28 C
Colombo
Sunday, September 24, 2023
spot_img

Subscribe

Date:

Share:

රාත්‍රිය වී

Related Articles

             රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
             බියද දැනේ දුකද දැනේ 
             රුදුරු උනේ ඇයි හිමිසදුනේ
            
             පතා පැමිනි සුර පුරවර
             වෙලා ගැනුනි ඝණ කලුවර
             දෑස පුරා දුටු සිනා කවට කෙලි 
             කදුළු කතාවක කෙලවර
             අසන් හිමියනේ........ 
             කාට කියන්නද මේ දුක.......ඔබ හැර

             කලා සොලොස පිරි පුරහද 
             අතැර ගොසිනි සිය පියබද
             එදා දෙඩූ මුදු වදන් අසන්නට 
             බලා හිදී සිත පිලිසිද
             අසන් හිමියනේ........ 
             කාට කියන්නද මේ දුක........ඔබ හැර

             ගායනය   : දීපිකා ප්‍රියදර්ශනී පිරිස
             සංගීතය   : රෝහණ වීරසිංහ
             පද රචනය : සුනිල් ආර් ගමගේ



  හිමිවීමේ සතුටට වඩා අහිමි වීමේ කදුල බර වැඩියි...ප්‍රේම කතාන්දරවලට එය වඩාත් පොදුයි....රොමියෝ ජුලියට්ගේ පටන් ජැක් සහ රෝස් දක්වා වූ පෙම් කතා සදාතනික වූයේ ඒවා කදුලින් නිමාවූ නිසාමයි....දැන් ඔබ හිතනවා ඇති මම ආදරය ජයගත්තු ආදරවන්තයින්ව හෑල්ලුවට ලක්කරනවාද කියා..ප්‍රේමයෙන් බැදුන යුවලක් දාහක් හීන පොදි බැදගන අරඹන අලුත් ජීවිතය තුල සදාතනික ප්‍රේමාන්විත බවක් රැදී ඇද්ද..ආදරනීය පෙම්වතුන් අඹු සැමියන් වී ගෙවන ජීවිතය සුන්දර ප්‍රේමණිය සුරලොවක්ද...දුර සිටින කෙනා ජීවිතයේම කොටසක් වූ පසු...සොදුරු සිහිනයෙන් මිදී මහ පොලොවේ ගනු දෙනු කරන්නට සිදු වූ පසු..ජීවිත උඩු යටිකුරු වනවා..තිත්ත වුවත් ඒ ඇත්ත බොහෝ අය එලිපිට හෝ රහසේ අත් විදිනවා..හුදකලා යුග දිවියේ කටුක බව වඩාත් තදින් අත් විදින්නේ ගැහැනියයි..පිරි මියා සමාජශීලි අයකු වුවත් කුටුම්බය තුල ගැහැනියගේ භූමිකාව ඊට වෙනස්..වර්ත මාන තරගකාරි සමාජ රටාව තුල පිරිමියා හා කරට කර සිට ජීවිත සටනට මුහුන දුන්නත් උපතින් ආ ගැහැනුකම ඇගේ ජීවිතයේ සැගවී වෙලී තියනවාමයි..පවුලේ බර සමව බෙදාහදා ගන්නට..ඉඩ ලද විරාමයක තම ආදරනීයයාගේ උනුසුම් උර තලයේ මොහොතක් රැදී ජීවිතයේ ගිමන් නිවන්නට සෑම බිරිදක්ම ප්‍රාර්තනා කරනවා..එහෙත් මෙහිදී බිරිද පෙම්වතිය තරම් භාග්‍ය වන්තද..?.. මහරු මිනක් සේ ආදරයෙන් ලංකර ගන්නා පෙම්තියට ප්‍රේමවන්තයාගේ ආදරය ඕනෑවටත් වඩා හිමි වනවා..එහෙත් බිරිදට සැමියාගෙන් ලැබෙන ප්‍රේමය ඊට වඩා වෙනස්...ජීවිත සටනට මුහුනදී හෙම්බත් වූ ඔහුට ඇගේ ප්‍රේමය ගිමන් නිවන ලැගුම් හලක් පමනක් වන අවස්තා තියනවා....කාලයත් සමග ඇතැම් සැමියන්ට සිය බිරිදගේ වටිනාකම අඩු වී යන අවස්තාත් අපි දැක තිබෙනවා...එවන් අවස්තාවන්හි පතිනියගේ නිහඩ කදුලු ඇගේම ලොව තුල රහසේ සැංගී පවතිනවා...එවන් පතිනියන්ගේ කදුලක සීතල හැංගුනු බොහෝම අපූරු ගීතයක් තමයි අද මා තොරා ගත්තේ...සුනිල් ආර් ගමගේ ලියූ රෝහන වීරසිංහ සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්...

      රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
      බියද දැනේ දුකද දැනේ රුදුරු උනේ ඇයි හිමි සදුනේ...


      හිරු සහ සදු අහිමිව ගිය රාත්‍රියට පුංචි තරු එලියක් හෝ නොවැටේ නම් එය නිහඩයි...නිසංසලයි..බියකරුයි...එම හුදකලා  රාත්‍රිය පුරාවට පිරී ඉතිරී ඇත්තේ බිය සැකය සහ අවිනිශ්චිත බව..ගීත රචකයා මේ පතිනියගේ ජීවිතය උපමා කර ඇත්තේ අදුරු රැයකට..ඊට හේතුව ඇගේ ජීවිතය පුරා ඇත්තේ බිය..සැක.. සහ අවිනිශ්චිත බව වීම..ජීවිතයකට එබදු අදුරක් එබෙන්නේ ආදරය සහ රැකවරනය අහිමිව ගිය පසුයි...බිරිදකට එවන් ඉරනමක් අත්වන්නේ සැමියා ඇයව හැර ගිය පසු බව කෙනෙකු සිතන්නට පිලිවන්....එහෙත් මේ ගීතයට කේන්ද්‍ර වූ ඇයට ඒ හුදකලාව හිමිව ඇත්තේ ලග සිටින සැමියාගෙන්.. යුග යහන කෙලවර සිටි පමනින් ඒ කෙනා ජීවිතය අද්දර සිටිනවා වන්නේ නැහැ...ජීවිතය අද්දර රැදෙන්නේ ආදර බැදීම්..ඒ බැදීම් බිදී ජීවිතයට අදුරු උදා වූ පතිනියකගේ සිතැගි තමයි මේ ගීතයට පාදක වී ඇත්තේ..ඒ අදුර ඇයට උරුම කලේ ඔහු.. එහෙත් ඇය ඒ අදුරේ රුදුරු බව කියන්නේ..ජීවිතය ලගම සිටින නමුත් සිතින් ගව් ගනනක් දුර වූ ඔහුටමයි..බිරිදක් සැමියාගෙන් පනත රැකවරනය කෙතෙක්ද..අහිමි රැකවරනය ඇතිකල හැගීම කෙබදුදු යන්න මින් කදිමට විවරණය වනවා.....

     පතා පැමිනි සුර පුරවර
     වෙලා ගැනුනි ඝණ කලුවර.......
     දෑස පුරා දුටු සිනා කවට කෙලි 
     කදුලු කතාවක කෙලවර......

     සෑම යුවතියක්ම පතිකුලයට යන්නේ දාහක් හීන පොදි බැදගෙන...ඒ සිහින තුල පවතින්නේ සුරලොවක්..ගැහැනුන් සැප සම්පතට ලොල් බව ඇතැමුන් පැවසුවත් සියලු සැප සම්පත් අතැර දිලිදු යාචකයින් හා සරන ගිය සිටු කුමරියන්ගේ කතා අප අසා තියනවා..විවාහයේදි ඇය පතන සතුට පුරා පිරී පවතින්නේ ආදරයමයි..එවන් ආදරයෙන් පිරි ලොවක් පතා ආවත් අවසානයේ ඒ ලොව අදුරින් වෙලී ගිහින්..සිහිනයේ වූයේ කෙලි කවට වදන්..ආදරනීය ප්‍රේමාලිංගන පිරි යුග දිවියක්...කාලයත් සමග ජීවිත සටනට මුහුන දෙන විට අද ඒ ආදරය පෑල දොරින් රහසේම පලා ගිහින්..අද ඔහුට ඇය හා වදනක් දොඩන්නට මොහොතක් සොයා ගැනීමටත් අසිරු වෙලා....ඒ හුදකලාව ඇය නිහඩවම විදිනවා.....“....අසන් හිමියනේ....කාට කියන්නද මේ දුක...ඔබ හැර.....”...ඒ දුක ඇයට කියන්නට සිටින්නෙත් ඔහුමමයි...

      කලා සොලාස පිරි පුරහද
      අතැර ගොසිනි සිය පියබද.....

      කලා සොලොස පිරි පූර්න චන්ද්‍රයා  සුන්දරත්වයේ සංකේතයක් ලෙසයි සලකන්නේ....කවින්ගේ සුවහසක් කවි වලට තේමා වන්නේ මේ සදමයි... ප්‍රේමයෙන් බැදී සිටිය දා ඔහුටත් ඇය කලා සොලොස පිරි පුර සදක්....සෑම ප්‍රේම වන්තයකුටම මෙලොව තමන් දකින සුන්දරම ගැහැනිය වන්නේ තම ප්‍රේමවන්තියයි...එහෙත් කාලය විසින් කෙනෙකුගේ රුසිරු බව සොරා ගන්නේ හරිම නපුරු විදියට....බිරිදක් මවක් ලෙස අද ඇයට එදා තිබූ රුව අහිමිව ගියා වන්නට පුලුවනි....එසේත් නැතිනම් එකට ජීවත් වන විට ඔහුට ඇගේ රුව සමාන්‍ය වී ඇතුවා වන්නට පිලිවන්....එහෙත් ඕනෑම බිරිදක් කැමතියි සැමියාගේ මුවින් තම රුව ගැන අසන්නට...තාරුන්‍ය ගෙවී යද්දි ප්‍රේමාන්විත බව දුරස්ව යද්දි ඇය ඒ බව ඔහුට පවසන්නේ නැහැ...එහෙත් තම ආදරනීයයා තම සිතැගි වටහා ගනු ඇතැයි ඇය නිරත්නරයෙන් අපේක්ෂා කරනවා.....

     එදා දෙඩූ පෙම් වදන් අහන්නට.....
     බලා හිදී සිත පිලිසිද.......

      සිතක පැතුමක් පිලිසිද ගනිද්දි ඒ තුල ඇත්තේ නැවුම් බවක්... ගීතයට පාදක වී ඇති ස්ත්‍රී චරිතය විවාහ වී කාලයක් යුග දිවියේ රැදුනු තැනැත්තියක්.. එහෙත් ඇගේ සිතේ හට ගන්නේ සුහුඹුල් පැතුමක්...ඒ ඔහුගේ මුවින් එදා ඇසුනු පෙම් වදනක් අසන පැතුම...මෙහි සැගව ඇත්තේ සෑම පතිනියකගේම පැතුමමයි. සැමියා ප්‍රේමවන්තයකු වී නැවුම් ප්‍රේමයක් රැගෙන ජීවිතයට වඩින සිහිනය ඇගේ සෑම දවසක්ම නැවුම් දිනක් බවට පත් කරනවා....එහෙත් ඒ හීනය ඉටුවන්නේ කියෙන් කී දෙනාටද....පෙම්වතකුව මිමිනූ වදන් සැමියකු වූ දා ඔහුගේ මතක මානයෙන් දුර ගිහින්....යුග යහන කෙලවර සිටින තැනැත්තිය අද ඔහුගේ ජීවිතයට දුරයි..ඒ මොහොතේත් ඇගේ සිතැගි රොක් වන්නේ ඔහු වටාමයි....ඇය පවසන්නේ... “..අසන් හිමියනේ....කාට කියන්නද මේ දුක....ඔබ හැර...” යනුවෙනුයි.. ගීතය පුරා වූ “..අසන් හිමියනේ....කාට කියන්නද මේ දුක...ඔබ හැර....” යන වදන් පෙල ඇය සිතින් මුමුනන වදනක් මිස මුවින් නගන වදනක් නෙවෙයි...ඒ වදන් තුල සැගව ඇත්තේ සුවහසක් පතිනියන්නේ නිහැඩියාව තුල හැංගුන ශොකාලාපයක්මයි...

   ගීතයෙන් පරිබාහිර යමක් මේ සටහන අවසානයට එක් කරන්නට මා කැමතියි...ප්‍රේමවන්තයා සැමියා වූ පසු ඔහුගේ භූමිකාව වෙනස් වන්නට මේ තරග කාරි සමාජ රටාව බලපාන අවස්තාත් තිබෙනවා..මේ ජීවන තරගය සමග පොර බදිමින් හැල්මේ දුවන ඔහු රළු පරලු අයෙකු ලෙස පෙනුනත් ඒ රළු බව තුල ඇත්තේ බිරිද සහ දරුවන් පෝෂනය කිරීමේ සටන...එතැනදී ඔහුගේ නිහැඩියාව තුල සැගවුන ශෝකාලාපය ඇගේ නිහැඩියාවේ ශෝකාලාපය තරමමයි...ඒ සියලු දුක් දොම්නස් කෙලවර සැගව ඇත්තේ ආදරය ඉල්ලා හඩා වැටීම..එය ඔවුනොවුන් වටහා ගත යුතුමයි..යුග දිවියක පදනම වැටී ඇත්තේ අඹු සැමි ප්‍රේමය මත...ඒ බිදි ගිය හොත් සෙසු කවර දෑ ලැබුනත් යුග දිවිය නීරස එකක් වන්නට හෝ දෙදරා යන්නට එය හේතු වනවාමයි.....

                      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles