

ශ්‍රී ලංකාකික ජන සමාජය කුමක්දැයි කිසිවෙකුටවත් නිවැරදිව විග්‍රහ කළ හැකිදැයි ප්‍රශ්නාර්ථයක් තිබනවා. ආගන්තුක සත්කාර අතින් ඉහලම තැනක් ගන්නා බව සමහරු ප්‍රකාශ කරනවා. තවත් කෙනෙක් සඳහන් කරන්නේ සමාජය විෂම බවයි. ඒ අතර කුහක බව, තණ්හාවෙන් ඊරිසියාවෙන් පිරී ඇත් බවත් ප්‍රකාශ කරන අය සිටී.
මේ සියළුදේටම, ඉතිහාසය පුරා ගමන්කළ විට හමුවන තොතුරු වලින් සාක්ෂි හොයගත හැකියි. එදා සමාජයේ හමුවීමට, කතාබහකට, ගිමන් නිවාගන්නට හෝ රාත්‍රියක් ගතකිරීමට තෝරාගත් ස්ථානය අම්බලම ලෙස හඳුන්වනවා. මෙය බහුකාර්ය මධ්‍යස්ථානයක් ලෙසින් ද නම් කළ හැක.
ඒ හා බැඳුනු ජනකතා රාශියක් තිබෙනවා. ඒ අතරට, ආඬි හත්දෙනාගේ කැඳහැළිය, අම්බලමේ පිනා, රයිගමයයි-ගම්පලයයි නම්වූ කතා උදාහරණ ලෙස හැඳින්විය හැකියි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක මහතා විසින් “අම්බලම හා ජන සමාජය” මැයෙන් කෘතියක් සම්පාදනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් මගින් මෙය සම්පාදනය කර තිබෙනවා. මෙහි අම්බලම් 85ක් පිළිබඳව ඔහුගේ පර්යේෂණය තුලින් දක්වා තිබෙනවා. එතුමාගේ පූර්ණ අවසරය මත, එම ග්‍රන්ථය උපයෝගී කර ගනිමින් මෙම ලිපි පෙළ නිර්මාණය වනවා.
මගීන්ගේ ප්‍රයෝජනය සදහා මාර්ග අසල සාදන ලද විශ්‍රාම ශාලාව නොහොත් ගිමන්හල අම්බලම ලෙස හඳුන්වනවා. පුරාතනයේ, මිනිසුන් ගමන්ගත් මාර්ග වැටී තිබුණේ, කළෑ රොදවල්, ඇළවේලි, ආදිය මතින්. ජන ශූනය වූ ප්‍ර දේශ හරහා ගමන් කරන පුද්ගලයින්, අම්බලමේ වෙහෙස නිවාගත්තා. රැය පහන්කලා. අම්බලම යන වචනය ද්‍රවිඩ භාෂාවෙන් අප වෙත ලැබී තිබෙනවා. මලයාලි භාෂාවෙන් අම්බලම් ලෙසත්, කණ්නඩි භාෂාවෙන් අම්බල ලෙසත්, කොඩඟු භාෂාවෙන් අම්බීල ලෙසත්, තුලු භාෂාවෙන් අම්බීල – අම්බෙල නමින්ද අම්බලම හඳුන්වා තිබෙනවා.
මෙම ගිමන්හල් සංකල්පය ශ්‍රී ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොවේ. ආසියානු කළාපය වගේම බටහිර කළාපය තුලත් මෙම සංකල්පය භාවිතා වී තිබෙනවා. ආසියානු කළාපය තුල අම්බලම යන වචනය භාවිතා වුවත්, බටහිර රටවල එය විවේකාගාර ලෙසින් භාවිතාවී ඇත. එහි ආකෘතියක් ලෙසින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරට Rest House හෙවත් තානායම් සංකල්පය ඇතිවූ අතර මෙය, අම්බලම් සංකල්පයට නෑදෑකම් කියනු ලැබේ. නමුත් ශ්‍රී ලංකාවේ අම්බලම් හෙවත් ගිමන් හල් සංකල්පය මේ සියල්ලටම වඩා වෙනස්කම් දරනවා. ශ්‍රී ලංකාවේ අම්බලම් විසිතුරු ලෙසින් නිර්මාණය කර තිබෙනවා. ලී හෝ ගල් කුළුණු මගින් ඉදිකරන ලද මෙන්ම, පාදම සඳහා ලී යොදාගත් අවස්ථාද දැක ගත හැක. එමෙන්ම මෙම කණු සහ වහල නිර්මාණයේ දී විවිධ කැටයම් යොදාගෙන ඇත්තේ වඩාත් අලංකාර කිරීම සඳහා වේ. සමහර අම්බලම් සෑදීමේ දී ගඩොල් හා මැටි යොදාගෙන තිබෙනවා.
(ඡායාරූපය 02)






පෙර රජ දවස රාජ රාජ මහාමාත්‍යවරුන් පවා මෙම අම්බලම් වල ලැගුම් ගෙන තිබෙනවා. පයින් හා දෝලාවෙන් ගමන් ගිය අතීතයේ මගීන්ගේ ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලම් තැනවීම මහත්ඵල මහානිශංසදායක කුසල කර්මයක් බව බෞද්ධයෝ සිතූහ. බොහෝ පැරණි ගම් වල අම්බලම් දෙකතුනක් දක්නට ලැබුණි. රාජ්‍ය නිලධාරීන්, යුක්තිය පසිඳලීම සඳහා මෙන්ම අයබදු රැස්කර ගැනීමටත් අම්බලම භාවිතයට ගෙන ඇත. විවිධ පලාත්වලින් වෙළඳාම් පිණිස පැමිණෙන පුද්ගලයින්හමුවුනු හා වෙළඳ ආරංචි හුවමාරු කරගත් ස්ථානයක් සෙත් අම්බලම හඳුන්වා දිය හැක.
අම්බලම් පිළිබඳව පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඉතා අල්ප වේ. අබිලේඛන සාක්ෂි දෙකක් පමණක් හමුවේ. ඒ අශෝක රජු සමයටත්, අනෙක ක්‍රි.ව. 6 හෝ 7 වන සියවසට අයත් ලංකාවේ හිඳගල ශිලාඛණ්ඩ ලිපිය සහ ක්‍රි.ව. 10 වන සියවසට අයත් අතරගල ලිපිය බව මහාචාර්ය රෝහිත දසනායක මහතා සිය ග්‍රන්ථයෙන් පෙන්වාදී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, ශ්‍රී ලාංකික අම්බලම් පිළිබදව විවිධ සංදේශ කාව්‍ය වල අළංකාර පද්‍ය නිර්මාණය වී තිබෙනවා. ඒ අතරට, බෙලිඅත්ත සිටිනමළුවේ සිට කතරගම පැරණි මාර්ගයේ යන ගමනේදී හමුවන පොළොන්මාරුවේ අම්බලම පිළිබඳව භරණ ගණිතාචාර්ය වරයා විසින් ක්‍රි.ව. 1747-1780 අතර කාළයේ රචිත, නීලකොබෝ සංදේශයේ මෙසේ දැක්වෙනවා.
බෙලෙන් සුරු වූ විස්සම් සුර වැද අස ල
කළෙන් යුරු නෙ සිහ විහ සිතුයම් නුදු ල
පලෙන් පිරූ කඳුරු වෙත හිඳ නොස ල
පොලොන් මරු වෙලෙ සුසැදි අම්බලම බ ල
එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩුවෙල ඉතාම විසිතුරු අම්බලම පිළිබඳව, තල් අරඹේ ධම්මබන්ධ හිමි ලියන ලද සැවුල් සංදේශයේ මෙසේ දැක්වෙනවා.
වැඩ කළ අමිත විසිතුරු මැදුර සිරි සිරි
කඩවල නෙත වෙළඳ ගත රුසිරු සිරි සිරි
කුඩුදුල දිය සැවුල මවිත රෙනි සිරි සිරි
උඩුවෙල අම්බලම් දැක පියව සිරි සිරි
ක්‍රි.ව. 1833 හත්කෝරළයේ කවියෙකු විසින් රචිත අෂ්ටනාරි සංදේශයේ, කුරුණෑගල දැදුරු ඔය අසල පිහිටි අම්බලමක් මෙසේ වර්ණනාකර තිබෙනවා.
නල වැද සළුව තුනු ඉඟවට ඇන්දන මා
විල මැද රන් තඹර පෙති මුවගින්ද පෙ මා
රැල මැද සිදු ගමන සිසි මුව වින්ද ළ මා
වෙල මැද අම්බලම බලසකි නින්ද ග මා
වැලිහිටියාවේ සුමණ හිමියන් විසින් 1859 දී රචනා කළ මයුර සංදේශයේ, තවත් අම්බලමක වරුණ සඳහන් කර තිබෙනවා. ඒ දිගුවැලි පියස සිට කතරගමට යන මාර්ගයේ ඇති ඌණකුරාවේ අම්බලම පිළිබඳවයි. එය දක්වා ඇත්තේ මෙසේයි.
මනා ලෙස දනන් එකතුව සහ නොසි න
තනා තිබෙන සත හට පහසු දෙන මෙ න
ඌණකුරාවේ අම්බලම දකිමි න
මීළඟ අදියරෙන් අම්බලම් 85 සහ ඒවා නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව කතාකරමු.
ශ්‍රී ලංකාව තුල නුවර සහ තදාසන්න ප්‍රදේශවල සෑම සැතපුම් සතරක 04 ම අම්බලමක් පිහිටුවා තිබූ බව වාර්තා වේ.එය මෙකල Restaurant,සහ Club වැනි ඉදිකිරීමක් ලෙස සැලකිය හැක.