්ත කියනවා කියන ප්රකාශයට අනුව මේ ඇත්ත කියවෙන්නේ තමන්ගේ යටි සිතේ බව තේරෙන්න ඕනේ. මේ යටි සිතෙන් කියවෙන මේ සැපය නැති වෙනවාටත් දැන් මේ හැම දෙනාම බයයි. ඒ තරමට මේ සැපය රෙජිස්ටර් වෙලා. ඒ අවකාශයට දාහක් වැඩ ප්රෝග්රෑම් වෙලා. දැන් ඒවා ප්රමුඛ වෙලා. එහෙම නැත්නම් මේ කියන අධ්යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඉදිරිපත්වෙන මේ ප්රගතිශීලී පිරිස් මේ වෙලාවේ මහ පාරෙන් ආයෙත් අධ්යන භූමි අවකාශ වලට ඇතුල්වෙලා ශිෂ්යන්ට කතා කරන්න ඕන නේ වරෙල්ල අපි සසුදානම් මේ උගුලෙන් උඹලව බේරාගෙන අයෙත් නිවැරදි අධ්යාපනයක් සාධාරණ සමබිම් පිහිටුමක ලබාදෙන්න, දේශන, විභාග පසුබිමක් දෙන්න කියලා. කෝ එහෙම වෙන්නේ නැහැ නේ. අවම වශයෙන් මේ බොහෝ දෙනෙකුගේ අරගල භූමිය වෙන ෆේස් බූක් වැනි අවකාශවල පවා මේ ගැන කතාවක්, හාවක් හූවක් නැතුව තියාගන්න මේ බොහෝ දෙනෙක් රහසේම ප්රවේසම් වෙනවා. මේ තරම් මේ නිහඬ බවට රහස කුමක් ද? අන්න එක තමයි අර සරල වගේ පෙනෙන සැප. මේ සැපය සරල නැහැ කියල තෙර්න්නේ කවද හරි දවසක නුදුරේම ජොබ් එකට තට්ටු වෙලා අවශ්ය ප්රමාණයට මානව සම්පත් සැකසෙන තැනදී තමයි. එතැනදී ඔන්න පාරට බහින්න පුළුවන් අර පරණ නිදහස් අධ්යාපන බෝඩ් ලෑල්ල එක්ක. මේ වෙනකොට මේ අයම කියාගෙන යන කතාවක් තමයි දැන් ළමයින් ඒ කියන්නේ ශිෂ්යනුත් මේකට කැමත්යි කියන එක.
කොහොමද මේක සැපයක් විදිහට අපිට අරගෙන එන්නේ.
කොහොමද මේක සැපයක් විදිහට අපිට අරගෙන එන්නේ.
මීට වසර දෙකකට පමණ කලින් ලෝකයම පුරා පැතිරුණු කොරෝනා වසංගතය හමුවේ අවදානමටත් අර්බුදයටත් පත්වුණු ප්රධානම ව්යුහයක් බවට අධ්යාපනය පත් වුනා. එහිදී ඉතාම ප්රභල ලෙස ජනප්රිය මතවාදමය ප්රකාශනයක් ලෙසින් සමාජීය පොදු දැනුමක් බවට සහ විශ්වාසයක් බවට මේ කියන ඔන් ලයින් ඒ කියන්නේ මාර්ගගත අධ්යාපනය පිළිගැනීම සඳහා අවශ්යතාවයක හැඟුමක් ඇති කෙරෙමින් තිබුනා. ඒ නිසාම හිතුවටත් වඩා ඉක්මනින් සහ කැමැත්තෙන් මේ ක්රියාදාමය වැලඳ ගන්නට සමාජය කාර්යක්ෂම උනා. ක්රමයේ පවතින අඩු පාඩු සහ දුෂ්කරතා පවා එක්තරා විදිහක සෘන්ගාරත්මක පෙලඹවීමක් වෙතට පත්වෙමින් තිබුනා. දත්ත සහ සංඥාවල දුබලතාවයන් හරහා මතුවෙන දුෂ්කරතා පවා එක්තරා විදිහක ඇඩ්වෙන්චර් විනෝදයක් වෙතට හරවමින් තිබුනා. එය මාධ්‍ය තුලින් ප්රදර්ශනය වීමේ ආශාවක් බවට හැරුනා. ඒ වගේම ඒ වනවිට සමාජීයව අප රැගෙන ගොස් තිබුන විනෝද වන්න ඒ සඳහා ඔබ කොතරම් දුරට සුදානම්ද? එසේ නොවන්නේ නම් ප්රමාදයට හේතුව කවරේද? විනෝද වුවාද? කියන පෙළඹුම වෙත සමාජය තල්ලු කෙරෙමින් එහි උච්චම වෙළඳ ප්රචාරණ ව්යුහය පැතිරෙමින් තිබුනා. එවන් මොහොතක පැමිණි මේ මාර්ග ගත අධ්යාපනය එක්තරා විදිහක සියලු විනොදයන් වලට යම් ඇහිරීමක් කල මොහොතක විනෝදයක් ගෙන දෙන මාර්ගයක් බවට හැරෙන්න වුනා. එය ඈත දුෂ්කර ගමක වැසියෙකුට මෙන්ම නගරිකයාටද එකසේ විනෝදයක් සපයන්න වුනා. සංඥා දුබලතාවය නිසා එය සොයා කඳු, ගල්, ගස් ,කැළෑ වලට ගමන් කිරීමත් මෙවැනි මොහොතක එක්තරා විනෝද මාර්ගයක් සපයන්නක් වෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ හරහා බොහෝ අශ්ලීල ආශාවන් වියුහගත වෙන්න ගත්තා. එය මුදල් ඇති නැති බේදය අවම කර සමාන කරන එක්තරා මිතුරෙකු ලෙසින්, “අපි ඔන් ලයින් තමයි වැඩ” කියන උදාන වාඛ්ය දෙතොලතර සාඩම්බර උදාරම් වාඛයක් බවට හැරෙව්වා. ඉතින් මෙවන් අවකාශයක ඔන් ලයින් නොයන්නෙක් එක්තරා සමාජීය ප්රතික්ෂේපිත වන්නෙක් හෝ දියුණුවට ගමන් නොකරන නවීනත්වය නොහඳුනන තාක්ෂණික දුබලයෙක් බවට සමාජීයව පරිවර්තනය වෙන්න සහ බැහැර වෙන්න ගත්තා. සිදුවිය යුතු සමාජ පරිවර්තයන් අහඹු නොවෙන අනිවාර්ය අතුරු පරිවර්තනයන් වෙත ගමන් කරවමින් සමස්ත පරිවර්තනය විතැන් කර මතුවෙන්න ගත්ත. ඒ අනුව යුගයේ දැවැන්ත පරිවර්තනය කොරෝනා හමුවේ වෙලාවටත් කලින්ම ජයගත් සාඩම්බර නීය සඛච්චා, දේශනා වලින් උදේ දිවා රාත්‍රී රූපවාහිනී නාලිකාවල කල එලි බහින්න වුනා. එවන් සඛච්චා ජාතික වගකීමක් බවට පරිවර්තනය වෙමින් එය හොඳින්ම කරන්නේ කවුද? කියන තරඟකාරීත්වය සමාජ ගත වෙන්න ගත්තා . ඒ අනුව සමාජය තුල නිශ්චිත වුවේ අධ්යාපනය නොවෙන අතර, හොඳින්ම මාර්ග ගත ( ඔන් ලයින් කරන්නේ ) වන්නේ කවුරුන්ද? කියන එක බව මුලික කාරණය වෙන්න ගත්තා. ඒ අනුව අධ්යාපනයේ ගුණාත්මක සහ ප්‍රායෝගික දේවල් පරිවාරයට විසිවුණ අතර එය ද්විතීක කාරණයක් බවට හැරවුනා.
කොරෝනා නිසා “වෙන කරන්න දෙයක් නැහැ” කියන සරල නිගමනය තුලින් මතුවුණු දැවැන්ත අනිවාර්යක් බවට මේ කියන ඔන් ලයින් පත්වෙන්න ගත්තා. පාසල් ගුරුවරුන්, උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් සහ සිසුන් ද මේ මෙහෙයුමේ කුලී කම්කරුවන් බවට හරවමින් ලොව දැවැන්ත ඩිජිටල් සමාගම් තමන්ගේ මෙහෙයුම සිනිඳු සියුමැලිව සමතලාව වසා පතුරවමින් ජය පැන් බොන්න ගත්තා. කෙසේ හෝ මෙරට ඒ මොහොතේ මතුව පැමිණි ගුරු වැටුප් විෂමතා අරගලයේදී ප්රධාන කේවල් කිරීමක් ලෙසින් ඕන් ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීම දක්වා වැඩි දියුණු වුනා. ඒ හරහා ඔන් ලයින් තාක්ෂනය ලේ ඇඟ මස් ඇට පුරා වෙළඳ සන්නාමව තහවුරු කිරීමේ දැවැන්ත වෙළඳ ප්රචාරණ ජලයේ කම්කරුවන් බවට අපේ ගුරු පරපුර පත් වුනා. ඒ අනුව ගම් නියම්ගම් පුරා දෙතොලඟ ලොකු පොඩි සැමගේ දිව අග සූප්පු වෙන සීනී බෝලයක් තරමට සැතපුම් දහස් ගණනක දුර සිට අප හසුරුවන ඩිජිටල් තාක්ෂණික මෙවලම්නි ර්මාණකරුවන්ගේ අතැඹුලක තරම් වපසරියෙහි නැළවෙන කුරුමිට්ටන් බවටත් තව අවුරුදු ගණනකට නගන්න නොයන්න සිතපු නැති මිනිසුන් තමන්ගේ නිවසේ සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතුරු කරපු සල්ලි කැටය පොළොවේ ගසා ඒ මුදල් ඩිජිටල් සමාගම් වල ප්‍රාග්ධනය වෙත ලබාදෙන්න කැපවුනා. මෙය සිතුවාටත් කලින් පැමිණි සැලසුම් සගත වසන්තයක් ලෙසින් එම දැවැන්ත සමාගම් භුක්තිවිඳින්න ගත්තා. අපිට තවමත් මේ කියන සැබෑ අර්බුදය නිසිආකාරව දැක ගන්න සහ සොයාගන්න බැරිවෙලා තියෙනවා, අපි තවමත් මෙහි පෙනෙන පිට සුදු සුසිනිඳු මතුපිට රූපය කෙරෙහි ආශාක්තව භාණ්ඩය වටිනාකමටත් වඩා ගෙවමින් ලබා ගනිමින් තිබෙනවා. මේ මොහොතේ සමබිම් සමතලා කරමින්, විෂමතා ඇතිකරමින් පවතින විදුලි අර්බුදය හමුවේ උවද ආර්ථික අපහසුතා මද්‍යයේ උවද ශිෂ්‍යන්ට( බොහෝ දුරට උසස් අධ්‍යාපන) මේ කියන ඔන් ලයින් අරුමැසිය සමග එකතුවන්නට බලකෙරෙමින් සියලු වියුහයන් ගොඩනැගෙමින් තිබෙනවා. කෙසේ හෝ නොපෙනී යන දෙය නම් මේ හරහා විකිණෙන්නට යන්නේ නිදහස් යැයි කියා කෑ මොර දෙන අධ්‍යාපනය වීමයි. එම නිසා අපිට නුදුරේම විකිනෙනවා හෝ විකුණන්න කියල දෙයක් නැති වෙන්න පුළුවන්. එහෙත් එහි රහස වන්නේ ඒ ගැන නොදන්නා කමයි. කවුරු කවුරුත් අතින් අත යවමින් අත ගසා පුජා කර දී ඇත්තේ ඒ විකිණෙන මල් වට්ටියට බව තේරුම් ගන්නාවිට සියල්ල රහසේම සිදුවී තිබෙන්නට හැකියි. අවසානයේ හිමි වෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකගමු කියන බෝඩ් ලෑල්ල විතරක් බව සිතන්නට වෙනවා. ඒ නිසා හැමෝටම සිද්ධ වෙන්නේ අන්න ඒ බෝඩ් ලෑල්ල ළඟ සෙල්ෆියක් ගහලා දැන් සැපද කියලා එෆ් බි එකේ පොස්ට් එකක් දාන එක විතරයි. හැබැයි එතකොට මතක ඇතුව මුහුණට මාස්ක් එකක් දාගන්න වෙනවා.