
ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් දූපත් රාජ්‍යයක් වන අතර, එහි ඇති විවිධ සංස්කෘතික, විශ්මය ජනක, ආකර්ෂණීය ස්වභාවික භූ විෂමතාවන් සහ ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් ලද හෙයින් එය දිගු කලක් සංචාරකයින් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වී ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණයට ලක් වන්නේ රටේ ස්වභාවික සුන්දරත්වයයි. එය වැසි වනාන්තර, වෙරළ සහ වනජීවී රක්ෂිත ඇතුළු විවිධ පරිසර පද්ධතිවල නිවහන වේ. යාල සහ උඩවලව ඇතුළු ජාතික වනෝද්‍යාන රැසකට ද ලංකාව නිවහනක් වන අතර ඒවා අලි ඇතුන්, දිවියන් සහ වෙනත් වන සතුන් දැකීමට හැකි ස්ථාන ලෙස සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත. ශ්‍රී ලංකාව එහි ස්වභාවික සුන්දරත්වයට අමතරව එයටම ආවේනික වූ සංස්කෘතියක් සහ ඉතිහාසයක් සඳහා ද ප්‍රසිද්ධය. සිංහල, දෙමළ, මුවර්, පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය වැනි විවිධ සංස්කෘතීන්ගේ ආභාෂය සහිත දීර්ඝ හා සංකීර්ණ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වේ. රට පුරා විසිරී ඇති බොහෝ පැරණි නගර, විහාරස්ථාන සහ මාලිගා වල මෙය දැකිය හැකිය. පුරාණ සීගිරි නගරය, මහනුවර දළදා මාලිගාව සහ සීගිරියේ පර්වත බලකොටුව වඩාත් ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථාන වලින් කිහිපයකි. එලෙසම ලෝක ආර්ථික සංසදයේ 2021 වසරේ සංචාරක සහ සංචාරක තරඟකාරිත්වය පිළිබඳ වාර්තාවේ රටවල් 141ක් අතරින් ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානයේ පසු වේ.
සංචාරක ව්‍යාපාරය ආයෝජන සහ වෙළඳ යන අවස්ථා දෙකම ලබා දෙයි. දැනට රජය මඟින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා වෙරළ ඉඩම් සහ දූපත් ලබා දෙනු ලබයි. නැඟෙනහිර ශ්‍රී ලංකාව සැලකීමේදි, මෙම ප්‍රදේශයේ වෙරළ තීරයේ ගුණාත්මක භාවය හේතුවෙන් සංචාරක කර්මාන්තය සඳහා සැලකිය යුතු විභවයක් ලබා දෙන ප්‍රදේශයකි. මේ අතරින් පාසිකුඩා සහ ආරුගම්බේ වැනි මුහුදු තීර, සර්ෆ් ලෝලීන් සඳහා විශේෂිත ස්ථාන වේ.

සංචාරක ව්‍යාපාරය, රට තුළ විදේශ විනිමය උපයන ව්‍යාපාර අතරින් තුන්වන ස්ථානය ගනී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන්නෙකු වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් පමණ වේ. 2018 වසර සැලකීමේදී, මිලියන 2.5කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එමඟින් ඩොලර් බිලියන 4කට අධික ආදායමක් උපයා ඇත. සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායම රටේ සංවර්ධනය සඳහා වැදගත් වන අතර එම කර්මාන්තය රැකියා උත්පාදනයට ද උපකාරී වේ. කෙසේ වෙතත්, COVID-19 වසංගතයේ ප්‍රථිඵලයක් සහ මෑතකදී ලංකාවේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස 2020 වසරේ සිට මෙම අංශය අඩපණ විය. ඒ අනුව 2021 වසරේ දී ආසන්න වශයෙන් සංචාරකයින් 194,500 ක් පැමිණි අතර එය සියයට 92 ක පමණ අඩුවීමක් විය, නමුත් රජයේ ඇස්තමේන්තු වලට අනුව 2022 වසරේ අගෝස්තු වන විට 496,400 ක් පමණ වැඩිවීමක් වී ඇත. තවද දේශපාලන ස්ථාවරත්වයට, ආර්ථික ප්‍රකෘතියට සහ වසංගත තත්ව නොමැතිව 2022-2023 කාලය තුළ මෙම අංශය යළි ශක්තිමත්ව වර්ධනය විය හැකි බවට ශුභවාදී හැඟීමක් ඇත. එලෙසම, ගෝලීය වසංගතය තෙක්ම, සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත හෝටල්, භෝජනාගාර වල ද සැලකිය යුතු වර්ධනයක් ඇති කළේය.

ඉදිරියේදී අප රටේහි තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ආගන්තුක සත්කාර සහ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම හා කීර්තියක් ලබා ගැනීම ප්‍රධාන අපේක්ෂාවයි. රටේ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට දැඩි කැපවීමක් ඇති අතර, බොහෝ හෝටල් සහ සංචාරක ක්‍රියාකරුවන් දැන් සංචාරකයින් සඳහා පරිසර හිතකාමී සහ තිරසාර විකල්ප ලබා දෙයි. සංචාරක ව්‍යාපාරය දිගු කාලීනව රටේ ආර්ථිකයට ප්‍රතිලාභ ලබාදෙන අතරම එහි ස්වභාවික හා සංස්කෘතික උරුමයන්ද ආරක්ෂා කර ගත හැකි බව සහතික කිරීමට උපකාරී වන බැවින් මෙය රටෙහි වර්ධනයෙහි වැදගත් ක්ෂේත්‍රයකි. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලාංකිකයන්ගේ සෘජු හා වක්‍ර රැකියා සඳහා ද දායක වන අතර, එය වසංගතයට ගොදුරු වන තෙක් පසුගිය වසර කිහිපය තුළ ක්‍රමයෙන් ඉහළ යමින් පවතුණි. 2019 වර්ෂයේදී මෙම අංශය මගින් සපයන ලද මුළු රැකියා ප්‍රමාණය දළ වශයෙන් 403,000ක් පමණ විය.
සංචාරක කර්මාන්තය බෙහෙවින් අර්බුදවලට ගොදුරු වන කර්මාන්තයක් වන අතර සංචාරක ඉල්ලුමකෙරෙහි ආර්ථික, සමාජීය, පාරිසරික, සෞඛ්‍ය සහ දේශපාලනික යන අංශ මගින් දැඩි බලපෑමක් ඇත. ඉතිහාසය පුරාවටම සංචාරක කර්මාන්තය විශාල අභියෝගවලට මුහුණ දී ඇති අතර, 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙම කර්මාන්තයේ බිඳවැටීමේ ආරම්භය සනිටුහන් කළේය. ඉන්පසු පැතිර ගිය COVID-19 වසංගත තත්වය නිසා, මෙම කර්මාන්තය මුළුමනින්ම පාහේ ඇණහිටුණි. පසුව වසර දෙකක පමණ සීමිත ප්‍රකෘතියකින් පසු, 2021 සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ගේ ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, නවතම ආර්ථික අර්බුදය නැවතත් සංචාරක කර්මාන්තයේ මෙම යථා තත්ත්වයට බලපෑම් කිරීම සමත් විය.
2019 අප්‍රේල් මාසයේදී රට බිහිසුණු ත්‍රස්තවාදී සිදුවීමකට මුහුණ දුන් අතර, ජාතික අගනුවර වන කොළඹ එම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 250 දෙනෙකු මිය ගිය අතර ඉන් 42 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් විය. එමනිසා වෙනත් රටවල් තම පුරවැසියන් හට දිවයිනට ගමන් නොකරන ලෙස අනතුරු අඟවන සංචාරක උපදේශන නිකුත් කිරීමට ඉක්මන් විය. සංචාරකයින් විශාල වශයෙන් ලංකාවෙන් පිටව ගිය අතර, පසුගිය වසරේ එම මාසවලට සාපේක්ෂව මැයි මාසයේදී සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 70 කින් සහ ජුනි මාසයේදී සියයට 60 කින් අඩු විය.
එලෙසම වර්තමාන විදේශ විනිමය අර්බුදය සහ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ ගෑස් සහ පෙට්‍රල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පැවැත්මට තවත් අභියෝගයක් එල්ල විය. ව්‍යාපාර තම දෛනික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට පොරබැදීමත් සමඟ සංචාරක කර්මාන්තයේ පූර්ණ සැපයුම් දාමයට බලපෑම් එල්ල විය. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පනවා ඇති ආනයන සීමා කිරීම්, සැපයුම් දාමයේ සහ සංචාරක ව්‍යාපාරවලට නිෂ්පාදන, සේවා සහ සංචාරකයින් හට අත්දැකීම් ලබා දීමට බාධා ඇති කිරීමට තවදුරටත් හේතු වී තිබේ. මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට වසංගතයෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ පළමු මාස තුන තුළ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඩොලර් මිලියන 529 දක්වා ළඟා වී ඇත. පළමු කාර්තුවේ පැමිණි සංඛ්‍යාව 335,679 දක්වා ළඟා වූයේ පසුගිය වසරේ (2022 වසරේ) වාර්තා වූ 719,978 න් අඩකට ආසන්න කාලයකදී, මාස කිහිපයක දේශපාලන නොසන්සුන්තාවයන් සංචාරකයින්ගේ පැමිණීම සඳහා තවත් අධෛර්යයක් එක් කළ විටකදීය. එලෙසම තවත් 105,498ක් අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ ඇත.

ඉදිරි වසරවල විදේශ විනිමය ආදායම් ආකර්ෂණය කර ගනිමින් සහ වර්ධන වේගයට අතිරේකව සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, රජය තමන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට මගක් සොයමින් සිටින අතර, අතීතයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයට මහත් අභිමානයක් ගෙන දුන් සංචාරක ක්‍ෂේත්‍රය එහි වාසනාව යළි පණ ගන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අවසාන වශයෙන්, සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය අංශයක් වන අතර, රටේ ස්වභාවික සෞන්දර්යය, ප්‍රෞඩ ඉතිහාසය සහ සංස්කෘතිය ලොව පුරා නරඹන්නන් අඛණ්ඩව ආකර්ෂණය කරයි. තිරසාර සංචාරක කර්මාන්තයේ එක් ගමනාන්තයක් ලෙස රටෙහි වර්ධනය වන කීර්තිය, රටේ ආර්ථිකය නැංවීමට ද අපේක්ෂා කෙරේ. එලෙසම වසංගතයෙන් ලෝකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ, 2023 වසර සහ ඉන් ඔබ්බට සංචාරක කර්මාන්තයේ වර්ධනයටද විශාල විභවයක් පවතී.
මූලාශ්‍ර:-