

මාධ්‍ය ලෝකයේ වැඩියෙන්ම විවේචනයන්ට බඳුන් වන මාධ්‍ය ටෙලිවිෂනය කියුවොත් එහි වැරැද්දක් නෑ. සමාජ මාධ්‍යයේ ව්‍යාප්තිය හමුවේ වුව ද බලගතු මාධ්‍යයක් ලෙස ටෙලිවිෂනය හඳුන්වන්ට පිලිවන. විවේචනයන්ට ප්‍රධාන හේතු වූයේ ටෙලිවිෂනයට ආවේණික වාණිජ ලක්ෂණයයි .එතෙක් පැවැති පුවත්පත් හා රේඩියෝ මාධ්‍යයට වඩා වාණිජත්වය මුල් වූ බැවින් ටෙලිවිෂනය යනු වාණිජමය ලක්ෂණ සහිත මාධ්‍යයක් බවට පත් විය.
ටෙලිවිෂනය එදා සිට අද දක්වාම නග්න බවෙි ලක්ෂණ විදහා පෑ වාණිජ මාධ්‍යයක්ම විය.1960-70 දශකවල ටෙලිවිෂනය ධනවාදී ආර්ථිකයේ මෙහෙයුමිකරැවකු බවට පත් විය. එය මිනිස් සිතුම් පැතුම් පාලනය කරමින් අලෙවිකරණය මගින් පුද්ගල පරිභෝජනයට බලපෑම් කළේය. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතිය බෙදාහරින්නා බවට පත් විය. පාලකයාගේ සුරතලා බවට පත් විය. බහුජාතික සමාගම්වල අලෙවි ප්‍රවර්ධකයා විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනික මාධ්‍යයක් ලෙස බෞතීස්ම කර තිබුණ ටෙලිවිෂනය නුතනවාදී ලෝකයේ සැබෑ ස්වරූපය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. එක්සත් රාජධානිය ,ජපානය වැනි රටවල් යම්තාක් දුරට හීලෑ කරගත් නමුත් තුන්වන ලෝකයේ රටවල දී නව ලිබරල් ආර්ථිකයේ ටෙලිවිෂනය කසකරුවා ය. වර්තමාන ටෙලිවිෂනය යනු ලවක් දෙවක් නැතිව දවසේ පැය විසිහතර තුළ විවිධ කතා ගොතමින් නරඹන්නාට කතා කවන මාධ්‍යයකි.
ටෙලිවිෂනය විවිධ කතාන්තර කියති. දේශපාලන, සංස්කෘතිය, සමාජ කතන්දර,ඓතිහාසික කතන්දර කියති. ටෙලිවිෂනය යනු සමිපුර්ණයෙන්ම පාහේ කතන්දර කියන්නෙකි (Storyteller). එම කියන කතා තුළින් සැමවිටම නරඹන්නා ප්‍රමෝදයට පත් කරති. අනාදිමත් කාලයක සිට මුඛ පරමිපරාගතව පැවත ආ කතන්දර කීමෙි කලාව සුසමාදර්ශ මාරැවක් බවට පත්වන්නේ මෙි ටෙලිවිෂනය බිහිවීමත් සමඟිනි.
ඒ කෙසේවෙතත් ටෙලිවිෂනය තුළ සිදු කරන්නේ වාණිජ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීම උදෙසා රටක ජාතිය උත්කෘෂ්ට නංවමින් රාජ්‍ය දෘෂ්ටිවාදයන් ජන මනස තුළ පැළ කිරීමට විවිධ ආඛ්‍යානයන් ගොඩ නැඟීමයි. රෑපවාහිනි මාධ්‍ය මෙි හරහා සිදු කරන්නේ ජනප්‍රිය අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි. ජාතිය යනු සමාන හැසිරීමක් සමාන ස්වරෑපයක් හෝ සමාන සිතුමි පැතුමි ඇති කණ්ඩායමකට ය. නිදසුනක් ලෙස සිංහල ජාතිය යනුවෙන් හඳුන්වන්නේ එකම සංස්කෘතියක් සහිත සමාන හැසිරීමක් ඇති ප්‍රජාවකටය.
ජාතිය පිළිබඳ කතාන්තර කීමට පෙර අවධියේ ආගම ප්‍රමුඛ කරගනිමින් ටෙලිවිෂනය විවිධ කතා කියන්නට පටන් ගත්හ. නමුත් ආගමට වඩා ජාතිය පිළිබඳ විවිධ කතා පුවත් ගොතමින් නිතර දෙවෙලේ ප්‍රචාරය කිරීම හරහා රාජ්‍ය යාන්ත්‍රණයේ මතවාදයන් සහ හෙජමොනික කාරණා ඉස්මතු කිරීම විවිධ පටු අරමුණ උදෙසා භාවිතා කරනු පෙනේ.
ටෙලිවිෂනය වර්තමානයේ සිදු කරමින් සිටින්නේ පරිකල්පනීය ලෙස ජාතිය පිළිබඳ විවිධ කතන්දර ප්‍රචාරණය කිරීමයි. දෛනික ජිවිතයේ මිනිසාට ඇති ප්‍රශ්න සහ ගැටලු, අර්බුද සාකච්ඡා කිරීමට වඩා ටෙලිවිෂනයට නිසඟයෙන්ම ලැබී ඇති අධිකාරි බලය විපුල ඵල නෙලා ගනිමින් ජාතියට ඇති සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ කතාන්තර ප්‍රචාරණය කරම්න් ජන මනස විකෘති කරයි.
උදෘ -; රාවණා සමිබන්ධ කතා පුවත් සහිත වැඩසටහන් සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම.
දොරමඬලාව සහ මහා සිංහලේ වංස කතාව වැනි වැඩසටහන් හරහා සිංහල ජාතිය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස් මතු කිරීම.
ජාතික ඇඳුම පසුපස ඇති දෘෂ්ටිවාදී මායාවන් බව නොදන්නා ජනතාව සංඛේතානුසාරී දෘෂ්ටිමය සුදු ඇඳුම පිළිගනී. ඕනෑම ප‍්‍රපංචයක්, ප‍්‍රවාදයක් සංස්කෘතිය තුළ දිගින් දිගටම දියත්වීම තුළින් ඒවා සාර්වස්ති‍්‍රක අර්ථ බවට පත් කරන්නට ටෙලිවිෂනයට හැකි ය. මෙවැනි සංස්කෘතික කාරණා ඝනීභූත වූ කල ඒවා ප‍්‍රශ්න කිරීමකින් තොරවම පිළිගනී. ‘සංස්කෘතික අන්ධස්ථාන’ හෙවත් ඉංග‍්‍රීසියෙන් Cultural Blind Spots ලෙස විද්වතුන් විසින් හඳුන්වනුයේ මෙම තත්වයයි. එනම් මිනිසා සංස්කෘතියේ නාමයෙන් සිය විචාර බුද්ධිය හකුළුවාගනු ලැබූ අවස්ථාවන් යන අර්ථයෙනි. කෙසේ නමුත් රටක ජාතිය පිළිබඳ සංකල්පය තුළ එක් ජාතියක් වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස අදහස් මඟින් එම ජාතිය උත්කෘෂ්ටත්වයට නැංවීම රටකට, සමාජයකට හානිදායක ය.
මහ ජාතිය පිළිබඳ උත්කෘෂ්ටත්වයට නංවමින් විවිධ කතා ගොතා ආඛ්‍යානයන් ටෙලිවිෂනයයේ ප්‍රචාරය කිරීම හරහා සිදුවන්නේ අන් සුළු ජාතින් පිළිබඳ ආකල්පය සහ අදහස ගිලිහී යාමය. එවිට සමාජය තුළ ජාතින් අතර අර්බුදයක් නිර්මාණය කරයි.
ටෙලිවිෂනයේ කතාන්තර මඟින් ජාතිය නඩත්තු කරයි. විනෝදාස්වාදය වෙනුවට දෘෂ්ටිවාදයන් නඩත්තු කරති. රාජ්‍ය දෘෂ්ටිවාදය සවිමත් කිරීමට විවිධ කතා නිර්මාණය කරයි. එම කතා ප්‍රේක්ෂකයා විශ්වාස කරයි. මුළු මහත් සමාජයකම අදහස් කලාප ක්ෂණයෙන් වෙනස් කරන්නට ටෙලිවිෂනයට ඇති අධිකාරිය බලගතු ය. ප්‍රවෘත්තිවලින් අඩු වැඩි වශයෙන් ජාතිය කේන්ද්‍රීය ලෙස ගෙන පුවත් මවති. මනෝමුලික තර්කයන්, ප්‍රවාදයන් ගොඬනගයි. ටෙලිවිෂනය තුළ ප්‍රචාරක බලය, Cultivation Theory එක හරහා සිදුවන්නේ රටක ආධ්‍යාත්මික සහ අදහස් කලාප, විචාර බුද්ධිය හීන කිරීමයි. දේශපාලනය සහ වාණිජමය අරමුණු වෙනුවෙන් විවිධ කතන්දර නිෂ්පාදන කරමින්, නිෂ්පාදන මෙවලමක් ලෙස වත්මත් ලාංකීය ටෙලිවිෂනය තුළ ඇති ප්‍රවණතාව බවට පත්ව ඇත. ටෙලිවිෂනය විසින් කියන මෙි සෑම කතන්දරයක්ම තේරැමි ගැනීමට සබුද්ධික ප්‍රේක්ෂක කලාපයක් නොසිටීම ශිෂ්ටාචාරය වළපල්ලට යන්න හේතුවන බව කිව යුතු ය.වත්මන් ලංකා සමාජ වපසරිය තුළ සමාජ අපරාධ රැසක නිර්මාතෘවරයා ටෙලිවිෂනය බව කණගාටුවෙන් වුවත් කිව යුතු ය.