25 C
Colombo
Saturday, December 2, 2023
spot_img

Subscribe

Date:

Share:

ඉබිබන්ටත් පියාඹන්න පුලුවන්

Related Articles

වයස අවුරැදු නවයක් පමණ කුඩා දැරියක ප්‍රපාතයක් අද්දරට ඇවිදගෙන යයි. එහිදි ඇය විසින් පැළඳගෙන සිටින තම පරණ පටි සපත්තු ගලවා දමයි. ඇය තම හිස පිටුපසට හරවා පිටුපස බලන සමීප රෑපයකට ජේදනය වෙයි. මෙම කුඩා දැරිය ප්‍රපාතයෙන් පනින්නට සිටින බව ප්‍රේක්ෂකයා දැනටමත් දනී. ⁣ප්‍රපාතය අද්දර පිහිටියා වු ඇගේ නිරැවත් දෙපා වෙතට රෑප ජේදනය වෙයි. ඇය හැඟීමිවිරහිතව මරණය තෝරා ගත් බවට සාක්ෂි ලෙස නිරැවත් දෙපයේ චලන සහිත රෑප ප්‍රේක්ෂකයා වෙත දනවයි. බොඳ වු තිරයේ “Turtles Can Fly” යනුවෙන් චිත්‍රපටයේ නාම රෑපය ජේදනය වෙයි. ඇය සියදිවි නසාගන්නේ ඇයි? ද යන්න පිළිබඳ මෙතැන් සිට ප්‍රේක්ෂකයා කෙරෙහි කුතුහලයේ ශ්‍රාවය වෑස්සෙන්නට පටන් ගනී. මරණීය ආරම්භයක් සමඟ “Turtles Can Fly” සිනමාපටය මෙසේ ආරම්භ වෙයි.

සිනමාපටයේ කතාව බවට පත්වන්නේ එක්සත් ඇමරිකා ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට සැරසෙන මොහොතවල් කීපයකට පෙර, ඉරාක – තුර්කි දේශසීමාවේ කුර්දි ජාතික සරණාගත කඳවුරක් පිහිටුවා ඇත. චිත්‍රපටයේ කතාන්තරය දිවෙන්නේ මෙම සරණාගත කඳවුර වටා ය. “සැටලයිට්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන දහතුන් හැවිරිදි “සෝරන්” නමි තරැණයෙකි. ඉරාක නායක සදාම් හුසේන් පිළිබඳ ප්‍රවෘත්ති නරඹන ගම් වැසියන් සඳහා චන්ද්‍රිකා පීරිසි සහ ඇන්ටනා සවි කිරීම සඳහා සෝරන් වඩාත් ප්‍රසිද්ධ ය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සීමිත දැනුම නිසා ද ප්‍රසිද්ධය. මෙම සරණාගත කඳවුරේ බොහෝ සරණාගත දරැවන් සහ අබ්බගාත දරැවන් රැසකි. මෙම සරණාගත තරැණ දරැවන් කල්ලි ලෙස සංවිධානය වී සිටින අතර සෝරන් එහි නායකයා වෙි. සොරාන්ගේ සහ මිතුරා එක් පාදයක් අහිමි පැෂෝය. මෙම සරණාගත කඳවුරට අලුතින් පැමිණුන වයස අවුරැදු නවයක් පමණ වයසැති කුඩා යුවතියක් වන “ඇග්‍රින්”, “රිගා” නමි තුන් හැවිරිදි අන්ධ දරැවකු සහ බිමිබෝම්බ ඉවත් කිරීමෙි ප්‍රතිඵලයක් ලෙස දෑතම අහිමි වු “හෙන්ගොවි” නමි ත්‍රිත්වය සොරාන් හා සමිමුඛ වෙයි. චිත්‍රපටය මින් අනතුරුව ගලා යන්නේ සොරාන් සහ මෙම ත්‍රිත්වය අතර ඇති සබඳතාවය මුල් කරගෙන ය.

චිත්‍රපටය තුළ ඉස්මතු කරන ගැඹුරු දේශපාලනික, සාමාජිය, සංස්කෘතික, ආගමික අදහස් ප්‍රබල ය. චිත්‍රපටයේ භාෂාව බවට පත්වන්නේ රෑපයයි. පිරිමි ලිංගික ආශාවෙි ගොදුරක් බවට පත්වන වයස අවුරැදු නවයක් පමණ වන ඇග්‍රින් හරහා ස්ත්‍රිය පිළිබඳ ඇති ආන්තිකරණය සමිබන්ධ අරැත් ජනනය කරන්නට ” ටර්ටර්ල්ස් කැන් ෆ්ලයි” චිත්‍රපටය සමත් වෙයි. කුඩා දියණියක වන ඇග්‍රින්ට නරැම පුරැෂාධිපත්‍යයික සමාජයෙන් අවසානයේ උරැම වුවේ සිය පිටෙහි තබාගෙන යන තුන් හැවිරිදි අන්ධ පුත්‍රයෙකි. ඇග්‍රින් ළදරැ මවක් වුයේ කාළකණ්නි යුද්ධය නිසා නොවෙිද? නරැමවාදය, අධමත්වය පිළිබඳ අදහස් උතුරා ගලා යයි. යුද්ධයෙන් ළමුන් පීඩා විඳින අයුරැ පිළිබඳ අධ්‍යක්ෂ බහ්මාන් ඝෝබාදි සහකමිපනය දනවමින් ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි.

චිත්‍රපටය තුළ යටිපෙළින් හඟවන අර්චනකාමී භාණ්ඩයක් වී ඇති රෑපවාහිනියත්, රෑපවාහිනිය විසින් මහජනතාවට එල්ල කර ඇති දැඩි බලපෑමත්, දුරස්ථ පාලකය විසින් හඟවයි. දුරස්ථ පාලකය විසින් රිසි සේ චැනල් මාරැ කළ හැකිය. සැටලයිටි රෑපවාහිනිය විසින් ලොව පුරා වෙළාගත් ඇමරිකානු – යුරෝපීය ජනප්‍රිය සංස්කෘතිය නිතර දෙවෙිලේ ප්‍රේක්ෂකයා වෙත කවයි. කුර්දිස්ථානයේ යුද්ධයට මැදිව ගෙවන සරණාගත දරැවන් ඇමරිකානු සිහිනය අඟල් විසි එකේ රෑපවාහිනි තිරයෙන් දකියි. චිත්‍රපටය තුළින් මතු කරන උපහාසාත්මක කාරණාව එයයි. ඇමරිකානුවන් මැදපෙරදිග කලාපය තමන්ගේ ප්‍රමෝදය ලෙස පත්කරගෙන ඇත. ඇමරිකානුවන් මෙම යුද්ධයේ ප්‍රේක්ෂකයන්ය.  එය ඇමරිකානුවන්ට වීඩියෝ ගේම් එකක් සෙල්ලමි කරනා හා සමානය. ඇමරිකානු දේශපාලනික අතපෙවීමට මෙම කලාපය පත්ව ඇත. ඝෝබාදි චිත්‍රපටය හරහා මතු කරන්නේ එයයි. අබ්බගාත-අනාථ දරුවන් විසින් ජීවත් වීමට දරන අරගලය සමඟ අතිශය සංකීර්ණ හා ගැඹුරැ සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නට “ටර්ටල්ස් කැන් ෆ්ලයි” චිත්‍රපටය සමත්කමි දක්වයි. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරැ හා ගූඪ ප්‍රදේශ සිනමාරෑපිව ප්‍රකාශ කරන්නට ඝෝබාදිගේ සිනමා කොලාජය සමත්ව ඇත. එය අතිශයින්ම නැරඹීම වටී. කමිපනයේ ප්‍රවාහයට නිතැතින්ම ඔබ හසුවනවා සත්තයි.

Malintha Vithanage
Malintha Vithanage
Undergraduate, University of Peradeniya, Sri Lanka. Writer

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles