31 C
Colombo
Friday, June 9, 2023
spot_img

Subscribe

Date:

Share:

“හන්තාන දෙසින් එන”

Related Articles

සෑම හමුවීමක්ම හිමිවීමක්ම නොවන්නා සේම සෑම වෙන්වීමක්ම සමුගැනීමක්ද නොවේ..

හන්තාන දෙසින් එන
මුදු සීත පවන් රැලි
ඔබ තාම හොදින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල් වූ
මම බෝම ප්‍රවේශම් කරගන්නම්…..

සන්සාර පුරුද්දටදෝ මංදා
ගංගාව සෝකයෙන් වැලපෙනවා….
මං තාම මහවැලි ගං ඉවුරේ
වැලිපාර දිගේ හවසට යනවා……

තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර නුඹ කොතැනක හෝ
එහි හිදිනු ඇතැයි නිකමට හිතුනා….

ගී පද – සුදත් ගාමිණී බණ්ඩාර

සංගීතය – ගුණදාස කපුගේ

ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

             
                                         
   ආදර කතාන්දර ආදරය තරමටම සුන්දර නැහැ...ආදරයෙන් බැදුන දෙසිතක් සසර පුරා එක්ව හිදින්නට පැතුවත් ඒ පැතුමන් සෑම විටම ඉටුවන්නේ නැහැ...සිත පුරාවට සොදුරු හීන  පූදමින් සුපිපෙන ප්‍රේමයන් කදුලින් නිමාවන අවස්තා අනන්තයි අප්‍රමානයි..ඉන් පසුව බිදීගිය ප්‍රේමය අද්දර ජීවිතයම නවතිනවා... ඒ නැවතුම ලග සදාකාලයටම නතර වෙන අය ඒ ප්‍රේමයේ සිහිවටන මහාර්ඝ වස්තූන් මෙන් සිතින් ස්පර්ශ කරමින් ඒ මතකය තුලම ජීවිතය ගෙවා දමනවා....තවත් සමහරු සමුගත්තු ප්‍රේමය ඇහැට එක්කල කදුල පිස දා අලුත් ඉරක් යට අලුත් ගමනක් යනවා....ඒ යන ගමනෙදි කාලයත් එක්ක විවිධාකාර හැල හැප්පීම් අතර ජීවිතය දෝලනය වෙද්දි සියලු මතක හිතේ අහුමුලු අතර හැංගිල යන්න පුලුවනි...ඒත් සැබෑවටම පෙම්කල කිසිවකුට හිත පතුලේ අදුරු අහුමුළු අතර හැංගුන මතකයන් සහමුලින්ම මකාලන්නට බැහැ...සැබෑ ආදරයක මතක සුවද කිසිදු දිනෙක මැකී යන්නේ නැහැ...අතීත ආදර කතාවේ සොදුරු සැමරුම්  හැංගිල තියෙන සදානුස්මරනීය ඉසව්වකට අහම්බෙන් හෝ පය ගහන්නට උනොත් දිය යට ඔබාගෙන හිටපු රබර් බෝලයක් මතුවන්නාක් මෙන් සියළු මතකයන් සැනෙන් මතුවනවාමයි.. එය ඔබට මට අප සැමට පොදු අත්දැකීමක්.. 

   අද මම ඔබ වෙත ගෙන එන්නේ එවන් ප්‍රේමනීය මතක ආවර්ජනයක් පිලිබද ලියැවුනු ගීතයක් ..සුගත් ගාමිනී බංඩාර රචනා කල ගුනදාස කපුගේ සංගීතවත් කල කරුනාරත්න දිවුල්ගනේ ගායනා කල මේ ගීතය සුන්දර කදුකරය තේමා කරගෙන ලියැවුනත් ඉන් එහා ඉසව්වක සිටින අයෙකුට වුවත් මොහොතකට හිත යට හැංගුනු පෙම් සිහිවටන සිහි ගන්වන බොහොම අපූරු ගීතයක්    ... 

   හන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි
   ඔබ තාම හොදින් හදුනනවානම්
   මේ පාන ඔබේ සුරතින් දැල් වූ
   මම බෝම ප්‍රවෙශම් කරගන්නම්.......

   රචකයා ගීතයට පිවිසෙන්නේ බිදිගිය පෙම් කතාවක මතකයන් වැලලුනු ඉසව්වක් පිලිබද ඉගි කරමින්... හන්තානය තේමා කරගත්තු ගීතය  මුල් කරගෙන බැදුනු බිදිගිය පෙම් කතාවක් තමයි ගීතයට පාදක වී තිබෙන්නේ....කලකට පෙර මේ ආදරනීය පෙම්වතුන් සුන්දර කදුකරයේ සිහිල් සුලං අතර හුදකලා වන්නට ඇති..දලදා සමුදු අබියස පහන් දල්වා සසර පුරා ලංව ඉන්නට පතන්නට ඇති.. ඇගේ සුරතින් එදා දැල් වූ පහන සිහිවටනයක් ලෙස ඔහු ලග තබා ගන්නට ඇති.. ජීවිතයම ආදර දෑතකින් එලි කරගන්නට ඔහු සිහින මවන්නට ඇති..එහෙත් හිමි වන්නට වරම් නොලද නිසා දිනෙක දෙදෙනා වෙන්ව යන්නට ඇති.. එදා ඉතිරි වූ සිහිවටන තවමත් ඔහු ලග රැදී තිබෙනවා..“මේ පාන ඔබේ සුරතින් දැල් වූ.මම බෝම ප්‍රවේශම් කරගන්නම්...”යනුවෙන් සදහන් කරන්නේ එයයි..එතැනදී ඔහුගේ මතක සිහිවටන ලග තවමත් තියෙන පහන පිලිබදව පමනක් නොවෙයි කියැවෙන්නේ..ඒ ප්‍රේමය ජීවිතයට එක්කල සියළු මතක සදාකාලිකවම ජීවිතය අද්දර සුරුකිව තිබෙනවාය කියන කාරනයත් යටි පෙලක් විදියට ඒ තුල සැග වී තිබෙනවා....

   සන්සාර පුරුද්දටදෝ මංදා
   ගංගාව සෝකයෙන් වැලපෙනවා......
   මම තාම මහවැලි ගං ඉවුරේ
   වැලිපාර දිගේ හවසට යනවා......

   ආදරනීයයන් හමුවන ඔවුන්ටම වෙන් වු තැන් තියනවා...මේ ආදරනීයයන් හමු වී fදාඩමළු වූයේ මහවැලි නදී ඉවුf්රදියි....දෙදෙනා අතිනත පටලා ඇවිද ගිය වැලිපාර දිගේ තවමත් ඔහු ඉදහිට ඇදෙනවා....එහෙත් තනියම...ඒ මොහොතේ ඔහුගේ සිතැගි අපූරු උපමාරූපක යෙදුම් තුලින් ගීතයට එක්කොට තිබෙනවා.අපේ ජීවිතයට ලංවන අය අනන්තයි අප්‍රමානයි...ඒත් ඒ හැමෝටම හිත අද්දර නවතින්නට බැහැ..මේ විදියට හිත නවතාලිය හැක්කේ සසර බැදීම් වලට බව බොහෝ අය විශ්වාස කරනවා..ඇතැම් විට මෙබදු සසර බැදීම් අහඹු ලෙසින් ජීවිතයේදි හමුවිය හැකියි..දෛවයේ කුරිරු ලියමන නිසාදෝ එවන් අය හමුවන්නේ හිමි වන්නට නොව අහිමි වන්නටමයි..මේ දෙදෙනාගේ හමුවීමත් එවැන්නක් විය යුතුයි..දෙදෙනා ආදරයෙන් ලං වී හුන් ගංතෙර සිටින විට අද ඔහුට ඒ ගංගාවේ හඩ ඇසෙන්නේ විලාපයක් ලෙසින්.. 

  ඒ තුල අදහස් දෙකක් මා දකිනවා.. “ සසර පුරා ලං වී හුන් අප වෙන් වූ දුකට ගංගාවත් හඩා වැටෙනවා..” යනු ඉන් එකක්.. ස්වාභාව ධර්මයේ සිදුවීම් ජීවිත අත්දැකීම් හා බද්ද කරගැනීම බොහෝ නිර්මාන තුල දැකිය හැකියි.. මෙයත් එබදු අවස්තාවක්.. 

  මේ තුල ඇති අනෙක් අදහස ලෙස මා දකින්නේ ගංගාවේ විලාපය පරාජිත ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලන්නට  යොදාගත් අවස්ථාවක් ලෙසයි...“සසරේ බොහෝ විට හමු වූ ඔබ අහිමි වූවා..” යන පරාජිත හැගීම වෙනුවට “මේ වෙන්වීමත් සසර හුරුවක් විය හැකිය..” යන උපේක්ෂා සහගත සිතිවිල්ලෙන් ඔහු හිත හදාගන්නවා.. ඛේදවාචකයන් ලෙසින් අවසන් වන බොහෝ පෙම් බැදුම් අප දැක තිබෙනවා..එතැනදී එම අදහස තුලින් ගීත රචකයා ගෙන එන්නේ වටිනා  සමාජ පන්විඩයක් ...

    තනි වී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා

    කදුකරය සහ දලදා පෙරහැර අතර ඇත්තේ බිද දැමිය නොහැකි බැදීමක්.. ඤාති හිත මිත්‍රාදීන් හා එක්ව දලදා පෙරහැර නරඹන්නට යාම උඩරුටියන්ගේ පමනක් නොවෙයි සමස්ත ශ්‍රී ලංකේය ජනතාවගේම සිරිතක්.. ආදරනීය පෙම්වතුන්ටත් මේ ගමන සුවිශේෂයි.. අනුරාගය මුල් කරගත් පේ්්‍රමනීය බැදීම උයන් වතුවල අදුරු අහුමුළු ලග නතර වුවත් සැබෑ පෙම්වතුන් හුදකලා වන්නේ ආත්මීය බැදීම් වර්ධනය වන තැන්වලයි....ගීතයේ පළමු කොටසින් මේ දෙදෙනා දලදා වැද පහන් දැල් වූ අයුරු කියැවෙද්දි fදැවැනි අන්තරා කොටසින් කියැවෙන්නේ දෙදෙනා පෙරහැර නැරමූ ආකාරයයි.....මොවුන් අතර පැවති නිර්මල පිවිතුරු ප්‍රේමය මේ තුල සැගවී ඇති බවක් දකින්නට පුලුවනි....අතීතයේ දිනෙක එක්ව සිය ආදරයත් සමග එක්ට හිද පෙරහැර නැරඹූ ඔහු අද ඒ ආදරය හිත දරාගෙන හුදකලාවම පෙරහැර නරඹනවා.....දෙනෝදාහක් අවට රැදී සිටින මොහොතක වුවත් හිතට ලංව හුන් අයකු ගව් ගනනක් දුරස් නම් දැනෙන හුදකලාව කෙබදුදැයි ඔබ මා කවුරුනුත් ජීවිත්යේ එක් වරක හෝ විදි අත්දැකීමක්..ඒ අත්දැකීමයි ගීත රචකයා මින් මතු කරන්නේ......

   මහ සෙනග අතර නුඹ කොතැනක හෝ...
   එහි හිදිනු ඇතැයි නිකමට සිතෙනා......

   පදපෙල අවසන් වන්නේ එලෙසින්.....මේ තුල තවත් සැගවුන් කතාන්දරයක් රැදී තිබෙනවා...කලකට පෙර හිමි වූ අද අහිමි වූ ප්‍රේමයක් ජීවිතයටම බද්ද වී පවතියි නම් සිත නිරන්තරයෙන් අපේක්ෂා කරනුනේ ඒ දෑස අහඹු ලෙස හෝ දකින්නටයි... ගීතයේ පලමු කොටසේ “ හන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි ඔබ තාම හොදින් හදුනනවා නම්..” යනුවෙන් දක්වා ඇත්තේත් “ අපගේ මතකයක් මා ලග සේම ඔබ ලගත් ඇතිද...” යන කරුනයි..  තමන් පෙම් කරන අයෙකු පෙරලා තමන්ටත් එලෙසම පෙම් කරනු දැකීමේ ආත්මාර්තකාමී ලෝබකම පේ්්‍රමයට බොදු හැගීමක්.. මේ ගීතයේ සදහන් පෙම් යුවල සමුගෙන බොහෝ කාලයක් ගෙවී ඇති වා වන්නට පුලුවන්.. ඇතැම්විට මේ ප්‍රේමය අද අන්සතු වී තිබෙනවා වන්නටත් පිලිවන්.. එහෙත් “ මට සේම ඔබටත් අපේ මතකය දැනෙනවා..” කියන සිතිවිල්ල මේ හුදකලා සිතට කෙබදු අස්වැසිල්ලක් ඇති කරනවාද..එය කෙතරම් අහිංසක ආදරයක්ද කියන කරුන මේ තුලින් මතුවනවා.....


                      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles