



ඇය සහ ඔහු අතර ක්ෂණිකවම එකිනෙකා හා ආදරයෙන් බැඳෙන්නට සෙන්ටිමීටරයක පවා පරතරයකුදු තිබුනේ නැහැ. නමින් ඈ ‘ෆේ'(Faye) ය. ඈ “මිඩිනයිටි එක්ස්ප්‍රස්” නමි හිසින් යුතු ක්ෂණික ආහාර සපයන වෙළඳ සැලක සේවය කරන්නී ය. ෆේ කොණ්ඩය කොටට කැපු සිහින් සිරැරකින් සමන්විත රෑමත් යුවතියකි. ඔහු තරැණ පොලිස් නිළධාරියෙකි. පිළිවෙලකට හිස පීරෑ ප්‍රසන්න පෙනුමක් සහිත ඔහු පොලිස් නිළ ඇඳුමට පෙනුමෙන් කඩවසමි ය. ඔහු තමාගේ රාජකාරිය සිදු කරන්නේ මෙි කෙටි ආහාර සපයන වෙළඳ සැල ඉදිරිපිට ය.
“මට චෙෆ් සලාදයක් දෙන්න?” තරැණ පොලිස් නිළධාරියා, ෆේගෙන් අසයි. වෙළඳසැලේ තිබෙන කැසටිපටි යන්ත්‍රයෙන් California Dreaming ගීතය මහත් ඝෝෂාවෙන් යුතුව වාදනය වෙයි. ගීතයේ රිද්මයට ඈ නටන්නී ය. මෙි දෙපළ එකිනෙකා මුණගස්වන ඒ මොහොත බවට කාලය විසින් සාක්ෂ්‍යට පත්කොට හමාර ය.
ආදරයෙන් කිසිවිටකත් පළා යා නොහැකි ය. ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි හටගන්නා අප්‍රකාශිත පෙම දිශානතිගත වන්නේ කොයිබටද? එවිට අප කරන්නේ කුමක්? එවිට අප හැසිරෙන්නේ කුමන ආකාරයෙන් ද? මෙම පැනයන් ප්‍රේක්ෂකයා කෙරෙහි පිළිතුරු බවට “Chunking Express” බවට පත්වෙයි.
චිත්‍රපටය ප්‍රධාන කථා දෙකකට බෙදා වෙන්කළ හැකිය. නමුත් කථා දෙක වෙන්වෙන්ව පවතී. මෙකී කථා ද්විත්වය, එකම චිත්‍රපටයක් තුළ අැතුළත් කිරීමෙන් අධ්‍යක්ෂ වොන් කා – වායි අපේක්ෂා කරන්නට ඇත්තේ කවරක්ද?
චිත්‍රපටයේ එන කථා නායකයන් දෙදෙනාම පොලිස් නිළධාරීන් බැවින් ඔවුන් එකිනෙකා හමවනු ඇතැයි අප අපේක්ෂා කළ ද එවැන්නක් සිදු නොවෙි. පළමුවැන්නා නිල ඇඳුමක් රහිත රහස් පොලිස් නිළධාරියෙකි. දෙවැන්නා දිනපතා මුර සංචාරයේ යෙදෙන නන්නත්තාර ජීවිතයක් ගෙවන ජීවිතයෙන් හුදෙකලාමය තත්ත්වයට පත් සාමාන්‍ය පොලිස් නිළධාරියෙකි. පළමුවන කථාංගයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙි යෙදෙන කාන්තාව පොලිස් නිළධාරියාගේ කටයුතුවලට බලපෑමක් නොකරයි. පොලිස් නිළධාරියා ද ඇගේ කටයුතු ගැන පරික්ෂණයක් කරන්නේ ද නැත. එවැන්නක් හරහා ඇතැමිවිට කථාව වෙනත් දිශාවකට ගලාගෙන යාමට ඉඩ තිබිණි. නමුත් මෙි පොලිස් නිළධාරින් දෙදෙනාම “මිඩිනයිටි එක්ස්ප්‍රස්” නමි මෙි කෙටි ආහාර වෙළඳ සැලේ ගැවසෙයි. සිනමාපටයේ කතාංග වෙන් වෙන් වශයෙන් ද්ව්ත්වයකින් සමන්විත වුව ද, කතාංග ද්විත්වයටම කේන්ද්‍රය වන්නේ මෙි කෙටි ආහාර වෙළඳ සැලයි. මෙි අනුව බැලු බැල්මට පෙනෙන වෙන් වෙන් වශයෙන් කථාංග ද්විත්වයක් එකම චිත්‍රපටයක ඇතුළත් කිරීම හරහා අධ්‍යක්ෂවරයා ඇතැමිවිට අපේක්ෂා කරන්නට ඇත්තේ ඒ දෙකෙහි සබඳතාව පිළිබඳ වටහා ගැනීමට ප්‍රේක්ෂකයා වෙත අවස්තාවක් ලබා දීමක් විය හැකිය.


