25.6 C
Colombo
Tuesday, October 3, 2023
spot_img

Subscribe

Date:

Share:

ස්ත්‍රී දූෂණ තුළ කාන්තාව වෙළඳාම් විය යුතුද ?

Related Articles

ශ්‍රී ලාංකික කාන්තාව හා කන්‍යාභාවය යන වචනය තුළ ඇත්තේ අපූරු ගැළපීමකි



ලාංකික කාන්තාව හට මෙය සුභ සිහිනයක් වේ යැයි සිතිය නොහැක. සාරධර්ම සිරිත් විරිත් අතර හිරවන ශ්‍රී ලාංකික කාන්තාව තම ජීවිතය මරණයෙන් කෙළවරකර වන්දි ගෙවන අවස්ථා බොහෝ දක්නට ලැබෙයි.

එමෙන්ම ඉතා සුපිරිසිදු ලෙස චරිතවත්ව තම තාරුණ්‍ය ආරක්‍ෂා කර ගනිමින් විවාහ දිවියට ඇතුළත්වන තරුණියෝ පළමු රැයතුළ කන්‍යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකිව ආපසු දෙමව්පියන්ගේ නිවසට යන අවස්ථාද බොහෝ විට දක්නට ලැබෙන දසුනකි.

එමෙන්ම බොහෝ තරුණියන් මෙම කරුණු නිසාම මරණය වැළඳ ගන්නා අවස්ථා එමටය. 2020 වර්ෂයේ පළමු දින 15 තුළ ස්ත්‍රී දූෂණ 142 ක් සිදු වී ඇති බව වාර්තා වී තිබුණි. පැරණි ගැමි ජීවිතය තුළ කන්‍යාභාවය නැතිකර ගත් කාන්තාව අවලංගු කාසියක් සේ දක්වා ඇත. කන්‍යාභාවය නැති වූ පමණින්ම ගැහැණිය අවලංගු කාසියක් විය යුතුද ? ඇය මරණය හෝ ගණිකා වෘත්තිය තෝරා ගත යුතුද ?


සැබවින්ම මෙය සොයා බැලිය යුතු කාරණාවකි. දරිද්‍රතාවය, නූගත්කම, අනාරක්‍ෂිත බව නිසා බොහෝ තරුණියන් හට අතවරයන්ට මුහුණ දෙන්නට සිදුවේ. පවුලේ ඥාතීන් ඇසුර අද දවස වන විට ගැහැනු දරුවන්ට අපල කාලයක් උදාකර ඇත.


නව යොවුන් විය ප්‍රේම සම්බන්ධතා මත තම තාරුණ්‍ය රැවටීමකට බිලිදෙන බාලිකාවන් කොතෙක් ඇත්ද ? ඉන්පසු ඔවුන්ගේ ඉරණම විසදෙන්නේ සියදිවි හානි කර ගැනීම් හා ශරීරය අලවි කිරීම් තුළිනි. බොහෝ දැරියන් ලාබාල වියේදීම ඔවුන් නොදැනුවත්වම අතවරයන්ට ලක්වේ.


දැරියක් දූෂණය වීමෙන් ඇයගේ ජීවිතයේ ඉදිරි අනාගතයක් ඉන්පසු දැක ගැනීමට නොහැකි වේද ? ඇය සදාකාලිකව තම ජීවිතයෙන් එයට වන්දි ගෙවිය යුතුද ? ගැහැනියකට මේ නිසා සිදුවන මානසික අවපීඩනය කෙතෙක් ද ? මොනයම්ම කරුණකින් හෝ කන්‍යාභාවය අහිමිවීම ජීවිතයේ ඉදිරි කාල පරිච්ඡේද ගෙන යාමට බාධාවක් වන සේ ලාංකික සමාජය ඇය වරදකරුවන්ගේ ගොඩට තල්ලු කරන්නේ මන්ද ?

ලෝකය දිනු බොහෝ කාන්තා චරිත ඔවුන් තමා දූෂණය වීම තම ජීවිත ගමන ධනාත්මකව ඉදිරියට ගෙන යන මාවතක් බවට පත්කර ගෙන ඇත. ඉන්දියාවේ පුලාන් දේවිය ලෝකය කැලඹු කාන්තාවකි. කුළහීන කුලයක උපන් ඇය ඉතා මහලු මිනිසෙක් හට විවාහ කර දෙන්නේ ලාබාල දැරියක් ව සිටින කාලයේ ය. ඇය සැමියා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු බලහත්කාරයෙන් ඇයව දූෂණය කරයි. ඔහුගේ එම ක්‍රියාව හා සටන් වදින පුලාන් දේවිය ඔහු හැරදා තම මව්පියන් වෙතට එයි. නැවත මව්පියන් ඇයව සැමියාට භාර කරයි. පුලාන් දේවිය නැවත තම දෙමාපියන් වෙත පැමිණෙයි. එසේ පැමිණෙන පුලාන් දේවිය නිර්ලජ්ජිත ප්‍රභූන් විසින් වයස අවුරුදු පහළොවේදී අමානුෂික ලෙස ප්‍රසිද්ධියේ දූෂණය කරයි. මේ කිසිවකින් ඇය තම ජීවිතය අවසන් කර ගැනීමටවත්, විකුණා දැමීමටවත් පෙළඹෙන්නේ නැත. ඈ සියල්ල ඉවසා දරා ගනිමින් ඉදිරියට ගමන් කරයි. ඇගේ ජීවිත කතාව අවසන් වන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇය මන්ත්‍රීවරියක් ලෙස දිවුරුම් දීමෙනි.


අවුරුදු දාහතරේදී ඇය තම සැමියාගේ ලිංගික සුරාකෑමට ලක් එරෙහි විය. අවුරුදු පහළොවේදී ප්‍රසිද්ධියේ දූෂණයට ලක්ව සිටියදීත් කාන්තාවක් ලෙස බියක් නැතිව නැගී සිටියෝය. එසේ නම් කාන්තාව කන්‍යාභාවය නැතිවීම තුළ තම ඉදිරි ජීවිතය වළලා දැමිය යුතුද ? පැනයකි එය. එසේත් නොමැති නම් ගණිකා රැකියාවකට එක්විය යුතුද ?

විසිවන සියවසේ ලොව ප්‍රසිද්ධම කාන්තාවන් හයදෙනා අතරට පත් ඔප්රා වින්ෆ්රි අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු කාන්තාවකි. ඇය බාලවියේ සිට හව්හරනක් නොමැතිව ජීවත් වූ දරුවෙකි. අවුරුදු නවයේදී ඇයව දන්නා හඳුනන අය දූෂණය කළේ ඇය ළදැරියක්ව සිටින සමයකය. ඇගේ වයස අවුරුදු දාහතරක් වන විට ඇය ගැබ් ගත්තාය. මළ දරු උපතකට හිමිකම් කියූ ඇය ඉන්පසු තම පියා සොයා ගොස් අධ්‍යාපනයට යොමු විය. ඉහළට උගත් ඇය උසස් අධ්‍යාපන කාල සීමාවේදී තම ජීවිතය ඉදිරියට ගෙන යමින් චිකාගෝ නුවර සිට විකාශනය වන (The Opra Winf Rey Show) වැඩසටහනට එක් විය. අද වන විට ඇය විසිවන සියවසේ ලොව ධනවත්ම අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු ගැහැනිය බවට පත්ව ඇත. ඇය Queen All Media නමින් ලෝක ප්‍රසිද්ධ වී තිබේ. මෙවන් ජීවිත ගෙවන බොහෝ කාන්තාවන් තම මුල් කාලය ගෙවා ඇත්තේ විවිධ අතවර මැදය. ස්ත්‍රී දූෂණය තුළ තම ජීවිතය අවසන් කර ගන්නා ගැහැණිය නගා සිටුවීම සඳහා සමාජයට වගඛීමක් තිබේ. එවැනි අතවරයන්ට පත්වන ගැහැණු දරුවන්ගේ මානසික පීඩනය ඉවත් කර ඔවුනට යා හැකි ඉදිරි ලෝකයක් ඇති බව අවබෝධ කර දීම සමාජයේ වගකීමකි. එහි වඩාත්ම දැඩි වගකීමක් පවුල තුළට ලැබේ. ශ්‍රී ලාංකික සිරිත් විරිත් කෙසේ වෙතත් එවන් තත්වයට පත් වූ දරුවන් පවුලෙන් කොන් නොකළ යුතුය. සමාජයෙන් කොන් කර සමච්චල් කර වෙනත් කාර්යයන් සඳහා ඇබ්බැහි කිරීම් වලට ඉඩ නොතැබිය යුතුය. ග්‍රාමීය මට්ටමේ සිට ඇති කාන්තා සංවිධානවලින් එවැනි අය මානසිකව නගා සිටුවමින් අනාගත ලෝකයට ගෙන යෑමේ වැඩ සටහන් දියත් කළ යුතුය. ඔවුන් ලිංගික සුරාකෑම් වලට ගොදුරක් කර ගැනීමට ඉඩ නොතබා ගෙන යෑම සමාජ වගකීමක් වේ.

මල්ලිකා සිල්වා | ගිරිඋල්ල

Mallika Silva
Mallika Silva
Diploma in Education, Teacher Instructor at Zonel Education

1 COMMENT

  1. කන්‍යා භාවය පරීක්ෂා කිරීම දියුණු සමාජයක සිදුනොවිය යුතු ගෝත්‍රික ක්‍රියාවක් බව මගේ අදහසයි, එක අතකින් එය පිරිමින්ගේ ආධිපත්‍යය කාන්තාවන් මත පැටවීමක්, අනික පිරිමින් සියලු දෙනා විවාහයට පෙර ශුද්ධ වන්තයින්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles