25 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

මායාවී – 08

Related Articles

යලි මංචනායක බංගලාවට ගියත් සිතූ කිසිවක් සිදු වූයේ නැහැ.. පිංකි සහ රයාන් පෙනෙන්නටවත් නෑ.. නිවසේ මෙහෙකරුවන් සුපුරුදු රාජකාරිවල නිතර වනවා.. මා යද්දි විල්සන් අයියා නිවාඩු ගිහින් තිබූ නිසා මට සිදුවූයේ ගොලුවකු සහ බිහිරකු ලෙස දවස ගෙවන්නට . පසු දා මංචනායක සමග ගමන් කිහිපයක් යන්නට සිදුවුවත් ඒ අතර තුර නිර්මාල් පිලිබද වදනක් හෝ ඔහු මගෙන් විමසුවේ නැහැ..

  දිවා ආහාරයෙන් පසුව විශේෂ කටයුත්තක් නුවූයෙන් මම මුරකුටිය වෙත ඇදුනේ විල්සන් අයියා පැමින ඇත්දැයි දැන ගන්නට....

“ විල්සන් අයියට උනලු…..ලබන සතිය දිහා එයි..”…….

මුරකුටියේ සිටි ජානක පැවසුවා….ඔහු වෘත්තියෙන් මුරකරුවෙක්..අද මෙම බංගලාවේ මුර සේවයට අදාල ආයතනය විසින් යොදවා ඇත්නේ ජානකවයි..මදක් ඔහු සමග fදාඩමලු වද්දි ඉංටකොම් දුරකනය නාද වූ හෙයින් ජානක ඊට එක්වුනා..ඒ අතර මම ඔහු බලමින් සිටි සිනමා සගරාවේ පිටු පෙරලා බල්න්නට උනේ කල යුත්තක් නැති නිසා….අවසන් පිටුව දුටු සැනින් මගේ සිත තැති ගත්තා..

“..නිරූපනයෙන් රංගනයට එන්නට සිහින මවන නිර්මාල් දේවින්ද..”

පිටුව පුරා වූ ඡායාරූප දුටු සැනින් මට එදා පිංකි හමුවු තරුනයා හදුනා ගන්නට අසීරු වූයේ නැහැ….මම උනන්දුවෙන් ලිපිය කියැවුයේ නිර්මාල් ගැන තොරතුරු දැනගන්නට……

”..මූ දැන් ටෙලි ඩ්‍රාමාස් වලටත් එන්න යනවලු නේද..ඕක මොඩ්ල් කෙනෙක්..”

ජානක පැවසුවා….ඔහු ටෙලි නාට්‍යය චිත්‍රපට පිලිබද විශාල උනන්දුවක් ඇති අයෙක් බව කතාබහෙන් වැටහුනා….චිත්‍ර ශිල්පය හැරුනු කොට මා ප්‍රියකලේ සිත නිවන සම්භාව්‍ය සංගීතයට….චිත්‍රපට නරඹා තිබුනත් ටෙලි නාට්‍යය පිලිබද වැඩි උනන්දුවක් මා තුල තිබුනේ නැහැ…එහෙත් නිර්මාල් ගැන වැඩිදුර දැන ගැනීමට ඇති උනන්දුව නිසා මමත් ජානකගේ කතාවට එක් වුනා…

“..මම මූව දන්නවා…ඕක අපේ බෝඩිමට එහා තියෙන ජිම් එකට එනවා…මම මූව හොදට දන්නවා..ඕක හෙන කොබා..වටේටම කෙල්ලො…ඕක හෙන සල්ලි කාරයෙක්ගෙ දුවක් සෙට් කරගෙන හොදට ගරා ගත්තලු..කේස් එක මාට්ටුවෙලා..මොකක් හරි ලොකු අවුලක්..දවස් කීපයකින් මූව දැක්කේ නෑ……”

ජානක කියාගෙන කියාගෙන ගියා…
“…සල්ලි කාරයෙක්ගෙ දුවක්…..කවුද දන්නේ නෑ…….”

“..ඒකනං දන්නේ නෑ…….මුං වගෙ එවුංට කෙල්ලො රැවටෙනවනේ…..”

“.සල්ලි කාරයො ටිකක් දරුනු අය..කෙල්ලගෙ අය මූව මරලද දන්නේ නෑ…..”

“.එහෙම නං ආරංචි වෙනවා……”…

ජානකගෙන් සගරාව ඉල්ලා ගත් මම යලි කාමරයට ආවා…..නිර්මාල්ගේ සම්මුඛ සාකච්චාඡ කියෙව්වත් විශේෂ තොරතුරක් දැන ගන්නට ලැබුනේ නැහැ.. කලින් පෙම්වතියක් සිටි බවත් ඇය තමන්ව හැර ගිය බවත් සුදුසු කෙනෙකු හමු වූවොත් යලි පෙම් කරන බවත් එහි සදහන් කල තිබුනා….ජානක කී ලෙසම මොහු ස්ත්‍රී ලෝලියකු විය යුතුයි….මෙබදු ප්‍රකාශ අහිංසක යුවතියන්ගේ සිත් දිනා ගැනීමට විය යුතුයි..නිර්මාල් සහ පිංකි අතර ඇසුරක් ඇතිබව සක් සුදක් සේ පැහැදිලි වුවත් එය විවාහයක් දක්වා දුර යන එකක් නම් වන්නට බැහැ..මේ කපටියා පිංකිගේ අහිංසක සිතට බලාපොරොත්තු දී ඇගෙන් සල්ලි කඩා ගන්නා අයකු විය යුතුමයි.. මොහුගෙන් පිංකිව බේරාගන්නේ කෙසේදැයි මා සිතුවා.. මද වේලාවකින් සගරාව යලි ජානකට දුන් මම ඔහුගේ ජංගම දුරකතනය ඉල්ලා ගත්තේ නිර්මාල්ගේ සැබෑ තතු පිංකිට හෙලිදරව් කරන්නට එය අවශ්‍ය විය හැකි යයි සිතුනු නිසා…..

පසු දිනයේ යලිත් පිංකි සමග ගමනක් යන්නට අවස්තාව මා හට උදා වුනා.. මංචනායක නිවසට පැමින දින කිහිපයක් ගෙවී ගියත් පිංකි සමග ගමනක් යන්නට ලද දෙවැනි අවස්තාවයි මේ…මම කලින් දාටත් වඩා හැඩ වැඩට සැරසී ගමනට එක්වුනා…හා හා පුරා හමු වූ මොහොතේ මසිත රිදවුවත් දවස නිමවා වාහනයෙන් බැස යද්දි පිංකි තුලින් මතු වූයේ කාලාන්තරයක් ඇසුරු කල මිතුරියකගේ හැසිරීම්.. ඇගේ සිතේ මා ගැන යම් ස්නේහයක් ඇතැයි යන බොලද විශ්වාසය තමවත් සිත පතුලේ හොල්මන් කරනවා…..

“…ගුඩ් මෝනිං පිංකි බේබි….”

   ඇය වාහනය කරා එද්දි මුවපුරා හිනැහී මා පැවසුවත් මගේ මුහුන දෙස හෝ නොබැලූ පිංකි “මොනිනං..”කියා වාහනයට නැග්ගා....ඉන්පසු ඇය සිය ජංගම දුරකතනට එකතු වුනා.....යා යුතු තැන් පිලිබද උපදෙස් දෙනු විනා ඉන් එහා කිසිවක් ඈ වෙතින් අසන්නට ලැබුනේ නෑ..

   අප යලි එමින් සිටියදී මාර්ග තදබදය සහිත ජනාකීර්න නගරයේ මදකට වාහනය නවතන්නට වූයේ මාර්ග එලි දැල්වෙන තුරු..පිංකි සිය ජංගම දුරකතනයේ ලොකු වැඩක්..වටපිට බලමින් සිටි මට ප්‍රති විරුද්ද දිශාවෙන් දුටු වේ අපේකෂා නොකල දසුනක්..සුවපහසු වාහනයේ රියදුරු අසුනේ සිටින්නේ නිර්මාල්..ඔහුගේ උරතලයේ හිස රදවා සිටින්නේ සුන්දර නව යෞවනියක්..


   “.. බේබි......අන්න එදා හම්බවුන නිර්මාල් මහත්තයා......=”
    මට කියැවුනේ ඉබේටම.. පිංකිගේ සිතේ නිර්මාල් පිලිබද වූ ස්නේහය කඩා බිද දමන්නට වූ වියරු ආශාව මගේ මුවගුළු විවර කලා විය යුතුයි..මුහුන ඔසවා බැලූ පිංකි වාහනයේ වීදුරුව විවර කර බැළුවා..සැනෙන් නිර්මාල්ගේ දෑස් ඇගේ දෑසේ ගැටුනා..ඊලග නිමේෂය කෙසේ වේදැයි මම බලා සිටියා...පිංකි සුහදශීලි ලෙස ඇත වැනූ අතර නිර්මාලද පෙරලා අයට අත වැනුවා....යා යුතු බව සංඤා එලි කියද්දි මම යලි ගමන ආරම්බ කලා...

    “... එයා නිර්මාල් නේද.....එයා නලුවෙක් නේද.......”

    ”..ඔවු එදා මට එයා හම්බු වුන එක තාත්තිට කිව්වද....=

“..නෑ මම කිසි දෙයක් කිව්වේ නෑ…

ඉන්පසු යලි අප අතර ඇතිවුයේ නිහැඩියාවක්...මා සයිඩ් කන්නාඩියෙන් එබී පිංකි දෙස බැලුවා..ඇය මුහුනුපොතේ යමකු සමග කෙටි පනිවිඩ යවා ගන්නවා...ඒ මුහුනේ ඉදහිට සිනා මැවෙනවා.. මේ ඇමතුම් නිර්මාල්ට හෝ අඛිලට නොවන බව ස්තීරයි..එසේනම් මේ මොහොතේ ඈ සමග එක්ව සිටින්නේ නිර්මාල් සහ අඛිල දෙදෙනාටම වඩා සුවිශේෂි අයෙක්ද....නිර්මාල් පිංකිගේ පෙම්වතා නම් ඔහු වෙනත් යුවතියකට තුරුළු වී යනු දුටු විට කිසිදු සසලබවක් ඇති නුවූයේ ඇයි..අඛිල ඇගේ පෙම්වතා නම් පසුගිය දින කිහිපය පුරා අතුරුදන්ව ඇති පෙම්වතා ගැන දුකක් හෝ බියක් ඈ තුලින් නොපෙනෙන්නේ ඇයි....පිංකි යනු සැබැවින්ම තේරුම් ගනු අසීරු මායාවියක්මයි..කවුරුන් කෙසේ කීවද තවමත් පිංකි හට පෙම්වතකු නැතුවා විය යුතුයි.. දෛවෝපගත ලෙස දිනක ඇය මගේ සෙවනට එනුනට බැරි නැහැ....බොලද සිතිවිලි අතර සරමින් මම මංචනායක නිවස කරා ආවා....ම හට “ යන්නම් ” කියන්නේවත් නැතිව පිංකි වාහනයෙන් බැස ගියා..

පසුදින විල්සන් අයියා යලි පැමිනුනා….ඔහු හමු වී සුවදුක් විමසු මම නිරමාල් යුවතියක හා සිටියදී අහම්බෙන් පිංකිට හමු වූ ආකාරයත් දෙදෙනා ඔවුනොවුනට දැක් වූ පුදුම හිතෙන් ප්‍රතිචාරයත් ඔහුට කිව්වා…..

“..තමුසෙට ඔව්ව පුදුම සිද්දි උනාට…නිර්මාල්ල පිංකිල වගෙ අයට ඔව්ව පුදුම
දේවල් නෙවෙයි….“

”…ඒ කිව්වේ…..

“..ඒ කිව්වෙද……මේව කිව්වොත් තමුසෙ පුදුම වෙයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles