සිනමාවයි සංගීතයයි අපේ ජීවිත වලට ගොඩක් සමීපයි..දාහක් රාජකාරි අතර හෙම්බත් වුන ජීවිතයට යම් අස්වැසිල්ලක් ලබා දෙන කලා නිර්මාණ වලට වගේම ඊට දායක වූ අයටත් මිනිස්සු ආදරේ කරනවා...අදුරු සිනමාහලේ තිරයක් මත සොදුරු දසුන් මවන නළු නිළියන් වගේම මියුරු ස්වරයෙන් සිත් සොරා ගන්නා ගායක ගායිකාවන් තරු බවට පත් වන්නේ ඒ ජනතා ආදරය නිසා... තමන් ආදරේ කරන තරු මහ පොලවට මදක් ඉහලින් දීප්තියෙන් දිදුලන විදියටයි මිනිස්සු දකින්නේ....ඒත් ඒ අයගෙ ජීවිත තුලත් දාහක් දුක් fදාම්නස් පවතිනවා.. සමහර වෙලාවට මිනිස්සු ආදරයෙන් වැලද ගන්නා කලා නිර්මාණය ඊට දායක වූ කෙනාගේ ජීවිතේ හැංගුන කදුලක කතාවක් වන්නටත් බැරි නෑ....ඒ කොහොම උනත් කලා ලෝකය සොදුරුයි...ඒ යට සැගවගත් දාහක් දුක් කදුළු තිබුනත් කලා ලෝකය වගේම කලාකරුවනුත් සංවේදී සොදුරු පිරිසක්....
බොහෝ කලා නි්ර්මාන වලට තේමා වී තිබෙන්නේ ආදරය..ඊට දායකවන කලා කරුවන්ට තියෙන්නෙත් ආදරය හදුනන ආදරය ඉදිරියේ වඩා සංවේදී වන ආදරණීය හිත්.. කලා ලෝකේ ජනප්‍රිය චරිතවල රසවත් පේ්්‍රම කතා අපි අහල තියනවා.. නළු නළියන් අතර ගායක ගායිකාවන් අතර සැබෑ ජීවිතේදි ඇතිවන මේ වගේ පෙම්කතා ඒ අය කලාව තුල මවන පෙම්කතා තරමටම සොදුරු වන්නේ නැහැ...ඒ සැබෑ ලෝකය කලා ලෝකය තරම් සුන්දර නැති නිසා...මේ වගේ පෙම් කතා ඇතැම්විට අවසන් වන්නේ ශොකාන්තයන් විදියට...
අන්න ඒ වගේ අපූරු ආදර කතාවක් පාදක කරගත්තු ගීතයක් තමයි අද මම ඔබට ගෙන එන්නේ....සිනමා නළුවකු සහ ගායිකාවක අතර ඇතිවන ආදරයක් තමයි මෙම ගීතයට පාදක වෙලා තියෙන්නේ..අශෝක කෝවිලගේ රචනා කල නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දර ආරච්චි ගායනා කරන මේ ගීතය සංගීතවත් කලෙත් නීලා වික්‍රමසිංහ විසින්මයි....
තුන්සිත දැහැන් ගතවෙනා
සිතිවිලි සසල කරවනා
පදවැල් අතර ඇදෙන ස්වරයේ සප්ත වර්ණ
සිත ලග ගයනවද ඔයා...
රසිකයෙක් ගායිකාවකට පෙම් කරන්නේ ඇගේ ගායනය නිසා...ගීතයේ ඇරඹුම තුලින් පෙන්වන්නේ ඔහුත් ඇගේ රසිකයකු බව..ඔහුගේ තුන්සිතම දැහැනකට සම වදින්නේ ඒ සිතේ සිතිවිලි සසල කරවන්නේ පදවැලේ අරුත සංගීත ස්වරය තුලින් මවන ඇගේ මෝහණීය හඩ..ඔහු ආදරය කරන්නේ ඒ හඩට..
තුන්පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයේ රැදෙන සුන්දර සිහින රැගුම
සිත ලග රගනවද ඔයා
සිනමා පටයක් පැය තුනකට සීමා වුනත් ඒ අත්දැකීම සිනමා ශාලාවෙන් එලියට ආවට පස්සෙත් ප්‍රේක්ෂක හිත් තුල රැදෙනවා.. ඒ සිනමා පටය තුල සුන්දර රැගුම් රැගූ නළු නිලියන් සිත අද්දර නවතින්නේ ඒ නිසා.....ඒ රසික ආදරය ප්‍රේමයක් දක්වා දුර යන අවස්තා අප දැක තිබෙනවා....ඉහත පදවැලෙන් මතු කරන්නේ ඇයත් ඔහුට ආදරය කරන්නේ රසිකාවියක් විදියට බව....මේ විදියට රසිකත්වය තුලින් දෙදෙනාට ලංවන දෙදෙනා ඉන්පසු ඒ ආදරය එතැනින් එහාට ගෙන යනවා.....
නෙතකට කදුල ගෙන දෙනා නරඹන සිතද හඩවනා
දුක්බර පේ්්‍රම රැගුම සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා......
ශෝකයත් රසයක්..නවනළු රස අතරට එයත් එක්වනවා..ශෝකාන්තයන් වූ කලා නිර්මාන මිනිස් සිත් තුල ලැගුම් ගන්නවා..ප්‍රේක්ෂක නෙතට කදුල එක් කරන එවැනි රැගුම් වලට ආදරය කරන කිසිවෙක් කැමති නෑ සැබෑ ජීවිතයේදී ඒ කදුල විදින්නට.. කදුලක සුන්දරත්වය රැගුමට එක් කරන නළු නිලියන් පවා කැමති නෑ සැබෑ ජීවිතයේ කදුළු විදින්නට...මේ ප්‍රේමවන්තයා සිය පෙම්වතියගෙන් ආයාචනා කරන්නෙත් එයමයි...ඔහුගේ වගේම ඇගේ පැතුමත් එයම බව ගීතයේ ඉතිරි පද පේලියෙන් මතුවනවා....
තනිකම සිතට කැදවනා තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා
මේ පද පේලි අතරින් කියා පාන්නේ කලාකරුවන් කියන්නෙත් ඔබ මා වැණිම කදුල සහ සතුට හදුනන සාමාන්‍ය මිනිසුන් පිරිසක් බව....කිසිම පෙම්වතෙක් පෙම්වතියක් කැමති නෑ තමන්නේ ආදරය කදුලකින් නිමාවනවා දකින්නට..රගන රැගුමින් ගයන ගැයුමින් ශෝකය මවා පෙන්වූවාට සැබෑ ලොව දී ඔහු සහ ඇය ආදරයේ කිරුළු දරන්නට සිහින මවන ආදරණීය පෙම් යුවලක්....
පෙම්බර වදන් වැල් විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක දුක්බර චරිතයක් එපා
ජීවිතයේ දාහක් දුක් ගැහැට අතර හෙම්බත් වු මොහොතක සිය ආදරවන්තියේ ආදරණීය බැල්මක් මුදු වදනක් ඕනෑම පිරිමියෙකුගේ සිතට සිහිල් දිය බිදක් සේ දැනෙනවා...පෙම්වතියගෙන් වගේම බිරිදගෙන් ඔහු පතන ආදරය එයයි...බොහෝ යුග ජීවිත අවුල් වන්නට බලපාන්නේ දෙදෙනා තුල වූ ආදරය කාලයත් සමග වෙනස් වීමයි..මේ පද පෙලින් ඔහු කියා පාන්නේ නළුවකු සිය පෙම්වතියගෙන් පතන ආදරය පමනක්ම නොවෙයි...ඕනෑම පිරිමියකු සිය ආදර වන්තියගෙන් පතන ආදරය මේ පදවැල සමග මුසුවී තිබෙනවා..
සුන්දර අදහසක් තියා – දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක දිවියක සැබෑ ලොවක දුක්බර ගැයුම් නම් එපා
ඒ ඇගේ පැතුම…ඒ පැතුම තුල රැදී තිබෙන්නේත් මේ පෙම් කතාව දුක් ගීයකින් අවසන් නොරකන ලෙස ඇය සිය ප්‍රේමවන්තයාගෙන් කරන ආයාචනයයි…
ආදරය ඉදිරියේ ඕනෑම බලවතකු කුඩා දරුවකු සේ සංවේදී වනවා.. ඒ මොහොතේ ඔවුන් සිතන්නේ ආදරය කියන්නේ ජීවිතයම කියලා…ඒත් ජීවිතය කියන්නේ සතුට සැනසුම පමනක් රැදි සමනල ලෝකයක් නෙවෙයි..අනේක දුක් වේදනා ජීවිතේදි මුහුන දෙන්නට සිදුවනවා…ආදරයත් ඒ වගේමයි….පෙම්වතුන් පෙම්වතියන් ලෙස සුන්දර සිහිනයක සිටින අය අඹුසැමියන්ව මහ පොලවට ආ පසු පෙර පැවති ආදරය කෂ්ය වී ඔවුනොවුන් වෙතින් දුරස්ව යන අවස්ථා අප දැක තිබෙනවා…ඒත් ලොවෙහි සිටින පෙම්වතුන් පෙම්වතියන් සැමගේ පැතුම පෙම් ලොව පවතින සුන්දරත්වය ජීවිතය පුරා එලෙසම පවත්වාගෙන යාමයි…..නලුවකු සහ ගායිකාවකගේ චරිත කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ මේ ගීතයත් කලා ලොවේ සුන්දර පෙම් කතාවක් පමනක්ම නොව සමස්ථ පෙම්වතුන් පෙම්වතියන්ගේම පොදු ආදර කතාව වන්නේ ඒ නිසයි…
.
තුන්සිත දැහැන් ගතවෙනා සිතිවිලි සසල කරවනා
පදවැල් අතර ඇදෙන ස්වරයේ සප්ත වර්ණ සිත ලග ගයනවද ඔයා......
තුන්පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම සිත ලග රගනවද ඔයා
නෙතකට කදුල ගෙනදෙනා නරඹන සිතද හඩවනා
දුකබර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැදවනා තනියම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා
පෙම්බර වදන් වැල් විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොව දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක දිවියක සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා
නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දරආරච්චි
ගීත රචනය :- අශෝක කෝවිලගේ
සංගීතය :- නීලා වීක්‍රමසිංහ