31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

මායා වී – 05

Related Articles

   තත්පර විනාඩි පැය විදියට තවත් දවසක් ගෙවිලා රැය ගියා.. වෙලාව රාත්‍රී 8 ට විතර ඇති.. කලින්ම රාත්‍රී ආහාර ගත්තු මම අල්පොන්සෝ බංගලාවේ මට හිමි කුටියේ යහනට වැටුනා...දවස පුරා ගෙවුනු තත්පර අතර මගේ හිත නතර වෙලා...තවත් දෛවෝපගත දවසක් ජීවිත පොතට එකතු වුනා.. මගේ පෙම්වතිය වෙනුවෙන් මහා වීරකමක් කලා කියා සිත සතුටින් හිනැහෙනවා....ඒත් යටි හිත විලාප දෙන්නේ සසරේ ගෙවන්නට බැරි කරම් පාපයකට හවුල් කරවකු වූ බව කියමින්....

   අද මම අඛිල ගැන සියළු තොරතුරු අල්පොන්සෝ මහත්තයට කිව්වා.. හුරුපුරුදු ගුප්ත නිහැඩියාවක ඉදන් මගෙ කතාවට ඇහුම්කන් දුන්න ඔහු ඊලගට ඇහුවේ මේ ආරංචිටය කලින් නොකිව්වේ ඇයි කියලා.....

  “.. ඉන්ටවීව් එක දවසේ සර් අඛිලගෙ පොටෝ එක දෙනකොට මට ඔය 
   ගැන කියන්න හිතුනා......ඒත් බය හිතුනා......”

  “..දැන් කියන්න හිතුනේ......?.....”

   “..දැන් මම ඉන්නේ සර් ලග....සර්ගෙ ආරක්ෂාව තියනවනේ....”

   අල්පොන්සෝගේ මුනේ හැගීම් සයිඩ් කන්නාඩිය තුලින් වටහාගන්න මම ඒ වෙලාවේ උත්සහා කලා...තත්පර කීපයක නිහැඩියාවකින් පස්සේ උදාවුනේ ජීවිතේ මුහුන දුන්න අසීරුම ව්‍යාපෘතියේ අවස්තාව...

   මුදලට සහ බලයට කොයි තරම් දේවල් කල හැකිද....?..අවන් හලකට ගොඩ වැදුන අල්පොන්සෝ  සතර අතට දුරකතන ඇමතුම් දෙමින් මේ සැලසුම් කරන්නේ කුමක්ද කියල හිතාගන්න බෑ...ඉංග්‍රිසියෙන් කෙරෙන දුරකතන ඇමතුම් සිදුවන්නේ මට දුර ඉදන්....රහසින් ඊට සවන් දෙන්නට හැකියාවක් වත් ආත්ම ශක්තියක්වත් මට නැහැ.....දැන් ඉතින් කල යුත්තේ ඊලග හෝරාව දෛවයට බාර දී සිදුවන්නේ කුමක්දැයි බලා සිටීම පමනයි.....

    පියවි සිහි නොලබා කෝමා තත්වයෙන් සිටින අඛිලට ඔහුත් නොදන්න ස්ථාන මාරුවක් ලැබුනා...අඛිලගේ මවු පියන් ලෙස ඉදිරිපත් කල අල්පොන්සෝගේ සහචර යුවල කවුද...ඉහල පෙලේ අය මේ කාර්යයේදී අල්පොන්සෝට උපකාර කරන්නට ඇද්ද....සියල්ල සැලසුම් කෙරුනේ කෙසේදැයි මම දන්නේ නැහැ....ඒත් සියල්ල පැය කීපයක් තුල අවසන් වුනා...

රෝහලෙන් රැගෙන ආ අඛිල දිවයිනේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුනා…මේ කිසිත් නොදත් ඔහු සුව පහසු කාමරයක් තුල දිගු නින්දක වැතිර සිටිනවා…

  “...සන්දේශ්.....තමුසෙගෙ ඊලග රාජකාරිය අඛිල ගැන හොයල බලන එක.. 
    දවස පතා එයාගෙ තත්වය කොහොමද බලන්න ඕන.....”

   අල්පොන්සෝගේ රාජකාරිය භාර ගත්තත් මගේ සිතේ සියුම් තැතිගැන්මක් ඇතිවුනා.. දින කිහිපයකට පෙර මහමග වැටී සිටි අඛිල රෝහල් ගතකලේ මම..අද ඔහුව රෝහලින් ඉවතට ගැනීම පිලිබද මගේ කිසිදු සම්බන්ධයක් වූයේ නැහැ... යම් හෙයකින් අඛිලගේ ජීවිතයට අනතුරක් වුවහොත්....නැතිනම් අල්පොන්සෝ විසින් අඛිලගේ ජීවිතයට අනතුරක් සිදු කලහොත් මා එහි සාක්ෂිකරුවකු වන්නේ  නැහැ..එහෙත් දැන් ඉතින් ඔහුගේ තොරතුරු සොයා බලන්නට මට නිබදව මේ රෝහලට යාම් ඊම් සිදු කරන්නට වේවි ..ඒ නිසා මමද සිදුවීමේ කොටස් කාරයෙක් වනවාමයි....

    මීලගට කුමක් වේද...අල්පොන්සෝගේ මීලග තීරනය කුමක්ද....අඛිලගේ හෙට දවස කෙබදුද...මෙම නාටකයේ මගේ භූමිකාවේ ඊලග ජවනිකා කෙසේ පෙලගැසී ඇද්ද.....කිසිවත් සිතාගන්නට බැහැ....මේ සා විශාල සිදුවීම් රැසක් වූ අද දවස පුරාවටද අල්පොන්සෝගේ වූ ගුප්ත නිහැඩියාවේ වෙනසක් නෑ..අද දවසම මා හා ගත කලත් ඔහුත් මාත් අතර හුවමාරු වූ වදන් ගනන කෙතරම් අල්පද.. අඛිල පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අල්පොන්සෝ මා සමග ඔහු කලින් සලසුම් කරගෙන සිටි ගමන් කිපයක් ගියා...සවස් යාමයේ යලි එනවිට හෝ අඛිල ගැන කිසිදු වදනක් ඔහු සහ මා අතර හුවමාරු වූයේ නෑ..

   “....කීක්.....කීක්........කීක්..........”

   කාමරය පුරා පැතිරී ගිය ගුප්ත නිශ්චලත්වය බිදිමින් ඉන්ටර්කොම් දුරකතනයේ හඩ ඇසුනා.. සිතිවිලි අතර කොහෙදෝ අනන්තයකට පියඹමින් සිටි මම ඊට එකතු වුනා.....එහා කෙලවරින් ඇසුනේ ලීලාගේ හඩ.....දැවැන්ත නිවසේ මෙහෙකාරියන් කීප දෙනෙක්ම සිටියත් ඔවුන්ගේ පාලිකාව වූ ප්‍රධාන මෙහෙකාරිය තමයි ලීලා....

   “.. හෙට උදේ 10 ට පිංකි බේබිට ගමනක් යන්න තියනවා...”

    කෙටි පනිවුඩයකින් ලීලා ඇමතුම නිමාකලත් මම තවමත් ඉන්ටර්කොම් දුරකතනය අල්ලා ගත්තු ගමන්මයි..සෙලවෙන්නටවත් බැරි ලෙස දෙපා ගල්වෙලා වගෙයි..පිංකි සමග හා හා පුරා ගමනක් යන්නේ හෙට...මට දැනුනේ පිංකි සමග මංගල ගමන යන්නට සැරසෙන්නට ලැබුන ආරාධනාවක් වාගේ.. හෙට දිනය ජීවිතයට කෙබදු අත්දැකීම් එක් කරන දවසක් වේදැයි මට සිතුනා..

හයවැනි කොටසින් සන්දේශ් සහ පිංකි පලමු හමුව කෙබදු එකක් වේද..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles