

මේ කතාව පටන් ගන්න වෙන්නේ 1970 දශකයේ මුල් භාගයට ගිහිල්ලා. ඒ කාලේ හිටපු සිනමා න්යායවේදීන් තමන්ගේ එහෙම නැත්නම් තමන්ට සිනමාව පිළිබඳ ස්වකීය අවබෝධය වඩාත් පුළුල් කර ගැනීමේ අවශ්යතාවය මත පළමු වරට ලැකාන්ගේ චින්තනය දෙසට අවධානය යොමු කරනවා. සිදුවන දේ තමයි ලැකාන් චිත්රපට සම්බන්දව කිසිදු න්යායගත කිරීමක් සිදුකර නොතිබීමයි. ඉන් පසු සිනමා න්යාය වේදීන් සිදු කරන්නේ සිනමාත්මක අත්දැකීම වෙතට වඩාත් පහසුවෙන් පරිවර්තනය කල හැකි කියා පෙනී ගිය ලැකාන් ගේ චින්තන කලාපයන් වෙතට නබුරුවිමයි. මෙහිදී ඔවුනට හමුවෙනවා ලැකාන් විසින් රචිත “ කැඩපත් අවධිය “ කියන රචනාව.
1949 දී ලැකාන් මේ පත්රිකාව දේශනයක් විදිහට ඉදිරිපත් කරනුලබනවා. ඒ කියන්නේ සිම්පොසියම් පටන්ගැනීමට වසර දෙකකට පෙර. සිම්පොසියම් පටන්ගතාට පසුව ලැකාන් සංවර්ධනය කරන්න පටන්ගන්නවා. අද අපට ලැබිල තියන පත්රිකා එසේ සංවර්ධනය වූ ඒවා.
ලැකාන්ගේ වුර්ත්තිය ජිවිතයේ මුල් අවධියේදී තමයි මේ සංශිප්ත වියමන රචනා කරන්නේ. මේ රචනාව චිත්රපට ප්රේක්ෂකත්වයේ අවේනික දෘෂ්ටිවාදී ගැටළු හරහා සිතීමට සිනමා න්යයවෙදින්ට හැකියාවක් ලැබෙනවා. එහෙම නැත්නම් මාර්ගයක් සැලසෙනවා.
“ කැඩපත් අවධිය” කියන රචනාවෙන් කියවනුයේ එහෙම නැත්නම් ලැකාන් තර්ක කරනුයේ ළදරුවන් කැඩපතකින් බැලීම සහ ස්වකිය ශරීරවලට සම්බන්ධ අත්දැකීම මගින් ස්වයං අනන්යතාවේ පළමු හැගීම අත්පත් කර ගන්න බවයි. ඒ කියන්නේ පුද්ගල ego එක නිර්මාණය වීමයි. එහෙම නැත්නම් අහම නිර්මාණය වීමයි. ලැකන්ට අනුව දරුවා ඔහුට හෝ ඇයට යථාර්ථයේ දී නොමැත ස්වකිය සිරුරු ප්ලිබත ස්වාමිත්වයක් පුරෝකථනය කරනවිට, මෙම අත්දැකීම ළමා සංවර්ධනය තුල රුපකමය ලෙස අවධියක් ග්රහණය කරගනී. කැඩපත් රුපය කියවන ආකාරයට ස්තුතිවන්ත වන්නට දරුවාගේ ඛණ්ඩිත සිරුර සමස්තයක් බවට පත්වෙනවා. දරුවට තම ශරීරය පිලිබදව ස්වාමිත්වයක් ඇතිවෙනවා. එහෙම වෙන්නේ දරුවා දකින තම සිරුරේ ඒකත්වයක් ලෙස සිරුරේ ප්රිපුර්ණත්වය නිසාවෙනි. එය එසේ සිදුවන්නේ කැඩපත තුලින් දකින කදපත්කරණය වූ සිරුරේ මායාව නිසාවෙනි. කැඩපත් නිෂ්පාදනය කල මායාව නිසා වේ. දරුවා කැඩපත් ඉදිරියේ සිට සැබෑ ලෙසම කරන දේ රුපයක් කැඩපත තුලින් සරලව නැවත ලබා දුන්නද පැහැදිලි රුපයක් හරහා සිරුර ඉදිරිපත් කිරීම කදපත්කරණය මගින් රවටාලනු ලබනවා. මේ විදිහට බලනකොට කැඩපත හරහා දකින දරුවාගේ සිරුරේ සමස්තභාවය පිලිබඳ අත්දැකීම දැකිය හැක්කේ අත්නොදකින ආකාරයකිනි.
මෙන්න මේ අවබෝධය සිනමා න්යයවෙදිට හැකියාවක් ලැබෙනවා මාරු කරන්නට සිනමාත්මක ප්රේක්ෂකත්වය වෙතට. ඒ කියනේ සිනමාවේ ඇති මායාවී ගුණය සිනමාත්මක ප්රේක්ෂකත්වයට මරුකිමක් කිරීමට හැකියාවක් ලැබෙනවා.
මතු සම්බන්ධයි………….
දිනේෂ් ඒකනායක

