Asanka Priyamantha Pieris
Malini Bulathsinhala
Samantha Perera
Nilar N. Kasim
ලොව පවතින අතිශය සුන්දරම හැගීමට තනි වචනයක් දෙන්නැයි පැවසුව හොත් බොහෝ අය දෙන පිළිතුරු වන්නේ “ප්‍රේමය..”.විශ්වය තරම් සුවිසල් වූ ප්‍රේමය නම් මහා බලසම්පන්න බලවේගයට හසු වූ කවරෙකුගේ ජීවිතයක් වුවත් සැනින් උඩු යටිකුරු විය හැකියි..ප්‍රේමයට කිසිදු සීමා මායිමක් නෑ...කවරකුගේ සිතක කවරකු ගැන පෙම් හැගුමක් ජනිත වුවත් එය පුදුම වියයුතු නැහැ...එහෙත් මිනිස් ජීවිත වටා විවිධාකාර සම්මතයන් පවතිනවා...මිනිසාම නිර්මාණය කලත් මිනිසාටම බිදිලිය නොහැකි එවන් සම්මතයන් ලග ප්‍රේමය අන්ත අසරන වන අවස්ථා අනන්තයි..එලෙස අසරනව සිතින් වැලපෙන පෙම්වතුන් පෙම්වතියන්ගේ දුක් සුසුම් එකට එක්කල හැකිනම් මෙතෙක් ලොව ඇති වු දරුණුම සුළි කුණාටුව මැවිය හැකියි..ලෝක සම්මතය අබියස සිතින් වැලපෙන පෙම් යුවලකගේ ප්‍රේමා ලාපය තුලින් සමස්ථ අසම්මත ප්‍රේමයම සංකේතවත් කරවන අපූරු ගීයක් ගැනයි අද මම කතා කරන්නේ...නිලාර් එන් කාසිම්ගේ පෑන් තුඩින් ලියැවුන සමන්ත පෙරේරා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ මාලිනී බුලත්සිංහල සහ අසංක ප්‍රියමන්ත පීරිස් විසිනුයි..
සදදිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයිතරම් සුවදද මගෙ හිතගාව
සද දිය ගලා හැලෙන සද දැනෙන සෞම්‍ය එලිය කෙතරම් අපූරුද..විඩාව නිවන්නට සිත විචිත්‍රත්වයෙන් පුරවාලන්නට ඊට හැකියි....ඔහුට ඇගේ සිනහවත් ඒ වාගෙයි..එහෙත් ඒ සිනහවත් රැගෙන ඔහුගේ ලොවට වඩින්නට ඇයට වරම් නෑ..දෑ කුල සිරිත් ඔවුන්ගේ මග අවුරලා..
දෑ කුලසිරිත් සිටි සදමග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් සැමදාම
මෙහිදී දෑ කුළ සිරිත් යන යෙදුම තුලින් මේ ප්‍රේමවන්තයින්ගේ ප්‍රේමයේ අසම්මතය මතු කරනවා..ඇතැම් විට ඔවුන් ජාති කුළ ග්‍රෝත්‍ර බෙදීමෙන් වෙන්වූ පවුල් දෙකක දෙදෙනකු විය හැකියි..නැතිනම් සමාජ සම්මතයට පටහැනි කවර හෝ යුවලක් විය හැකියි..
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස දී සදපාන
සද සේ අහසේ දිලිසෙන්නේ ඔවුන්ගේ ආදරයයි...ප්‍රෙමය සිත උතුරා යන කල ඉර සද තරු ගහකොල මල් සියල්ල පිරි විශ්වයම තමන්ගේම බවයි ඒ ආදර සිත්වලට දැනෙන්නේ....ප්‍රේමය මුසු වු කලා නිර්මාණයන්හිදි ලොව පවතින මෙවන් අජීවී වස්තූන් සජීවී කොට උපමාරූපක ලෙස ගැනෙන්නේ ඒ නිසා..රැයේ අදුර දුරලන්නේ සදයි...අදුරු අහසකට සද සුවිශාලයි..එහෙත් ඒ සද අපට කොයි තරම් දුරද..ඇසින් ඇල්ලිය හැකි වුවත් සිතින් තුරුළු කරගනු හැකි වුවත් ඒ සද කිසිදු දිනක අතින් ඇල්ලිය නොහැකියි..අදුර නිවන සදට සිනාසුනත් එය දුර බව දැනුනු දින සිතට ගලා එන්නේ දුකක්...එය ඇහැට කදුලක් එක් කරනවා..එම අදහස ගීතයේ දෙවැනි අන්තරා කොටසින් මතු කර තිබෙන්නේත් සද ..අහස සහ රැය යන උපමාරූපක යෙදුම් යොදාගෙනමයි..
ඒ හද ඇයිද දියවක වී කුළු රෑක
දියවී ගිහින් රැදුනේ තරු ඇස ගාව
පසලොස්වක දා අහසම එලිය කරන සද දියැවී බොදව යන දිනක් එනවා.. එය නිරතුරුව වන්නක්..පුරසදට පෙම්බදින අයෙකුට දියවක සද දැකීම සහ ඒ අදුර විදීම දුකක් වුවත් එය විදින්නට වනවාමයි...මෙම පද පෙලින් මතු කරන්නේ එයයි.. අසම්මත පෙම ලග සදාකාලික සතුට නොවන බවත් එය නිබදවම සතුට අද්දරට කදුලක් එක් කරන බවත් මින් මතු වෙනවා...
ලයමත පිපුන උනුසුම් සුසුමක සුවද.
සෝදාහල හැකිද ගැරහුම් රල ගාව
අසම්මත පෙම්වතුන් මහා අපරාධකරුවන් ලෙස දකින..ඔවුන්ට ගල් ගසන්නට නිති සැරසී සිටින නපුරු සමාජය එල්ල කරන ගැරහුම් අවමන් නිති මෙවන් අයට උරුමයි...අහිංසක සිත් දෙකක් තලා පෙලා පොඩිකර දමන්නට එවන් රුදු වදන්වලට හැකි වුවත් ඒ සිත් තුල රැදි ප්‍රේමය සිද බිද ලන්නට කිසිදු දිනක ඒ නපුරු ලොවට බෑ..හවන් ගැරහුම් වර්ෂා වලට නිර්මල ප්‍රේමයක් සෝදා හරිනු අසීරුයි..
කඩඉම ලග ඉදන්වත් නුඹ සැමදාම
මට අත වනාපන් නලියන නළ සේම
ප්‍රේමයෙන් බැදුනු යුවලකගේ ඊලග පැතුම විවාහයක් තුලින් එක වහලක් යටට එක්වීමයි..ඒ සිහිනය අසම්මත පෙම් යුවලකට උරුම නෑ....සම්මත වුවත් අසම්මත වුවත් පේ්්‍රමය යනු ප්‍රේමයමයි...එහෙත් ප්‍රේමාභිෂේක ලබන්නට ඇති හිමිකම අසම්මත යුවලකගෙන් ලෝකය උදුරා ගන්නේ හරිම කුරිරු විදියකටයි..ඒ දෙදෙනාට එක්වනු තබා ලංව වදනක් fදාඩන්නට ඉඩක් දෙන්නට තරම් වත් ලොව කාරුනික නැහැ..එහෙත් ආදරණීය යුවලකට අනෙකාගේ ආදර වදනක් තබා බැල්මක් හෝ ලැබේනම් එය සිත විඩා නිවන අස්වැසිල්ලක්..ඒ අහිංසක බව “..කඩ ඉම ලග ඉදන්වත් නුඹ සැමදාම මට අත වනාපන් නලියන නළ සේම..“ යන ගීතයේ අවසන් පද අතරින් මවනවා..මෙහි දී කඩඉම යනුවෙන් දක්වා ඇත්තේ දෙදෙනා අතර වූ සීමා මායිමයි.. මා කලින් දැක් වූ සේ මේ දෙදෙනා කවර හෝ සම්මතයක් අබියස අසම්මත දෙදෙනෙකු විය හැකියි..ඔවුන්ට එය ගැටළුවක් නුවුනත් සමාජයට එය ගැටළුවක්.. ඇය ඔහුගෙන් ඉල්ලන අහිංසක ආයාචනය වන්නේ ඒ කඩඉම ලගට අවුදින් නලියන නල සේ අතවනන ලෙසටයි..චන්ඩ මාරුතකයකට ගහකොල පෙරලා දැමිය හැකි වුවත් සිමින් නලියන සුලගකට සැලෙන ගහ කොල දැකිය හැක්කේ උනන්දුවකින් එදෙස බලන අයෙකුට පමනයි..කඩඉම පැන ලංවිය නොහැකි නම් ඒ කඩඉම ලගට අවුදින් රහසේ පෙනී නොපෙනී යන ලෙස ඇය ඔහුට කියනවා..ඉන් කියැවෙන්නේ ලංවනු හැකි තරමකට හෝ ලංව සිටින්න..දුරස්ව නොයන්න කියන අහිංසක ඉල්ලීමයි..අසම්මත පෙම් යුවලකට පැතිය හැකි එකම පැතුම එයමයි....ඒ නිසාමයි මම ගීතය ගැන කරන කතිකාවේ ප්‍රවිශ්ඨයේදී මා දැක්වූයේ මේ ගීතය සමස්ථ වූ අසම්මත පෙම්වතුන්ගේ ප්‍රේමය ගැන කල පොදු කතිකාවක් බව..
සදදිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයිතරම් සුවදද මගෙ හිතගාව
දෑ කුලසිරිත් සිටි සදමග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් සැමදාම
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස දී සදපාන
ඒ හද ඇයිද දියවක වී කුළු රෑක
දියවී ගිහින් රැදුනේ තරු ඇස ගාව
ලයමත පිපුන උනුසුම් සුසුමක සුවද.
සෝදාහල හැකිද ගැරහුම් රල ගාව
කඩඉම ලග ඉදන්වත් නුඹ සැමදාම
මට අත වනාපන් නලියන නළ සේම
මාලනී බුලත්සිංහල සහ අසංක ප්‍රියමන්ත පීරිස්
ගීත රචනය :- නිලාර් එන් කාසිම්
සංගීතය :- සමන්ත පෙරේරා