

අපේ පඤ්චස්ඛන්ධයේ තැනුම වන සම්මුති සත්ත්ව පුද්ගල ස්වභාවය නැතහොත් ජීවිතේන්ද්‍රිය ක්ෂණයක් ක්ෂණයක් පසා වෙනස් වෙයි(විපරිණාම ධම්මං ).එය ක්ෂණභංගුරත්වය නමින් හඳුන්වන අතර උප්පාද වය හෝ උප්පාද ඨිති භංග න්‍යායෙන්(චිත්තක්ෂණ වශයෙන්) රූප පරම්පරා හා සිත්පරම්පරා ලෙස පවතී. ඔබ මෙම පෝස්ටුව කියවන මොහොත තුළ ද ඔබගේ ජීවිතය වෙනස් වෙමින් පවතී.ජරාවට පත්වෙමින් පවති.එය වේගවත් වූ කාර්‍යයකි.නමුදු එය අපට නොතේරේ..එය අපි නොදකී.. මක් නිසාද යත් ඇස කන නාසය දිව ශරීරය හා මනස යන ආයතන ප්‍රත්‍යය කොටගෙන ගත කරන මොහොතක් පසා ලෝකයට හුරු කරවන බැවිනි. අපට එය නොතේරේ. අප සෑම විටම ලෝකය මනිනුයේ ආයතන ඔස්සේමය. ඉර හඳ අනුව දවස් ගෙවී යන අයුරු සංවත්සර ,සෘතු මාස ,සති,දින ,පැය,,තප්පර විණාඩි නයින් ගෙවී යන අයුරු බාහිර ලෝකය ඔස්සේ තීරණය කරමු.නමුත් ඒ මොහොත තුළදීද ? ඔබගේ ජීවිතය උප්පාද වය ස්වභාවයෙන් ව්‍යය වේ.එය 5,000,000,000,000,000 තරම් වේගයකින්ය. නමුත් මේ අනිත්‍යය ධර්මතාවය අපට නොතේරේ.නුසුන් දහරාවක ගමන් කරන අයුරු පෙනේ… ඊට හේතුව වනුයේ…පහත ජරා සූත්‍ර නිද්දෙසය අනුව,
යථා නින්න පවත්තිත්ත
ඡන්දෙන පරිනාමිතා ම
අච්ඡින්න ධාරා වත්තනති
සළායතන පච්චයා
(ජරා සූත්‍ර නිද්දෙසය ,මහා නිද්දෙස පාලිය )
සත්ත්වයා මෙම ලෝකය දකිනුයේ ඡන්දයෙන් නොහොත් කැමැත්තෙන් යුතුවය.. ඒ දැකීමට හේතු වනුයේ ,ඇස කන නාසය දිව ශරීරය හා මනස යන සළායතනයෝය …. අප ලෝකය දෑසින් දෙස බලා සිටින්නේ නම් ලෝකයේ ස්වභාවය ඡන්දයෙන් යුතුව දකිනු ඇත. ඒ බලා සිටීම තුළ ක්ෂණ භංගුරත්වයක් සිදුවන බව නොදැනේ.මක් නිසාද යත් ලෝකය සුබවාදිව දකින බැවින් හා සළායතන තුළින් ලෝකයට හුරු කරවන බැවිනි..නමුත් මීට පැයකට පෙර දුටු දේවල් ගැන හිතන්නේ නම් ඒ කාල පරාසය අපට ගෙවී ගිය බව දැනේ.එනමුදු එය ගත නොහැකිය.අප ගත කරන මොහොත තුළ ද සියල්ල ව්‍යය වෙමින් පවති… රූ දහරාවන්,හඬ දහරාවන්,ශබ්ධ දහරාවන්,ගන්ධ දහරාවන්,රස දහරාවන්,ස්පර්ශ දහරාවන් හා සිතිවිලි දහරාවන් නොකැඩි එකිනෙකට සාපේක්ෂව නුසුන් දහරා ඇතිව ගලා යයි.ජරාවට පත්වන බව පවතින මෙහොතේ(පච්චුප්පන්න ) නොදැනේ.නොසිතයි.ඒ අතර නාම රූප ධර්මතාවයන් තුළින් සමන්විත සත්ත්වයා වෙනස් වෙමින් අවුරුදු දහය විස්ස ආදි නයින් ගෙවී යයි. එසේ ගෙවෙන බව තෙරෙණුයේද බොහෝ කලක් ගිය පසුවය.නමුත් මේ ගත කරන මොහොත තුළ ද අප අනිත්‍යයතාවයට පත්වන බව නොවැටහේ.බුද්ධ වචනයට අනුව…
ජීවිතං අත්තභාවොච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමායුත්තා ලහුසො වත්තතේ ඛණේ
(ජරා සූත්‍ර නිද්දෙසය ,මහා නිද්දෙස පාලිය )
ජීවිතය නම් වූද ආත්මභාව නම් වූද සත්ත්වයා හුදෙක් විඳින සුව දුක් සංඛ්‍යාත නාම රුප ධර්මතා පවතිනුයේ කෙටි කලකි.ක්ෂණයකි.මරණය තෙක් ඨිති ක්ෂණය තුළ ලෝකයට මුහුණ දෙමින් එයද උප්පාද හා භංග ක්ෂණ ලෙස අනිත්‍යයතාවය මුල් කොට පවතින්නකි.එය අහසේ විදුලි එලියක් මෙන් ඇති වෙමින් නැති වෙමින් යන්නකි(විජ්ජුපාදෙව ආකාසෙ උප්පජ්ජන්ති වයන්තිච).එම අනිත්‍යයතාවය මුල් කොට ජරාවට පත් වේ.ව්‍යාධියට පත්වේ,මරණයට පත් වේ,ශෝකය පරිදේවය ,කායික දුක,මානසික දුක,උපායාස,ඉච්ඡාභංගාගත ස්වභාවයේ පවතින දුක්ඛ ධර්මයට මුහුණ පෑමට සිදු වේ. ඒ තුළ පවතිනුයේ අනාත්මතාවයකි.ශූන්‍යත්වයකි .නිජ්ජීවයකි.නිස්සත්තයකි.නමුත් අප මොහොතක් පාසා වෙනස් වන බව අපට නොතේරේ….