තේමා දෙකක් සහිත තැන් දෙකක සිදුවන මෙහි ආඛ්‍යානමය(Narrative) වශයෙන් සැලකූ විට කතාංග දෙක එකිනෙකට විරැද්ධ බවක් පෙනී යයි. පළමු කතාංගය හොංකොං හි ‘Chunking Mansions’ නමි ලාබදායී නවාතැන්පලවල් සහිත ඉන්දියානු ආපනශාලා, කඩවල් පිරී අපිලිවෙල පරිසරයක් සහිත පෙදෙසකි. දෙවන කතාංගය සිදුවන්නේ, පලවෙනි කතාංගය තුළ දක්නට ලැබුණු අපරාධමය සමිබන්ධ සිදුවීමි පෙළට වඩා හාත්පසින්ම වෙනස් සාමකාමී ලෝකයක් තුළයි. දෙවන කතාංගයට පාදක වන්නේ “Midnight Express” නමි ක්ෂණික ආහාරපාන සපයන වෙළඳ සැලයි. චිත්‍රපටයේ තේමා පාඨය සකස් වී ඇත්තේ “Chunking Mansions’ හා “Midnight Express” යන්න ඒකාබද්ධ වු “Chunking Express” නමි වු තේමා පාඨය පෙරදැරිවයි.
“චුංකිං එක්ස්ප්‍රස්” අපරාධමය කතාවක්ද? නැතිනමි මෙය රොමැන්තික කතාවක්ද? යන මංමුලා වු ප්‍රශ්නයට ප්‍රේක්ෂකයා හසුකරන්නට වොන්ග් කා වායි සමත් වී තිබෙනවා. මන්ද චිත්‍රපටයේ පළමු කතාංගයේ සිටින කාන්තාව පැළඳ සිටින ඇඳුමි, පාවහන්, අඳුරු අවිකණ්ණාඩිය වැනි දේවල් ද, වෙඩිතබා ගැනීමි දර්ශන නිසා එකවරම තේමාව සොයා ගැනීම තුළ අප මංමුල වෙමු.
ආසියාව වෙළා ගත් හොර මත්ද්‍රව්‍ය වෙළඳාමත් පාකිස්තාන සහ ඉන්දීය ජාතිකයන් ශ්‍රමය වෙනුවෙන් හොංකොං රාජ්‍යයට පැමිණිම හරහා දේශපාලනික සහ සාමාජීය ලෙස කලවං සංස්කෘතියට හසු වීම චිත්‍රපටයේ යටි පෙළින් ප්‍රේක්ෂකයාට ස්පර්ශ කරවයි. හොංකොං සංස්කෘතිය ඇමරිකානුකරණයට හසුවීම පිළිබඳ ප්‍රබල රෑපකයක් ලෙස චිත්‍රපටයේ නිතරම පෙන්වන කොකා කෝලා ලාංජනය සහ එම පානය කිරීම සංස්කෘතිය තුළට කිඳා බැස ඇති ආකාරය සුවිශේෂි වෙි. ඇමරිකානු දේශය වෙත ගමන් කරන්නට යත්න දරන අවන්හලේ සිටින යුවතියගේ මනෝමය හැසිරීමත්, සෙල්ලමි ගුවන් යානය සමඟ ක්‍රීඩා හැසිරීමත් ප්‍රබල අර්ථ නිරෑපණයකි. ටින් කළ අන්නාසි කැබලි කෑමට රැචි නන්නත්තාර පොලිස් නිළධාරියාගේ චරිතය සුවිශේෂි වෙි. ඔහු කෑමට ගන්නෙ කල් ඉකුත් වූ ටින් කළ අන්නාසි පමණයි. ගූඪ සිතුවිලි පිරි සංකීර්ණ චරිතයකි.
මෙි අපුරැ සිනමාලංකාරය අධ්‍යක්ෂණය කරනු ලබන හොංකොං මහා සිනමාකරැ වොංන්ග් කා වායි (Wong kar – Wai) රෑපය නමැති සාධකය පෙරටු කරගනිම්න්, රෑප රාමුවෙන්(frame), රෑප රාමුවට, රෑප ඛණ්ඩයෙන්(shot), රෑප ඛණ්ඩයට සංස්කරණය වීමෙන් නරඹන්නා යථාර්ථයෙන් පලා යාමට ඉඩ නොතබයි. හස්තගත කැමරා භාවිතාව මඟින් කැමරාව ගැස්සීම සහ සෙලවීමෙ කැමරා චලන මඟින් චිත්‍රපටයේ එන මනෝභාවයන් තීව්‍ර කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව පෙනේ. සිනමාපටයේ ඇතැමි සිදුවීමවලදී දර්පණතල යොදාගැනීම මඟින් චරිතයේ ඇති අභ්‍යන්තර මනෝභාවයන් විදහා පාන්නට උත්සාහ දරයි. California Dreaming වැනි ගීතය යොදාගැනීමත්, භාවාත්මක පසුබිමි සංගීත(Moody Music) භාවිතයත් චිත්‍රපටය පොහොසත් කරයි.
ආදරයෙන් ඇද වැටෙන්නට නිශ්චිත වු මොහොතක් නැත. එය ක්ෂණික බැල්මකින් වුව ද අනෙකා කෙරෙහි ප්‍රේමයක් උපදී. නොසන්සිඳෙන ජීවන පිපාසාව තාවකාලිකව සන්සිඳවීම කියන දේ ආදරයේ ප්‍රමුඛ කාර්යයයි.ප්‍රේමය වෙනුවෙන් වෙනසක් අපේක්ෂා කිරීම තුළ වෙනස් වීමම ආදරයේ ඇති ලක්ෂණයකි. ප්‍රේමයේදී තමන් මෙතෙක් අකැමැති දේවල් අනෙකාගේ මැදිහත් වීමෙන් කැමති දේවල් බවට නිරායාසයෙන්ම පත් වෙයි. ඔබ පිටිසා කෑමට අකැමැති නමි ප්‍රේමයේදී තම ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයාගේ පිටිසා කෑමට ඇති ප්‍රියතාවය මත මෙතෙක් වෙලා සිටි අකැමැතිබව, කැමතිබවට නිරායාසයෙන්ම පෙරලෙනු ඇත. එය ඇඳුමක්, ආහාරයක්, වර්ණයක්, වාහනයක්, පුරැද්දක් මෙි ඔිනැම දෙයක් විය හැකි ය. ප්‍රේමයේදි වෙනසක් අපේක්ෂා කරනවා යනු මෙහි එක් තත්ත්වයකි. එය අපේක්ෂාවට වඩා පරිවර්තනයකි. “චුංකිං එක්ස්ප්‍රස්” යනු ආදරය සොයා යන මිනිසුන්ගේ කතාවකි. සිනමාව යනු ජීවිතය දෙස එබී බලන කවුළුවකි. එම කවුළුවෙන් එබී බලන්නට වොන්ග් කා වායි අපට බල කරයි.
Hong Kong film director Wong Kar-wai poses as he arrives on the red carpet for the 17th China Huabiao Film Awards in Beijing, China, 8 December 2018. (Imaginechina via AP Images)
නියමයි