අපට තියන ගැටලුව වෙන්නේ අපගේ ආශාවන් තෘප්තිමත් වේද නැද්ද යන්න නොවේ. ගැටලුව තමයි අපි කොහොමද දන්නේ අපේ ආශාව කුමක්ද කියන එක කියලා. මිනිස් ආශාවන් තුල ස්වයං සිද්දි හෝ ස්වාභාවිකව සිද්ධවන කිසිම දෙයක් නැත. සත්‍ය වශයෙන්ම අපේ ආශාවන් හරිම කෘතිමයි. ආශාව ගැන අපට ඉගැන්විය යුතුයි. සිනමාවෙන් අපට කියාදෙන්නේ, මිනිස් ආශාව ගැන නෙවෙයි කොහොමද ආශා කරන්නේ කියන එකගැන.
ස්ලවෝජ් ජිජක් පවසන ආකාරයට සිනමාව ගැන අර්ථකථනය ඒ විදිහට දෙන්න පුළුවන්.
අපි මෙන්න මේ විදිහට මේ ආශාව සහ සිනමාව කියන එක ගැන විමසා බැලීමක් කරමු. මෙතැන් ඉඳන් කියවන්න ඔබේ ආශාව සිනමාව ගැන.
‘මම ඔබට කැමති එත් ඒක මට ප්‍රමාණවත් නෑ’
‘ආ..මට අමතක වුනා ඔබගේ මව මගෙන් රාත්‍රී අහාරය ඉල්ලුවා’
‘හරි, අනිවාර්යයෙන්ම ඔබ එනකොට අයිස් ක්‍රීම් අරගෙන එන්න’
‘ඔබට ඕනි චොකලට් ද ? වැනිලා ?’
මෙම දෙබස් කාණ්ඩය උපුටා ගන්නේ “පොසේස්ඩ්” චිත්‍රපටයෙන්. (Possessed, 1931, Clarence Brown) සාමාන්‍ය කම්කරු පන්තියේ තරුණියක් සහ තම පෙම්වතා අතර ඇතිවන දෙබස් කාණ්ඩයක්. මේ දෙබස් අවසානයේදී පෙම්වතාගෙන් මිදී යන තරුණිය පසුකිරීමට යන්නේ නගර දුම්රිය මාර්ගයයි. එවිටම දුම්රියක් පැමිණෙන අතර තරුණිය ඉදිරියේදී දුම්රිය නැවතීමට වේගය අඩුවන අතර දුම්රිය තුල සිදුවන දේවල් තරුණියට දැකගැනීමට හැකි වෙයි. ඒ අතර දුම්රියේ භෝජනාගාරයේ කෑම සකසන අයුරු, ඇදුම් ආයිත්තම් සකසන ආකාරය, කාන්තාවක් සහ පිරිමි අයෙක් රංගනයේ යෙදෙන අකාරය ඇයට දැකගැනීමට හැකිවන අතර එම දුම්රිය මැදිරි ඇය පසු කර යයි. එහි ඉතා ඇති සුඛෝපබෝගී අහාර පාන, ඇදුම්, සුඛෝපභෝගී ජිවන ක්‍රියාකාරකම් ඇයට දැක ගැනීමට හැකිවන අතර එය සිනමා ප්‍රේක්ෂකයාටද දැකගැනීමට හැකි වෙයි. මේ සියල්ල දිහා ඉතා අශාවෙන් ඇය බලාසිටින අතර එකවරම පුද්ගලයෙක් ඇයට කතා කරයි.
“බොනවද ?”
“යන්න එපා”
“අතුල බලන්න”
“වැරදි මාර්ගය”
“ඇතුලට ඇවිත් බලන්න”
මෙහිදී “බොනවද” කියල අහනකොට තරුණිය තිගැස්සී තම දැහැන බිඳී ඔහු දෙස බලන අතර ඇය එතනින් නික්ම යාමට සැරසෙන විට ආගන්තුක තරුණයා “යන්න එපා” යයි පවසා “දුම්රිය ඇතුලද බැලුවේ” යයි අසන අතර ඇය “ඔවූ” යයි පවසයි. ආගන්තුකයා ඊළඟට පවසන්නේ එය “වැරදි මාර්ගයක්” ලෙසත් “ඇතුලට ඇවිත් බලන” ලෙසත්ය. මෙහිදී තරුණියගේ ඉදිරියේ දර්ශනය වුන සියලු දර්ශන සාමාන්‍ය තරුණියක ආශා කරන දේවල්ය. ඒ දේවල් ඇය ට ආශා කිරීම කියාදෙයි. එනම් සිනමාව තුලින් ඊළඟට සිදුවන්නේ ප්‍රේක්ෂකයාට ආශා කිරීම කියාදීමයි. එසේත් නැත්නම් කොහොමද ආශා කරන්නේ යන්න කියාදීමයි. මෙහිදී දුම්රිය ඉදිරියේ සිටින පුද්ගලයාගේ යතාර්ථය හරහා මායාවී සිනමාව නිර්මාණය කරන්නේ ප්‍රේක්ෂකයාගේ ආශාව නිර්මාණය කිරීමකි. මෙහිදී ඇත්තවශයෙන්ම කතා නායිකාවගේ අභ්‍යන්තර අවකාශය සහ මනකල්පිත අවකාශය ප්‍රක්ෂේපනය කරන ඉතා සත්‍ය සහ සාමාන්‍ය දර්ශනයක් අපට දැකගැනීමට හැකිවෙනවා. එවිට සියලු යථාර්තයන් සරලව පැවතුනද දුම්රිය ගැහැණු ළමයා, ගැහැණු ලමයාගේ සංජානනයේ දී යථාර්ථයේ කොටසක් වනවා මෙන්ම නරබන්නගේ සංජානනයේ දී සිනමා මායාවි තත්වයට ඔසවා තැබූ විට නරබන්නනාගේ යථාර්ථයේ ද කොටසක් බවට පත් වේ. තවද ප්‍රේක්ෂකයා තරුණියගේ චරිතයට අනන්‍ය වූ විට සිදුවන්නේ තරුණිය චිත්‍රපටය තුල දකින දෙය හරහා ප්‍රේක්ෂකයාගේ ආශාව නිර්මාණය වීමයි. ප්‍රේක්ෂකයාගේ ආශාව නිර්මාණය වීම යනු සිනමාව තුලින් ආශා කරන්නේ කොහොමද යන්න කියා දීමයි.
මෙම දර්ශනය තුලදී සිනමාකරුවා සිදු කරන්නට උත්සහ දරන්නේ ඇති නැති පරතරය හා සමාජයේ පන්ති පරතරය විදහා දැක්වීමක් හරහා තරුණියගේ ආශාව දුම්රිය තුල නිර්මාණය කිරීමක් නමුත් පුද්ගල ආශාව යන මානයෙන් බලන කොට සිනමාව තුලින් ප්‍රේක්ෂකයා තුල ආශාව නිපදවෙන අකාරය පැහැදිලි කරයි.
තවද මේ දර්ශයන නැවත විමසා බැලීමේදී පෙනී යන්නේ පෙම්වතාගෙන් මිදී යන තරුණියට දුම්රිය මුණගැසීම හා එම දුම්රියේ වේගය අඩුවී නතරවීම යන සිද්ධි සම්බන්ධය නිර්මාණය කිරීම තුල නිර්මාණ කරුවා හිතාමතා ම තරුණියගේ ආශාව ප්‍රේක්ෂකයාට පෙන්වීමට උත්සහදරා ඇතිබවයි. ඒ අතර සමාජ පරතරය හා ඔවුන්ගේ ඇති ක්ෂුක්ෂම ජඩ කම පෙන්වාදෙයි. එනම් මත්පැන් වීදුරුවක් අතැති පුද්ගලයා පවසන “ ඇතුලට ඇවිත් බලන්න” යන්න සංදිග්ධ අරුත් ගෙන එන නිසයි. එනම් ඔහුගේ ඇතුලාන්ත චින්තනයේ ඇති ස්ත්‍රී ලෝලී බව දැක ගත හැකිවෙයි. එනම් ප්‍රභලයා විසින් දුබලයා යටත් කරගැනීම වැනිය.
මුලාශ්‍රය – Pervert’s guide to Cinema – Slavoj Žižek