32 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

මාර්ගගත (Online ) අධ්‍යාපනය

Related Articles

මාර්ගගත අධ්‍යාපනය යනු ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය පිළිබිඹු කරන කැඩපතකි

අද මේ රටේ පාසල් පද්ධතිය නාමිකව හෝ පවත්වා ගන්නේ මාර්ගගත අධ්‍යාපනය මගින් පමණි. පසුගිය වසරේ මාර්තු  මස සිට වරින් වර වැසූ පාසල් විවුර්ත කලද වැඩිකාලයක් තිබුනේ පාසල් වසා දැමු තත්වයකි.

විධිමත් හෝ නොවිධිමත් අධ්‍යාපනයේ ප්‍රධාන පුරුක් දෙක ගුරුවරයා සහ සිසුවා බව අන් කවරදාටත් වඩා අද දින සැමට පෙන්නුම් කර ඇත. පාසැල යනු විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු පරිපාලන ව්‍යුහයකින් පාලනය වන්නක් වුවද සෙස්සෝ ශේෂ ගතවෙමින් අද ගුරුවරයා සෘජුව දරුවා සමග පමණක් සිදුකරන ගනුදෙනුවක් ලෙස මාර්ගගත අධ්‍යාපනයෙන් බැදී සිටි.

අප රටේ ගුරුභවතුන් දරුවන් කෙරෙහි අපරමිත කරුණාව පෙරදැරිව කාගේ හෝ බලකිරීමට නොව තමාගේ කැමැත්තෙන් තම අවම පහසුකම් උපයෝගී කරගෙන මෙලෙස මාර්ගගත අධ්‍යාපන කටයුතු ආරම්භ කල අතර අදටත් එය අඛණ්ඩව පවත්වාගෙන යයි. මෙහිදී ගුරුවරයාට තාක්ෂණ වශයෙන් හෝ ද්‍රව්‍යමය හෝ ආර්ථික වශයෙන් ශක්තිමත් පදනමක් දමා  දෙනවා වෙනුවට බොහෝ පාසල්වල විදුහල්පති ප්‍රමුඛ පරිපාලනය මේ කාර්යයේදී “අපිත් ඉන්නවා ” කියන්නාක් මෙන් ගුරුවරුන්ට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඉහත සධ්කාර්යට උදවු කරනවා වෙනුවට බාධාකරයි.

පානදුර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වරක තමා වෙත ගුරුවරුන්ගේ මාර්ගගත පාඩම් සම්බන්ධතාව (LInk) ලබා නොදෙන්නේ නම් ඔවුන්ගේ වැටුප් වර්ධක නතර කිරීමට සිදුවන බව ප්‍රකාශ කිරීම නිසා ප්‍රදේශයේ පාසල් රැසක ගුරුභවතුන්ගේ වුර්තිය ක්‍රියාදාමයක් මගින් ඒම ප්‍රකාශය යටපත් කිරමට සිදුවීම මෑතක සිදුවූ සිදුවීමකි.

ඇතැම් පාසල් පරිපාලකයන් මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පන්ති නාමලේඛන ලකුණු කිරීමට යෝජනා කරයි. මාර්ගගත ක්‍රියාවලියට සහභාගී නොවන සිසුන් පිළිබද තොරතුරු රැස්කර ඔවුනගේ ගැටළු හදුනාගෙන ඒවාට පිළියම් දීමට දැයි ඔබට සිතුනද එවැනි සහභාගිත්වයක් නොවේ. මේ කාර්යය අපගේ අධික්ෂණයෙන් සිදුවන්නක් බව පෙන්වීමට දැරූ පහත් උත්සහයක් පමණි. එය මන්ද යත් ව්ද්‍යුත් මෙවලම් ඔස්සේ මෙම ඉගෙනුම – ඉගන්වීම් ක්‍රියාවලිය විශේෂයෙන් ව්ද්‍යාව විශ්‍යධාරාවේදී ඉතාම බැරෑරුම් වන අතර ලැබෙන සීමිත කාලය තුල ගුරුවරයාට සිදු කල හැකි වන්නේ සහබාගිවන්නන් මධ්‍යන්‍ය ප්‍රකාශ කිරීම පමණකි. ගුරුවරයා සොයාගත් අඩුපාඩු පරිපාලනයට වාර්තා කලවිට ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන් ” දැනටමත් එවැනි වැඩපිළිවලක් අරභා ඇත.” වැනි අදහසකි.

නමුත් දිනපතා ඕනෑම පාසලක සහභාගිත්වය 40% ක මට්ටමක ඇත. ( ලියුම්කරු සේවය කරන පාසලේ අදාල ශ්‍රේණියේ සහභාගිවිය යුතු සිසුවියන් ගණන 72 වුවද සහභාගිත්වය 40 ඉක්මවුයේ දින 2 – 3 ක් පමණි) එනම් 60% ක් පමණ කිසියම් හේතුවක් හෝ හේතු කිහිපයක් නිසා මාර්ගගත අධ්‍යාපනයට යොමු නොවී සිටි.

බස්නාහිර පළාතේ කොළඹ සිට ගුවන් කිලිමිටර 25 ක පමණ දුරකින් මෙම ලියුම්කරු පදිංචිව සිටි. මගේ නිවසේ සිට අඛණ්ඩව මාර්ගගත අධ්‍යාපන කටයුතු කිරීමට ඇති එකම මාර්ගය SLT දුරකතනයක් ඔස්සේ FIBER සේවාව ලබාගැනීමයි. ඒ සදහා මාසිකව රපියල් 6,000/- ක පමණ මුදලක් වැයකිරීමට සිදුවේ. එම නිසා එවැනි මුදලක් වියදම් කිරීමට ගුරුවරයකුට හෝ සෑම දරුවකුටම හැකියාව ඇතිදැයි සොයා බැලිය යුතුය. තවද දුරකථන කුළුණු මගින් ලබෙන සංඥා කිසිසේත්ම අඛණ්ඩව පාඩමක් කරගෙන යාමට ප්‍රමාණවත් නැත. මේ නිසා අද අධ්‍යාපනය දුරකතන සමාගම්වල මාෆියාවට යටත්ව තබේ යයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

බස්නාහිර එසේ නම් රටේ සෙසු පළාත්වල තත්වය කෙසේ වේද? වැඩ හොඳ උපකරණ සහිත Data පහසුකම් සහිත ගුරුවරයා පමණක් සාර්ථක ගුරුවරයා වේද? මාර්ගගත අධ්‍යාපනයේදී යෙදෙන දරුවකු සිටන නිවසක දෙමව්පියන් අද පහත ගැටළු වලට මුහුණ දේ.

  1. සම්බන්ධ්විමට් අ අවශ්‍ය උපකරණ (Smart Phone/Laptop ) ආදිය නොමැති වීම.
  2. Data ලබාගැනීමට ආර්ථික ශක්තිමත් නොවීම
  3. ආර්ථික ශක්තිය ඇති අයට පවා අඛණ්ඩව Data ලබා ගැනීමේ ගැටළු 
  4. උපකරණ සිමා සහිත වීම. උදහරණයක් ලෙස නිවසේ ඇති එකම උපකරණය මගින් දරුවන් කිහිපදෙනෙකු එකම වෙලාවේ මාර්ගගත පාඩම් එකම මොහොතක සිදුකලයුතු වන අවස්ථා

වර්තමාන වසංගත තත්වය හමුවේ දැඩි ආර්ථික අවපිදනයෙන් පෙලෙන් වර්තමාන සාමාන්‍ය ජනයාට අද මාර්ගගත අධ්‍යාපන වැඩපිළිවෙල පවා තවත් පිඩාවක් වී ඇත. බොහෝ දෙමාපියන් තුන්වේල කා ජීවත්වීමේ අරගලයක් නිරතව ඇත. එවන් විටක මර්ගාගත අධ්‍යාපනයද ඔවුනට බරක් වී තිබේ.

මේ නිසා ප්‍රධාන රුපවාහිනී නාලිකා 2 -3 ක් හෝ යම් එකගතාවයකට පැම්ණ විධිමත් කාලසටහනකට අනුව අඩුම තරමේ 6 – 13 ශ්‍රේණි සඳහා යම් අධ්‍යපනික වැඩසටහන් සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම මිට විසදුම වනු ඇත. සහභාගී විය යුතු දරුවන් සහභාගී නොවන්නේ ඇයිදැයි සොයාබැලීම පාසල් පර්පලනය විසින් භාරගත යුතුය. සියලුදෙනා එක්ව කටයුතු නොකළ හොත් මෙය තවත් විසාලාවක්ම විය හැකිය.

ලෝකයේ වෙනත් රටාව මෙවැනි තත්වයක් ඇතිවූ විට අධ්ය්පන් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ආකාරය ගැන මීලග ලිපියෙන් සාකච්චා කරනු ලැබේ.


Vipula Sirimanna
Vipula Sirimanna
MSc in Chemistry, University of Colombo, Sri Lanka BSc in Chemistry, University of Peradeniya, Sri Lanka Diploma in Teaching, Siyane college of Education. Teacher at is Kalutara Balika Maha Vidyalaya Kalutara. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles