ඉහත කරුණු සාක්ෂාත් කර ගැනීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීම්ට මා බලාපොරොත්තු වන අතර එය ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන්ගේ හා රසිකයන් පිළිබඳ පෞද්ගලික අමනාපයකින් නොව ක්ෂේත්රයේ ප්‍රගමනය උදෙසා ම කරන අවංක ලියවිල්ලක් ලෙස කරුණාවෙන් සලකන්න.
ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වර්තමානය තෙක් සාධනීයව රැගෙන ආ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්, ශිල්පීන් විචාරකයින් සහ රසිකයින් පිළිබඳව අතිශය කෘතඥතාවය ගෞරවය පුද කිරීමට අප සැම පසුබට නොවිය යුතුය. යම් රටක දියුණුව තක්සේරු කිරීමේ දී භෞතික දියුණුව මෙන්ම සංස්කෘතිමය දියුණුව ද එකසේ වැදගත් බව මගේ හැඟීමයි. එනයින් බලන කල ලෝකයේ ඉදිරියේ ශ්‍රී ලංකාවට හිමි තැන තීරණය කිරීමේදී සංස්කෘතිමය හා කලාත්මක වශයෙන් සංගීත ක්ෂේත්‍රයට ඇති බලපෑම සුළු පටු නොවෙයි. ප්‍රගමනය ට බාධා වන කරුණු කිහිපයක් හා එනයින් මිදීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
සංගීතය වනාහි ශ්‍රාවකයාගේ කලාවයි. (Music is the Listener Art) සංගීත්ඥයායාගේ කාර්යභාරය නිහඩතාවයේ සිට ශබ්ද අතර සිය පරිකල්පනයෙන් නාදය සංවිධානය කිරීමයි. සිය ජීවිත කාලය පුරා පර්යේෂණාත්මක නිර්මාණ සිදු කරන්නේ විවිධාකාරයෙන් සිය ප්‍රස්තුතයට අනුකූල ලෙස නාදය සංවිධානය කිරීමටයි. ඔහු සොබාදහමෙන් නැගෙන නාද මගින් සංකල්ප ගොඩනඟා ගනිමින් ඒ වෙනස් ලෙස ශ්‍රවණය කරන ලෙස ආරාධනා කරයි. ඔහු නිර්මාණය කරන්නේ පරිසරයෙන් අපට ඇහෙන දෙය ගැන හිතන දෙයි. විවිධ ක්ෂේශ්ත්‍රවලට අයත් ඕනෑම පරිණත කලාකරුවෙකු සිදු කරන්නේ එයයි.
උදාහරණයක් ලෙස දක්ෂ චිත්‍ර ශිල්පියෙකු චිත්‍රයට නගන්නේ දකින දෙය නොව දකින දෙය ගැන ඔහු හිතන් දෙයයි. දක්ෂ නර්තන ශිල්පියෙකු සිය නර්තනයෙන් ඉදිරිපත් කරන්නේ පරිසරයේ හුදු චලනම නොවේ. එම චලනයේ රිද්මය පිලිඅද ඔහු හිතන විදිහයි. එම අර්ථයෙන් ගත කල කලාකරුවෙකුට තම වගකීමෙන් පහසුවෙන් මිදීමට නොහැකි විය යුතුය.
ඔහු කරන නිර්මාණයට ඔහු අවංක විය යුතුය. වගකිව වගකිව යුතුය. රටක ආර්ථික ප්‍රශ්න, ජනතාවගේ උදාසීන ආකල්ප ආදිය ඉදිරියට දමා කලාකරුවකු වටිනා කලාත්මක ගැඹුරකින් යුත් නිර්මාණ කර්තව්‍යයෙන් ඈත් නොවිය යුතු බව මගේ යෝජනාවයි. අද ලංකාවේ බොහෝ විට සිදුවන්නේ ද මෙය ම බව කණගාටුවෙන් වුවද කිව යුතුය. ඉල්ලුමට සැපයුම න්‍යාය පදනම් කරගත් පාරිභෝගික සිල්ලර වෙළඳ භාණ්ඩයක් තරමට කලාව ලඝු වී ඇත. සමාජයට හිතකර වේවා අහිතකර වේවා තමාගේ අවශ්‍යතාව ඉටු වේ නම් ඒ සිදු කිරීමට මැළි නොවන තරමට අද ලංකාවේ බොහෝ කලාකරුවන් බංකොලොත් වී ඇත.
එක් පසෙකින් ඉරාජ් වීරරත්න වැනි ව්‍යාපාරිකයන්ට ඊනියා ත මාදිලියකි ලිංගිගීත මාදිලියකින් ලිංගිකත්වය උළුප්පමින් මියුසික් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයාගේ පොකට් එකට විදී. කොළඹ හතේ රාත්‍රි සමාජ ශාලා පරිසරය මුළු ලංකාව පුරාම පැතිරී තිබිය යුතුය යන්න ඔහු සිතනවා විය යුතුය. මෙලෙස කුණු රසයකින් යුත් මියුසික් වීඩියෝ කරන ඔහුගේ නිර්මාණ වලින් පැහැදිලි වන්නේ සමාජයේ යහපත වෙනුවෙන් සිය කලාව භාවිතා නොකිරීමේ වගකීම් විරහිතභාවයවේ. ඔහුගේ වෙළෙඳපොළ තර්කනයේ නව භාවිතය වන්නේ තව කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් ඔහුගේ සාක්කුවට මුදල් ගලා ඒමේ ඊනියා රැඩිකල් ගීත ජාවාරමයි. ලංකාවේ අති දක්ෂ තබ්ලා වාදකයකු පවා ඔහු සමග පෙනී සිටිමින් තමන්ගේ කලාත්මක දාර්ශනික දරිද්‍රතාවය මැනවින් නිරූපණය කරමින් සිටි. තවත් පසකින් නළු නිළියන්, වෛද්‍යවරුන් වැනි සිවිල් බලය ඇති පුද්ගලයින් සජීවී රූපවාහිනී ඕපාදූප වැඩසටහන්වලට පැමිණ අපස්පර වරුසාවක් වස්සමින් ප්‍රේක්ෂකයා ඉදිරියේ සුපුරුදු රඟපෑම් කරති. නිවසක සාදයක වැනි අවස්ථාවක ඕනෑම කෙනෙකුට ගීතය ගායනා කිරීමේ අවස්ථාව ලබා දීම ආදිය සාමාන්‍ය තත්වයකි. එහි ගැටළුවක් නැත. නමුත් ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනක් එකවර නරඹන වැඩසටහනක සංගීත කලාවේ හරය අගාධයට ඇද දමමින් සිතූ සිතුසේ ගීත ගායනා කරමින් නොව සින්දු කියමින් හෑල්ලුවට ලක්කරන්නේ සංගීත ක්ෂේත්‍රයයි. වර්ධනය කරන්නේ අවරසිකත්වයයි. එයට හුරුවූ ප්‍රේක්ෂකයා නැවත සාරවත් සංගීත කලාවකට නැවත යොමු කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. මෙහි ඇති අසාධාරණය පහත උදාහරණ මගින් පෙන්නුම් කළ හැකිය. සසජීවී රූපවාහි ඕපාදූප වැඩසටහනක ගීත ගායනා කරන වෛද්‍යවරුන්ගේ සායනයක ප්‍රතිකාර කිරීමට වෙනස් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීම නොකල අයෙකුට එක දිනකට වත් අවස්ථාවක් දෙනවාද ? නැත එසේ නම් සංගීත ක්ෂේත්‍රයේ දී එලෙස ම ගැඹුරු පරිණත අත්දැකීම් අවශ්‍ය ක්ෂේත්‍රයක් බව සියලු දෙනා දැන ගත යුතුය. වසර ගණනාවක් ශිල්ප හදාරමින් නිර්මාණ කරන කලාකරුවන් නිවසේ සිටියදී එක රැයකින් ජනප්‍රිය වූ ඇතැම් සුකිරි බටලී නළු නිළියන් ලක්ෂ ගණන් ගුවන් කාලය වියදම් කරමින් සම්පාදනය කරන වැඩසටහන් වන අපස්වර තලුමරමින් ගනිති
රියැලිටි වැඩ වැඩසටහන් මගින් තරගකරුවන්ට හොරා තරගකරුවා විකුණා ඇති බව ඔහුට අවබෝධ වෙන විට පෙරහැර ගොස් හමාරය. අනුන්ගේ ගීත කිසි හිරිකිතයක් නැතිව ප්‍රසංග වේදිකාවල ගයමින් මුදල් රැස් කරයි. සැබෑ ගායකයාට වඩා දහ පහලොස් ගුණයක් ව්‍යාජ ගායකයා අයකරයි. කුඩා දරුවන් රියැලිටි තරඟ වලට පැමිණ ගයන්නෙ ඔහුගේ වයසට ගැළපෙන නිර්මාණ නොවී. මෑතකදී අම්මයි දුවයි එකට නටන රියලිටි කළඑළි බැස තිබේ.
බොහෝ සංගීත ශිල්පීන් තමන්ගේ හැකියාවේ ධාරිතාවයට සරිලන පර්යේෂණ වල නිරත නොවී තමන්ට සුපුරුදු ජීවිකාව කරගෙන වයසට යනතෙක් ගීතයට මුක්කු ගසමින් සිටි. රාමුවෙන් පිට පැන අවදානමක් ගැන නිර්මාණ ක්ෂේත්‍රයට සංගීත ශිල්පීන් අවතීර්ණය වන්නේ කලාතුරකිනි. ලංකාවේ සංගීත ශිල්පීන් බොහොමයක් අතිදක්ෂයෝය. ඒ ගැන විවාදයක් නැත. ගැටලුව ඇත්තේ එතැන නොවේ. සංගීතය යනුවෙන් ශ්‍රී ලාංකිකයන් නඩත්තු කර ගෙන යන්නේ මහා සාගරයකින් දෝතක් බඳු ගීත (Song ) නැමැති ආකෘතිය පමණක් සේය. යහපත් ගීතයකින් සමාජයට විශාල මෙහෙවරක් සිදු වේ. එහි අතිශය ජනප්‍රියත්වයට සඳහා නිර්මාණ ශිල්පීන් ඒකරාශී වීමට බලපානවා විය හැක. නමුත් ගීතය ට හිමි තැන එසේම තිබී “සංවාදය” වෙනුවෙන් සංගීත ශිල්පීන් තව බෙහෙවින් පෙළගැසීම සිදුවිය යුතු බව මගේ හැඟීමයි. සංගීතයේ සමබර රසිකත්වය වර්ධනය කළ හැකි සංගීතයේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි “ගායනය” සහ “වාදනය” යන්නයි. නමුත් අද සිදුව ඇත්තේ ගීතයට සේවය කිරීමට ගොස් වදකයන්ට සිය වාදන කාර්ය ගැඹුරටම යාමට නොහැකි වීමයි.
සාර්ථක ගීතයක් යනු ගේය පද රචනයෙත්, සංගීත නිර්මාණයෙත්, ගායනයෙත්, මනා සමබර සමබරතාවය කින් යුත් නිර්මාණයකි. ඒ නිසා වාදකයන් හට සවිඥානික ව ම ගායනය ඉක්මවා නොයන ලෙස සිය වාදනය පාලනය කර ගැනීමට සිදුවේ. වචනයෙන් කියන හැඟීම ඉක්මවා යන්නේ කොතැනද එතැන සංගීත්යේ උපත බව කියමිනි. එනයින් බොහොමයක් අප වාදකයාට සිදුවී ඇත්තේ එම වාදන කාර්ය උපරිමය ළඟා වීම පසෙක ලා ගායකයෙකු පිටුපසට වී පසුබිම් වාදනයේ දෙන්නයි. ඉතින් ඒ නිසා මා යෝජනා කරන්නේ වෘත්තීය වාදක ලෙස එම කර්තව්‍යයේ අදාල සේවාව කරන අතරම ගීතයට ඔබ්බෙන් වූ සංගීත කලාවක් වෙනුවෙන් සේවය කරන ලෙසයි. සිය වාදනයෙන් පමණක් ලෝකයක් සතුටු කළ හැකි අපේ රටේ දක්ෂ වාදන ශිල්පීන් ගායකයෙකුගේ පිටුපසින් සැඟවී යනු දැකීම කනගාටුවට කරුණකි. මක්නනිසාද යත් කිසියම් රටක සංගීත කලාවේ සමෘද්ධිමත් භාවයට ආකෘතිමය වශයෙන් පොහොසත් නිර්මාණවල එළඹ සිටීම වැදගත් බැවිනි. ලංකාවේ ගීත කලාව සිය කාර්යය සිදු කරන අතරම භාෂාවකින් යුක්ත සංවාදයක් විකසිත කර ගැනීමට එම ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් වග බලා ගත යුතුයි. මාධ්‍යවලින් ඒ සඳහා ප්‍රමාණවත් අවකාශයක් ලබා දිය යුතුය. එනයින් මා යෝජනා කරන්නේ උසස් ශ්‍රවණ සංස්කෘතියක් අපේ රටේ ස්ථාපිත කිරීම සඳහා ගුවන්විදුලි වැඩසටහන් වල ගීත පමණක් නොව පරම සංගීත වාදන සඳහා පැහැදිලි අවකාශයක් ලබා දෙන ලෙසයි. භාෂාවකින් තොර සංගීතයක් තුලින් ප්‍රේක්ෂකයාට නිදහස් චින්තනයකට මග පාදා දෙයි. වචනයක් එක්ව කළ බොහෝ විට සිදුවන්නේ නිදහස් පරිකල්පනය මොට කරමින් සෘජු අර්ථයක් පිළිගන්නා ලෙස ශ්‍රාවකයාට බලපෑම් කිරීමයි. නමුත් සුභාවිත ගීතයට එයට තරමක් ආසන්න නිදහස් පරිකල්පනයට ඉඩ තබා ඇති බව ද අපි දකිමු. කියන්න තියෙන දේ බෙහෙත් මට වට්ටෝරුවක් මෙන් කෙලින්ම කියන වර්තමාන බොහෝ ගීතවල දුරස් වී ඇත්තේ ඒ නිදහස් පරිකල්පනයයි.
තවදුරටත් අවශ්‍යනම් චිත්‍ර කලාව ගෙන පැහැදිලි කළ හැකියි. ලංකාංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනුරූපව අප සංසන්දනය කළහොත් අප තවමත් සීයට අනූ නමයක් නරඹන්නේ ස්වභාවිකවාදී චිත්‍ර පමණයි. නමුත් ලෝකයේ පිකාසෝ හඳුන්වාදුන් ඝනක වාදී (Cubism), චිත්‍ර වියුක්ත චිත්‍ර ( Abstract Paintings), අනාගත වාදී චිත්‍ර ( Surrelis ), ධනවාදය චිත්‍ර ( Impressionism Painting , ආකෘතීන් ගේ සිතුවම් නරඹන ලාංකික රසිකයා සංගීත කලාව තුළ පටු සීමාවක සිය රසිකත්වය සිරකරගෙන සිටි. සංගීත නිර්මාණ ශිල්පීන් පෙරමුණ ගත යුත්තේ මේ දොරගුළු බිඳ දමා සමාජයත් සංගීත ආකෘතීන් සාක්ෂාත් කර ගැනීමටය.
සරල ගීතයට ඔබ්බෙන් සංගීත්යක් මේ කොදෙව්වේ සොයා යාම තුළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මැදිහත්වීම් අද්විතීය වේ. A R රහුමන් සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බෝම්බයේ මොසර්ට් යන ප්‍රචාරණ ප්‍රවර්ධන නාමයෙනි. නමුත් අදටත් ඉන්දියාවේවට මෝසාර්ට් බඳු සංගීතඥයින් නිර්මාණය කල ඔපෙරා ශානර්යේ උපත ලැබී නැත. ඒ අතින් කේමදාසයන් මානසවිල, දොරමඩල, සොඳුරු වර්ණදාසි, අග්නි වැනි සිංහල භාෂීය ඔපෙරා තුළින් ඔහු රහුමාන්ට වඩා සංගීතයේ විසල් බව ලෝකයට පසක් කර ඇත.
පණ්ඩිත් අමරදේවයන් ගීතය නමැති සංගීත ආකෘති තුළ තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාව බිහි කිරීමට සිදුකළ මෙහෙවර කිසිදා මේ රටේ සංගීත ඉතිහාසයේ ඉවත් කළ නොහැක. එතුමා මේ රටට ණය නැත්තෙකු වන්නේ එබැවිනි.
එසේ ගොඩනගන ලද සංගීතයට වර්තමානයේ ඇති අභියෝග මොනවා දැයි විමර්ශනය කළ යුතුය. එනම් ප්‍රචාරණ වාදී මාධ්‍යයන් විසින් කිසිදු නියාමනයක් නොමැතිව හිතවත්කම් මිල මුදල් මත ගුණාත්මකභාවය ගැන නොසිතා නිර්මාණ ප්රචාරණය කිරීමයි. ඒ තුළ ළමා පරපුර නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නේ තුන්වන පන්තියේ බාල සංගීතයකි.
තවද සංගීතය ඇසිය යුතු දෙයක් වුවත් ලංකාවට අනුව බොහෝ විට එය යන එන ගමන් ඇහෙන දෙයකි. ඇතැම් විට පරිභෝජනවාදයට රුකුල් සපයන සහායකයා පමණි. ඇතැම් ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් සිදුකරන්නේ ගායනයන් හැදෑරීමට වැඩි වේලාවක් වෙන් කරනවට වඩා වෙළෙඳ දැන්වීම් වල බඩු විකිණීමට යාමය. ලංකාවේ චිත්‍ර කලාව සංගීතයට වඩා දාර්ශනික ගැඹුරකින් යුක්ත යැයි මම විශ්වාස කරන්නේ එබැවිනි. වර්තමානයේ සිටින්නේ කලාකරුවන්ට වඩා වෙළඳ නියෝජිතයන් වූ ඊනියා කලාකරුවන් ය.
එබැවින් මෙම අර්බුදය යම්තාක් දුරට හෝ සමනය කර ගනිමින් උසස් සංස්කෘතියක් මේ රටේ ඇති කිරීමට පහත යෝජනා සංශිප්තව ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.
- ජනප්‍රියත්වයෙන් අන්ධ නොවී නිර්මාණ ශිල්පීන් සිය කාර්යයට අවංක විය යුතුය
- තම මුහුණත් තහඩුව ප්‍රසිද්ධ කරවා ගැනීමට වැඩි වරප්‍රසාද භුක්ති විදීමට තම කලාව පාවා නොදිය යුතුය
- ඕනෑම වර්ගයක නිර්මාණ තමාට කළ හැකි යැයි යන නම්‍යශීලී බවක් යැයි හඳුන්වා දෙමින් සැබෑ කලාව සහ කලාව නොවන දේ අතර සීමා මායිම් නොකළ යුතුය
- යන රැල්ලට ගසාගෙන යාමට ඉඩ දීමට වඩා විමසුම් ඇසින් සමාජයට යහපත් තීරණය පමණක් නිර්මාණයකරුවන් ගත යුතුය
- තමා ඉතා නිහතමානී ගුණ යහපත් යැයි හැඟවීම්ට හරසුන් නිර්මාණ ව්‍යාජ ලෙස වර්ණනා කරමින් වැලළකී සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දැකිය යුතුයි
සෑම කලාකරුවෙක් ම යාවත්කාලීන වී පෙරට වඩා යහපත් සංස්කෘතික සමාජයක් අත්කරදීමට හදවතේ ගැඹුරුම තැන පටන් අපේක්ෂා කළ යුතුයි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ මීට වඩා පැහැබර වීමට මා දකිනා සිහිනයයි.
සාගර විජේසිංහ
සංගීතය ගීතය තුල කොටු නොවන බව ඔබ පවසන කතාව ඉතා වටිනා අදහසක්. ඇත්තටම සංගීතය තුලදී ගීතය තුල කොටු නොවී විවිධ හඬ සොයා යා යුතුව ඇත. විවිධ සංගීතයන සොයා යා යුතුය. සංගීතය කොටු කර තැබීම තුල ශ්‍රාවකයා එක තැන පල් කිරීමක් සංගීත වේදියා සිදු නොකළ යුතු බව මාගේ අදහසයි. ඔබ කියන කාරණාව ඉතා පැහැදිලිව කියා තිබෙනවා. ජය වේවා…
ස්තුතියි රන්සර.