

ලෝකයේ යථා ස්වභාවය නම් අනිත්‍යය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට අනූනනත වීමයි.අනිත්‍යය නම් උප්පාද වය ස්වභායෙන් ක්ෂණ භංගුරත්වයට වීමයි. සංස්කෘත ධර්මයන්හි ( ගස ,වැල,මිනිසා…) නිත්‍යය ධුව අවිපාරිණාමිකව සදාකාලිකව පවතින්නක් ලොවෙහි නැත. එබැවින් න+ නිච්ච අනිත්‍යය ස්වභාවය පිළිඹිබු කෙරේ. අප මේ ගත කරන මේ මොහොත තුළ ද අවට ඇති තමා ඇතුලු සියලු සවිඤ්ඤාණික අවිඤ්ඤාණික දෑ අනිත්‍යතාවයට වෙනස් වීමට නතු වේ.නමුත් ලෝකය අනිත්‍යයතාවය නතු වුවද අපේ මනස තුළ මුලාවක් තියෙනවා එහෙම නොවේ යැයි කියා. උදාහරණයක් විදිහට අපිව වෙනස් වන බව අපිට නොසිතේ. විපල්ලාස සූත්‍රය තුළ දක්වනුයේ, අනිත්‍යය වන ධර්මතාවයන් (බිරිඳ, මව, පුතා ,මම … භෞතික වස්තූන් )පිළිබඳ දකිනුයේ සදාකාලිකව පවතිනවා යන හැඳිනිමෙනි ( අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපල්ලාසො), එය වරදවා එළැඹ ගැනීමකි.එමෙන්ම සැමදා පවතීවි යන ශාස්වතවාදී දෘෂ්ටියෙන් යුතුවද කටයුතු කරයි( දිට්ඨි විපල්ලාසො ) අපේ සිත අනිත්‍යයතාවයට පත්වන බව නොපිළිගනී,ඒ පිළිබඳ වරදවා පිළිගනී( චිත්ත විපල්ලාසො ) එය යථා ස්වභාවයයි. පුද්ගලයා සතු මුලාවයි.මම යන පැවත්ම තුළ ද කිසිවිටක එසේ වේ යැයි නොහඟී.
දුක්ඛ යනුවෙන් විග්‍රහ වනුයේ අනිත්‍යයතාවය මුල් කොටගෙන සත්ත්ව පැවැත්මෙහි සිදුවන යථා ස්වභාවයයි. එය සර්ව අශුභවාදි නොවේ.සැබවින්ම සත්ත්වයෙකුටම,පුද්ගලයෙකුටම විපරිණාම ධර්මතාවය මුල් කොට ඉපදීම ,ජරාවට පත්වීම,මරණයට,ශෝක ,වැළපීම් ,කායික දුක,මානසික දුක,උපායාස,අප්‍රිය එක්වීම ,ප්‍රි විප්‍රයෝග ,ඉච්ඡාභංගාගත දුක, මෙන්ම පඤ්චස්ඛන්ධය යැයි ධම්ම න්‍යායෙන් නම් කරන බංඩා කමලා රේඛා ආදින්ගෙත් විෂේශයෙන් මම යැයි මඤ්ඤිතය ද කෙටියෙන් කිවහොත් දුකෙහි පිහිටීමකි. ඔබටත් මටත් ජරාව මරණය ශෝකය ,වැළපීම් ප්‍රිය විප්‍රයෝග ධර්මතාවලට මුහුණ දීමට සිදුවේ. නමුත් මම යන සාරය තුළ පිහිටා ඒ පිළිබඳ සිතන විට තමා වයසට මරණාදියට ….. පත්වන බව නොසිතයි.නොදැනෙයි. සුඛ සහගත වශයෙන් ලෝකය දකිනු ඇත.( දුක්ඛේ සුඛන්ති සඤ්ඤා විපල්ලාසො ) එමෙන්ම දෘෂ්ටි ප්‍රවණතාවය තුළ ශාස්වතවාදී සුඛ සහගත දෘෂ්ටියෙන්ද හැමදාම පවතිනවා යැයි දෘෂ්ටි සම්පන්න වෙයි( දිට්ඨි විපල්ලාසො )එමෙන්ම සිතෙහි තමාට මෙන්ම අනෙකාටද එසේ නොවන බවට ගත් වරදවා වැටහීමකි(චිත්ත විපල්ලාසො )
ලෝකයේ මමය මාගේය මම වෙමි යනුවෙන් ගතහැකි ආධ්‍යාත්මික බාහිර කිසිවක් ලෙව්හි නොවේ. තමා ගතකරන දිවිය තුළ පුද්ගලයා අනාත්මතාවය නොදකිනු ඇත. මම යන සාරය තුළ ගොඩ නැගෙන ලෝකය සත්‍යය වශයෙන් පවතින බව සිතති. කුඩා කල සිට වෙනස් වෙමින් පැමිණි වෙනස් වෙමින් පවතින වර්තමාන මොහොතේ සිටින ආධ්‍යාත්මික තමා තුළින් බාහිරය තුළින් ආත්ම ස්වරූපිව දකිනු ඇත. තමා ගත කළ දිවියෙහි අතීතය සිතිවිලි ලෝකයක් පමණි. අනාගතයද සිතිවිලි ලෝකයක් පමණී. මේ මොහොතේ ඇස කන නාසය දිව ශරීරය මනස මුල් කරගෙන අතීතයද අනාගතය සැබෑ යැයි සිතමින් මමය.මාගේය මම වෙමි යන වරදවාගත් හැඟීම ඇතිවෙනු ඇත.( අනත්තේ අත්තංති සඤ්ඤා විපල්ලාසො ).එසේ වරදවාගත් සක්කාය දෘෂ්ටියක් පුද්ගලයා හමුවේ ඇත( දිට්ඨි විපල්ලාසො )… එමෙන්ම තමන්ගේ සිතෙහි එබදු වරදවා ගත් ස්වභාවයක් ඇත( චිත්ත විපල්ලාසො) .. මේ අයුරින් ලෝකය ත්‍රිලක්ෂණානුභුතව පැවතියද නිත්‍යය සුඛ ආත්ම යනුවෙන් ලෝකය දැකීම පෘථජ්ජන මනසෙහි ස්වභාවයයි. ඊට හේතුව වශයෙන් බුදු රජාණෝ දෙසා සිටිනුයේ සත්ත්වයා මේ ලෝකය දකිනුයේ ඡන්දයෙන් පරිණාමිතව දකින බැවිනි.