ඇම්බැක්ක අම්බලමශ්‍රී ලංකාවේ අම්බලම් යන මැයෙන් ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි තුන්වැන්න මෙසේ ඉදිරිපත් කරමි. මේ සඳහා පාදක කරගනුයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය අධ්‍යනඅංශයේ, අංශ ප්‍රධානී, මහාචාර්ය රෝහිත දසනායක (බී.ඒ.(පේරාදෙණිය), එම්.එස්.එස්.සී. (කැළණිය), පී.එච්.ඩී. (මැඩ්ඩ්‍රාස්) ) මහතා විසින් ගවේෂණාත්මකව ලියන ලද, අම්බලම හා ජන සමාජය නම් වන කෘතියයි.
මෙවර අප කතා කිරීමට යොදාගත්තේ, මහනුවර දිස්ත්‍රක්කයේ, උඩුනුවර පිහිටි අම්බලම් පිළිබඳවයි.


ඇම්බැක්ක යන නම ඇසුන විට, මහනුවර ප්‍රදේශයේ පිහිටා ඇති ඇම්බැක්ක දේවාලය කාහට වුවද සිහිපත් වනවා. මන්ද යත්, එම දේවාලයෙහි වහලය නිර්මාණය කර ඇති ආකාරය සහ ලී කණු මත ඇති කැටයම් පිළිබඳව එතරම්ම ප්‍රසිද්ධියක් උසුළන බැවිනි.
පිළිමතලාව දවුලගල මාර්ගයේ, පොල්වත්ත මාර්ගයේ ගමන් කරන විට ඇම්බැක්ක දේවාලය හමුවේ. එය ඉදිරිපිට ඇති වෙල්යාය මධ්‍යයේ ඇති ගල්තලාවක් මත මෙම ඇම්බැක්ක අම්බලම හෙවත් තොටුපලේ අම්බලම පිහිටා තිබෙනවා. අද වන විට එහි පාදම සහ කැටයම් සහිත ගල්කණු පමණක් දක්නට ලැබෙනවා.
ක්‍රි.ව. 1342 සිට1352 දක්වා ගම්පොළ සිය රාජධානිය කරගත්, 4 වන බුවනෙකබාහු රජතුමන් විසින් මෙම අම්බලම කරවන ලද බවට ජනප්‍රවාදයේ සදහන් වනවා. මෙම රජතුමා, ලංකාතිලක විහාරය ගොඩනැගීමෙන් අනතුරුව, එය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා විවේක ගැනීම පිණිස, මෙම අම්බලම සෑදූ බව ගැමියන්ගේ විශ්වාසයයි. තවද ඇම්බැක්ක දේවාලය ගොඩනැංවීමට පෙර මෙය සාදන ලද බවටද මතයක් පවතී.
දැනට දක්නට ලැබෙන ගල්කණු වල පලාපෙති, සිංහ රූප, නෙළුම් මල්, ලියකම්, හංස රූප, ඇත් රූප, කිහිඹි මුහුණ, දේවතා රූප, හේරුඩ පක්ෂියා, ඇත් ළිහිණියා, නාරිලතා රූප, නලඟනන් ආදී සිත්කළු රූප දැකගන්නට හැකිවේ.
නාරංවල අම්බලම


මෙම අම්බලම පිහිටා තිබෙන්නේ, පේරාදෙණිය දවුලගල මාර්ගයේ, නාරංවල ග්‍රාමයේයි. ගලින් නිමවන ලද බැම්මක් අඩි 4ක් පමණ උසට සාදා ඒ මත මෙය සාදා ඇත. දිගින් හා පලලින් අඩි 20 බැගින් වේ. අඩි භාගයක් පමණ ඝණකමකින් යුතු ගල් පතුරු බිමට අතුරා ඇත.අඩි 10ක් පමණ උසකින් හා අඩි 4ක පමණ වටප්‍රමාණයකින් යුතු කුළුණුමත වහලය නිමවා තිබේ. ඒ මත පේකඩ 4 බැගින් 16ක් තිබේ. මෙම පේකඩ වල ඉදිරිපස මිනිස් මුහුණක් නිර්මාණය කර තිබේ. වෙනත් කිසිම අම්බලමක හෝ කැටයමක මෙවැනි ලක්ෂණයක් දක්නට නොලැබීම විශේෂත්වයකි. එමෙන්ම, මෙහි කැණිමඩලෙහි ඇති කැටයම් සහිත නෙළුම් මල, කැරකවිය හැකි සේ නිර්්මාණය කර තිබීම තවත් සුවිශේෂී කරුණකි. වසර සියයකට වඩා පැරණි මෙම අම්බලම, ගම්සභා නඩු ඇසීම සඳහා යොදාගත් බවට ප්‍රදේශයේ ජනතාව පවසති.
දවුලගල අම්බලම


මෙම අම්බලම දවුලගල නගරය මැද්දේ පිහිටා ඇත.ක්‍රි.ව. 1914 දී මනම්පේරි චන්ද්‍රසේකර වාසල මුදියන්සේලාගේ කුඩා බණ්ඩා දියවඩන නිලමෙතුමන් විසින් මෙය කරවන ලද බව, මෙහි ඇති ගල් කුළුණක සටහන් කර තිබේ. වල්ලවල අම්බලම යන නම ද මෙයට භාවිතාකර තිබේ.
මහාචාර්ය රෝහිත දසනායකයන් විසින්, උඩුනුවර ප්‍රදේශයේ මීට අමතරව තවත් අම්බලම් රැසක් පිළිබඳව සඳහන් කර තිබේ. නමුත් ඒවායෙහි ඇති ඓතිහාසික තත්වය මෙන්ම, වටිනාකම හා අවශේෂ තොරතුරු එතරම්ම සටහන් කර නැත. ඒවා මෙසේ ගෙනහැර දක්වමි.
වේගිරිය අම්බලම


වතුපොල අම්බලම


ගල්කොත අම්බලම


දවුලගල කඹුරාදෙණිය අම්බලම


වට්ටප්පල අම්බලම


අලදූවක අම්බලම


මෙම අම්බලම්වල පැහැදිලි විස්තරයක් නැතිවීමට හේතුවී තිබෙන්නේ, විවිධ කාළ වකවානුවලදී ප්‍රතිසංස්කරණයට භාජනය වී තිබීමයි. එහිදී, වටිනාකමින් යුත්, වැදගත් සාධක විනාශ කර දමා හෝ, සොරුන් හා වෙනත් පුදගලයින් විසින් රැගෙන යාම නිසා හෝ විවිධ පුද්ගල ක්‍රියාකාරකම් නිසා සහ නිසි අයුරින් ප්‍රතිසංස්කරණයන්ට භාජනය නොවීම හේතුවී තිබේ. තවද, මෑත කාළයේ ප්‍රධාන මාවත් ඉදිකිරීමේදී, පුරාණයේ පයින් ගමන් කල මාර්ග වෙනුවට වඩාත් පහසු තැන් තෝරා ගැනීම ද අම්බලම් අභාවයට යාමට හේතු වී තිබේ.


ලබන කලාපය තුලින් හේවාහැට සහ හඟුරන්කෙත ආශ්‍රිත අම්බලම් පිළිබඳව විස්තර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.