තනි සිතක අදුර මැකූ සිහින අප්සරාව


බස් එකෙන් බැහැල රෝහලට ඇතුළු වූ මම රෝහල් කොරිඩෝව දිගේ ඔහේ ඉදිරියට ඇදුනා...අඛිල පියවි සිහිය ලබා ඇද්ද....මේ වනවිට ඔහු සුවවී නිවසට යන්නට සැරසෙනවා විය නොහැකිද...සිහිය ආ සැනින් කාගේ හෝ දුරකතනයක් ඉල්ලාගෙන ඔහු පිංකිට කතා කරන්නට ඇද්ද...අඛිලගේ ජීවිතය ගලවා ගත්තේ මා බව දැන ගතහොත් පිංකි මා කෙරෙහි විශාල පැහැදීමක් ඇති කරගනු ඇති.. ඉන්පසු ඇය තමාගේත් අඛිලගේත් ප්‍රේමයට උදව් කරන ලෙස මගෙන් ඉල්ලා සිටින්නටද බැරි නැහැ..එසේ වුවහොත් මා කුමක් කරන්නද.....තමන් මෙලොව වඩාත්ම පෙම් කරන යුවතියගේ කවර ඉල්ලීමක් වුව ඉටු කරන්නට කිසිදු පෙම්වතකු කිසිවිට පසුබට නොවන්නේමයි.. එහෙත් ඇය අනෙකකුට පෙම් බදිනවා නම්....ඒ ප්‍රේමය ජයගන්නට උදව් ඉල්ලනවානම් පෙම්වතකුට ඇගේ එම ඉල්ලීම ඉටු කල හැකිද...?...සිත කුනාටුවක් වගේ.. මම ගලවා ගත්තේ මගේ පරම සතුරාගේ ජීවිතය යයි සිතෙන විට සිතට ගලාගෙන එන්නේ වෛරය....ක්‍රෝධය......ද්වේශය වගෙ හැගීම්.. මගමග වැටී සිටින බලල් පැටවකු දෙස පවා ආදරයෙන් බලන්නට තරම් සංවේදී වූ මසිතට මෙබදු අදහස් ගලා ඒම මටම පුදුමයක්... පරම පිවිතුරු පූජනීය යැයි කියන ප්‍රේමය කොයි තරම් ආත්මාර්තකාමී හැගීමක්දැයි වැටහෙන්නේ දැන්....
“.. මිස්.....පෙරේදා ඇක්සිඩන්ට් වෙලා අරං ආපු ලෙඩාට කොහොමද........”
මම අසල වූ හෙදියකගෙන් ඇහුවා....වැඩි විස්තර කිව්වට පස්සේ මට අඛිලගේ අලුත්ම තොරතුරු දැකගන්නට ලැබුනා....අඛිල තවමත් දැඩි සත්කාර ඒකකයේ නිසලව වැතිර ජීවිතයත් මරනයත් අතර සටන් කරනවා...තවම ඔහුට සිහිය ඇවිල්ලා නැහැ.. මම වෛද්‍යවරයාව හමුවුනා....
“.. මේ පේෂන්ට් ගැන කිසිම දෙයක් දන්නෙ නැද්ද.......”
වෛද්‍යවරා ඇහුවා..
“….නෑ ඩොක්ටර්..මම වීල් එකක යද්දි මෙයා පාර අයිනේ වැටිල හිටියා….ඊට
පස්සේ තමයි මමයි වීල් එක අරං ගිය අයියයි මෙයාව හොස්පිටිල් අරං ආවේ…”
“..හරි ප්‍රශ්නයක්නේ….මෙයා කාගෙ කවුද කියල දැනගන්නේ කොහොමද…..”……
“..අපිට හම්බ වෙද්දි මෙයාගෙ පර්ස් එකයි පෝන් එකයි වත් තිබුනෙ නෑ.?….”
“.. මෙයාව ඇක්සිඩන්ට් කරපු වාහනේ මෙයාව දාලා යන්න ඇති..කවුරුහරි නරුමයෙක් මේ මනුස්සයගෙ පෝන් එකයි පර්ස් එකයි අරං යන්න ඇති….පාර අයිනේ පන අදින මනුස්සෙක්ව උනත් මං කොල්ල කන්න තරං දුෂ්ඨ මිනිස්සු ඉන්නවා..හැමෝම ඔයා වගෙ මනුස්සකම අදුනන අය නෙවෙයි….”
. වෛද්‍යවරයා කියද්දි මද සිනාවක් නැගුවත් හිත පුරා ඇදී ගියේ වරදකාරි හැගීමක්.. මේ වනවිටත් මා ලග ඇති අඛිලගේ ඡායාරූපයේ ඔහුගේ ජංගම දුරකතනය පමනක් නොවෙයි ගෘහස්ත දුරකතන අංකය සහ ලිපිනයත් තියෙනවා..
ඒත් මගෙ මුව ගොළුවෙලා….අඛිලව අනතුරට පත්කල රිය පලා යන්නට ඇත්තේ ඔවුන්ගේ ගැලවීම පිනිස වන්නට ඇති….ඔවුන් හිතාමතාම අඛිලව අනතුරට පත් කලා වන්නට බැහැ…..මරනාසන්නයෙන් වැටී සිටින අඛිලගේ මුදල් පසුම්බිය සහ දුරකතනය රැගෙන පලාගිය අය එසේ කරන්නට ඇත්තේ සිහිසුන්ව සිටි තරුනයා මියගොස් ඇතැයි සිතා වන්නට බැරි නැහැ…එසේ බලද්දි අනතුර සිදුකල කෙනාත් මුදල් සොරාගත් අයත් මාත් අතර ඇති වෙනස කුමක්ද… අඛිලගේ මව්පියන් මේ වනවිට අතුරුදහන් වූ පුතු ගැන කදුලු සලමින් මග බලා සිටිනවා ඇති.. අඛිලගේ අම්මාගේ මුහුනත් මා දුර ගමනක් ගියවිට පෙරමග බලා සිටින අම්මාගේ මුහුන වගේම ඇති.. නන්නාදුනන රෝගියකු වෙනුවෙන් දිගින් දිගටම දැඩි සත්කාර ඒකකය වෙන් කොට තබන්නට වුවහොත් රෝහල් කාර්ය මංඩලය කුමනාකාර තීරනයක් ගනු ඇද්ද….එය අඛිලගේ ජීවිතයට අවධානමක් දෙන තීරනයක් වනු නොහැකිද…මේ මොහොතේ මරනාසන්න තරුනයා ගලවා ගන්නට හැකි එකම විසදුම ඔහුගේ නිවැසියන්ට අඛිල ගැන සැලකිරීම පමනයි.. එය කල හැක්කේ මට විතරමයි..
“…ඩොක්ටර්…දැන් මේ ලෙඩාට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ..”
“.. දැනට මෙයාගේ භාරකරයා විදියට ඉන්නේ ඔයා…ඒත් ඔයාට බෑනේ මෙයා ගැන වගකීම ගන්න…අපි පොලිසිය හරහා මෙයා කාගෙ කවුද කියල හොයා ගන්න බලනවා….”
ආයෙම වතාවක් අඛිල ගැන හිතේ කොනක මෝදු වීගෙන ආපු අනුකම්පාව බිදිල විසිරිලා ගියා….පොලිසිය මැදිහත් වීමෙන් යලි අඛිලව නිවැසියන්ට භාර දේවි…ඉන් පසු ඔවුන් සියල්ල එක්ව අඛිලගේ ජීවිතය ගොඩගනීවි….මරනයෙන් ඔහුව ගලවාගත් පින මට අත්වේවි….එහෙත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද…..අඛිල යනු එක්කෝ මා මෙලොව වඩාත්ම පෙම් කරන තැනැත්තියගේ ප්‍රේමවන්තයා… නැතිනම් ඇයට කුමක් හෝ අනතුරක් කරන්නට සැදී පැහැදී සිටින සතුරෙක්.. මේ කවර දේ වුවත් අඛිල යනු මට සතුරු චරිතයක්මයි….රජ කුමරියන් ලබා ගන්නට සටන් වදින කුමාරවරු අනෙකාගේ ජීවිතය විනාශ කර දමන අවස්තා නොවේද… එවිට ඔහුට විරුවෙක් කියනු මිස ප්‍රානගාත අකුලසයක් කල අයකු යයි කියන්නට ඉදිරිපත්වන අයකු නැහැ..මගේ ප්‍රේමවන්තිය වෙනුවෙන් සතුරා විනාශ කිරීම පාපයක්දැයි මම මගෙන්ම විමසුවා…මම යලි එන්නට පිටත් වුනේ මහා විශාල බරක් හිස මත තබාගෙනයි.. ඊලගට කල යුත්තේ කුමක්ද… මටම සිතාගන්නට බැහැ….
මට මගේ බාලවිය සිහිවනවා……කුඩා මැස්සකු වතුරට වැටී සිටිනු දුටුවත් කෝටුවක් ගෙන ඌ ගලවා ගන්න එක මගේ පුරුද්දක්… මව්පියන්ට නිවැසියන්ට සේම ගුරුවරුන්ටද හොදම දරුවා වුනේ මම.. අදත් මා වටා සිටින මිතුරන්ට ඔවුන් අතර සිටින හිත හොදම බුද්දිමතා තමයි මම..ඔවුන්ගේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරන්නට ඒ අය එන්නේ මගේ ලගට…එහෙත් සියල්ල උඩු යටිකුරු වූයේ කෙතරම් සුළු කාලයකින්ද.. ඒ පිංකි නිසායි.. දෑසින් දකින්නට පෙර සිටම ඇයට පෙම්කල මා අද ඒ ප්‍රේමයේ වහලකු වෙලා…ඇය වෙනුවෙන් දස දහසක් සමග වුව සටන් කොට වනසා දමන්නට හැකියාවක් මා තුලට ඇවිල්ලා.. මේ මොහොතේ ඇයත් මාත් අතර වූ දැවැන්තම පවුර වී ඇත්තේ අඛිල නොවේද. එසේනම් ඒ පවුර සුනු විසුනු කර දැමීම හැර විකල්පයක් නැහැ…අඛිල මියෙන්නට ඉඩ දී බලා සිටිය යුතු බව යටි සිත මොර දෙන විට උඩු සිත ඒ පවුකාර සිතිවිල්ල තලා පෙලා දමන්නට දරන නීරර්තක උත්සහය සිතට ගෙන එන පීඩනය උහුලනු බැරි එකක්… අසල තේ කඩයකට ගොඩ වැදී උනු තේ කෝප්පයකින් සිත ගත සනහන්නේවත් නැතිව මා බස් නැවතුමට ආවා….
දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන රිචර්ඩ් අල්පොන්සෝගේ එකම දියණිය පිංකිගේ රියදුරු තනතුර හිමි වූ බවත් හිතුවාටත් වඩා වැඩි වැටුපක් නියම වූ බවත් පවසන්නට නිවස කරා යාමට මම බසයට නැග්ගා…අනිද්දා පත්වීම බාරගන්නට ඇති නිසා හෙට සවස් යාමයේ එහි යා යුතු බව කී විට අම්මා සසල වන බව මම දන්නවා….වෛද්‍යවරයකු කරවන්නට හීන මැවූ එකම පුතු රියදුරකු වීම වෙනුවෙන් අද පටන් ඇය රහසින් කදුලු සලනු ඇති.. දැන් ඉතින් කවුරුන් කුමක් කීවද පෙරට තැබූ පය යලි ගන්නට නොහැකියි…
මා යන්නේ පිංකිගේ නිවසටය.. හෙටින් පසුව පිංකි සහ මම ජීවත් වන්නේ එකම වහලක් යට නොවේද….එය බොලද සිතිවිල්ලක් බව හොදාකරවම දන්නවා උනත් හිත ඒ මිහිරියාව තුලම වෙලී අවසන්….ඇය කවරාකාර තැනැත්තියක් විය හැකිද.. හා හා පුරා මවෙත හෙලුවේ නෝක්කාඩු බැල්මක්.. මාව ඇයට හිරිහැයක් විය යුතුයි.. ඊට හේතුව අඛිල නොවේද…අඛිල සහ ඇය අතර පවුරක් විදියට මාව ඇයට පෙනෙනවා වන්නට බැරි නෑ….මා ඇයට පෙම් කරන බව දන්නවා නම් පිංකි කවරාකාර ප්‍රතිචාර දක්වනු ඇද්දැයි සිතාගන්න බැහැ.. එහෙත් එය දුක්බර ඉරනමක් අත් කරන එකක් බව පිලි ගන්නට නම් සිත ඉඩදෙන්නේම නෑ….අඛිල මියගියත් රිචඩ් අල්පොන්සෝගේ දියණිය මට හිමි කරගන්නට හැකිද…රජ කුමරියන් හිමි කරගත් දිලිදු යදියන් ගැන අසා ඇති කතා එක පෙලට හිතට ගලාගෙන එනවා…
බසය නියම තැනට ආ බව සිහිවුනේ කොන්fදාස්තර හයියෙන් කෑ ගහන කොට.. තව ටිකෙන් දිගටම යනවා.. හීන ලොවින් පිබිදුන මම බසයෙන් බැස්සා.. ගෙදර අයත් එක්ක ගෙවන අවසන් රාත්‍රිය අද බව හිතුනම හිතට පුංචි දුකක් ගලාගෙන ආවා.. ගෙදරට මොනව හරි අරං යන්න ඕන.. ඒත් වියදමට සල්ලි තාත්තගෙන් ඉල්ල ගන්න මම මොනවද ගන්නේ..තියෙන සල්ලිවලින් බූන්දි ටිකක් වත් අරං යන්න ඕන කියලා හිතිලා මම පාර පනින්න හැදුවා……
“….සන්දේශ් අයියා…….”
මර විලාපයක් සමග නැගි තිරිංග හඩකට කන් අගුල් වැටෙනු මට දැනුනා..
සිවුවැනි කොටසින් සන්දේශ්ට මොකද උනේ….