28 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

සිනමාව සහ කැඩපත – 02

Related Articles

සිනමාවේ ඇති මායාවී ගුණය හරහා විෂයන් දෘෂ්ටිවාදය දෙසට ඇතුළුවන අතරම සමාජ රටාවේ සිමාවන් යටතට පත්වෙනවා. ලුවී අල්තුසර් මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ විෂයෙහි දෘෂ්ටිමය පැහදිලි කිරීමක් ඉල්ලා සිටින්නාක් ලෙසයි. ඒ වගේම එය සමාජමය ලෙස දෙන ලබන අනන්‍යතාවක් සහ එම අනන්‍යතාවය තුල තමන්ම දැකීම මගින් පුද්ගලයන් විෂයන් ලෙස තමන් ස්ථාවරව වරදවා හදුනා ගැනීමකට අයත් වෙනවා.

මුල් කාලයේ සිටි ලැකානියානු සිනමා න්‍යායයවෙදින්ට හොඳ සහ තීරනාත්මක පාලමක් තමයි ලුවී අල්තුසර් කියන්නේ. මේ පාලම හැදෙන්නේ ලකාන්ගේ කැඩපත් අවධිය පිලිබඳ ලැකාන්ගේ න්‍යාය සහ සිනමාත්මක අත්දැකීම අතරයි. එකට හේතුව ඔහු කැඩපත් අවධිය ට අනුව වරදවා හඳුනාගත් සමාජ මානය අවධාරණය කලනිසාවෙනි. ඒ කියන්නේ ලුවී අල්තුසර් විසින් ලැකාන්ගේ න්‍යාය දේශපාලනීකරණය කිරීමයි.

ඒ වගේම මනොවිශ්ලේෂනාත්මක චින්තනය මගින් දැනුවත් කරන ලද සිනමාත්මක අත්දැකීම පිළිබද විචාරාත්මක අවබෝධයක් සංවර්ධනය කිරීමට මාර්ගයක් සිනමා න්‍යයවෙදින්ට එළිකර දීමයි. මෙය හොඳින් පැහැදිලිව දැකගත හැකි කෘති තමයි ක්‍රිස්ටියන් මෙට්ස්, ෂෝන් ලුවී බෝද්රි සහ ෂෝන් ලුවී කොමොලි විසින් රචිත ප්‍රංශ ජාතික න්‍යායවේදීන් ගේ කෘති වලින්. මොවුන් මනෝවිශ්ලේෂනාත්මක සංකල්ප ඉතා විදිමත් ආකාරයට ගෙන ආ ප්‍රථම න්‍යායවේදීන් වෙන්වා. හැබැයි මේ අයගේ නියත එලබුම් වල විවිධත්වයක් තිබුනද සිනමාවේ මානසික බලපෑම සහ දෘෂ්ටිවාදයේ ක්‍රියාකාරිත්වය සම්බන්දව තිබු විශ්වාසය සමාන විය. කැඩපත් අවධිය රචනාවේදී ලැකාන් දරුවාගේ ස්වාමිත්වයේ මායාවී ස්වභාවය පිළිබඳව අවධාරණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට, දරුවා කැඩපතකින් බලන විට දරුවාගේ සිරුර පිලිබඳ ස්වාමිත්වයක් යතාර්තයේදී තවමත් දරුවා සතුව නැති බවයි. කැඩපත් අවධිය සහ සිනමා ප්‍රේක්ෂකයා පිලිබඳ කතාකරපු මුල් කාලයේදී සිනාමා ප්‍රේක්ෂකයා සිටියේ සිනමා න්‍යයවෙදින්ට අනුව කැඩපතින් මෙහා දරුවා සිටින ස්ථානයේය. ඔවුන්ගේ අදහස වුයේ දරුවා කැඩපතින් බලා තමගන ස්වාමිත්වයක් ලබාගන්නවා වගේ ප්‍රේක්ෂකයාද එම ස්ථානයේ සිට ස්වාමිත්වයේ හැඟීමක් ලබාගන්නා බවයි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ස්ථානගතවී සිටින්නේ තිරය මත පතිත වන දේට එහෙම නැත්නම් සිධිවලට සාපේක්ෂවය.

ක්‍රිස්ටියන් මෙට්ස් Imaginary Signifier කෘතියේ මෙහෙම කියනවා. “නිරික්ෂනයට ලක් වුවකු ලෙස ප්‍රේක්ෂකයා තිරය මත නොපවතී. ප්‍රේක්ෂකයා පවතිනුයේ නිරීක්ෂකයෙකු ලෙසය. හැම වෙලාවකම චිත්රපටය තුළ මා සිටිනුයේ මගේ බැල්මේ සුමට ස්පර්ෂයත් එක්ක. ” මේකෙන් සිද්දවෙන දේ තමයි නිරිෂණයට ලක්වුවෙකු ලෙස නොපැවතීම සහ නිරිෂකයෙකු ලෙස පැවතීම තුල ප්‍රේක්ෂකයාට තමාගේ සිනමාවෙන් පිටත ජීවිතය නිරුපනය කරන සැබෑම නොපවතීමේ හැඟීමෙන් මිදීමට මේ ප්‍රේක්ෂකයාට අවකාශය ලබා දෙනවා කියන එකයි. ක්‍රිස්ටියන් මෙට්ස්ට අනුව සබැ ලෝකය තුල විෂයක් ලෙස පැවතීම තුල සරලව අප වින්ද දරාගන්නා අඩුව පිලිබඳ හැඟීම තාවකාලිකව සමනය කරගැනීමට මෙන්න මේ කියන සිනමා අත්දැකීම අපට ඉවහල් වෙනවා.

ඒ වගේම තමයි මේ අත්දැකීම අපගේ පරිකල්පන සතුට සමස්තයක් විදිහට සපයනවා කියන එක. ඒක තවත් විදිහකින් ගත්තම කැඩපත් අවධියේ පුනරුක්තියක් විදිහටත් පවතිනවා. ෂෝන් ලුවී බෝද්රි කියන දාර්ශනිකයා මෙන්න මේක මේ විධිහට කියනවා. “ප්ලේටෝගේ ගුහාවේ රූපරාමු ආකර්ශනීය ආකාරයකට ප්‍රතිනිෂ්පාදනය කිරීමට අමතරව ප්‍රක්ෂේපන යන්ත්‍රය, අඳුරු ශාලාව, තිරය වැනි වෙනත් අංශවල සැකැස්ම ලැකාන් විසින් අනාවරණය කරන ලද කැඩපත් අවධියේ මුදා හැරීමට අවශ්‍ය තත්වය යලිත් ගොඩ නංවයි.” ඉතින් මෙම යලි ගොඩ නැංවීම දිගින් දිගටම එහෙම නැත්නම් සදාතනිකව පවත්වාගෙන යාම තුල සිනමා ප්‍රේක්ෂකයාව ස්‌වයං මුලාවක් වෙතට රැගෙනය යයි. එහි වඩාත් මුලික මට්ටමේදී මෙම න්‍යායාත්මක ස්ථාවරය සිනමාව තේරුම් ගනුයේ දෘෂ්ටිවාදය සදාතනිකව පවත්වගෙන යාම සඳහා වන යන්ත්‍රයක් විදිහටයි. න්‍යායවේදීන් ට අනුව සිනමාව යනු ලැකාන් පවසන කැඩපත් අවධිය මෙන්ම ලැකාන්ටම අනුව මෙය පරිකල්පන යකි. පරිකල්පන වුවකි.

ලැකන්ට අනුව ගත්තම පරිකල්පනය අපව වගේම අප නිරීක්ෂණය කරන දේ සම්බන්දව එහෙම නැත්නම් එතුල ඇති සම්පුර්ණත්වය පිලිබදව මායාවක් තමයි සපයන්නේ. මේක සම්පුර්ණ කරගන්න එහෙම නැත්නම් සාක්ෂාත් කරගන්න අප තුල හා අප ජිවත්වන ලෝකය තුල මගහැරෙනදේය නොදකිම යන මුලාවට එහෙම නැත්නම් රැවටිල්ලට ලක්කරනවා. ඒ රැවටිල්ලට අපව හසු කරගන්නවා. උදාහරණයක් විදිහට ගත්තම කෙනෙකුට ඔහුගේ ජනේලයෙන් හිමිදිරි උදාසනක ඈත තියන ගෙයක් දකින්න පුළුවන්. ඒ අනුව ඔහු නිවාස දිහා බලාගෙන එම නිවාස තුල ඇති සන්සුන් බව පරිකල්පනය කරන්නට පුළුවන්. එහි කිසිදු ගැටළුවක් නැත. බොහොම නිහඬ නිස්කලංක පරිසරයක් තුල තමයි මේ දේ සිද්දවෙන්නේ. හැබැයි හුදු පරිකල්පනය මත ඔහුට මගහැරෙන දේ තමයි ඒ නිවාස තුල ඒ වනවිට උදැසන කෑම මේසයේ දී ඇතිවන නිවසියනේ අඩදබර එහෙම නැත්නම් ආරවුල. පුද්ගලිකව එම නිවාස තුල ඇතිවන ප්‍රචණ්ඩත්වය. මිනිසා විසින් ගෙයක් නිර්මාණය කිරීමේදී සිදුකරන දේ තමයි බාහිර උවදුරු වලින් එහෙම නැත්නම කාලගුණය වැනි බාදක වලින් මිදෙන්න හැකි අයුරින් තමන්ටම අවේනික අයුරින් සකසා ගැනීම. මිනිසාට ආවරණයක් වන පරිදි නිවාස සකසා ගැනීම. එහෙත් පරිකල්පන මට්ටමේ දී ඒ දෙස බලන විට මෙමෙ සමාජ ආර්ථික මානය අපට අස ගැටෙන්නේ නැත. ඒ නිසා ලැකාන් ට අනුව “ පරිකල්පනය” යන්න භ්විතාකරන අකාරය අනුව දෙවිදිහකට ක්‍රියාකරයි. ඒ කියන්නේ එක විටක දෘශ්‍යමාන වනවා වගේම මායාවී වෙනවා යන්නයි. ඒ වගේම තමයි අපගේ අත්දැකීම් අන්තර්ගත ලැකාන් ගේ අනෙක් ප්‍රවර්ග වල ක්‍රියාකාරිත්වය සිමා කිරීමට පරිකල්පනය කටයුතු කිරීමයි. ඒ කියන්නේ යථ සහ සන්කෙතිත්වයයි. පරිකල්පනය කියන්නේ අප දකින දේ තියන රටාවයි. සංකෙතිත්වය කියන්නේ දෘශ්‍යමය ලෝකයට සහය වන සහ එය නියාමනය කරන ව්‍යූහයයි.

ආශ්‍රිත ලිපි – Film Theory after Lacan – Todd McGowan

Dinesh Ekanayake
Dinesh Ekanayake
B-Tech of UoVT / DRTJ Colombo University. Sri Lanka Film Sound Designer/Music composer/Foley Artist/Video Editor/ Dubbing Directing / Screenplay Writer and Director.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles