25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

හිම රේණු වැටෙනා සීතලේ

Related Articles

මෙලොව වසන සෑම සියළු ආදර වන්තයකුගේම..ආදර වන්තියකගේම හිත්වල පීදුනු ආදර හීන අතිශය සුන්දරයි..විශ්වය පුරා පවතින සජීවී අජීවී වස්තූන් තුලින් ඔවුන් දකින්නේ තමන්ගේ හිත පිපුනු ආදරයමයි..මේ සුන්දරත්වය අපූරුවට මතු කල හැක්කේ නිර්මාන කරුවන්ට පමණයි..ලෝකයේ වූ විවිධාකර සජිවී අජීවී දෑ උපමා රූපක ලෙස යොදමින් ඔවුන් මෙම පෙම් සිහින තම නිර්මාන තුලින් ලෝකයට තිලිණ කරනවා.. මේ සතියේ අපි ඔබට ගෙන එන්නේ එවන් වූ අපූරු නිර්මානයක්..පසුගියදා ජීවිතයෙන් සමුගත් ප්‍රවීන ගීත රචක “සමන් චන්ද්‍රනාත් වීරසිංහ..”යන්ගේ පෑන් තුඩින් බිහි වූ සරත් දසනායකයන්ගේ සංගීතයෙන් සංගීතවත් වූ ලතා වල්පොල සහ ග්‍රේෂන් ආනන්දයනිගේ මෝහනීය හඩ සුසංයෝගයෙන් අපේ හිත්වල සදාකාලිකව ලැගුම් ගත් මේ ගීතය ආදරය සහ අනුරාගය සුසංයෝග වූ දෙසිතක ආදර හැගුම් මවන ගීතයක්..

  හිම රේණු වැටෙනා සීතලේ
  නෙතුගාව රදවා ආදරේ
  සුදු සේල සුළගේ පා කරේ
  ඔබ නේද මාගේ බිසෝ

  සීතල රාත්‍රිය ආදරයේ උණුසුම සොයන ආදරවන්තයකුගේ සිතිවිලි කදිමට මතුවූ මූලාරම්බයකින් ගීය ඇරඹෙනවා..“හිම රේනු වැටෙනා සීතලේ..” යන යෙදුම තුලින් රැයේ සීතල සහ එහි වූ සුන්දරත්වය මතුවනවා..ඒ රැයේ ඔහුගේ සිත සොයන්නේ නෙත ලග රැදි ඇගේ ආදරයයි...මෙහිදී මා මුලින් සදහන් කල පරිදි පරිසරය සහ සිතැගි ගීතය පුරාවට මනා ලෙස සුසංයෝග කර තිබෙනවා..පද පෙලෙහි කිසිදු තැනක සද පිලිබද නොකියවුනද පාවෙන වලාවන්ගේ සුදු පැහැය තුලින් මැවෙන්නේ ඒ සද එලිය අතරින් ඇදෙන වලාවන් බවයි.. ඒ වලාවන් ඔහු දකින්නේ තම ආදරවන්තියගේ සිරැර වැසූ සේද පටපිලි ලෙසිනුයි..එම සේද පටපිලි සුලගට මුසුවී මැවෙන සොදුරු දසුන තුලින් යටි පෙලක් ලෙස මතුවන්නේ තම අනුරාගයට බාධා නොකොට එම සේද පටිපිලි සුලගේ මුදා හරින්නට ඔහු තුල වූ අනුරාගී සිතිවිලි සමුදායයි...එහෙත් එහි අනුරාගය සේම ආදරයත් මනා සේ ගැබ් වී තිබෙනවා..ඒ නිසයි ඔහු ඇයට “ මාගේ බිසෝ..” යයි අමතන්නේ...බිසව යනු රජුන්ගේ මෙහෙසියයි....ඇගේ ප්‍රේමයේ කිරුළු දරා රජ වූ ඔහුට ඇය දිවිය පුරා තමන්ටම හිමි පාද පරිචාරිකාවක් බවයි මින් කියැවෙන්නේ.. ඒ තුලින්  මතුවන්නේ දිවිය පුරාම ඒ ආදරය තුල දැවටී ඉන්නට ඔහු තුල වූ පැතුමයි...

රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල්සරෝ......

“ මල් සරා..” යනු සිතකට ආදර මල් හී විදින්නායි….ඇය ඔහුට මල්සරා යයි ආමන්ත්‍රනය කරන්නේ කුළුදුලේට ඇගේ හිතට ආදර හැගුම් ජනිත කලේ ඔහු නිසාවෙනුයි..ගැහැනියකගේ සිහින අතර අගනා පටපිලී මෙන්ම වටිනා අභරනද වනවා..ඇගේ සිත මිහිරෙන් පුරවාලන සවන රැදි තෝඩු සැලෙන හඩ ඇයට මියුරු ගීයක්..ඒ තෝඩු පැලැන්දුවේ ඔහු විසිනුයි..ඒ තුලින් ඔහු ඇගේ ජීවිතයට ුමාලිගාවක් තැනුවා…වටා පිටාව රැදි රතු රෝස යායම තම දිවි මාළිගාව අලංකාර කරන්නට තම පෙම්බරයානන් විසින් සදන ලද්දක් ලෙසිනුයි ඇයට පෙනෙන්නේ.. පරිසරය සමග ආදර සිත් බද්ද කල තවත් අපූරු උපමාරූපක යෙදුමක් ලෙස මෙය දැක්විය හැකියි..

මධු පානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා…….

ඔහුගේ රහස් අනුරාගී ආයාචනය එයයි….

මනලාලයින්ගේ චේතනා
නොකියාද පාලා සිනා….

ඔහුගේ සිතැගි ඇයට වැටහෙන බව මින් කියැවෙනවා….මෙම ගීතය විවාහප්‍රාප්ත වූ ආදරනීය යුවලකගේ මංගල රැය ගැන ඉගියක් බව මින් මතුවනවා..

මුතු මාලයක් සේ යා වුනේ
අපි ආත්ම ගනනේ පෑ සෙනේ….

මේ සුන්දර රැයේ ඇගේ සිතැගි තමයි ඒ…දෙවැනි පද පෙලින් සහ අවසන් පද අතුරින් ආදරය සහ බැදි අනුරාගය ගැන ගැහැනු සිතකට සහ පිරිමි සිතකට දැනෙන ආකාරය සියුම් ලෙස විග්‍රහ වී පවතිනවා….මේ රැයේ ඔහුගේ උනුසුම් සිහින අතර ඇත්තේ ඇගේ දෙතොලේ පහස….පිරිමියා අනුරාගය ඉදිරියේ හැසිරෙන්නේ එලෙසින් වුවත් ගැහැනිය එහි දී එතැනින් එහා දෙයක් දකිනවා..මේ ආදරය ඇයට ඇගේ ජීවිතයමයි….“ මුතු මාලයක් සේ යාවුනේ…අපි ආත්ම ගනනේ පෑ සෙනේ…” යයි ඇය පවසන්නේ ඒ නිසයි..

මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා…

ඒ ඔහුගේ පිලිතුරයි..ඔහුට තම මනාලියගේ සිහින හැගෙන බවයි මින් කියැවෙන්නේ..ආදරය යනු ජීවිතයමයි කියා සිතන ඇයට ඔහු පවසන්නේ ඇගේ සිත දකින් බවයි..ඇය පතන ලෙසම තම ආදරය ඇගේ ජීවිතය පුරාවටම එක සේ
දෙන බවට ඔහු කරන සඵත කිරීමක් මෙහි සැගව පවතිනවා…

ගීත ගායනය – ග්‍රේෂන් ආනන්ද

පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ

සංගීතය – සරත් දසනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles