

නොසියා කරෝමතුලෝ කියන්නේ ලංකාවේ කලකට ඉහත ඉතා ජනප්‍රිය වුන ගායිකාවක්. ඒ ” නගෝ නගෝ ” ගීතය හින්දා. හැබැයි මේ ගායිකාව ශ්‍රී ලාංකික ජාතික නම් නොවේ. ඇය ටජකිස්තාන් ජාතික ගායිකාවක්. මේ ගායිකාව ගැන කතාකරන එකට හේතු ගොඩක් තියනවා. ඒ ඇයි කියලා මේ ලිපිය කියවල ඉවර වෙනකොට තේරුම් යයි. කෙනෙකුගේ ජීවිතය මොනවිදිහට හැරෙයි ද කියන එක ගැන කාටවත් කියන්න බෑ. මේ එහෙම ජීවිතය වෙනස් වුන කෙනෙක්.
නොසියා කරමොතුල්ලෝ උපත ලබන්නේ තජකිස්තාන් වල. ටජකිස්තාන් කියන්නේ කලක් සෝවියට් ස්මුහාන්ඩුවට යටත්ව තිබී නිදහස් වුන රටක්. සමකාලීන ටජික්වරු මධ්‍යම ආසියාවේ පැරණි නැගෙනහිර ඉරාන වැසියන්ගේ පැවත එන්නන් ය. මේ අය සුන්නි ඉස්ලාම් ධර්මිකයන්. මෙන්න මේ ටජිකිස්තාන් වල දුෂන්බේ වල 1988 පෙබරවාරි 7 වන දා තමයි නොසියා ක්රෝමතුලෝ උපත ලබන්නේ. ඒ වන විටත් සෝවියට් සමුහාණ්ඩුවේ කොටසක් විදිහටයි ටජකිස්තානය පවතින්නේ. මෙන්න මේ වගේ දේශපාලනික තත්වයක් තිබෙන කාලයක ටජකිස්තානයේ ඉතා ජනප්‍රිය ගායකයෙකු වන කරමොතුලෝ කුර්බෝනොව් ගේ දුව විදිහට තමයි නොසියා ඉපදෙන්නේ. ඉන් පසුව 1992 ඔක්තෝබර 17 වනදා ටජිකිස්තාන් සිවිල් යුද්ධය පවතින කාලයේදී කර්මොතුලෝ කුරබෝනොව් සහ ඔහුගේ සංගීත සගයන් කිහිප දෙනෙක්ව සංදර්ශනය නිමාවී නිවසට පැමිණෙන අතර මගදී අන්තවාදී තුවක්කු කරුවන් විසින් වෙඩිතබා ඝාතනය කරනවා. නොසියාගේ වයස අවු 4 දී තමයි තම පියාව ඇයට අහිමි වන්නේ. ඊට පස්සේ තම මව සමග තනිවන නොසියාව බොහොම දුක් මහන්සියෙන් ඇගේ මව ඇයව හදා වඩා ගන්නවා. කාලය ගෙවී ගිය පසු 2005 දී ඇය ඇගේ ප්‍රථම උපාදිය ලබා ගන්න අතර සම්භාව්‍ය සංගීතය සහ නර්තනය හදාරන්න ඉන්දියාවේ නවදිල්ලියට එනවා. එහිදී සම්භාව්‍ය සංගීතය හා නර්තනය සම්බන්ධව ඩිප්ලෝමාවක් ලබාගන්නා ඇය 2010 වසරේදී තම ගෟරව උපාදිය සම්පුර්ණ කරගන්නවා. ඒ වසරේදීම ඇගේ පළමු ඒකපුද්ගල සංගීත සංදර්ශනය පවත්වන්නට යෙදෙනවා. සංදර්නොශනය පවත්සිවන්යානේ ටජකිස්තාන් වල. තබ්ලා වාදනය, පියානෝ වාදනය හා වයලින් වාදනය ට දක්ෂ වාද්‍ය ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය කතක් නර්තන ට ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්.
නොසියා ගයනා කරන “නගෝ නගෝ” ගීතය ලොව පුරා ජනප්‍රිය වෙන්න පටන් ගන්න අතර නොසියාට සංදර්ශන සදහා විවිධ රටවල් වලින් අරාධනා ලැබෙනවා. ඒ වන විටත් තම පියාට මෙන් තමන්ටත් අන්තර්ජාලය හරහා මරණ තර්ජනය එල්ලවෙන්නට පටන් ගන්නවා. මේ නිසාම ඇය ටජකිස්තාන් වලින් පිට සංදර්ශනවලට සහබාගි වීම සිමා කරන අතර තම රට තුල පමණක් සංදර්ශන පවත්වන්නට යෙදෙනවා. 2014 දී විවාහ වන නොසියා මේ වන විට එක දරු මවක්.
මේ වන විට ඇය ලෝක ප්‍රසිද්ධ ගීත ශ්‍රී ලංකාවෙන් බාගයක් පමණ ජනගහනයක් ඉන්න රටක් තමයි ටජකිස්තාන් කියන්නේ ඒ රටත් බොහොම තාඩන පීඩන වලට ලක්වුණා ජනතාවක් වාසය කරන රටක්. ඉතිං ඒ අතර තම පියා අහිමි වන මේ තරුණිය අද ඉන්න තැන හා ආපු ගමන ගැන තියෙන්නේ ධනාත්මක චින්තනය කියන එක. තමන් ධානාත්මකව හිතුවොත් කොහොමද තමන්ට අවශ්‍ය තැනට යන්නේ කියන එක. මොකද තමන්ගේ රටේ තියන තත්වය තුල තමන් කොහොමද තමන් ට අවශ්‍ය දේ කරන්නේ කියන එක. හැබැයි එතන තියන අනික් කාරණාව තමයි නොසිකාව පිළිගන්න ජනතාවක් ඒ රටේ ඉන්න එක.

