

පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන භමිකාවට පණ දෙනුයේ ගුරු සිසු සබඳතාවයි. විදුහල්පතිවරයා ද මෙහි පාර්ශවකරුවකු වූවද ප්‍රධානම දෙකොට්ඨාශය ගුරුවරුන් හා සිසුන්ය. මෙහිදී විෂය මාලාවට අයත් විධිමත් අධ්‍යාපනය (Formal Education) මෙන්ම නොවිධිමත් අධ්‍යාපනය (Informal Education) මගින් ද සිසුන් දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර සමබර පෞරුෂයක් සහිත නිපුණතා සංවර්ධිත පුද්ගලයන් රටට, සමාජයට හා ලෝකයට දායාද කිරීම පාසල් අධ්‍යාපනයේ අභිමතාර්ථය වේ.
ශ්‍රී ලංකාව වැනි රටක අද ගුරුවරයාෙග් භූමිකාව පිළිබඳ අන් කවරදාටත් වඩා දීර්ඝ කථිකාවක් නිර්මාණය වී ඇත. පළමු වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා වන අධ්‍යාපනය නොමිලේ ලබාදෙන රටක් වශෙයන් ගුරුවරයාගේ වෘත්තීය තත්ත්වය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යයක් වේ. නොමිලේ ලබාදෙන මෙම අධ්‍යාපනය වෙනුෙවන් ජාතික ධනෙයන් විශාල මුදලක් වියදම් වන අතර එය අනාගත ආයෝජනයක් වන නිසා කවුරැන් ඒ පිළිබඳව විරෝධයක් නොදක්වා සිටී.
නමුත් අප රට තුල බලවත් ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ විධිමත් අධ්‍යාපනය හා වෘත්තීය සුදුසුකම් සහිත අය ගුරු වෘත්තිය තෝරා ගැනීමට මැලිකමක් දැක්වීමයි. මෙහි මූලාරම්භය වන්නේ 1994 පිහිටුවන ලද ශ්‍රී ලංකා ගුරු සේවය මගින් උපාධිධාරීන් හෑල්ලුවට ලක්වන ආකාරයට කටයුතු කර තිබීමයි.
1994 ට පෙර උපාධියක් ලැබූ ගුරුවරයා සහ ඉන්පසු උපාධියක් ලැබූ ගුරුවරයා අතර සැලකිය යුතු වැටුප් පරතරයක් ගුරු සේවය පිහිටුවීමේදී නිර්මාණය වී ඇත. මෙහිදී සමහරවිට ගුරු පුහුණුව හා උපාධිය යන දෙකම ඇති වඩාත් වැදගත් කොටසක් වන වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන්ට ඉතාම පහත් ලෙස සලකා කටයුතු කර ඇත. 1997 දී බී.සී. පෙරේරා කොමිෂම විසින් හා 06/2006 වැටුප් සංශෝධන මගින් මේ තත්ත්වය වඩාත් උග්‍ර තත්ත්වයකට පත් කර ඇත.
ගුරු සේවය ආරම්භයට පෙර විද්‍යාවේදී උපාධි ගුරුවරයා ගෞරව උපාධිධාරියකු ලෙස සලකන ලද අතර පන්ති සාමාර්ථයක් එම උපාධියට අඩංගු නම් ඔහු වැටුප් පියවර වල තවත් ඉදිරියට තබා ඇත. 1994 ගුරු සේවා ව්‍යවස්ථා මගින් මේවා සියල්ල එකවර අහෝසි කර ඇත.
මේ නිසා අද උපාධිධාරීන් (විශේෂෙයන්ම විද්‍යා සහ වාණිජ) ගුරු වෘත්තිය තෝරා ගැනීමට මැලිකමක් දක්වයි. විශ්වවිද්‍යාලයක සාමාන්‍ය කලා උපාධියක් ලබා ගැනීම සහ විද්‍යා උපාධියක් ලබා ගැනීම සමතැන්හි ලා සැලකිය හැකිද? එමෙන්ම රටකට අවශ්‍ය විද්‍යා මානව සම්පත ගොඩනංවන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු විෂයයන් ඉගැන්වීමට සුදුසු ගුරුවරුන් මෙම ක්ෂේත්‍රය අතහැර ඉහළ වැටුප් සහිත නව රැකියා අවස්ථා කරා ඇදී යාම නිසා අද බොහෝ ජාතික පාසල්වල පවා එම විෂයයන්ගේ පුරප්පාඩු පවතී.
ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙර ලතින් ගැන මෙන්ම ජෝන් ගැනද උගත යුතුය. ලංකාෙව් විශ්ව විද්‍යාලයකින් පිටවන උපාධිධාරීන් සමබර පුද්ගලයන් නොවේ. ඔවුන් යම් දිශාන්තයකට පමණක් යොමු වූ අය වේ.
නමුත් ඇමරිකාව වැනි රටවල උපාධිධාරියකුගේ උපාධියට අදාළ ප්‍රධාන විෂයයන්ට අමතරව අතිරේක විෂයයන් කිහිපයක් ද ඔවුන් හදාරනු ලබයි. මනෝ විද්‍යාව, ක්ෂුද්‍ර මූල්‍ය දැනුම, සන්නිවේදන කුසලතා, ක්‍රීඩා සහ පෞරුෂ වර්ධන, අභියෝගතාවයන්ට මුහුණදීම ආදිය ඉන් සමහරකි.
නමුත් අප රටේ එවැනි සමබර විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයක් නොලබන උපාධිධාරීන් බොහෝ විට රැකියා වියුක්තියකට ලක් වේ. ඔවුන් ආකල්පමය ලෙසද ශක්තිමත් නැති නිසා රජයේ රැකියාව අපේක්ෂා කරයි. මීට පවුල් පසු බිම් ද බොහෝ විට ඉවහල් වේ. බොහෝ විට දෙමාපියන් රජයේ රැකියාවක නිරත වූවන් නම් ඔවුන් සිය දරුවන්ව උනන්දු කරවන්නේ අභිෙයා්ග ජය ගැනීමට නොව කෙසේ හෝ රජයේ රැකියාවක් ලබා සිය ජීවනෝපාය සරිකර ගැනීමටය.
අධ්‍යාපනය විද්‍යාපීඨ සංකල්පය 1985 දී ආරම්භ වූ අතර මුල් අවධියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් යන්තමින් අහිමි වූ උසස් අධ්‍යාපන ප්‍රතිඵල සහිත ශිෂ්‍ය කණ්ඩායම් එයට ඇතුළත් කරගන්නා ලදී. වසර දෙකක නේවාසික විධිමත් පුහුණුවක් මගින් සමබර පෞර්ෂයක් ඇති ගුරුවරයෙකු නිර්මාණය කිරීමෙහි ලා මේ නේවාසික විධිමත් පුහුණුවක් ඉතා වැදගත් වේ. අ.පො.ස. (උ.පෙළ) විභාගයට එක්වරක් හෝ දෙවරක් පෙනී සිටි ඉතා තරැණ ජවයකින් යුතු ගුරැ අභ්‍යාසලාභීන් පමණක් සිටි නිසා මුල් අවධියේ මෙයින් පිටවන ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් මගින් (වසරක ප්‍රායෝගික පාසල් පුහුණුවක් ද සමග) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පුහුණුව මනෝවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක ක්‍රීඩා සහ වෙනත් විෂයය සමගාමී (ශිෂ්‍ය භට/ බාලදක්ෂ ආදී) දරුවාගේ පෞරැෂ වර්ධනයට අදාළ සියලුම ආකාරයේ පුහුණුවීම් ආදිය ඇතුළත් විය. නමුත් මේවාට ඇතුළුවන ගුරැවරයාට ඉන්පසු තම අධ්‍යාපනය උපාධියක් දක්වා ගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම සිදු නොවූ නිසා එකළ සැලකිය යුතු ගුරු අභ්‍යාසලාභීන් පිරිසක් මේවා හැර දමා යළි විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරා යොමු විය. (1988-94) සමහරු මෙම මාර්ග දෙකම සාර්ථක කර ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභී උපාධිධරයින් බවටද පත්විය. අදටත් එවැනි යම් පිරිසක් ගුරු සේවය තුළ සිටී.
විශ්ව විද්‍යාලයීය උපාධියක් ඇති පමණින්ම ඔහු/ ඇය ගුරු වෘත්තියට සුදුසු නොවන්නේ ලංකාවේ ඉහත කී උපාධිධරයා එක් අන්තයකට පමණක් දැනුම ඒකරාශී කර තිබීම නිසාය. අධ්‍යාපන විද්‍යා පීඨ ක්‍රමයට පෙර දෙවනි ගුරු විදුහල් ක්‍රමයද අසාර්ථක වූ යේ සෘජු පාසලට පත් කර යවන නුපුහුණු ගුරුවරයා දරැවන් සමග ගැටීමට සලස්වා කෙටි කලක් අත්හදා බැලීමකට ලක් කර ඔහුට ඉන් පසු ගුරු විද්‍යාල මගින් විධිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කිරීමයි. මෙයද අතිශය භයානක වන්නේ ඔහු/ ඇය ගුරු විද්‍යාලයට ඇතුළත් කිරීමට පෙර ලබාගන්නා අත්දැකීම් සඳහා ඇතැම් විට සිසුන් ගොදුරක් විය හැකි නිසාය.
වර්තමානයේ පාසල් තුළ අධ්‍යාපන විද්‍යාවේදී, විද්‍යාපති උපාධිලාභී (MSc, MED, M Phil) සුදුසුකම් සහිත ගුරුවරු අධ්‍යාපන කාර්යයෙහි යෙදුනද ඔවුන් ඇගයීමට හෝ ඔවුන්ට සුදුසු වැටුප් තලයක් නිර්මාණය කිරීමට හෝ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන බැවින් උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත ගුරුවරු දින දින මේ ක්ෂේත්‍රය හැරයන තත්ත්වයකට පෙළඹී ඇත. තවද නවක ගුරුවරු විශාල පිරිවැයක් දරා හෝ එම ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට මැලිකමක් දක්වති.
2007 වසරේ අ.පො.ස. (උසස් පෙළ) උත්තර පත්‍ර වර්ජනය කිරීමට උපාධිධාරී ගුරුවරු තීරණය කළ අතර මේ සම්බන්ධව උපරිමාධිකරණයේ දී එවකට අග්‍රවිනිශ්චයකාරතුමා දුන් තීන්දුවක් වූයේ ගුරුවරුන්ගේ ඉහළ සුදුසුකම් අනුව ඔවුනට අනුගතවිය හැකි සුපිරි පන්තියක් (Super Grade) නිර්මාණය කර එය අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියට වඩා ඉහළ වැටුප් පරිිමාණයක තබන ලෙස නියෝග කරන බවයි. අධ්‍යාපන පරිපාලන සේවයට අදටත් සමහරුන් විධිමත් උපාධියක් හෝ නොලබා ඇතුළත් වන නිසා එවකට පැවති තත්ත්වයද සලකා බලා ගරු අග්‍රවිනිශ්චයකාරතුමා මේ තීරණයට එළඹුනද අද දක්වා සියලු රජයයන් මෙයට මුනිවත රකිනු පෙනේ. බොහෝ ගුරු වෘත්තීය සමිති නියෝජනය කරන මහත්ම මහත්මීන්ද තමන්ට අවැඩක් වේ යයි සිතා 2007 වසරේ ගත් මේ තීන්දුව ක්‍රියාත්මක කරවීමට උනන්දුවක් නොදැක්වීම නිසා විශේෂයෙන් විද්‍යා උපාධිධාරීන් ගුරැ වෘත්තිය තෝරා ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවතී. එය ශ්‍රී ලංකාවේ දරුවන්ට අනාගත ලෝකය ජය ගැනීමට දරැණු බාධකයක් නිර්මාණය කරයි. රටක පාලකයන්ද මේ පිළිබඳව දක්වන්නේ ඉතාම ඇල්මැරුණු ස්වභාවයකි. මේ නිසා විධිමත් ගුරු පුහුණුව සහිත උපාධිධාරීන් පමණක් ගුරු වෘත්තියට බඳවා ගැනීමටත් ඔවුන් සඳහා විධිමත් උසස්වීම් පටිපාටියක් සකසා දීමටත්, ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කර දීමටත් කටයුතු නොකරනතාක් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය පරිහානිය කරාම ගමන් කරනු ඇත.
ඒ අනුව පහත මවිසින් යෝජනා කරනු ලබන්නේ
1.උපාධිධරයන්ට විද්‍යාපීඨ පුහුණුව ලබාදී ගුරු වෘත්තියට ඇතුලත් කරවීම.
2.විද්‍යාපීඨවලින් බිහිවන ඩිප්ලෝමාධරයන්ට උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව ලබාදීම.
මෙම දෙවර්ගයේ ගුරුවරු පමණක් ඉගැනුම් ඉගැන්වීම් කාර්යයට තෝරාගැනීමෙන් හා වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කර ගැනීමට ගුරුවරයාට ඉඩ විවර කිරීම මගින් වඩා ගුණාත්මක අධ්‍යාපන තතත්වයක් ලබාගැනීමට ලාංකික දරු පරපුරට අවස්ථාව සලසමු.