



මහායාන බුදු දහමත් සමග ජනප්‍රිය වු බෝධිසත්ත්ව සංකල්පයේ ප්‍රධානම සිද්ධාන්තය වන්නේ බුද්ධත්වය ලබා ගැනීම තුළින් නිවන් අවබෝධ කර ගැනීමයි-ඒ අනුව බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් පෙරුම් පුරන අය බෝධිසත්ත්වයෝ වෙති-ඉන්දියවේ බෝධි සත්ත්ව සංකල්පය වර්ධනය වීමත් සමග එය ශ්‍රී ලංකාවට ද ලැබුණු අතර පසුකාලීනව ථේරවාද බෞද්ධයෝ පවා බෝධිසත්ත්ව වන්දනාවට පෙළඹුණහ-ඒ අනුව ප්‍රතිමා නිර්මාණය කිරීමට පවා යොමු වූ ආකාරය දැකිය හැකිය-බෝධි සත්ත්ව සංකල්පයේ ආරම්භය කවදාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් ක්‍රි- පූ- 02 දී පමණ භාරතයෙන් ආරම්භ වී ක්‍රි- ව- 16 දී පමණ වන විට ලංකාවේ ද ජනප්‍රිය වන්දනා ක්‍රමයක් බවට පත් විය-(සාසනරතන හිමි, 1999, 212,)බෝධි සත්ත්ව වන්දනය ගැන මූලාශ්‍ර වල සඳහන් වුවද බෝධිසත්ත්ව රූප නිර්මාණය පිළිබඳව ආරම්භයක් සඳහන් වී නොමැත-ග්‍රීක කලා ආභාසය මත ඉන්දියාවේ ප්‍රතිමා නිර්මාණය ආරම්භ වූ වග සිතිය හැකිය-ඒවායේ ආභාසය ලංකාවටද ලැබෙන්නට ඇත-ක්‍රි- ව- 4-5 සියවස්වල බෝධි සත්ත්ව ප්‍රතිමා නිර්මාණය ආරම්භ වී ඇත-(හේරත්,2003,188)
මේ සඳහා සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන සාධකයක් නම් පිදුරංගලින් හමු වූ පාෂාණ පුවරුවක ඇති බෝධිසත්ත්ව රූපයයි-නමුත් සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව ක-්‍රි ව- 03 සියවසයේදී ජෙට්ඨතිස්ස රජු(ක්‍රි-ව-266-276) විසින් බෝධිසත්ත්ව ප්‍රතිමාවක් නිර්මාණය කරවන ලදී-මොහු මහායානය වැළඳගත් පළමු සිංහල රජු ලෙස සැළකේ-
එසේම ධාතුසේන රජතූමා (ක්‍රි-ව- 455-473) මෛත්‍රිය බෝධිසත්ත්ව ප්‍රතිමාවකට සියලූ රාජ පළඳනා කළ බවත් 1 වන දප්පුල රජතූමා රෝහණයේ රියන් 15 උස මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාවක් කළ බවත් සඳහන් වේ-
ඉන්දියානු සම්ප්‍රදායේ බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය කිරීමේ දී එහි හිස්වැසුම ඉදිරිපස කුහරයක් තනා අමිතාභය බුදුන්ගේ රූපය හා ස්තූප සටහන දක්වා ඇත- නමුත් ශ්‍රී ලාංකීය ශිල්පීන් බෝධි සත්ත්ව ප්‍රතිමා නිර්මාණය කිරීමේ දී එකම සම්ප්‍රධායක් අනූගමනය නොකළ බව මෙරටින් හමුවන බව හිඳි හා හිටි බෝසත් පිළිමවලින් පැහැදිලි වේ-


බුද්ධ රූපයක් මධ්‍යයේ නිමවා ඒ දෙපස බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය සිදු කර ඇති අවස්ථා දැකිය හැකිය- නිදසුන් ලෙස අම්බලංගොඩ,ගිරිහඩුසෑය,සේරුවාවිල මංගල රජමාලිගය, විලඔය බුදුපටුන්න, බුදුගල්ලේ, සිතුල්පව්ව, බුදුරුවගල වැනි ස්ථානවල ප්‍රතිමා දැක්විවය හැකිය- (හේරත්,2003,පි-193)
අනුාධපුරයේ අග භාගය වන විට මහායාන බුදු දහම හොඳින් ප්‍රචලිතව තිබූ අතර පොළොන්නරු යුගයේ දී එය වඩාත් ජනප්‍රිය වූ බව සිතිය හැකිය- එසේම බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය වූ බවට සාධක හමවී තිබේ- සාහිත්‍ය මූලාශ්‍රයන්හි 1 වන පරාක්‍රමබාහු රජතුා මෛත්‍රි බෝසතුන්ගේ පතිමා 3ක් නිමකළ බව සඳහන් වේ-තවද පොළොන්නරු ආලාහන පිරිවනේ භූමියෙන් හමු වූ හිස සුන් ප්‍රතිමාවද බෝධි සත්ත්ව ප්‍රතිමාවක් ලෙස සැලකේ- (හේරත්,2003,පි-201)
මෙරට නිර්මාණය වුණු බෝධි සත්ත්ව ප්‍රතිමා අතරින් ප්‍රධාන වශයෙන් බෝධිසත්වරුන් දෙදෙනෙකු කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලි වේ-
1- අවලෝකිතේශ්වර බෝධ්සත්ත්ව
2- මෛත්‍රි බෝධිසත්ත්ව
මේ බෝධිසත්ත්වයන් හැර මංජු ශ්‍රී,වජ්‍රසත්ව බෝධිසත්ත්ව වරුන් වන්දනා කළ බවට සාධක හමු වුව ද එතරම් ප්‍රතිලචව පැවති බවක් දක්නට නෙලෙැබේ- මෙලෙස ශ්‍රී ලංකාවේ බෝධිසත්ත්ව සංකල්පයේ වර්ධනය හා බෝධිසත්ත්ව රූප නිර්මාණයේ විකාශනය සිදු වූ අයුරු පෙන්වා දිය හැකිය-


ආශ්‍රිත ග්‍රන්ථ:-
අබයරත්න- එච්, 2009, ගම්පල යුගය, ඇස්-ගොඩගේ සහ සහෝදරයෝ- කොළඹ-
මහාවංශය, 2003, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල-
වික්‍රමගේ, සී, 2002, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව, එස්-ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ-
සාසනරතන හිමි, මොරටුවේ, 1999, ලක්දිව මහායාන අදහස්, විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව-
හේරත්, වයි, 2003, ශ්‍රි ලංකා බෞද්ධ ප්‍රතිමා හා රූකම්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල-