

කලින් කලට එන රැලි මෙන්ම ට්‍රෙන්ඩ් ලෝකය තුළ නිර්මාණය වන්නේ තාරුණ්‍යය ඉල්ලක කර ගනිමිණි. එවන් දෑ නිර්මාණයවීම පිටුපස ඇති ඉතිහාස කතාව සියවස් ගණනාවක් දුරට දිව යයි. එය වෙනම කතාවකි. කෙසේ වෙතත් ගෙවුණු දශක දෙක තුළ සිදුවූ තාක්ෂණික පරිවර්තනයත් සමඟද තාරුණ්‍යයේ හැසිරීම් රටාව වෙනස් වුණි. තාරුණ්‍යයේ සමාජ ජාල භාවිතය මෙහිදී පළමුව කාගෙත් අවධානය දිනාගන්නා මාතෘකාවයි. සමාජ ජාල මාධ්‍ය ජනගතවීම ඇරඹුණේ පසුගිය දශකය තුළය. තාරුණ්‍ය මෙම සමාජ ජාල පරිශීලනයේ අංක එක බවට පත්විය. ලොවපුරා ඉතා කෙටිකාලයක් තුළ විවිධ රැලි නිර්මාණය වීමට හේතුවද සමාජ මාධ්‍ය ජාලයි (සිල්වා, 2018).
විනාඩි 5 ට – 500/-
විනාඩි 10 ට – 1000/-
විනාඩි 15 ට – 1500/-
විනාඩි 20 ට – 2000/-
රටේ ලෝකේ සිදුවන සිදුවීම් පිලිබඳ අවධානෙන් සිටිනවා නම් ඒ දේවල් පිලිබඳ යාවත්කාලිනයි නම් ඉහත ගණන් සුත්‍රය ඔබට ප්‍රශ්නාර්ථයක් නොවන බව මට විශ්වාසයි. ඒ මොකද කිව්වොත් මේ තමයි මේ වන විට ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබෙන අලුත්ම නිරුවත් ව්‍යාපාරය. එනම් සමාජ මාධ්‍ය ඔස්සේ වෙන් කරගත් දිනයක් වෙලාවක් තුළ ඉහත දැක්වෙන පරිදි සුළු මොහොතකට මාර්ගගත ක්‍රමවේදයන් නොහොත් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමන්ගේ නිරුවත විකුණා මුදල් ඉපයීම මූලික කරගත් ව්‍යාපාරයකි. ඉතා ආකර්ෂණිය අන්දමින් පෝස්ටු නිර්මාණය කරමින් සහ ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදාහරිමින් පුද්ගලයන් ඒ සඳහා පොළඹවා ගැනීම තුළින් ඔවුනොවුන් අතර සම්බන්ධතා ගොඩනඟා ගනිමින් වට්සැප් සමූහ හරහා ගනුදෙනු කතාබහ කරගනිමින් ඉතාමත් ක්‍රමානුකුල අන්දමින් ක්‍රියාත්මක වන සාර්ථක මෙන්ම රහස්‍ය ව්‍යාපාරයක්. වයස අවුරුදු 18 ත් 22 ත් අතර බාල වයස්කාරියන් මෙම ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වී සිටීම ඇත්තෙන්ම ඉතාමත් කණගාටුදායක කරුණක් වී තිබේ. මෑතකදී මෙම ව්‍යාපාරයේ නිරත වන යම් පිරිසක් පොලීසිය මඟින් කොටුකර ගත්තද තවත් බොහෝ පිරිසක් නිදැල්ලේ සැරිසරමින් ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන යන බව නම් නොඅනුමානයි.
මොනවද මේ සමාජ මාධ්‍ය කියන්නේ ?
ඇත්තෙන්ම සමාජ මාධ්‍ය යනු කුමක්ද එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම් ජීවිත සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව ”සමාජ මාධ්‍ය” නමින් හදුන්වනු ලැබේ. එහිදී සමාජ මාධ්‍ය යන්න විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබේ. එනම්,
“සමාජ මාධ්‍ය යනු යටත් ප‍්‍රජාවන් සහ ජාලයන් හරහා තොරතුරු, අදහස්, වෘත්තීය අවශ්‍යතා සහ වෙනත් ප‍්‍රකාශන නිර්මාණය කිරීමට හෝ බෙදා ගැනීමට පහසුකම් සපයන අන්තර්ක‍්‍රියාකාරී තාක්ෂණයන්ය.”
“Structured as personal (or egocentric) networks, with the individual at the center of their own Community” (Boyd & Ellison, 2008)
අද වන විට ඩිජිටල් ඡායාරූප, වීඩියෝ, අදහස්, තොරතුරු, පින්තූර මේ හරහා හුවමාරු වන අතර සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් සහ සිදුවීම් පිළිබඳව අන්‍යයන්ටත් එකවර දැනුම් දීමට මග විවර කර ඇත. දැනට සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන පුද්ගලික ගිණුම් බිලියන ගණනකි. ඒ හරහා විවිධ ක්‍රියාකාරකම් සිදුවන අතර මේ අතර තරගයක් නිර්මාණය වී තිබෙනවා. අන්තර්ජාල සේවා පුළුල් වීමත් සමඟ ඉතා මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තිබේ. Facebook, Twitter, Whatsapp, Imo, YouTube ඉන් කිහිපයකි (Nawoda, 2020).


ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය විශාල ලෙස වර්ධනය වී ඇති අතර පසුගිය වසර පහ තුළ අතුරු ඵලයක් වන සමාජ මාධ්‍ය භාවිතයේ විශාල වර්ධනයක් හඳුනාගත හැකිය. සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා පවසන පරිදි 2015 වසරේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25%ක් අන්තර්ජාලය භාවිත කරන අතර 2019 වන විට එම ප්‍රතිශතය 33% – 35% දක්වා වැඩි වී ඇති බව පෙන්වා දෙන ඔහු පෙන්වා දෙන්නේ ඔවුන්ගෙන් අති බහුතරයක් අවම වශයෙන් එක් සමාජ මාධ්‍යයක්.
2018 මහ බැංකු වාර්තාවට අනුව 2018 වසර වන විට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා මිලියන 32.5 දක්වා වැඩි වී ඇති අතර ස්ථාවර දුරකථන සම්බන්ධතා 4.6% කින් අඩු වී ඇත. ස්ථාවර දුරකථන සම්බන්ධතා ලක්ෂ 25 දක්වා පහත වැටී ඇත. 2018 වසරේ මුළු අන්තර්ජාල සම්බන්ධතා 2.3% කින් වර්ධනය විය. 2018 වසර තුළ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා 1,530,099 දක්වා සහ ජංගම අන්තර්ජාල සම්බන්ධතා 5,733,062 දක්වා වර්ධනය විය. මෙම වර්ධනයන් සමඟ, ස්ථාවර දුරකථන විනිවිද යාම සහ ජංගම දුරකථන විනිවිද යාම පිළිවෙළින් 11.5 සහ 150.1 දක්වා මුළු 161 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, අන්තර්ජාලය විනිවිද යාම (පුද්ගලයින් 100 කට සම්බන්ධතා අනුව) 2017 අවසානයේ 27.5 ට සාපේක්ෂව 2018 අවසන් වන විට එය 33.5 වි ඇත (ශ්‍රී ලංකා මහ බැංකුව, 2018).
Sri Lanka together වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව තුළ මිලියන 7.3 ක ජනතාවක් අන්තර්ජාලය භාවිත කරති. එය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 34% කි. Facebook යනු ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා වන සමාජ ජාලය වන අතර එම පුද්ගලයින්ගෙන් 63% ක් වයස අවුරුදු 18 ත් 34 ත් අතර අය වෙති. ජංගම දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව මිලියන 28.7 ක් වන අතර එය ජනගහනයෙන් 137% කි. සක්‍රීය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සංඛ්‍යාව මිලියන 62 ක් වන අතර ජංගම දුරකථන භාවිතා කරන්නන් සංඛ්‍යාව මිලියන 5.7 කි.
NapoleonCat වෙබ් අඩවියට අනුව, 2019 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ Facebook භාවිතා කරන්නන් 5,454,000 ක් සිටි අතර එය ජනගහනයෙන් 25.9% කි. ඔවුන්ගෙන් බහුතරය පිරිමින් (67.8%). වයස අවුරුදු 25 සහ 34 අතර පුද්ගලයින් විශාලතම පරිශීලක කණ්ඩායම විය (1,980,000 හෝ 36.3%). පිරිමි සහ ගැහැණු අතර විශාලතම වෙනස වයස අවුරුදු 25 සහ 34 අතර වේ. පිරිමින් 620,000 ක් ඇත (පිරිමි 1,298,052 ට සාපේක්ෂව ගැහැණු 681,750, එය 23.8% සහ 12.5%).
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සහ ජංගම අන්තර්ජාල සම්බන්ධතා වර්ධනයත් සමඟ WhatsApp සහ Viber වැනි සමාජ මාධ්‍ය භාවිතයේ විශාල වර්ධනයක් ඇති වී තිබේ (වීරසිංහ, 2021).




සමාජ මාධ්‍ය වල බලපෑම
සෑම කටයුත්තකම හොඳ සහ නරක යනුවෙන් දෙපැත්තක් තිබේ. ඕනෑම දෙයක් මූලික අදියරේදී හොඳ මෙන්ම ප්‍රයෝජනවත් දේවල් වෙනුවෙන් යොදා ගැනුණත් එහි අඛණ්ඩ භාවිතයත් සමඟ යම් යම් අකටයුතුකම් වලට ස්වයංවම පෙළඹීමක් සිදුවේ. ඒ අනුව වර්තමානය වන විට සමාජ මාධ්‍ය හිතකර භාවිතයන් වලට ගැනීමට මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියා සදහා ද භාවිතා කිරීම පෙනෙන්නට ඇත. විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා ආරම්භ කරන ලද සමාජ ජාල බොහොමයකි. ඉන් සමහරක් නවීන විද්‍යාත්මක දැනුම සියලූ දෙනා අතර බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා වන අතර යම් සමාජ ජාල හරහා සාම්ප‍්‍රදායික පංති කාමර පරිසරය තුළ ලබා දෙන ඉගැන්වීම වෙනස් කිරීමට, ඉංග‍්‍රීසි අධ්‍යාපනයට පමණක්ම වෙන්වූ සමාජ ජාල මගින් ඉංග‍්‍රීසි අධ්‍යාපනය දියුණු කර ගැනීමට, ඉගැන්වීම් ක‍්‍රමය වඩා රසවත් කිරීමට මෙය යොදා ගනී. කෙටියෙන්ම පැවසුවහොත් සමාජ ජාල පර්යේෂණ ජාල එසේ නැතහොත් ඉගැනුම් ජාල බවට පත්කරගත හැකිය.
නමුත් අද වන විට සිදුවී ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉගැනුම් ජාල බවට පත් කර ගත හැකි සමාජ ජාල ඉගැනුම් අවහිර කර ගැනීමට පිටුවහලක් කරගෙන ඇත. කාලය නාස්ති කිරීමේ මාධ්‍යයක්, පෞද්ගලිකත්වය නැති කර ගැනීමේ මාධ්‍යයක්, පාසල් පරිගණක විද්‍යාගාර වෙතින් ඉවත් වීමට මාධ්‍යයක් බවට පත් කරගෙන ඇත. එම නිසා සමහර රටවල පාසල් තුළ සමාජ ජාල තහනම් කිරීමට හෝ සීමා සහිත කිරීමට කටයුතු කර ඇත.
විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) ,ටිවිටර් ( Twitter), වට්ස්ඇප් ( Whats-app) වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් (Platform) සමඟ නිරතුරු යාවත්කාලීන වෙමින් සිටින තරුණ ප්‍රජාව ඒ මඟින් විවිධ අපචාරයන්ට ගොදුරුවන බව හදුනාගෙන තිබේ. ව්‍යාජ ගිණුම් සකස් කරමින්, වෙනත් නම්වලින් පෙනී සිටි පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීම, විවිධ අපරාධ සඳහා පුද්ගල කණ්ඩායම් ඒකරාශීකරණය වැනි දේ ඒ අතර ප්‍රධානයි.එසේම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා ගොඩ නඟා ගනු ලබන සමාජ සබඳතා හේතුවෙන් ලෝකයේ මිනිත්තු 40ට වරක් අපරාධයක් සිදුවන බව වාර්තා වී තිබේ.
සමාජ මාධ්‍ය වෙබ් අඩවි වැඩි පිරිසක් සම්බන්ධ කරගනමින් ඔවුන් යාවත්කාලීනව සිටින බවක් පෙනෙන්නට තිබුණද, එය සමාජීය වශයෙන් හුදෙකලා වීමට හේතු වන බව විද්වත් මතයයි. තරුණ තරුණියන් අතර මුහුණට මුහුණලා කටයුතු කිරීම අවම වී ඇත්තේ ඔවුන් වැඩි කාලයක් මෙම ජාලගත සමාජ වේදිකා සඳහා වැය කරන බැවිනි. විවිධ විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයන ගණනාවකින් කරන ලද ඇගයීම්වලින් පෙනී යන්නේ සමාජ හුදකලාව යෞවන වයසේ හා තරුණ වයසෙ පසුවන්නන්ගේ කායික, චිත්තවේගී හා මානසික ගැටලු ගණනාවක් ඇති කළ හැකි බවයි. මෙය මානසික අවපීඩනය, කාංසාව සහ තවත් බොහෝ ගැටළු වලට තුඩු දිය හැකිය.
එසේම, අවුරුදු දහඅටකට අඩු යෞවන, යෞවනියන් සමලිංගිකත්වය සහ වෙනත් සාමාන්ය ලිංගික විෂමාචාර වැනි ලිංගික ක්‍රියාවන්ට අන්තර්ජාලය හරහා පෙළඹෙන බව දක්නට ලැබේ. සමහර සමාජ කණ්ඩායම් තුළ අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වන අසභ්‍ය අන්තර්ගතයන් පිළිබඳව ද මෙම යෞවනයින් නිරාවරණය කරයි. දුරාචාර සාහිත්‍යට සහ වීඩියෝ පටවලට මේ හරහා ප්‍රවේශය ලැබීම නිසා මෙය තරුණයින්ගේ සදාචාරය ද අඩපණ වීමටද බොහෝ සෙයින් හේතුවී ඇත (ආනන්ද, 2019).
සමාජ ජාල සේවාවන් නිසා පෞද්ගලිකත්වයට සිදුවන ගැටලූ හා ලිංගික විලෝපිකයන්ගෙන් සිදුවන තර්ජන නිසා මේ සදහා විද්වත් පරිශිලකයින් සමාජ ජාල වලට යොමු වීම අඩුවීමට හේතූන් වී ඇති බව පැහැදිලිය. තවත් කරුණක් වන්නේ පෞද්ගලික තොරතුරු නිසි පරිදි ආරක්ෂා වන ලෙස නොතැබීම නිසා තෙවැනි පාර්ශවයක් අතට පත්වීමෙන් සිදුවන අනතුරුය. ළමයින් සමාජ ජාල හරහා පරිගණක ක‍්‍රීඩා වෙත යොමු වීම නව යොමුන් වියේ තරුණියන් කාමාතුරයින් අතට පත්වීමේ ඉඩකඩ නිසාද තවත් සමාජ ප‍්‍රශ්නයක් මතු වෙමින් ඇත (Nawoda, 2020).
සමාජ මාධ්‍ය යනු නවීන තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයට හඳුන්වා දුන් තවත් එක් මාධ්‍ය, සම්ප්‍රදායක් වන අතර ලෝකයේ සියලු ප්‍රජාවන් එකට එකතුවී තම තමන්ගේ අදහස් චින්තන, මත, තොරතුරු, රුචිකත්වයන්, වෙනස් ප්‍රකාශන, නිර්මාණ එකිනෙකා අතර හුවමාරුවට පහසුකම් සැපයිමේ අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුතු දියණු එමෙන්ම විවෘත මාධ්‍යයකි.
එම ක්‍රමය ලෝකයට හඳුන්වා දුන් බුද්ධිමතුන් යහපත් චේතනාවෙන් එම මාධ්‍ය ලෝකයට හඳුන්වා දුන්නත් මෙරට දී එම වැදගත් සොයා ගැනීම වඳුරාට දැලි පිහිය දුන්නා වැනිය. එනිසාම සමාජ මාධ්‍ය මෙරට භාවිතයේ දී නගරයේ පොදු වැසිකිළියේ බිත්තියට සමාන කරන්නට සමහරු පෙලඹී ඇත. එම බිත්තියේ ද නැති දෙයක් නැත. ලැජ්ජාව, හිරිකිතය නැතිවුන් එහි ඕනෑම දෙයක් ලියති. මානසික රෝගීන්ට තම උන්මත්තක භාවය සන්සිඳවා ගන්නට එය තෝතැන්නකි. ඉතින් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයද එවැන්නක් වී හමාරය (යක්විල, 2023).
කෙසේ වෙතත් ඉහත දැක්වූ පරිදි සමාජ මාධ්‍ය ජාල භාවිතය මේ වන විට තරුණ පරම්පරාව තුළ වසංගතයක් ලෙස වෙලාගෙන තිබේ. සමාජ මාධ්‍ය භාවිතය සෑම විටම අහිතකර ප්‍රතිපල පමණක්ම ලබාදෙන්නක් නොවේ. සමාජ මාධ්‍ය භාවිතයේ හිතකර පැතිකඩයන්ද තිබෙන බව අපි හොදාකාරවම දන්නෙමු. නමුත් ප්‍රශ්ණය නම් ඒවා භාවිතා කරන ආකාරය සහ ඒවා භාවිත කරන අරමුණේ ස්වභාවයයි.
ඇත්තෙන්ම මේ දිනවල බොහෝ මාධ්‍ය වාර්තා අතර පෙරමුණේ තිබෙන මාතෘකාවක් ලෙස මෙම සමාජ මාධ්‍ය නිසා සමාජයේ සිදුවී තිබෙන කැළඹීලිකර ස්වභාවය හා ඒ ආශ්‍රිත පුවත් හදුන්වාදෙන්න පුළුවන්. බාල වයස්කාර දරුවන් මෙවැනි සමාජ ජාල හරහා බිල්ලක් වී තිබෙනවා. දෙමාපියන්ට දරුවන්ව මෙල්ල කරගන්න බැරි තරමටම මේ උවදුර පැතිරී ගොස් අවසන්. මූලිකම හේතුව නම් ස්මාර්ට් ජංගම දුරකථන තාරුණ්‍යයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලයිස්තුවේ ඉහලින්ම වැජඹීමයි. මේ සඳහා මුලිකවම වගකිවයුත්තන් වන්නේ දෙමාපියන්ගේ වගකීම් විරහිතභාවය සහ තම දරුවන් සමඟ සමීප ඇසුරක් නොදක්වා අනවශ්‍ය නිදහසක් ලබාදී තිබීමයි. ස්මාර්ට් දුරකථන භාවිතය නිසා සෑම දරුවෙක්ම අගාධයට යොමු නොවේ. දක්ෂ දරුවන් බිහිවීම, නව දැනුම ගවේෂණයට යොමුවීම මෙන්ම දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වීම වැනි හිතකර ප්‍රතිවිපකයන්ද මෙමඟින් සිදුවේ. ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීමක් අනිවාර්යෙන්ම දෙමාපියන් වශයෙන් සිදුකල යුතුම වේ.
ඉතින් අනාගත භාරකරුවන්ගේ අනාගතය අඳුරු නොකර ආලෝකමත් කරන්නට නම් නිවැරදි දිශාවට දරුවන් යොමුකළ යුතුයි. සමාජ ජාල වල නිරත වීම නිසා මොළය විකෘති වූ සොම්බීන් බිහි කරනවා වෙනුවට තාරුණ්‍යට පියනගන්න සුදානම් වන දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හොඳ නරක සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ඔවුන්ව නිවැරදිව අධ්‍යාපනයෙන් සන්නද්ධ කරවීමට කාලය එළඹී තිබේ.
මුලාශ්‍ර
Nawoda. (2020). සමාජ මාධ්‍යයේ බලපෑම. විදු මග. https://idnawoda.blogspot.com/
Social Media Stats Sri Lanka, (2023). https://gs.statcounter.com/social-media-stats/all/sri-lanka
ආනන්දමනෝජ් බුද්ධික. (2019). සමාජ මාධ්‍ය හා තරුණ්‍යයේ හෙට දවස. කැටපත් පවුර. https://shreepalimedia3.blogspot.com/2019/07/blog-post_22.html
යක්විලජයන්ත ඒකනායක. (2023). සමාජ මාධ්‍ය සහ තාරුණ්‍ය. Lankadeepa.Lk. https://www.lankadeepa.lk/thaksalawa/සමාජ-මාධ්‍ය-සහ-තාරුණ්‍ය/55-629928
වීරසිංහනෙවිල් උදිත. (2021). ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී ප්‍රකාශ. විකල්ප. https://www.vikalpa.org/article/39554
සිල්වාචමිඳු නිසල් ද. (2018). කඳු උඩ ඇඳුම් ගලවන අන්තර්ජාලයේ අලුත් රැලි. දේශය. https://www.deshaya.lk/article/43/features/8723/කඳු-උඩ-ඇඳුම්-ගලවන-අන්තර්ජාලයේ-අලුත්-රැලි