Nanda Malini
Rohana Weerasinghe
Carlo Fonseka
මව්පියන් දූ දරුවන් පිලිබදවත් දූ දරුවන් මව් පියන් පිලිබදවත් පවත්නා සෙනෙහස අති විශාලයි--නමුත් කාලයත් සමග දූ දරුවන්ගේ සිත්හි මව් පියන් පිලිබදව වූ සෙනෙහස හීනවී යන්නේ කාලය විසින් සිදු කරන්නා වූ විපර්යාසයන් නිසාමයි--ලදරු වියේ මව්පිය උනුසුම අත්‍යාවශ්‍යය වුවත් වයසින් වැඩී ස්වාධීන වනවිට ඒ සෙනෙහසම ඔවුන්ට සහ ඔවුන්ගේ ස්වාධීන ජීවිතයට කරදරයක් බාධාවක් සේ දරුවන්ට දැනෙනවා--එහෙත් මව්පිය සිත් හි දූ දරුවන් පිලිබදව ගලා හැලෙන අපිරිමිත ස්නේහය සදාකාලිකව පවතිනවා--බටහිර රටවල තරුණ වියට එලැඹෙන පිරිස මව් පියන් වෙතින් දුරස්ව ස්වාධීන ජීවිතයකට නැඹුරුවීම සාමාන්‍ය සිදුවීමක් වුවත් ලංකාව ඉන්දියාව වැනි පෙරදිග රටවල දරුවන් බලාගන්නා මව් පියන් දරුවන්ගේ දරුවන්ටත් රැකවරනය සපයන්නට ජීවිතයම කැප කිරීම සුලබ සිදුවීමක්--අද මා තෝරා ගත්තේ මව් පිය සිත් හී සිය දු දරුවන් පිලිබද ඉතිර යන ඒ අසම සම දාරක ස්නේහය පිලිබිඹු කරන ගීතයක්--තවත් පැත්තකින් ගතහොත් පෙරදිග සංස්කෘතිය තුල මව්පිය දූ දරු බැදීම සංකේතවත් කරන ගීයක් ලෙසත් මෙය හැදින්විය හැකියි--මහාචාර්ය කාලෝ පොන්සේකා රචනා කල රෝහන වීරසිංහ සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ නන්දා මාලනී සහ රෝහන වීරසිංහ විසිනුයි--
රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ
නුඹයි දිවිය අර්ථවත් කලේ---
ගිය දා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
සන්තෝෂයක් නෑ හිතේ---
ගීතයට ප්‍රවිශ්ට වන්නේ මව් පියන් දෙදෙනකු විසින් පතිකුලයට පිවිසි දියණියකට කරන්නා වු ආමන්ත්‍රනයක් තුලිනුයි--ඔවුන් සිය දියණිය ආමන්ත්‍රනය කරන්නේ රත්තරන් දුවේ යන වදනිනුයි--රත්තරන් යන යෙදුම යොදනු ලබන්නේ වටිනා දෙයක් සංකේතවත් කරන්නටයි--මව් පියන්ට මෙලොව ඇති වටිනාම වස්තුව වන්නේ සිය දරුවනුයි--දරුවකුගේ වටිනාකම මව් පියන්ට කෙතෙක් වේදැයි ගීයේ පලමු පද පෙලින්ම මතු කරවනවා--දෙවැනි පදයේ ඔබයි දිවිය අර්තවත් කලේ යනුවෙන් සදහන් වනවා--විවාහක යුවලයකගේ ජීවිතයකට අරුතක් එක් කරන්නට--කුටුම්භයකට වටිනාකමක් එක් කරන්නට දරුවකු ලැබීම කෙතෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැහැ--මින් මතුවන අරුත එය වන අතර කුස පිලිසිද ගත් දා පටන් විවාහයට එලැඹ නිවසින් පිටව යන තුරුම ඒ දරුවා වෙනුවෙන් මව් පියන් දැරූ වෙහෙසත්--ඒ දරුවා ගැන මව් පියන් තබන ලද බලාපොරොත්තු සියල්ලමත් මේ පද පෙලෙහි යටි අරුතක් ලෙස මතුවනවා“
ගිය දා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
සන්තෝෂයක් නෑ සිතේ ---
මා මුලිනුත් සදහන් කලා මෙම ගීතය පතිකුලයට ගිය දියණියක වෙනුවෙන් ගැයූවක් බව--මෙම දියණිය හිතුවක්කාර විවාහයකින් නිවසින් නික්ම ගිය අයෙකු යයි මෙම පද පෙලින් කෙනෙකුට සිතෙන්නට පිලිවන්--දියණියගේ නික්ම යාම සිතට දුකක් ඇති කලේ ඒ නිසා යයි කෙනෙකුට පැවසිය හැකියි--එහි වරදක් නැහැ-එහෙත් මව් පියනට සතුටක් එක් කරන මව්පිය ආශිර්වාද මැද සිදුවන දියණියකගේ සුබ මංගල්‍යයත් සතුට අවසානයේ මව්පිය නෙතට එක් කරන්නේ කදුලක්--නික්ම යාමත් සමග ඇය නිවසේ ඇතිකල හිදැස සිතට එක්කරන ඒ පාලුව හා දුක පිලිබදව තමයි මේ ගීයෙන් කියැවෙන්නේ--
ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ---
නිසි කලට විවාහයට පිවිසීම ලෝක චාරිත්‍රයක්--නිසි වයසට එලැඹි දරුවන්ට සුදුසු අවාහ විවාහ කරදීම මව්පිය යුතුකමක්--මෙම පද පෙලින් මතු වන්නේ එම සත්‍යය ඔවුන් වටහාගත් බවයි--එහෙත් ඊලග පද පෙලින් ඊට වෙනස් අරුතක් මතු කරනවා“
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ----
විවාහයට පත් දූ දරුවන්ගේ දුරස්වීම දරනු අසීරු වුවත්--යලි ඔවුන් තම සෙවනට පැමිනීම ඒකායන පැතුම වුවත්--දරුවන්ගේ පතිකුලය බිද ඔවුන්ව යලි අත්පත් කරගැනීමේ ආත්මාර්ථකාමී රුදුරු ආශාවක් මව් පිය සිතක හට ගන්නේ නෑ--ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ දූ දරුවන් සිය පවුල් පිටින්ම යලි මහ ගෙදර පදිංචියට පැමිනෙනු දැකීමයි--මහ ගෙදර තුල විවාහක දූ දරුවන්ගේ පවුල් සමග වැඩිහිටියන් දිවි ගෙවීම ලංකාව ඉන්දියාව වැනි රටවල පුරාතනයේ පටන් පැවති චාරිත්‍රයක්--නවීකරනය වන වර්තමානය තුල මේ තත්වය වෙනස් වුවත් තවමත් බොහෝ නිවෙස්වල පරම්පරා කිහිපයක් එකට හිදීම දකින්නට පිලිවන්--ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන් නැවත එන්න පියඹලා දුවේ යනුවෙන් සදහන් වන්නේ විවාහක දියණියට සිය සැමියා සහ දරුවනුත් සමග මහ ගෙදර පදිංචියට එන ලෙස කරනු ලබන ආරාධනාවයි---
ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරං
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඇවිත් යන්න එන්න සුදු දුවේ---
ගීතයේ අවසාන අන්තරා කොටස තුලින් එකම පැදි පෙල විවිධා කාරයෙන් පුනරුච්චාරනය වනවා--ඉන් මතු වන්නේ දියණිය නැති නිවසේ පාලුව තනිකම මේ මව්පිය දෙසිත තුල රාව ප්‍රතිරාව නගන අන්දම සහ ඔවුන් සිය දියණියට යලි එන්නැයි කරන ආයාචනයයි--
හනික එන්න පියඹලා දුවේ
දියණියගේ පැමිනීමේ අවශ්‍යතාවය කෙතෙක් දැයි මතු කරවන්නටයි හනික එන්න පියඹලා දුවේ යන යෙදුම යොදා ඇත්තේ--හනික එන්න යනු හැකි ඉක්මනින් පැමිනෙන්නයි කරන ඉල්ලීමයි--හනික පියඹලා එන්න ලෙසින් සදහන් කර ඇත්තේ දියණියගේ ඒ සපැමිනීම මේ මව් පියනට බලවත් අවශ්‍යතාවය මතු කරන කරුනක් බව වඩා හොදින් මතු කරවීමටයි--
එහෙත් මවු පියන් සහ දූ දරුවන් යනු පරම්පරා දෙකක් මිස එකක් නොවෙයි--සැදෑ සමයේ හුදකලාව තුල සිර වූ මව් පියනට දූ දරුවන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනුනත් දූ දරුවන් සිටින්නේ වෙනත් තැනක--තරගකාරී ලොව තුල ඔවුන් හට තම දූ දරුවන් සමග නව ජීවිතයට මුහුන දෙන්නට සිදුවනවා--මව් පියන්ගේ පාර්ශවයේ හිද බලන කල ඔවුනගේ දුක මානූෂීය කරුනක් වුවත් යථාර්තවාදීව බලද්දි දූ දරුවන් හටත් වරදක් කිව නොහැකියි--ඔවුන් අද ගෙවන්නේ එදා මව් පියන් ගෙවූ ජීවිතයයි--ඒ ජීවිතය තුල ඔවුනට සිය මවු පියන් වෙනුවෙන් ගෙවන්නට කාලයක් සොයා ගැනීමත් ගැටලුවක්---පෙර දිනක මේ මව් පියනුත් එවන් කාලයක් ගෙවන්නට ඇති--සියල්ල අවසානයේ මව් පියන් එය වටහා ගන්නවා--ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන ඔවුන්ට වැටහෙනවා දරුවකුට ජීවිතය පුරා මව් පිය සෙවනේ දිවි ගෙවන්නට නොහැකි බව-විවේකයක් ලද සැනින් හෝ මව් පිය දුක සැප බලන්නට දරුවන් එනු ඇතැයි යන සිතිවිල්ල අවසානයේ ඔවුන්ගේ සිතට බලාපොරොත්තුවක් එක් කරනු ලබනවා--අවසාන පද පෙලින් ඇවිත් යන්න එන්න සුදු දුවේ යයි දක්වා ඇත්තේ එයයි--මව් පිය සිත් හී දරුවන් පිලිබද නැගි මහා ආදරය තමයි මෙම සමස්ත ගීතයම තුලින් කියැවෙන්නේ--
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ
ගියදා පටන් ඉගිල කුරුලු කූඩුවෙන්
සන්තෝෂයක් නෑ හිතේ----
ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්නනේ--
ඉගිලිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ----
ඉගිලිලා ගිහින් තනපු කූඩුවත් අරං
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ
ඇවිත් යන්න එන්න සුදු දුවේ
නන්දා මාලනී සහ රෝහන වීරසිංහ
ගීත රචනය :- කාලෝ පොන්සේකා
සංගීතය :- රෝහන වීරසිංහ