29 C
Colombo
Sunday, May 28, 2023
spot_img

Subscribe

Date:

Share:

මායාවී – 06

Related Articles

                                     
          

   කවදා හෝ නොවූ ප්‍රබෝධයකින් උදෙන්ම අවදි වූ මම ගමනට සැරසුනා..මේ යන්නේ පිංකි බේබිගේ රියදුරු ලෙස නොවේ...මේ මගේ ආදරවන්තිය සමග යන කුළුදුල් ගමනයි.. ඊට සුදුසු ඇදුම කුමක්දැයි මා සිතුවේ ඊයේ රාත්‍රියේ පටන්මයි.. ඇදුම් තෝරද්දි මගේ සිහියට ආවේ නෙතුකිව..

   “.. මේ කහපාට ටී ෂර්ට් එකයි නිල් ඩෙනිමයි දෙකට සන්දේෂ් අයිය මාර 
   හැංඩියි....නළුවෙක් වගේ......”

   ඒ නෙතුකි නිතර කියන දෙයක්.. ඇයට විහිලු කරමින් බැන වදිමින් රිදවුවත් ඒ වදන් අසන්න සිත තුල කැමැත්තක් තිබුනා...ගැහැනියකගේ මුවින් රුව වර්නනා කරනු අසන්නට ඕනෑම පිරිමියකු කැමතියි...මම ඒ ඇදුමින් සැරසී සුවද විලවුන් හලාගෙන වාහනය අද්දරට එද්දි 9 පහුවෙලා විනාඩි 30 ක් විතර ඇති.. කාලය තත්පර ලෙස ගෙවී යනවා.. ඔරලෝසුවේ කටු මෙතරම් සිමින් ගමන් කල දවසක් මට මතක නෑ...මම මගේ සිහින කුමාරිය එනතුරු පෙරමග බලා සිටිනවා...

  ඊලග නිමේෂයේ පිංකි පැමිනියා.....රතුම රතු සුසිනිදු ගවුමකින් සැරසිලා රතුපාට පාවහන් යුවලක් පැලද රිදී පැහැ හෑන්ඩ් බෑගයක් උරදරා මවෙත පියමනින ඇගේ කෙටි කෙස්වැටිය දඩබ්බර ලෙස සුලගේ සැලෙනවා..සුදුම සුදු යුවතිය රතු ගවුමින් හැඩවුනාම හරියට රතු රෝස මලක් වගේ....මගේ මුහුන දෙසවත් බලන්නේ නැතිව ඇය පිටුපස අසුනේ වාඩිවුනා.......

 “....කොහාටද යන්නේ පිංකි බේබි....”

 රියදුරු අසුනේ වාඩිවෙමින් මම ඇසුවා..

 “.. ඉස්සර වෙලාම වාහනේ ස්ටාට් කරගෙන ගමන පටන් ගන්නවකෝ.. යන 
  දිහා කියන්නම්......”

 රුවැති රතුරෝස මලක් අග නටුවේ රුදුනු කටු කෙතරම් විෂදැයි මට සිතුනේ හා හා පුරා ඇගෙන් පිට වූ නපුරු වදනින්...මම නිහඩවම වාහනය ගෙට්ටුවෙන් එලියට ගෙන අතුරු පාර දිගේ ගොස් ප්‍රධාන පාරට දැම්මා..දුරකතනය ඔබමින් සිටින පිංකි මදෙස නොබලාම “දකුනට..” කියද්දි මම ඇයට කීකරු වුනා...දිගටම යද්දි  විටින් විට යා යුතු මග කීවත් පිංකි නිකමට හෝ මදෙස බැළුවේ නැහැ.. නගරයට පැමිනි වාහනය විශාල රෙදි සාප්පුවක් ලග නතර කලේ පිංකිගේ විධානයෙන්...ඇය වාහනයෙන් බසිද්දි මමත් වාහනයෙන් බසින්නට උත්සහ කලා පමනයි නැවතත් රුදු වදන් වැලකින් සිත කීරි ගැසී ගියා..

 “.. තමුසෙ කොහෙද යන්නේ....”

 “.. සර් කියල තියෙන්නේ පිංකි බේබි ලගම ඉන්න කියලා....”
“.මේකේ තියෙන්නෙ ලේඩීස් අයිටම්...ගර්ල්ස්ල එක්ක මේකට යන්නේ එයාගෙ තාත්ත හරි අයිය හරි බෝයි ප්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි...ඩ්‍රයිවර්ල මේකට එක්ක යන්නේ නෑ.....තමුසෙ තාත්තිට කියනව මම එහෙම කිව්ව කියලා....” 

  එසේ කියමින් පිංකි ගොඩනැගිල්ල වෙත දිව ගියා...සිත කීතු කීතු වලට ඉරා දැමුවා සේ දැනෙනවා....මගේ සිතැගි පිංකිට වැටහුනාද...මම ඇගේ රියදුරු මිස පෙම්වතා නොවන බව නපුරු ලෙස හැගවූයේ ඒ නිසාද..සිතට දැනුනේ උහුලනු බැරි දුකක් වුවත් මින් පසුව ඇය ඉදිරිපිට මගේ හැසිරීම ගැන සැලකිලිමත් විය යුතු බව මම සිතා ගත්තා...

  පැය භාගයකට පමන පසු බඩු මළු කිහිපයක් රැගෙන පිංකි එලියට ආවේ තරුනයෙක් සමග....බැළු බැල්මට ඔහු අඛිලටත් වඩා කඩවසම් අයෙක්.. අපේ වාහනයට මද දුරකින් නවතා තිබූ වාහනයට තරුනයා නගිද්දි පිංකි වාහනය වෙත ආවා....ඇගේ විධානයත් සමග යලි වාහනය පන ගැන් වූ මා ඈ කී මග ඔස්සේ ඉදිරියට ඇදුනා...නාදුනන තරුනයාගේ වාහනයත් අප වාහනය පසුපස එනවා...ඔහු රථය පදවන්නේ දුරකතනය කන තබාගෙන....දුරකතනයේ රැදී පිංකිගේ මුව පුරා ඇදී ඇත්තේත් ප්‍රේමාන්විත බවක්...දෙදෙනා දුරකතනයෙන් අමතන බව පැහැදිලියි....ඊලග නිමේෂයේ අවන් හලක් අද්දර වාහනය නැවතූ පිංකි අවන්හලට ගොඩවද්දී තරුනයාත් වාහනය නවතා අවන්හල වෙත ඇදුනා...කෙලවර මේසයකට වී ලං වී මුමුනමින් අයිස් කෝපි දෙකක් තොලගාන පිංකි සහ තරුනයා වෙතින් මතුවන්නේ පෙම්වතුන් යුවලකගේ ඉරියව්.. වසා ඇති වීදුරුව තුලින් එදෙස බලා සිටන මගේ සිත උබතෝකෝටික පැනයක මැදිවෙලා.. මේ සිටින්නේ පිංකිගේ පෙම්වතාද...එසේනම් අඛිල යනු පිංකිගේ කවුද...?..කිසිවත් සිතා ගන්නට බැහැ......මද  වේලාවකින් පිංකි සහ නාදුනන තරුනයා යලි තම තමන්ගේ වාහන වෙත ආවා...අපේ වාහනය පසුපස මද දුරක් පැමිනි තරුනයා වෙනත් හරස් පාරක් තුලින් නොපෙනී ගියා...සයිඩ් කන්නාඩිය තුලින් පෙනෙන පිංකිගේ මුහුනේ ඇත්තේ උදයේ නුවූ ප්‍රබෝධමත් බවක්..නිහඩවම සිය දුරකතනයෙන් මහුනු පොතේ කා සමග හෝ කතා බහක යෙදී ඇති බවක් පෙනෙනවා....ඊලග මොහොතේ ඇගේ දුරකතනය නාදවුනා.....මුව පුරා වූ සොදුරු බව අදුරින් වැසී යද්දි නෝක්කාඩුවෙන් දුරකතනට එක් වූ පිංකි කතා කලේ මදක් උස් හඩින්.....ඒ නිසා ඇගේ කතාබහ මට ඇසුනා..

  “රයාන් අයියා.....කොහොමද......ලංකාවට එනවා......හදිස්සියෙම......ආ... එහෙමද.....මම වෙහිකල් එකේ......නෑ අපේ ඩ්‍රයිවර් එක්ක....පැහැදිලිව ඇහෙන්නේ නෑ.....ගෙදර ගිහින් ගන්නම්....”

  ඇමතුම විසන්දි කල පිංකි වෙතින් මතුවුනේ දුක්බර බවක්.......ඇය නිහඩව වීදුරුවෙන් ඈත බලා සිටිනවා....එක්වරම ඉදිරිපස බැළු පිංකි සයිඩ් කන්නාඩිය තුලින් එක එල්ලේ ඈ දෙස බලා සිටින මාව දුටුවා....

“….කොහේ බලාගෙනද ඩ්‍රයිවිං කරන්නේ…..”

“ලොකු සර් කියල තියෙන්නේ පිංකි බේබිව බලාගන්න කියලා..බේබි ලොකු අප්සට් එකකින් ඉන්නව දැක්ක හිංද බැලුවේ ප්‍රශ්නයක්ද කියලා…”
මා කී දෙයට ඇගෙන් සිත් රිදවන ප්‍රතිචාරයක් අපේක්ෂා කලත් පිලිතුරු දෙනු වෙනුවට පිංකි කලේ නිහඩව ඈත බලාසිටීම පමනයි..නොසිතූ නිමේෂයක ඇගේ හඩ අවධිවුනා….

“…සන්දේශ් කිව්ව නේද නම……”

“..ඔවු පිංකි බේබි…”

“..ඩ්‍රයිවර් කෙනෙක් වුනේ ඇයි…..අපරාදේ නළුවෙක් වෙන්න තිබුනනේ…..”

පිංකිගේ වදන් දෙසවනින් ඇතුළු වී සිරුරේ නහරයක් පාසා යන්නා සේ දැනුනා…මා නළුවකුට සරිලන කඩවසම් රුවක් ඇත්තෙක් බව මිතුරන් සේම ඇතැම් යුවතියන්ද පවසා තිබුනා..මගේ රුව ගැන මා තුලත් යම් ආත්ම විශ්වාසයක් තිබුනා….එහෙත් ආදරය කරන යුවතියගේ මුවින් නළුවකු තරම් කඩවසම් අයෙක් බව ඇසේදි සිතට දැනුනු ප්‍රීතිය අනන්තයි..

“යාළුවෙකුගෙ තාත්ති කෙනෙක් ඉන්නවා ටෙලිඩ්‍රාමා ප්‍රඩියුසර් කෙනෙක්.. එයාට කියලා ටෙලි ඩ්‍රාමා එකක රගපාන්න චාන්ස් එකක් අරන් දෙන්නද….”

පිලිතුරක් දෙනු බැරිව මගේ මුව ගොළුවෙලා…

“….අයියෝ…..ඔහොම ලැජ්ජා වෙලා නළුවෙක් වෙන්න බෑ….ලව් සීන් එකක්
කරන්න උනොත් නිලිය ලගට එද්දි දුවලා යයි…”

මවා පෑ නපුරු කම් දියැවී හුරු පුරුදු කෙලිලොල් බව තුලින් මේ මතුවන්නේ ඇගේ සිතේ මා ගැන වූ ආදරය විය යුතුයි..සතුට උහුලනු බැරිව මහ හඩින් කෑ ගසන්නට මට සිතුනා…..මද වේලාවකින් අපි මංචනායක නිවසට ආවා..

“තාත්ති දවසේ විස්තර අහයි..ඕනෑනැති දේවල් එහෙම කියල තිබුනොත්
දෙන්නේ ඔළුව හිල් වෙන්න ටොක්කක් …..”

සුරතල් ලෙස කියමින් පිංකි නිවසට දිවගියා…ඇය නොකියා කියන්නේ හමු වූ තරුනයා ගැන පියාට නොකියන ලෙස නොවේද..මා නළුවකට සමාන කරමින් දුන් මානසික අල්ලස ඒ අරමුන වෙනුවෙන්ද…එහෙත් දැන් පිංකිට අකීකරු වී ඇගේ සිත රිදවන්නට බැරි තරමට මා ඇගේ වහලකු වී අවසන්. පැය බාගයක් යන්නට මත්තෙන් මංචනායක මට දුරකතන ඇමතුමක් දී දවසේ විස්තර විමසුවා.. නාදුනන තරුනයා ගැන සගවා ගමන් විස්තර කී දුරතකතනයෙන් ඇමතූ රයාන් ගැන පැවසුවේ ඔහු ගැන පැහැදීමක් පිංකි තුල නැතිබව වැටහුන නිසායි..

“රයාන් කියන්නේ පිංකි බදින්න ඉන්න කෙනා..එයා කතාකලාට කමක්නෑ.“

මංචනායකගේ වදන් උනු ඊයම් බරුවක් මෙන් සවන් වෙත පහත් වුනා..

හත්වැනි කොටසින් සන්දේශ් දවසින් දවස අලුත් අත්දැකීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles