

ග්‍රාමීය වශයෙන් මෙන්ම නාගරික වශයෙන්ද නොමිලේ අධ්‍යාපනය ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින රටකි. මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමය හරහා බොහෝ සිසුන් තම වෘත්තීය ජීවිතය ඉතාමත් සාර්ථකව ගොඩනගා ගෙන ඇත. ඊට අමතරව, පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වාද සෑම සිසුවෙකුටම එය ඉතා ප්‍රයෝජනවත් වේ. පන්තිකාමර ක්‍රියාකාරකම් සහ පාඩම්, කැපවූ ගුරුවරුන් සහ රජයේ රෙගුලාසි ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රහණය සඳහා මූලික හේතු වේ.
ලොව විශාලතම අධ්‍යාපන අර්බුදයට හේතුව ලෙස පිළිගැනෙන,COVID-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් වාර්තාගත සිසුන් සංඛ්‍යාවකට පාසල් සහ විශ්වවිද්‍යාලවලින් ඈත්ව සිටීමට පසුගිය වසර වලදී සිදු වුණි. යුනෙස්කෝ ආයතනයේ දත්ත වලට අනුව, 2020 අප්‍රේල් මැද භාගයේ වසංගතයේ පළමු රැල්ලේ උච්චතම අවස්ථාව වන විට, රටවල් 190 කට අධික සංඛ්‍යාවක් රටපුරා වසා දැමීම් ක්‍රියාත්මක කර ඇති අතර එය ලෝක ශිෂ්‍ය ජනගහනයෙන් 90% කට වඩා බලපා ඇත. එලෙසම, මෙම COVID-19 වසංගතය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ද බොහෝ බලපෑම් ඇති කිරීමට හේතු විය.
COVID-19 වසංගත කාලය තුල, ඉගෙනීම් ක්‍රියාවලිය සම්බන්ධව ඇතිවූ අභියෝගවලට මුහුණ දීමට හොඳම විසඳුම ලෙස මාර්ගගත ඉගෙනීම් ක්‍රමය ක්‍රියාත්මක කෙරුණි , වෙනත් ආදේශක නොමැති නිසා මෙම මාර්ගගත ඉගෙනීම් ක්‍රමය COVID-19 වසංගත තත්වය තුළ ශිෂ්‍ය අධ්‍යාපනය වැඩි දියුණු කිරීමෙහිලා මහත් කාර්‍යභාර්‍යයක් ඉටු කරනු ලැබීය. එසේම, මෙම මාර්ගගත ඉගෙනීම සංචරණ සීමා පනවා තිබූ කාලය තුලදී සිසුන් සහ ගුරුවරුන් අතර මනා සම්බන්ධතාවයක් ඇතිකරලීමටද මහත් සේ උපකාරී විය. විද්‍යුත් ඉගෙනුම් (E- learning) ක්‍රියාවලිය යනු PDF, වීඩියෝ පටිගත කිරීම, පොඩ්කාස්ට් වැනි මෙවලම් හරහා පාඩම් ලබා දීමට හැකි කාර්යක්ෂම ක්‍රමයකි. එය කාලයට හා ස්ථානයට ප්‍රවේශය සපයයි. එසේම එමඟින් එහේ මෙහේ ගමන් කිරීමට සහ ආහාර සඳහා වැයවන මූල්‍ය පිරිවැය අඩු කරගත හැකි විය.
වසංගතය අතරතුර, ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ පාසල්වල ඉගෙනීම බොහෝ දුරට සිදුවී ඇත්තේ මාර්ගගත නාලිකා හරහා වන අතර, ගුරුවරුන් WhatsApp සහ Viber හරහා සිසුන්ට PDF ආකාරයෙන් විශාල ප්‍රමාණ වලින් ලේඛන ලෙස, ඉගෙනීමට අදාළ පාඩම් එවනු ලැබීය. කෙසේ වෙතත්, මෑත කාලීන සමීක්ෂණ දත්ත පෙන්වා දෙන පරිදි, 2018 දී, පාසල් වියේ දරුවන් සිටින ශ්‍රී ලාංකික නිවාසවලින් 52%කට පමණ අන්තර්ජාල ඉගෙනීම සඳහා අත්‍යවශ්‍ය වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් සහ 40% කට පමණ අන්තර්ජාල සම්බන්ධතාව, මූලික වශයෙන් ජංගම දුරකථන හරහා ඇත. මෙයින් අදහස් වනුයේ ශ්‍රී ලංකාවේ සියලුම නිවෙස් වලින් අඩකටත් වඩා අඩු පිරිසකට විද්‍යුත් ඉගෙනුම් අවස්ථා වලින් ප්‍රතිලාභ ලැබිය හැකි බවයි.
දුරස්ථ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය
මාර්ගගත ඉගැන්වීම සඳහා එවන් මාර්ගගත පරිසරයක පන්ති පවත්වන ආකාරය පිළිබඳව දැනගැනීම වැනි විශේෂිත කුසලතා අවශ්‍ය වේ, නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා හරියාකාර පුහුණුවක් ලබා නොදේ. මුහුණට මුහුණ අන්තර්ක්‍රියා නොමැති විට දී, සටහන් නියම කිරීමේ ක්‍රමවලට වඩා ස්වාධීනව ඉගෙනීමට අවශ්‍ය මෙවලම්වලින් සිසුන් සන්නද්ධ කිරීමද දුරස්ථ ඉගැන්වීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය වේ. විශාල වශයෙන් තොරතුරු හුවමාරු කිරීමේ ගැටළු සහ දුරකථන තිරයකින් අන්තර්ගතය කියවීම සහ අවබෝධ කිරීම සම්බන්ධ දුෂ්කරතා හැරුණු විට, WhatsApp සහ Viber හරහා විශාල ප්‍රමාණ වලින් ලේඛන ලෙස, ඉගෙනීමට අදාළ පාඩම් යැවීමේ වර්තමාන පුරුද්ද ගැටළු සහගත වන අතර එය ගුරුවරුන් කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය ශක්තිමත් කරයි, එහිදී සිසුන් තමන්ට ගුරුවරුන් විසින් කියා දෙන දේ පමණක් අවබෝධ කර ගනී. එවැනි පසුබිමක් තුළ ඵලදායී හා අදාළ ඉගෙනුම් ප්‍රතිඵල ලබා ගැනීම අපහසු වේ.
මෙම මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මඟින් සිසුන් හට නව තාක්‍ෂණය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබා දුන්නද, එය සිසුන් පාසලට ගොස් ලබන අධ්‍යාපනයට වඩා ඵලදායීතාව අඩු වේ. එසේ වීමට හේතුව වන්නේ මාර්ගගත ක්‍රමයේදී සිසුන් ගුරුවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ නොසිටින බැවිනි. එලෙසම මෙහි එක් ප්‍රධාන අවාසියක් නම් භෞතික අන්තර්ක්‍රියා නොමැතිවීම වන අතර එමඟින් ගුරුවරුන්ට තම සෙසු සිසුන් සහ ගුරුවරුන් සමඟ සන්නිවේදනය කිරීම වඩාත් අභියෝගාත්මක වේ. මාර්ගගත පන්ති හෝ දේශන පැවැත්වීමේදී ඇති තවත් ප්‍රධාන ගැටළුවක් වනුයේ දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවයයි. මේ නිසා බොහෝ සිසුන් මෙන්ම ගුරුවරුන් ද පීඩාවට පත් විය. මෙම වසංගත තත්ත්වය තුළ තම නිවෙස්වල ස්මාර්ට් ජංගම දුරකථන, ලැප්ටොප් පහසුකම් නොමැතිකම හේතුවෙන් බොහෝ දුප්පත් සිසුන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා ගැනීමටද නොහැකි විය. මේ අනුව වසංගත තත්වය තුල අධ්‍යාපනය ලබාගත හැකි වූයේ සිසුන් සුළු ප්‍රමාණයකට පමණි.
කෙසේ නමුදු, COVID-19 වසංගතය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට දැඩි ලෙස බලපෑම් ඇති කළේය. මේ හේතුවෙන් සාමාන්‍ය ඉගෙනුම් රටාවට විශාල ලෙස බලපෑමක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන්ට මෙන්ම දෙමාපියන් හටද මානසික වශයෙන් ගැටලු ඇති විය.
විශේෂයෙන්ම මාර්ගගත ඉගෙනීමේ ක්‍රමයේදී ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන මට්ටම් වල ඉගෙනුම් ක්‍රියාවලියේදී දෙමාපියන්ට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වුණි. උදාහරණයක් ලෙස, දරුවන් තිදෙනෙකු සිටින (සියල්ල අවුරුදු 16 ට අඩු) දෙමාපියන් හට, කාලසටහනට අනුව එම දරුවන් තිදෙනාම එකම වෙලාවකදී මාර්ගගත පන්ති වලට සහභාගී වනවා නම් ඒ සඳහා උපාංග තුනක් තිබිය යුතු අතර, දරුවන් තිදෙනාම එකවර නිරීක්ෂණය කිරීම හෝ උපකාර කිරීම දුෂ්කර කාර්යයක් විය. එසේම, දෙමාපියන් දෙදෙනාම පූර්ණ කාලීන රැකියාවක් කරන්නේ නම්, මෙම දුෂ්කර කාලවලදී තම දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම ඊටත් වඩා දුෂ්කර වන්නේය.
එලෙසම, මාර්ගගත ඉගෙනීම සඳහා සිසුන්ගේ සහ දෙමාපියන්ගේ පමණක් නොව වඩාත් වැදගත් ලෙස ගුරුවරුන්ගේද මානසිකත්වයේ වෙනසක් අවශ්‍ය වේ. සාම්ප්‍රදායික ‘ගඩොල් සහ බදාම’ ආකාරයේ අධ්‍යාපන ක්‍රමය, මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට හෝ ඒ හා සබැඳි මිශ්‍ර ඉගෙනීමට වඩා බෙහෙවින් වෙනස් ය. එබැවින්, ගුරුවරුන් සහ අධ්‍යාපන පහසුකම් සපයන්නන් ඔවුන්ගේ බෙදාහැරීමේ ක්‍රමවේදය තුළ වෙනසක් ඇතිකල යුතුය. සමහර ගුරුවරුන් අනෙක් අයට වඩා හොඳින් මාර්ගගත ඉගෙන්වීමට හැඩ ගැසී ඇත. ඔවුන් තාක්‍ෂණය ඉගෙන ගැනීමටත්, එයට අනුවර්තනය වීමටත් ඔවුන්ගේ සිසුන් වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ කර ගැනීමටත් වැඩකටයුතු සිදු කරයි. මෙම පෙර නොවූ විරූ සමස්ත අධ්‍යාපන අත්දැකීම (මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය) වැඩිදියුණු කිරීමට ගුරුවරුන්ට සහ අධ්‍යාපන පරිපාලකයන්ට භාවිත කළ හැකි ඉඟි කිහිපයක් පහත අයුරින් දැක්විය හැකිය.
- සම්පූර්ණ පෙළපොත අන්තර්ජාලය හරහා පරිවර්තනය නොකිරීම
මාර්ගගත අධ්‍යාපනයේ දී SMART අන්තර්ගතයන් අත්‍යවශ්‍ය වේ. පාඩම් වල අන්තර්ගතයේම එල්බ නොසිට එයම කටපාඩම් නොකොට එහි ප්‍රධාන සංකල්ප ග්‍රහණය කර ගැනීමට සිසුන්ට හැකි විය යුතුය. එලෙසම, භාවිතා කරන මාධ්‍ය කුමක් වුවත්, ඕනෑම ඉදිරිපත් කිරීමක අධික අන්තර්ගතයක් තිබීම එයට ඇතිවන අවධානය ආකර්ශනය අඩු වීමට ප්‍රධානවම හේතු වේ. එසේම මාර්ගගත ඉගෙනීම සම්බන්ධයෙන් ද එය අදාළ වේ.
ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට් සහ ස්මාට් දුරකථන වැනි බහුවිධ උපාංගවලට ගැළපෙන පරිදි අන්තර්ගතය සැකසීම කෙරෙහි ගුරුවරුන් අමතර අවධානයක් යොමු කළ යුතුය, මන්ද මම සියලුම උපාංග වර්තමානයේදී භාවිතා වන අතර කිසිදු සිසුවෙකුට ඔවුන් භාවිතා කරන උපාංග වර්ගය නිසා ඉගෙනීමේදී අවාසි සිදු නොවිය යුතුය. සමහර ගුරුවරු පන්ති අතරතුර පෙළ පොත වචනයෙන් වචනය කියවති. මෙය මුහුණට මුහුණ ඉගෙනීමේ පරිසරයන් තුළ ක්‍රියා කළ හැකි නමුත් ගුරුවරයා පෙළපොත පුනරුච්චාරණය කරන පන්තියකට සවන් දීමේදී එය සිසුන්ගේ කම්මැලිකම වැඩි කිරීමේ අවදානමක් ඇති කරයි. එබැවින් එය මාර්ගගත ඉගෙනීමේදී ඵලදායී නොවේ.
- ඇගයීම්, පරීක්ෂණ සහ විභාග යනු සිසුන් ඉගෙන ගන්නා බව නොසිතීම
පුදුමයට කරුණක් නම්, සමහර පාසල් සහ අධ්‍යයන ආයතනවල මතය වන්නේ අන්තර්ජාලය හරහා ඉගෙනීමේ සාර්ථකත්වය සහතික කළ හැකි එකම ක්‍රමය සිසුන්ගේ දැනුම මැන බැලීම සඳහා නිතිපතා ඇගයීම්, පරීක්ෂණ හෝ විභාග පැවැත්වීම බවයි. මෙම ආයතන එම අධ්‍යයන වාරයට අදාළ සිසුන්ගේ සමූහික ලකුණු හෝ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙම ඇගයීම්/පරීක්ෂණවල ප්‍රතිඵල භාවිතා කරයි. අප දන්නා පරිදි COVID-19 වසංගත තත්වය නිසා සිසුන්ට ඉගෙනීමේ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජයීය සහ සම මට්ටමේ අන්තර්ක්‍රියා දැඩි ලෙස මග හැරී ඇත. සාමාන්‍ය පාසල් අධ්‍යාපන රටාවේ බාධා කිරීම් හේතුවෙන් සිසුන්ට COVID-19 වසංගත තත්වයෙහි මනෝවිද්‍යාත්මක බලපෑම පිළිබඳව ලොව පුරා බොහෝ සිද්ධි අධ්‍යයනයන් කර ඇත. එහෙයින්, අනවශ්‍ය ඇගයීම් හරහා අමතර පීඩනයක් සහ ආතතියක් එකතු කිරීම ධනාත්මක ඉගෙනුම් පරිසරයකට අහිතකරය.
විශේෂයෙන්ම 1 සිට 10 ශ්‍රේණිය දක්වා මෙම කාලසීමාවේ පන්තියේ පළමුවැන්නා, දෙවැනියා හෝ තෙවැනියා තෝරා ගැනීමට පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් තිබීමේ සැබෑ අවශ්‍යතාවක් නොමැති බව ගුරුවරුන් සහ අධ්‍යයන ආයතන අවබෝධ කරගත යුතුය. සාමාන්‍ය වාර විභාගයකින් අවසන් වීම ප්‍රමාණවත් වනු ඇත. ඉලක්කය විය යුත්තේ සිසුන්ට ඉගෙනීමේ පරිසරය භුක්ති විඳීමට සහ ඔවුන්ගේ මානසික යහපැවැත්ම සහතික කිරීමයි.
- සිසුන් සම්බන්ධ කර ගැනීම සහ අන්තර්ක්‍රියා දිරිමත් කිරීම
මාර්ගගත ඉගෙනීම සම්බන්ධයෙන් සැලකීමේදී ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඉතා වැදගත් වේ. ඇගයීම් හෝ විභාග හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරනවාට වඩා, ගුරුවරුන් සහ අධ්‍යයන ආයතන වඩාත් සිත් ඇදගන්නා අන්තර්ගතයන් සංවර්ධනය කිරීම, විනෝදජනක වාතාවරණයන් නිර්මාණය කිරීම මෙන්ම සහභාගීත්වය දිරිගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ලොව පුරා සමහර පාසල් වඩා හොඳ ඉගෙනුම් ප්‍රතිඵල ලබා දීම සඳහා ‘Gamification’ වැනි ක්ෂේත්‍ර දෙසට අවධානය යොමු කර ඇත. ඒ හා සමානව, දේශීය සැකසුම තුළ, ගුරුවරුන්ට තම සිසුන් නියැලී සිටින බව සහතික කිරීම සඳහා කෙටි ප්‍රශ්නාවලි සහ වෙනත් මාර්ගගත මෙවලම් භාවිතා කළ හැකිය.
විශේෂිත තේමාවන් පිළිබඳව පර්යේෂණ කිරීමට සහ රචනයක් නිර්මාණය කිරීමට හෝ පන්තියට එය පැහැදිලි කිරීමට සිසුන්ට ඉඩ දීම ඔවුන්ගේ නිර්මාණාත්මක සහ කථන කුසලතා වැඩිදියුණු කිරීමට උපකාරී වේ. සිසුන්ට ඔවුන්ගේ ‘වීඩියෝව’ ක්‍රියාත්මක කිරීම සඳහා වරින් වර ඉල්ලා සිටීමෙන් ඔවුන්ට සමස්ත ඉගෙනුම් සහ දැනුම හුවමාරු කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමටද උපකාර විය හැක. මෙම ක්‍රියාවලිය තුළ දී හමුවන අඩු ඵලදායී ගුරුවරුන්ගෙන් බහුතරයක් වෙනස් වීමට අකමැත්තක් දැක්වූ අයයි, තාක්ෂණයට අනුවර්තනය වීමට ඇති නොහැකියාව සහ වඩා වැදගත් ලෙස ධනාත්මක මානසිකත්වයක් නොතිබූ අයයි. ගුරු වෘත්තිය ලෝකයේ උතුම්ම වෘත්තියකි. ගුරුවරු යටතේ සිප් සතර හදාරන සිසුන් රටක අනාගතය වේ. එබැවින් ගුරුවරයෙකු ලෙස ඔබ වෙනස් වීමට අකමැති නම්, එම ගුරුවරුන් විසින් අනිවාර්යයෙන්ම සමාජයට යහපතට වඩා හානියක් සිදු කරයි.
කෙසේ නමුත්, COVID-19 වසංගතය සම්පූර්ණයෙන් තුරන් කිරීම සහ අනාගත අර්බුද ඇති විය හැකි බවට ඇති අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගෙන, දුරස්ථ අධ්‍යාපනය තවදුරටත් ඉදිරියටත් රඳා පැවතීමට ඉඩ ඇත. එබැවින් ශ්‍රී ලංකාව සාධාරණ හා ගුණාත්මක දුරස්ථ ඉගෙනුම් අවස්ථා ලබා දීම වැඩිදියුණු කිරීම සඳහා වේගවත් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයන් ගත යුතුය.
මූලාශ්‍ර:-