24 C
Colombo
Thursday, December 7, 2023
spot_img

Subscribe

Date:

Share:

බුදු දහමානුකූලව මනුසත්ත්වයෙකු මවු කුසක උපන් කලල ක්ෂණයේ සිට දසමාසයක් තුළ වැඩෙන්නේ කෙසේද?

Related Articles

Colored and isolated human fetus inside set development of pregnancy week by week vector illustration

බොහෝ පිරිසක් බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් දැනගැනීමට ඉච්ඡාවෙන් යුතු වෙති.ඇතමෙක් නූතන විද්‍යාව හා බුදු දහම ගලපන්නට උත්සහ කරති.මා නම් දකිනුයේ නූතන විද්‍යාව හා බුදු දහම සත්‍යය සොයායාමට භාවිතකල හැකි කදිම මෙවලම් දෙකක් ලෙසිනි.නූතන විද්‍යාව වූ කලී භෞතිකය සොයා යන්නකි . බුදු දහම වනාහි ආධ්‍යාත්මික සුවය සොයා යන්නකි.උදාහරණයක් ලෙස වෛරය ,ක්‍රෝධය,පලාසය,ගුණමකු බව ආදිය සන්සිදුවා  සිත කය හා වචන නිරවද්‍යයව පවත්වා ගැනීමට බුදු දහම සෘජු ලෙසම උපදෙස් දෙනු ලැබුවද නූතන විද්‍යාව වනාහි එසේ නොමැත්තේය.මූලාරම්භයේදීම කිව යුත්තක්  ඇත.සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ බුදු දහමේ මනුශ්‍යය උප්පත්තිය හා දස මාසයක් තුළ මවු කුස තුළ වැඩෙන ආකාරය විස්තර කරලීම උදෙසාය. මේ සඳහා මාගධි බුද්ධ වචනය භාවිත කරන අතර නූතන විද්‍යාත්මක වචන කෙරෙහි සෘජු දායකත්වයක් ලාබා නොදෙමි.මක් නිසාද යත් වාග් විද්‍යාණුකූලව අවුරු2500 ට පෙර පැවති භාෂාවක් නූතන විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණ ඔස්සේ අන්‍යය හෝ අනන්‍යතර භාෂාවකට ගැලපීම විසම වන බැවිනි.  එබැවින් ප්‍රථමයෙන් බුද්ධ වචනය තුළින්ම ප්‍රස්තූත තේමාව පිළිබඳ විචාරයක යෙදෙමි.ඔබට කැමති පරිදි කියවා විචාරත්මක අධ්‍යයනයෙහි නියලේවා.

සැබවින්ම බුදු දහමානුකූලව සත්ත්ව පැවැත්ම සිදු වනුයේ ක්‍රම හතරකටය.එනම්,අණ්ඩජ,ජලාබුජ,සංසේදජ හා ඕපපාතික යනුවෙනි.එය සත්‍යය වූවකි.මනුශ්‍යය පැවත්ම වනාහී ජලාබුජයකි.එනම් වැදෑමහ නොහොත් ජලය හෝ ජලය වැනි ශ්‍රාවයක් ආශ්‍රිත කොටගෙන වෘත්තාකාර ස්ත්‍රිභාවය  මුල් කරගත් උදර පටලයක සත්ත්වොත්පත්ති පැවැත්ම කොට ඇති ස්ථානයයි.සැබවින්ම ඔබ අප සැම එය දන්නා දෙයකි. බුදු දහමේ මනුසත්ත්වයෙක් කුස පිළිසිඳ ගැනීම උදෙසා ප්‍රධාන කාරණාවන් තුනක් දක්වයි.එනම් මවගේ සෘතු වීම නැතාහාත් ඔසප් වීමයි(මාතාච උතුනී හොති) ,දෙවැන්න ස්ත්‍රි පුරුෂ සම්භොග කායේ යෙදීමයි(මාතා පිතරො සන්නිපතිතො හොති).තෙවැන්න ක්ෂණයක් තුළ පහළ වන ප්‍රතිසන්ධි විඤ්ඤාණය පිහිටීමයි(ගන්ධබ්බොච පච්චුපට්ඨිතො හොති).එය සූක්ෂම වූවකි.මේ ලෝකයේ පැවැත්මවල්  දෙකකි.එනම්,සවිඤ්ඤාණික හා අවිඤ්ඤාණික යනුවෙනි .මනුශ්‍යය පැවැත්ම වනාහි සවිඤ්ඤාණික වූවකි.මෙසේ මනුශ්‍යය පැවැත්ම තුළ මා පිය සංසර්ගයේ එක් වී  ප්‍රතිසන්ධි විඤ්ඤාණය පිහිටි කල්හී හා පසුව ඇතිවන සූක්ෂම  අවස්ථා කීපයක් ඔස්සේ දස මසක් තුළ කුසෙහි වැඩෙන මනු සත්ත්වයාගේ ස්වභාවය මහා තණ්හාසංඛය සූත්‍රය ,ඉන්දක සූත්‍රය ,ධම්ම සංඝණිය හා මහා නිද්දේස   අටුවාව වන සද්ධම්ම පජ්ජොතිකාවෙහි ගුහට්ඨ නිද්දෙසය අනුව   තිබේ. එනම්,

පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං අබ්බුදා ජායති පේසි පෙසි නිබ්බත්තති ඝණො ඝණ පසාකා ජායන්ති කේසා ලෝමා නඛා පිච .

      (සං.නි .ඉන්දක සූත්‍රය )

කලල කාලය (මූලාවස්ථාව හා පළමු සතිය)

ප්‍රතිසන්ධියේ සිට සත්ත්වයාගේ වැඩීම  කළල,අබ්බුද ,පේසි,ඝණ ,පසාක හා කෙස් ලොම් නිය ඇති වී අයුරු මව් කුසක  දසමාසයක් වැඩී ජනිත වන අයුරු භෞතිකය නොදියුණු ක්‍රි.පු 06 වන සියවසෙහි සිද්ධාර්ථ ගෞතමයෝ දෙසා ඇත.යථොක්ත මහා තණ්හාසංඛය සූත්‍රය  හා ඉන්දක සූත්‍රය පරිදි මවු පිය නිරොගිතාවය මත සංසර්ගයේ යෙදී ඇති වන මූලාවස්ථාව කලලය නමි.කලලයක් නිර්මාණය වීමට මා පිය සංවාසය මතින් සුක්‍රාණු(සුක්ක) හා  ඩිම්බානු (  ඉත්ථිසාව) එකතු වී ප්‍රතිසන්ධි විඤ්ඤාණය පිහිටීම යන තුන් කාරණාවෝ හේතු වේ.එම අවස්ථාව තුළ ප්‍රතිසන්ධි විඤ්ඤාණය , හදවත විෂය වූ ( හෘදවත්ථුව ) ලේ ධාතුව (පණ්ඩරං) ඇසුරු කොට ගෙන ක්ෂණයක් ඇතුළත නිර්මාණය වී චිත්තක්ෂණයක් පාසා ජීවිතෙන්ද්‍රිය පවත්වාගෙන යන්නකි. එය මිය යන තුරා ලේ ධාතුව ඇසුරුකොට පවතින්නකි. උප්පාද වය ස්වභායෙන් ක්ෂණයක් පාසා කුස තුළ කළලාවස්ථාවෙහි සත්ත්වයා  වැඩේ.මෙය කලලය නම් වන අතර එම අවස්ථාවෙහි ස්වභාවය සද්ධම්ම පජ්ජොතිකාවෙහි මනාව සඳහන් කොට ඇත.එනම්,ප්‍රතිසන්ධි ක්ෂණයෙහි ජාති තුනක සිහින් රෝම කූප වලින් කරන ලද සිහින් නූල අග තැබූ තෙල් ඇසට පෙනෙන නොපෙනෙන බිඳුවක ප්‍රමාණයක් තරම් කුඩා බව දක්වා තිබේ .අභිධර්මයෙහි විභංග අටුවාව තුළ කළල අවස්ථාව සත්ත්වයාගේ ප්‍රමාණය උපමාවක් තුළින් මෙසේ දක්වා ඇත.ඉන්දියාවේ හිමාල පර්වතයේ ජාති උණ්ණා නම් අතිශය සියුම් ලොම් ඇති එලුවො වර්ගයක් ඇත.මේ එලුවන්ගේ එක ලොමක් ගලවා තල තෙල්වල ඔබාගත් කළ අග පිහිටින තෙල් බිඳුවෙහි ප්‍රමාණය තරම් අතිශයින් කුඩා බව දක්වා ඇත.

ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකා සුනොපසන්නං ,තිල තෙලෙ පක්ඛිපිත්වා උග්ඝටස්ස පග්රිත්වා අග්ගෙ ඨිත බින්දු මත්තං

(විභංග අටුවාව)

තවද මෙම අතිශය කුඩා කළල අවස්ථාවෙහි එහි වර්ණ ස්වභාවයද මෙසේ දක්වා ඇත.ඉතා පිරිසිදු ගිතෙල් මත අමිශ්‍රව තල තෙල් බිඳුවක් පවතින්නාක් මෙන් වර්ණවත්භාවයෙන් යුතු දෑට කලලය යැයි කියනු ලැබේ.( තිල තෙලස්ස යථා බින්ඳු සප්පි මණ්ඩො අනාවිලො එවං වණ්ණ පටිභාගං කලලන්ති පවුච්චති – සද්ධම්ම පජ්ජොතිකා අටුවාව ).

අබ්බුදය ( දෙවන සතිය)

උක්ත කී කලල අවස්ථාව ක්ෂණයක් පසා වෙනස් වෙමින් ක්ෂණ භංගුරත්වය පත් වේ.එම වේගවත් කාර්‍යය හමුවේ දින හතක් පුරාවට මෙම කලලාවස්ථාව පවතී.මේ දෙවන සතියයි.

සත්තාහං කලලං හොති පරිපක්කො සමූහකං විවට්ඨමාන  තංභාවං අබ්බුදං නාම ජායති

(සද්ධම්ම පජ්ජොතිකා අටුවාව )

මෙම කලල අවස්ථාව දින හතක් පුරාවට හෘද වත්ථුවේ ලේ ධාතුව මුල් කොට ක්ෂණයක් ක්ෂණයක් පාසා  වැඩේ.ඉන් පසු ඇතිවන අවස්ථාව අබ්බුදය නමි.අබ්බදුය යන්නෙහි අර්ථය වනුයේ පෙණපිඬ යන්නයි.කුඩා පෙණ පිඬක ස්වභාවය ගන්නා  ලද්දකි.කලලයට දිනහතක් ගත වූ පසුව ඇතිවන අබ්බුදයේ ස්වභාවය මස් සේදූ වතුර මෙන් පැහැය ඇති අවස්ථාව ලෙස දක්වා තිබේ.මෙකල වන විට මවු කුස සිටන මනු සත්ත්වයා සිහින් ලොම් අග තැවරූ කලල ප්‍රමාණයට වඩා මදක් වැඩී ඇත.

පේසි කාලය (තෙවන සතිය)

යට කී අබ්බුද කාලය ක්ෂණය ක්ෂණයක් පසා දින හතක් පුරාවට වැඩී එම ස්වභාවය අතැර ස්මතු වන ආකාරය පේසී යනුවෙන් විග්‍රහ කොට ඇත.මේ තෙවන සතියයි.

සත්තාහං අබ්බුදං හොති.පරිපක්කං සමූහතං විවට්ටමානං තං භාවං ,පෙසිනාම ජායති

(සද්ධම්ම පජ්ජොතිකා අටුවාව )

එම පෙසි අවස්ථාවේ ස්වභාවය මෙසේ දක්වා ඇත.උණු කිරීමෙන් ඊයම් මෙන් උපමා භාවිතයෙන් දතයුතු බව දක්වා ඇත.මූලාශ්‍රය තුළ තවත් උපමාවක් ගෙනහැර දක්වයි. ගම් දරුවෝ ඉතා රතු වූ පැසුණු මිරිස් ගෙන සලු කෙළවර පොදියක් සේ තබා තළා බැඳ මණ්ඩයක් ගෙන කබලක බහා ඒ පොදිය අවුවේ තබති.වියලී යන ඒ මිරිස් පොදිය සෑම පැත්තෙන්ම එළියට එයි.පේසි අවස්ථාව මෙබදු ස්වරූපය ඇත්තේය.එවිට ක්ෂණයක් ක්ෂණයක් පාසා නාම රූප සංයෝජන ජීවිතෙන්ද්‍රිය වැඩෙමින් අබ්බුදයේ ස්වභාවය අතුරුදන් වී පේසි අවස්ථාවට පැමිණේ.

ඝන කාලය (සිවුවන සතිය)

උක්ත කී පේසි අවස්ථාව දින හතක් පුරාවට වැඩෙමින් පැමිණෙන අවස්ථාව ඝන නමින් හැඳින් වේ.කුස තුළ ක්ෂණයක් ක්ෂණයක් පසා වැඩෙන මනු සත්ත්වයාගේ ස්වභාවය සතියෙන් සතිය පවතින අයුරු දක්වා ඇත.මෙම අවස්ථාවට පත්වන දරුවා මේ වන විට සති තුනක් පසු කොට හතරවෙනි සතිය ගතකරමින් ඇත.

සත්තාහං පෙසි භවති පරිපක්කො සමූහතං,විවට්ටමානං තං භාවං,ඝණො නාම ජායති

(සද්ධම්ම පජ්ජොතිකා අටුවාව )

මහුකුරා ගිය පේසිය සත් දිනක් ගත වූ පසු ඇතිවන තත්වය ගණ නමින් හැඳින්වේ.හතරවන සතියෙහි කුස තුළ වැඩෙන සත්ත්වයාගේ ස්වභාවය උපමාවක් ඔස්සේ මෙසේ දක්වා ඇත.කිකිළියකගේ බිත්තරය හාත්පසින් වටවී පිරිමඬුලු වූ ස්වභාය පවතීද ඝනයේ රූප සටහනත් එසේය.මේ හතරවන සතියේ ස්වභාවයයි.

පසාක කාලය ( පස්වන සතිය ) හා එතැන්සිය සූතිඝර අවස්ථාව  (හත්වන සතියේ සිට හතලිස් වන සතිය දක්වා)

පස්වන සතිය තුළ දී කුස තුළ සිටින දරුවාගේ ගඩු පහක් වර්ධනය වේ. දෙක බැගින් වූ අත් පා හා හිස යන අවයව පහයි.මෙකල ලේ ධාතුව මුල් කරගත් හදවතේ ගැස්මද පටන් ගනී.හයවන සතිය තුළදි නාසය කට,කන් ආදිය හට ගැනීමට පටන් ගනී.මෙතැන් පටන් සත්වැනි සතියෙන් පසු දේශනාව හකුලුවා මූලාශ්‍රය තුළ කුස වැඩෙන දරුවාගේ ස්වභාවය හතලිස් වැනි සතිය තෙක් කෙසේ දැයි විස්තර කොට ඇත.දෙඅත් ,දෙකකුල් හා හිස ක්‍රමයෙන් වැඩී පරිණතියට පත් වූ කල්හී නාසය,කට කන්,කෙස් ලොම් නිය ආදිය හට ගනී. මුල සිට හා අතරතුර කාලයේ මවු කුස තුළ වැඩෙන  ජීවියාගේ නාභියෙන් පැන නැගුන නාලය මවගේ උදර පටලය සමඟ සම්බන්ධ වන බව දක්වා ඇත. ඒ නාලයේ නෙලුම් දණ්ඩ මෙන් වූ සිදුරක් ඇත.ඉන් ආහාර රසය රැගෙන ගොස් ජීවියා තුළ ආහාර සමුට්ඨාන (ආහාරයෙන් හටගන්නා) රෑප උපදවයි.මෙසේ එම ජීවියා දසමසක් තුළ මවු කුස තුළ යැපේ.#යඤචස්ස භූඤ්ජතී මාතා,අන්න පානඤ්ච භොජනං,තෙන සො තත්ථ යාපෙති,මාතුකුච්ඡිගතො නරො.(සද්ධම්ම පජ්ජොතිකා අටුවාව ).ඒ මවු කුස සිටන සත්ත්වයා තම මව යම් ආහාර පානාදියක් අනුභව කරන්නේ ද ඉන් ඒ ආහාරයෙන්ම යැපෙන බව දක්වා තිබේ.එමෙන්ම මෙසේ කුස තුළ වැඩෙන සත්ත්වයා උතු නියාමය,බීජ නියාමය චිත්ත නියාමය හා කම්ම නියාමය අනුව හේතු ප්‍රත්‍යය අනුව බිහිවන බවද දක්වා තිබේ.මෙසේ සවන සතියේ සිට හතලිස් වන සතිය තෙක් කාලය බුද්ධ වචනයෙහි සූතිඝර යනුවෙන් දක්වාඇත.හතලිස්වන සතිය යනු දසමසයි. ඉන් පසු එම මනුසත්ත්වයා මෙලොව එළි දකී.මහා තණ්හාසංඛය සූත්‍රයෙහි පරිපූර්ණ නිරෝගි වූ පසු නව වැනි මස හෝ දහවැනි මස ප්‍රසූතිය සිදුවන බවද දක්වා තිබේ. පළමු සතියේ සිට හතලිස් වන සතිය දක්වා නූතන විද්‍යාවේද පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ තොරතුරු ඇත.බුදු මනුශ්‍යය උප්පත්තිය පිළබඳ දක්වන හටගැන්ම(ජාති),මනා වූ ඉපැත්ම(සඤ්ජාති),අණ්ඩජ ජලාබුජ සංසේදජ හා ඕපපාතික වශයෙන්  බැස ගැනීම(ඔක්කන්ති),මනා වූ ඉපැත්ම,(අභිනිබ්ත්තන්ති)රුප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්ඛන්ධයන්ගේ පහළ වීම(ඛන්ධානං පාතුභාවො),ඇස,කන නාසය දිව ශරීරය හා මනස යන ආයතන්ගේ බිහි වීම යනුවෙන් දක්වා ඇත්තේ මෙම උප්පත්ති ක්‍රියාවලියයි.එමෙන්ම මාපිය නිරොගිතාවය,සංසර්ගය,ප්‍රතිසන්ධි විඤ්ඤාණය ලේ ධාතුව මුල් කොට කලලය,අබ්බුදය,පෙසි,ඝණ ,පසාක හා සූතිඝර අවස්ථාවේ දෙසූ දෑ සාධනීය බව හැඟේ.එය අනිත්‍යය ,දුක්ඛය,අනාත්මය,සවිඤ්ඤාණිකය.කර්මානු ස්වරූපීය.එසේ නම් මෙම බුද්ධ වචනය තුළ සඳහන් කාරණාවො විමසා බලා අවුරුදු 2500 කට පෙර භෞතිකය නොදියුණු සමාජයේ මෙවැන්නක් දේශනාකර ඇති අන්දම පසක් කරගනිත්වා.භාෂාව මෙවලමක් කරගනිත්වා.

සටහන – පරණගම සාරද කාශ්‍යපාලංකාර හිමි.

ුදු දහමානුකූලව මනුසත්ත්වයෙකු මවු කුසක  උපන් කලල ක්ෂණයේ සිට දසමාසයක් තුළ  වැඩෙන්නේ  කෙසේද?

Ven. Paranagama Sarada Kashyapalankara
Ven. Paranagama Sarada Kashyapalankara
MA, University of Kelaniya Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles