
චිත්රපට ඉතිහාසය .…
චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේ දී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි. හෙළ සිනමාවේ ආරම්භය ගැන කතා කිරීමට ප්‍රථම ලෝක සිනමාවේ ආරම්භය ගැන සාරාංශ වශයෙන් හෝ විමසීම ඉතාමත් වැදගත් වන්නේ ලෝක සිනමාවෙන් ලද ආභාශය තුලින් ලාංකික සිනමාව උපත ලැබීමයි. චිත්‍රපට කලාව සන්නිවේදන සහ රසාස්වාදයේ අංගයක් බවටද අද වන විට පත්ව ඇත. එයට හේතුව චිත්‍රපටය මගින් කලාව, දේශපාලනය, තාක්ෂණය, සමාජය යන ඒකකයන් තුලට සැලකිය යුතු බලපෑමක් සහ පහරක් එල්ල කිරීමට හැකි ප්‍රභල මාධ්‍යක් වීමයි. චිත්‍රපට ඉතිහාසයේ දැනට ඉතිරිව ඇති සාක්ෂි මගින් ලොව මුල්ම චිත්‍රපටය ලෙස හඳුනාගෙන ඇත්තේ එංගලන්තයේ ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝම්බර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර් හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද “Roundhay Garden Scene” නම් දර්ශනයයි. එමෙන්ම 1895 – 12 – 28 දින පැරීසියේ දී ලුවී ලුමියර් සහ ඔගස්ටේ ලුමියර් යන දෙදෙනා විසින් “Arrival of a Train at La Ciotat (1896)” යන කාලය විනාඩි 02 කින් යුක්ත චිත්‍රපටයක් ප්‍රදර්ශණය කර ඇත. මෙය ද ලෝක සිනමාවේ කැපී පෙනෙන ප්‍රභල සිදුවීමක් ලෙස හදුන්වා දීමට හැකිය. එඩ්වින් එස්. පෝටර්, ඩී. ඩබ්ලිව්. ග්‍රිපිත්, සර්ජි එම්. අයිසන්ටයින් යන පුද්ගලයන් ලෝක සිනමාවේ ආරම්භක පුරෝගාමීන් ලෙස හදුනා ගන්නා අතර එලෙස ආරම්භ වූ සිනමාව අද වන විට ලෝකයේ රටවල් රැසක් පුරා ව්‍යප්ත වෙමින් ප්‍රභල සන්නිවේදන මාධ්‍යක් බවට පත්වී හමාරය (චාමර, 2019).
ලාංකීය සිනමා ඉතිහාසය ගැන කතා කිරීමේ දී ලංකාව තුලට සිනමා කලාව පැමිණ ව්‍යප්ත වන්නේ බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවති යුගයේදීය. ලෝකය තුල සිනමාව ආරම්භ වී වසර පහක් ගතවීමටත් ප්‍රථමයෙන් සිනමා අද්දැකීම ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි විය. ලංකාවේ පළමුවෙන්ම සිනමා ව්‍යාපාරය ආරම්භ වූ බවට සඳහන්ව ඇත්තේ කොළඹ කොටුව, මල්වත්ත හා චාමස් ධාන්‍යාගාරය ආශිත ප්‍රදේශයෙනි. මේ වන විට ලංකාවේ සිටි යුරෝපා ජාතීන් මෙන්ම ලාංකීය උගත් පිරිස් තම විනෝදාස්වාදය සඳහා මෙම කොටුව මල්වත්ත ප්‍රදේශයට පැමිණ ඇති බව කියවේ. එයට ප්‍රධානම හේතුව වූයේ විදේශීය නාට්‍ය, සංගීත, සර්කස් කණ්ඩායම් ඔවුන්ගේ රැගුම් ඉදිරිපත් කිරීම සඳහා මෙම මල්වත්ත ප්‍රදේශය තෝරා ගැනීමයි. එම පසුබිම සිනමාව වැනි වාණිජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යහපත් වාතාවරණයක් සැපයීය. මීට අමතරව ලංකාවේ පැවති නූර්ති, නාඩගම්, නාට්‍ය වැනි දේශීය කලා අංග ද මෙරට සිනමාව ආරම්භ වීම සඳහා මහත් සේ පිටුවහලක් වී තිබේ. සිනමාව ආරම්භ වීමට මූලික පදනම වී ඇත්තේ නාට්‍ය කලාව නිසා විචාරකයන් හදුන්වා දෙන්නේ සිනමාව යනු නාට්‍ය කලාවේ දියුණුම අවස්ථාව හැටියටයි.

හෙළ සිනමාවේ විකාශනය ….
සිංහල සිනමා වංශ කතාවේ එන පරිදි ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ‘රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා’ නමින් නිහඬ චිත‍්‍රපටයකි. නමුත් එය කිසිදිනෙක ශ්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර වර්ෂ 1925 දී මුළුමනින් ම ඉන්දියාවේ දී නිෂ්පාදනය කෙරුණු එය එක් වරක් පමණක් ඉන්දියාවේ ප‍්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එහි එකම පිටපත මෙරටට ගෙන ඒමට පෙර කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් විසින් පුළුස්සා දමා ඇති බවට මත පළවේ. කෙසේවෙතත් එම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවා වූයේ පසු කලෙක මෙරට මුදල් ඇමතිවරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වන අතර ප්‍රධාන නිළි චරිතය රඟපාන ලද්දේ සිබිල්පිම් නැමැති ලන්සි තරුණියකි. මෙම ප්‍රථම නිහඬ චිත්‍රපටයේ රඟපාන ලද සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඇන්. ජී. ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන් ය. මෙරට නිහඬ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අරඹන ලද්දේ 1901 දීය. ඇඩොල්ෆ් විලියම් ඇන්ඩෘ විසින් දියතලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලද්දේ අප්‍රිකාවෙන් ගෙනා බොයර් (Boer) යුද සිරකරුවන් පිරිසක් වෙනුවෙනි. තවද මෙරට ප‍්‍රදර්ශනය වුණු ප‍්‍රථම ලාංකික වෘත්තාන්ත නිහඬ විත‍්‍රපටය ඩබ්ලිව්. දොන් එඩ්වඩ් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘පළිගැනීම’ (1936) නම් චිත්‍රපටිය වේ.
1927 ජනවාරි 21 වැනිදා කිංස්ලි සිනමාහලේ දී තිරගත වූ ‘කඩවුණු පොරොන්දුව’ සිනමා පටය ශ්‍රී ලාංකේය සිනමාහල්වල ප‍්‍රදර්ශනයට ආ ප‍්‍රථම සිංහල කතානාද චිත‍්‍රපටයයි. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වේදිකා නාට්‍යයක් ඇසුරෙන් ඇස්. ඇම්. නායගම් නිෂ්පාදනය කළ ‘කඩවුණු පොරොන්දුව’ සිංහල අකුරක්වත් නොදත් ඉන්දියානු ජාතික ජ්‍යෝතිෂ් සිං විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකි. ඉන් අනතුරුව ඓතිහාසික කථා පුවතක් රැගෙන කරලියට ආ දෙවන සිංහල චිත‍්‍රපටය වූ ‘අශෝකමාලා’ (1947) සිනමා පටය හරහා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනයෙන්, වාදනයෙන් පමණක් නොව රඟපෑමෙන් ද කලා ක්ෂේත්‍රයේ මං පෙත් විවර කරගන්නා ලදී. එම කාල වකවානුව තුළ ‘අශෝකමාලා’ හා ‘කඩවුණු පොරොන්දුව’ යන චිත‍්‍රපට ද්විත්වය අතර ප‍්‍රථම ප‍්‍රදර්ශනය වීමට තරගයක් තිබූ නමුත් එයින් මුලින්ම ප්‍රේක්ෂකයා හමුවට ගියේ ‘කඩවුණු පොරොන්දුව’ සිනමාපටය වන අතර ‘අශෝකමාලා’ තිරයට ආවේ ඉන් සති 10කට පසුව ය . ඉහත සුවිශේෂී අවස්ථාවන් හැරුණු විට ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසය තුළ විවිධ ආකාරයේ වැදගත් පෙරළිකාර සිදුවීම් චිත්‍රපටි ක්ෂේත්‍රයේ වාර්තා අතරට එක් වී තිබේ. ඒවා අතර පහත සිදුවීම් පෙළගස්වා ඇත.
ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ චිත‍්‍රාගාරයකින් සම්පූර්ණයෙන් ම බැහැර ව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ (1956) චිත්‍රපටය මූලික තැනක් උසුලයි. සුනිල් ශාන්තයන් ස්වතන්ත‍්‍ර ගී තනු සපයමින් සිනමාවට පිවිසියේ ද මෙම ‘රේඛාව‘ චිත‍්‍රපටයෙනි. එමෙන්ම, සිංහල සිනමාවේ මහා නළු ගාමිණී ෆොන්සේකා මුලින් ම රිදී තිරයට පිවිසෙන ලද්දේ ‘රේඛාව’ (1956) චිත‍්‍රපටයේ සුළු චරිතයක් (රෝගියකු ලෙස) රඟපාමින් වුවත් ඉන්පසු ඔහු මුලින් ම ප‍්‍රධාන චරිතයක් රඟපා ඇත්තේ ‘පිරිමියෙක් නිසා’ (1960) චිත‍්‍රපටයේ ය. තවද ගීත කිසිවක් ඇතුළත් නොවූ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ (1963) චිත්‍රපටයයි. කෙසේවෙතත් ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය ඉන්දියාවේ නව දිල්ලි අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේ දී විශිෂ්ටතම නිර්මාණයට හිමි රන්මයුර සම්මානයෙන් පිදුම් ලද නමුත් එම සම්මානය මෙරටට ගෙන එන අතරවාරයේ කටුනායක ගුවන්තොටුපළේ දී සොරා ගැනීම නිසා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ටත්, සමස්ථ ශ්‍රී ලංකාවටත්, එය අහිමි වී යාම චිත්‍රපට කර්මාන්තයේ කණගාටුදායක ම සිදුවීමකි.
මෙරට සිනමාහල්වල ප‍්‍රදර්ශනය කෙරුණු සිංහල සිනමාවේ නිපදවූ ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය මයිකල් විල්සන් අධ්‍යක්ෂණය ‘රන්මුතු දුව’ (1962) වන අතර ඊට පෙර නිපද වූ සියලූ ම චිත‍්‍රපට කළු සුදු ඒවා වේ. නමුත් ‘රන්මුතු දුව’ ට පෙර කුඩා තිර ප‍්‍රමාණයෙන් නිපදවූ වර්ණ චිත‍්‍රපටයක් ‘ගම්බද සුන්දරී’ (1950) නමින් ප‍්‍රදර්ශනය වී තිබෙන බවද සිනමා ඉතිහාසයේ සඳහන් වේ. ඉන් අනතුරුව ගාමිණී ෆොන්සේකා මහතාම රඟපාමින් අධ්‍යක්ෂණය කළ ‘පරසතු මල්’ (1966) චිත‍්‍රපටය, මහගම සේකරන් අධ්‍යක්ෂණය කළ ‘තුං මං හන්දිය’ (1970) ‘සාරවිට’ (1965) චිත‍්‍රපටය මෙන්ම ඉන් ඔබ්බට ගිය විට හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ නවකතා ත්‍රිත්වය පාදක කර ගෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මීට ඉහත සඳහන් කල ‘ගම්පෙරළිය’(1963) මෙන්ම , ‘කලියුගය’ (1982) හා ’යුගාන්තය’(1983) නමින් වූ චිත‍්‍රපට ත්‍රිත්වයක් බිහි කරන ලදී. ඊට අමතරව මහාචාර්ය සිරි ගුණසිංහයන් අධ්‍යක්ෂණය කළ ‘සත් සමුදුර’ (1967) චිත‍්‍රපටය සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප‍්‍රථම දමිළ චිත‍්‍රපටය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘කුසුමලතා’ (1951) චිත‍්‍රපටය. ඒ සමග එකවර සිංහල චිත‍්‍රපටයක් ද බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ අතර ‘සැඟවුණු පිළිතුර’ (1951) නම් වූ එය එකවර භාෂා දෙකකින් නිපදවුණු ප‍්‍රථම ශ්‍රී ලාංකික චිත‍්‍රපටයයි (ජයමාන්න & Jay, 2019).
වර්ෂ 1971දී සමාජවාදී රජයක් රටෙහි බලයට පත් වීමෙන් අනතුරුව චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇතිකිරීමට ඔවුන් උත්සුක වු අතර මේ සමයේදී, නිදහස්වු දක්ෂතාවන් පිළිබිඹු කරමින් ඉදිරියට ආ සිනමාව, බාල වාණිජ චිත්‍රපට ගලාඒම නිසා ඉවතට විසිවී ගියේ අලුතින් ඇතිකරන ලද රජයේ ණය දීමනා නිසාවෙනි.
ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැන ගන්නා ලදී. තොටවත්තයන් විසින්, හාර ලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගල යන චිත්‍රපට නිපදවා තාක්ෂණ දක්ෂතා තත්ව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රෙක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර, රජයේ යම් යම් තහංචි තිබුනද, ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ඉතාම වැදගත් කෘතීන් මෙම අවදියේදී නිපදවීමෙන් වඩාත් සාර්ථක විය. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිශ්පාදිත නිධානය චිත්‍රපටය අවුරුදු 50ක් ඇතුලත නිපදවූ විශිෂ්ඨම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් තීරණය කරන ලදී. එහි ගාමිණී ගේ සහ මාලිනී ගේ අති දක්ෂ රඟපෑම සහ පීරිස් ගේ අති දක්ෂ අධ්‍යක්ෂණය හමුවේ එය ජාත්‍යන්තර සාර්තකත්වයක්වූ අතර, වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී සිල්වර් ලයන් ඔෆ් සෙන්ට් මාර්ක් තිළිණය (Silver Lion of St.Mark Award) දිනාගැනීමට හැකිවූ අතර එම අවුරුද්දෙදී කැපීපෙනෙන චිත්‍රපටය බවටද පත්විය.
මේ අන්දමට චිත්‍රපටි ක්ෂේත්‍රය තුළ වසරින් වසරට පෙළගැස්විය හැකි පරිදි බොහෝ සිදුවීම් වාර්තාවන් ප්‍රමාණය සුළුපටු නොවේ. එලෙස විවිධ පෙරළියන් සිදුවෙමින් අතීතයේ සිට වර්තමානය දක්වා චිත්‍රපටි ක්ෂේත්‍රයේ පිබිදීම සහ පරිහානිය කෙසේ සිදුවුවත් 2010 වන වසරින් පසු ලෝකය තාක්ෂණය අතින් වඩාත් දියුණුවට පත්වූ අතර ලෝකයේ සිනමාව මෙන්ම ලංකික සිනමාව ද ඒ අනුව වෙනස් වීම සිදුවිය. කාලයත් සමඟ රිදී තිරයෙන් බැහැරව සිංහල චිත්‍රපට DVD පටවලට නැගුණු අතර ප්‍රථම සිංහල DVD චිත්‍රපටය වන්නේ බෙනට් රත්නායකයේ “ අස්වැසුම ” චිත්‍රපටය යි . පළමුව Blue – Ray බවට “ මාතලන් ” චිත්‍රපටය පත්විය. එමෙන්ම මෑත කාලීනව නිෂ්පාදනය වුණු අන්තර්ජාලය හරහා ඉහළ ප්‍රේක්ෂක නැරඹුම් ප්‍රමාණයක් ලබාගන්නට “ සරිගම ” චිත්‍රපටිය සමත් විය. මෙය YouTube හරහා මිලියනයකට අධික පිරිසක් නරඹා තිබෙන බව වාර්තා පෙන්වා දේ . ප්‍රථම ජංගම චිත්‍රපටය ලෙස “ එක දවසක අපි ” චිත්‍රපටය හැදින්විය හැකිය . එය ලෝක සිනමාවෙන් අප සිනමාව මිදී නැති බවට පෙන්වීමට හොඳම සාක්ෂියකි (විකිපීඩියා, 2024).
මේ ආකාරයට “ රාජකීය වික්‍රමය ” තුලින් ඇරඹි ලාංකීය සිංහල සිනමාව විවිධ කාල වකවානු තුල දී විවිධ හැරවුම් ලක්ෂ හරහා ඉහළම තලයකට එමින් නැවත බිඳ වැටෙමින් විවිධ තාක්ෂණික කාරණා හරහා අලුත් වෙමින් පැමිණි ගමන හා ලාංකීය සිනමාවේ දියුණුවට හේතු වූ විශේෂ සංධිස්ථානයන් මෙලෙස හඳුනාගත හැකිවේ. මෑත අතීතයේ ප්‍රදර්ශනය වූ සූරිය අරණ, සමනල තටු, හිරි පොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇද ගැනීමට සමත් වූ සිනමා පටයන් වේ. සූරිය අරණ චිත්‍රපටය, ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබුවේ මිලියන 121ක වාර්ථා අදායමක් ලබමින්ය. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්, එනම් රුපියල් මිලියන 60ක් වැය කල චිත්‍රපටය වේ. එමෙන්ම මෑත වසරවලදී ආලෝකෝ උදපාදි, අබා, පත්තිනි, මහරජ ගැමුණු සහ හෝ ගානා පොකුණ වැනි චිත්‍රපට ද සාර්ථකව ඉහළ ප්‍රතිපල අත්පත් කර ගත් චිත්‍රපටි අතරට එක්වේ (විකිපීඩියා, 2024).

චිත්‍රපට ප්‍රභේදනය ….
චිත්‍රපටියක් එහි කථා වස්තුව, තේමාවන්, ස්වරය සහ ශෛලිය අනුව නිර්වචනය කරන ලද නිශ්චිත කාණ්ඩයකට හෝ ප්‍රභේදයකට අයත් වේ.
භීතියේ හොල්මන් නිවාස හෝ විද්‍යා ප්‍රබන්ධවල පිටසක්වල ජීවීන් වැනි ප්‍රභේදයක් නිර්වචනය කිරීමට ඇඳුම් පැළඳුම්, කට්ටල සහ රූප වැනි දෘශ්‍ය ඉඟි, නරඹන්නන් සඳහා ත්‍රාසජනක ප්‍රභේදයක ට සංඥා කරයි. ප්‍රභේද දෘඩ නොවේ, පුළුල් ප්‍රභේද කාණ්ඩයකට වැටෙන විවිධ උප ප්‍රභේද ඇත. උදාහරණයක් ලෙස, Sci-fi horrors සහ supernatural horrors යනු ත්‍රාසජනක ප්‍රභේදයේ කොටසකි, නමුත් ඒ දෙකටම කතන්දර කීමේ සහ දර්ශනවල සුවිශේෂී ක්‍රම තිබේ (Nguyen, 2024).
ප්‍රභේද චිත්‍රපටයක් නිර්වචනය කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ:
- ආඛ්‍යාන සම්මුතීන් (Narrative Conventions) – ප්‍රභේද චිත්‍රපට එම ප්‍රභේදය තුළ අපේක්ෂා කරන පොදු ආඛ්‍යාන ව්‍යුහයන්, චරිත වර්ග සහ කථාංග උපාංග අනුගමනය කරයි.
- දෘශ්‍ය විලාසය/මිස්-එන්-දර්ශනය (Visual Style/Mise-en-Science) – සිනමාකරණය, නිෂ්පාදන සැලසුම්, සහ ඇඳුම් පැළඳුම් වැනි අංග ප්‍රභේදයේ අපේක්ෂිත දෘශ්‍ය ස්වරය සැකසීමට උපකාරී වේ.
- තේමාත්මක මූලද්‍රව්‍ය (Thematic Elements) – ප්‍රභේද චිත්‍රපට බටහිර ලෝකයේ භීතිය හෝ යුක්තිය වැනි එම කාණ්ඩයට විශේෂිත වූ පුනරාවර්තන තේමා ගවේෂණය කරයි.
- සැකසුම/ස්ථානය (Setting/Location) – විද්‍යා ප්‍රබන්ධයේ අභ්‍යවකාශය හෝ දුවිලි සහිත භූ දර්ශනයක් සහ සැලුන් එකක් සහිත වල් වල් වෙස්ට් වැනි ඇතැම් ප්‍රභේදවල ලාක්ෂණික සැකසුම් ඇඟවුම් කරයි.
- ස්වරය/මනෝභාවය (Tone/Mood) – චිත්‍රපටයේ සමස්ත මනෝභාවය ද ප්‍රභේදය නිර්වචනය කරයි, එනම් හාස්‍ය චිත්‍රපටවල සැහැල්ලු, විනෝදාත්මක ස්වරයක් ඇති අතර ත්‍රාසජනක චිත්‍රපට භීතිය සහ සැකය වර්ධනය කරයි.
- අපේක්ෂාවන් (Expectations) – ප්‍රභේද චිත්‍රපට එම කාණ්ඩයේ නරඹන්නන්ට හුරුපුරුදු ට්‍රොප්ස්වල අපේක්ෂාවන් සමඟ ක්‍රීඩා කිරීම, අදහස් දැක්වීම හෝ යටපත් කිරීම.
- කතන්දර අංග (Story Elements) – කතාවේ පොදු කොටස් (මැක්ගෆින්ස්, උච්චතම අවස්ථාවන්, සහ එවැනි) එක් එක් ප්‍රභේදයට විශේෂිත වූ චිත්‍රපට ගැළපීමට උපකාරී වේ.
එතෙක් මෙතෙක් වගතුග කෙසේවෙතත් චිත්‍රපට කලාවේ ආරම්භක අදියර මෙන් නොව මේ වන විට නව තාක්ෂණය සහ නවීන යන්ත්‍ර උපකරණ බිහිවී තිබීම සහ ඒවා නව නිර්මාණ බිහිකිරීමට යොදාගැනීම නිසා සිනමා ක්ෂේත්‍රය දැවැන්ත පෙරළියකට භාජනය වී තිබේ. ක්‍රියාදාම, වික්‍රමාන්විත, විද්‍යා ප්‍රබන්ධ, විකට, නාට්‍ය, ත්‍රාසජනක, අපරාධ, බටහිර, ආදර, වාර්තාමය සහ සජීවිකරණ ලෙස ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයට පහසුවන සහ ආකර්ෂණය ලබාගත හැකි පරිදි චිත්‍රපට විවිධ ප්‍රභේදයන් යටතේ වර්ගීකරණය කර තිබේ (Nguyen, 2024).
- ක්‍රියාදාම ප්‍රභේදය
ක්‍රියාදාම චිත්‍රපටවල බොහෝ විට හොඳින් නැරඹූ ප්‍රයෝග, සටන්, හඹා යාම සහ පිපිරීම් ඇතුළත් වන අතර, කුමන්ත්‍රණය ත්‍රාසජනක ගලවාගැනීම්, කොල්ලකෑම් හෝ ඔරලෝසුවට එරෙහි සටන් වටා කැරකෙයි. එය විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක හෝ ඇඳුම් පැළඳුම් සහ මනඃකල්පිත අවස්ථා වැනි සුපිරි වීර සම්මුතීන් සමඟ ඒකාබද්ධ විය හැකිය.
- හාස්‍ය ප්‍රභේදය
ප්‍රහසන ප්‍රභේදය බොහෝ සෙයින් විචල්‍ය වන අතර, මායාකාරී දෙබස්, උපහාසය, අභූත/අධි යථාර්ථවාදී හාස්‍යය සහ උපහාසය, ආදර හාස්‍යය දක්වා පුළුල් පරාසයක හාස්‍ය ශෛලීන් ඇතුළත් කළ හැකිය. අමුතු අවස්ථාවන්හි අතිශයෝක්තියෙන් යුත් හා විකේන්ද්‍රික පුද්ගලයින් චරිත නිරූපණය කරයි. ඔවුන් දෘශ්‍ය විහිළු, භෞතික හාස්‍ය, විනෝදජනක අනුකරණයන් හෝ උච්චාරණ භාවිතයෙන් හාස්‍යය ඇතුළත් කරයි. බොහෝ හාස්‍ය නිර්මාණ සතුටුදායක හෝ හැඟීම්බර අවසානයන් සමඟ ධනාත්මක චිත්තවේගයන් ඉහළ නැංවීමට සැහැල්ලු ස්වරයක් භාවිතා කරයි.
- නාට්‍ය ප්‍රභේදය
නාට්‍ය ප්‍රභේදය බොහෝ විට ආදරය, අරමුණ, සදාචාරය, අයුක්තිය, ප්‍රජාව, ශෝකය සහ ජීවත්වීම යන්නෙහි තේරුම වැනි බර තේමා සමඟ කටයුතු කරයි. ඔවුන් මානව සබඳතා, චිත්තවේගයන්, අභ්‍යන්තර චරිත සහ සදාචාරාත්මක / ආචාර ධර්ම අවධාරණය කරයි. චරිත දුෂ්කරතා / ජීවිත පාඩම් සමඟ අරගල කරන බැවින් ස්වරය බරපතල විය හැකිය, සමහර විට මලානික විය හැකිය. මෙම ප්‍රභේදය තුළ, චිත්තවේගීය ගැඹුර සහ රංගනයේ / ප්‍රතික්‍රියාවල සියුම් බව දෘෂ්‍ය දර්ශනයට වඩා ඉහළ අගයක් ගනී.
- ත්‍රාසජනක ප්‍රභේදය (හොල්මන් / අභිරහස්)
ත්‍රාසජනක චිත්‍රපට යනු මිනිසුන්ගේ බිය සමඟ ක්‍රීඩා කරන කලබලකාරී තේමා වේ. කම්පන සහ නරඹන්නන් නොසන්සුන් කිරීම අරමුණු කරගත් බිහිසුණු හෝ බියකරු රූප සහ මරණ දර්ශන ඒවායේ ඇතුළත් වේ. චරිත බොහෝ විට අවදානමට ලක්විය හැකි අතර හොල්මන් නිවාස වැනි බියකරු ස්ථානවල රූගත කිරීම් සඳහා යොදාගන්න අතර ප්‍රධාන චරිත භීතියට පත් කරන අවාසනාවන්ත සිදුවීම් මාලාවක් පුරෝකථනය කරමින් ස්වරය බොහෝ විට අඳුරු සහ දරුණු ය.
- ත්‍රාසජනක / අපරාධ ප්‍රභේදය
ත්‍රාසජනක චිත්‍රපටවල කේන්ද්‍රීය තේමාව වන්නේ සැකය – එය නරඹන්නන් ඔවුන්ගේ ආසන අද්දර වැඩි වන ආතතිය සහ තැතිගන්වනසුලු සංගීතය සමඟ තබයි. කුමන්ත්‍රණ සාමාන්‍යයෙන් අනපේක්ෂිත ප්‍රතිවිරෝධයන් සහ ඉහළ අවදානම් උච්චතම අවස්ථාවන් සමඟ අපරාධ, අභිරහස් හෝ ඔත්තු බැලීම් දක්වයි. ඔවුන්ගේ සෑම පියවරක්ම දන්නා බව පෙනෙන ප්‍රහේලිකාවක් වන දඩයක්කාරයෙකුට එරෙහිව ඔවුන් වීරයා / වීරවරිය ඉදිරිපත් කරයි.
- විද්‍යා ප්‍රබන්ධ ප්‍රභේදය
ඈත මන්දාකිණිවල සිට ඩිස්ටෝපියන් අනාගතය දක්වා, විද්‍යා ප්‍රබන්ධ මේ මොහොතේ මානව හැකියාව ඉක්මවා යන තාක්ෂණයන් සමඟ අපගේ පරිකල්පනය පුළුල් කරයි. බොහෝ චිත්‍රපටවල පසුබිම් ග්‍රහලෝක, අභ්‍යවකාශ මධ්‍යස්ථාන සහ පිටසක්වල ලෝක සහිත අභ්‍යවකාශ යානා අතර පිහිටුවා ඇත. කාල චාරිකා චිත්‍රපට, සමාන්තර විශ්වයන්, ඩිස්ටෝපියා සහ සමාජ වෙනස්කම් විද්‍යා ප්‍රබන්ධ කථා සඳහා කේන්ද්‍රීය වේ.
- ආදර ප්‍රභේදය
ප්‍රේමාන්විත ප්‍රභේදයේ කථා ප්‍රධාන චරිත අතර ආදර ආදරය/ආකර්ශනය වර්ධනය වීම අනුගමනය කරයි. විලාසයන් සැහැල්ලු දුම්පානයේ සිට විනාශකාරී අවසානයන් සහිත නාට්‍යමය කඳුළු සලන්නන් දක්වා විහිදේ. ආදර ප්‍රභේදයේ උද්දීපනය වන ලක්ෂ්‍යය නම් ආකර්ශනීය තරු යුගලය, ඔවුන් කැමති, ඔවුන් නොකරන, ඔවුන්ගේ කුමන්ත්‍රණවල රසායන විද්‍යාව සහ ආකර්ෂණය විකුණා දැමීමයි.
- බටහිර ආරක ප්‍රභේදය
බටහිර ප්‍රභේදය 19 වන සියවසේ අගභාගයේ ඇමරිකානු පැරණි බටහිර ප්‍රදේශයේ පිහිටුවා ඇති දූවිලි සහිත මායිම් නගර, විශාල කාන්තාර සහ පුළුල් විවෘත තැනිතලා වැනි සංකේතාත්මක ස්ථාන ආරෝපණය කරයි. එය කව්බෝයි, තුවක්කුකරුවන්, සැලුන්, අශ්වාරෝහක පැදීම, වෙඩි තැබීම් සහ රළු බටහිර භූ දර්ශන වැනි පොදු ත්‍රෝපයන් ගැන සාකච්ඡා කරයි. මිථ්‍යා ගුණය, පොහොසත් දෘශ්‍ය සහ අද්විතීය තේමාව බටහිර ප්‍රභේදය මෙම නවීන කාලය දක්වා රැඳී සිටීමට සලස්වයි.
- වාර්තාමය ප්‍රභේදය
වාර්තා චිත්‍රපට ප්‍රභේදය සැබෑ මිනිසුන්, ස්ථාන, සිදුවීම්, ප්‍රබන්ධ මූලද්‍රව්‍ය නොමැති ගැටළු නිරූපණය කරයි. බොහෝ විට විමර්ශනාත්මක / පැහැදිලි කිරීමේ අරමුණක් ඇතිව, මාතෘකා පිළිබඳව ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම එහි අරමුණයි. විද්‍යාව, ඉතිහාසය, චරිතාපදාන, කාලීන සිදුවීම්, දේශපාලනය, සොබාදහම, කලාව, සෞඛ්‍යය සහ තවත් බොහෝ දේ දක්වා වාර්තා චිත්‍රපටයක විෂය විශාල වේ.

චිත්‍රපටය ප්‍රබල කලා මාධ්‍යයක් වන අතරම එය සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් විදහාපාන කැඩපතකි. චිත්‍රපටය යථාව හා ජීවිතය එලෙසින් ම පිළිබිඹු කරන්නාවූ කැඩපතක් නොවේ. එය පුද්ගල නිශ්චිත පරමාදර්ශයන්ගෙන් ඔබ්බට ගොස් සංඥාර්ථ හා මනෝ විශ්ලේෂණාර්ථ සමඟ ගනුදෙනු කරන භාවිතයකි. චිත්‍රපටයක නිශ්චිත අරුත සොයා යෑමේ දී එය බිහි වූ සමාජ සංස්කෘතිය තුළ තැබීමට සිදුවේ. මේ නිසාම චිත්‍රපටය එකී සමාජ, දේශපාලන හා සංස්කෘතික දෘෂ්ටිවාද සමග ගැටීමට සිදුවන බවටත් කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය අදහස් දක්වා තිබේ (විජේරත්න, 2023).
රට තුළ විවිධ කාලඡේදයන්හිදී උද්ගතව පැවති සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික අර්බුද හමුවේ දුගී දුප්පත් අසරණ ජනතාව මුහුණදුන් කටෝර අත්දැකීමක් පාදක කොට ගනිමින් මෙකී අයුරින් සිනමා වෘත්තාන්ත නිර්මාණය වී ඇත. චිත්‍රපටයක් නැරඹීම කවරෙකුට හෝ කළ හැකි නමුත් විය යුත්තේ චිත්‍රපටය කියවා එහි යටිපෙළ හඳුනාගැනීමයි. නිර්මාණයේ සැබෑ අරුත ඇත්තේ එතැනය. චිත්‍රපටය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් වන අතරම එහි රූපය ප්‍රබල වේ. රූපය කියවීමට අප උත්සාහවත් විය යුතුය. එවිට සිනමා නිර්මාණය මනාව අවබෝධ කරගැනීමට හැකිවනවා මෙන්ම එමඟින් සිනමා පටයේ සාර්ථකත්වය ද රඳා පවතී.
මූලාශ්‍ර
Nguyen, L. (2024). ප්‍රභේද චිත්‍රපටයක් යනු කුමක්ද? මේ මොහොතේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රභේද 9 සොයා ගන්න. In AhaSlides. https://ahaslides.com/si/blog/what-is-a-genre-film/
චාමරමහේෂ්. (2019). සිංහල සිනමා වංශය. සිදාදිය. https://unknowhands.blogspot.com/2019/12/blog-post_50.html
ජයමාන්නපර්සි, & Jay, V. (2019). සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු. මල් කැකුළු : Malkakulu.Com : විශ්වයම ඔබ දෝතට. http://www.malkakulu.com/2019/04/blog-post.html
විකිපීඩියා. (2024). ශ්‍රී ලංකාවේ සිනමාව. In nina.az. https://www.wiki-data.si-lk.nina.az/ශ්‍රී_ලංකාවේ_සිනමාව.html
විජේරත්නයු.එම්.එන්. (2023). “ද නිව්ස්පේපර්” සිනමා විචාරය. නේ මඬල, විශේෂවේදී. https://units.kln.ac.lk/nemadala/index.php/visheshanga/gaweshana/581-2023-08-02-10-37-10